BOONDI.LK| කවි බූන්දි| අන්තිම කැමති පත්‍රය
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට ....
|අයිසෙක් බුෂෙවිස් සිංගර් කියයි.
|Personal Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  කවි  
  කරන්ට්ස්  
  පරිවර්තන  
  හයිකු  
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
  තවත් කවි
ජින්නෝ | ඉසුරු චාමර සෝමවීර
ප්‍රතිචාර[2]
හෙට | දමිත් උදයංග දහනායක
ප්‍රතිචාර[1]
රතු හැට්ටකාරී | ඉන්දික ගුණවර්ධන
ප්‍රතිචාර[2]
නැටුම | ඉසුරු චාමර සෝමවීර
ප්‍රතිචාර[2]
නිදි කුමාරිය...... | කපිල එම්. ගමගේ
ප්‍රතිචාර[0]
කොන්දෙක්මි. | භාතිෂ අකලංක සිල්වා
ප්‍රතිචාර[3]
හැටේ වත්තේ මග්දලේනා | සෞම්‍ය සඳරුවන් ලියනගේ
ප්‍රතිචාර[1]
මද්‍රි දේවි හෙවත් ගමෙන් උපන් නිළිය | එරික් ඉලයප්ආරච්චි
ප්‍රතිචාර[1]
මහගෙදර ඈ | විකුම් ජිතේන්ද්‍ර
ප්‍රතිචාර[2]
හාදුව | ජයන්ත නිමල් සිරි
ප්‍රතිචාර[0]
BOONDI • Kavi •
  කවි බූන්දි  
අන්තිම කැමති පත්‍රය
ප්‍රතිචාර[2]
බූන්දි| | 23:49:08
මිය යන්න පෙරාතුව
මේ කුරුළු පැටවා
බිම වැටී මහ පොළොව මත හැපී
අවසාන පිහාටුව ඔබ ගන්න
ඔබ කැමැති නෑ කියූ
නියඟලා මල යලිත් මට දෙන්න

මගේ පින්තාලියට පුරවාන
මම දුන්න අවසාන දිය බිඳුව ඔබ ගන්න
මළ බැඳුන පලක් නැති
තලිය පමණක් දෙන්න

මහා වැස්සකට හසුව ගසා ගිය
පාට හත මට දෙන්න
දේදුන්න කැමති නම්
ඔබ ගන්න

මහ සයුර හඬාගෙන
වෙරළ මත ගොඩ ගැසූ
පෙන බුබුළු මට දෙන්න
මුතු පබළු ඔබ ගන්න

ඔබ එපා යැයි කියා
විසිකෙරූ ආදරය මට දෙන්න
කාටවත් අයිති නැති
ජීවිතය ඔබ ගන්න....


Kapila.M. Gamage | කපිල එම්. ගමගේ
[SEO Tags] www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
2 Comment(s)| ප්‍රතිචාර
ඇල්ෆ්‍රඩ් හිච්කොක් කියයි.| Personal Quotes
සිනමා පටයක "දිග" යනු, මිනිස් මුත්‍රාශයේ දරා සිටීමේ හැකියාව සමග සෘජු ලෙස සම්බන්ධ කොට සැලකිය යුත්තකි!