ඇහැළ ඇමතුමකට ඇහැරෙමි

 
     
 
     
 

Site for Sri Lankan Literature, Arts and Politics

 
 

BLOG

 
 
Home
 

කට දිග ඇරලා කියන්න!

 

 




       
 

 
ඇහැළ ඇමතුමකට ඇහැරෙමි
 
 
කකුළක් කැඩුණු
මේසෙක
කවියක් ලියන
මොහොතක
ඔබ
කතා කර කියයි
"එපා ඔය
අකුරු
කැත කර ගන්න"

හැඟීම් පවා ඇද වුණ
දැනීම් විහඟ තටු වුණ
සිතීම් වලට හැකි වෙද
දෙපයින් හිට ගන්න..

බත් කූරෙකුට
හැකි නම්
ගුවන් බසයක්
වන්නට
ඇමීබාවකු වී
විනිවිදිමි
ඒ හදවත..

කැත අකුරු
මගෙ හදවත
නෙත රැඳෙන විට
සතුටු ද?

විසල් කුළුණක යට
කුහුඹුවකුටත්
ඉඩ නැත
කුසල් නැති
අතකුරු
යහළුකමටත්
අකැප ද?

ඇහැළ සඳටම
ඇහැළ මාසය
පවරමි
නිසල කුටියක
කවි මත
ඇහැළ පිනි දිය
තවරමි.

06/07/2010
 
Manjula Wediwardena | මංජුල වෙඩිවර්ධන
Updated on : 2010-07-09 03:42:50
Bookmark and Share
 
Comments|ප්‍රතිචාර
 
[vajira yasarathna] මෙහෙම කියනවා :
me lankawe wame wyapatayata wuna naspaththiyayi
කිවුව වෙලාව- 2010-07-18 08:20:54
 
[disna] මෙහෙම කියනවා :
හැඟීම් පවා ඇද වුණ
දැනීම් විහඟ තටු වුණ
සිතීම් වලට හැකි වෙද
දෙපයින් හිට ගන්න..
කිවුව වෙලාව- 2010-07-15 03:57:49
 
[Thulya] මෙහෙම කියනවා :
කදිමයි......!
කිවුව වෙලාව- 2010-07-09 22:59:16
 
[Ruwan Bandujeewa] මෙහෙම කියනවා :
"නිසල කුටියක
කවි මත
ඇහැළ පිනි දිය
තවරමි"
............හරිම ගති.!
කිවුව වෙලාව- 2010-07-09 11:52:03
 
[ජානක] මෙහෙම කියනවා :
කැත අකුරු
මගෙ හදවත
නෙත රැඳෙන විට
සතුටු ද?
කිවුව වෙලාව- 2010-07-09 05:31:26
 
 
5 Comment(s)|ප්‍රතිචාර
 

Your Comment[*]:
 
 
 
 
Your Name[*]:  
URL:  
   
 

[Best viewed in 1152 X 864 Screen Resolution]

w w w . b o o n d i . l k

boondionline@gmail.com

    කවරයේ කතාව  
 
 
 

 
     
මහත්වරුනි,
තීරණාත්මක මොහොත එළැඹී තිබේ.
 
ආශ්චර්යයක් සිදුනොවුණහොත්, මේ සතිය තුළ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගන්නවා ඇත. ඒ සමගම ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සඳහා ගමනෙහි මීළඟ පියවර ඇරඹෙනවාද ඇත. මුළු මහත් ලාංකේය සමජයම නින්දාසහගත නිහඬතාවක ගල්වනු ලැබ තිබියදී, මේ සතියේදී
 
සෙස්ස අස්සට
 
 
 

 
 
  අලුතෙන්  
 
 • මාලි | ලක්ශාන්ත අතුකෝරල
 • ධර්මසිරි රාජපක්ෂ කිවිඳුන් ගැනයි | චින්තක රණසිංහ
 • සඳ කඳුළු මාලය | කූඹියා
 • මගේ උස් වූ හඬින් | අතුල ජයදේව
 • සඳ රාජන් සහ කෝවිල නම් ප්‍රේම සෞන්දර්යය | ධර්මසිරි රාජපක්ෂ
 • අසිරිමත් | විපුලි නිරෝෂිණී හෙට්ටිආරච්චි.
 • ගෝලීයකරණය | දේ. වි. ගාල්ලගේ
 • ගසල් ආර කවි| ප්‍රේම රාත්‍රිය | ලියනගේ අමරකීර්ති
 • මගේ "පත්තරකාරයා" | උද්‍යෝගී පලිහක්කාර
 • ණයට ගත් සාජ්ජය | යමුනා මාලිනි පෙරේරා
 • කවියනි | කේ කේ සමන් කුමාර [සර්පයා]
 • මන්දා | අජිත් තිලකසේන
 • මංසල | චන්ද්‍රසිරි මීවනගේ
 • අනුගාමිකයෙකුගේ කවිය | අනුෂ්ක තිලකරත්න
 • 0 | අජිත් තිලකසේන
 • වෙළඳ කවි | කූඹියා
 • 'ලොලිටා' හමුවී | ඩී. එම්. ටීම්රාන් කීර්ති
 • පශ්චාත් නූතනවාදියා ගේ ප්‍රේමය | කේ කේ සමන් කුමාර [සර්පයා]
 • ඇඹිලිපිටියේ දොර | ජගත් රණතුංග
 • බෝධිසත්ව ගබ්සාව | කුමාර හෙට්ටිආරච්චි
 
 
  තවත් වියමන්