| බෝධිසත්ව ගබ්සාව |
| |
 |
|
|
නිල් මල් බිසව් උකුලේ බිම් මල් පිපුණී
පන්දම් වැටේ සල් මල් ඔසරිය රැඳුණී
නේරංජනා ගඟ දෑසින් ඇද වැටුණී
පස් මහ බැලුම් නොබලා කුස පිළිසිඳුණී
සඳුන් සුවඳ මල් ගෝමර ළැම තොරණේ
මැණික් කරඬු දෙතනේ රන් කිරි පිරුණේ
අඳුන් තෙලින් නෑවෙන වදමල් යහනේ
ඔවුන් අතින් මෝරන දරුගැබ බිඳුනේ
 |
|
|
Kumara Hettiarachchi | කුමාර හෙට්ටිආරච්චි |
|
Updated on : 2010-08-16 21:43:30 | [Tags] Ruwan Sakmana - 1988 |
|
|
|
|
| සාලවනේ ප්‍රේම ගීතය |
| |
 |
|
|
අර කොන්ක්‍රීට් ගස ඉස්මත්තේ
ලයිට් මලක් පිපිලා
ඔබ සාලිය
මම මාලා
මේ සෝබන පුරවර සැරි සරනා
කොන්ක්‍රීට් ගස් මුදුනේ
නෙකවිධ මල් සුපිපී
තට්ටු ගෙවල් අතරේ
විහඟ ගී වියැකුනා
 |
|
|
Janaka Mahabellana | ජනක මහබෙල්ලන |
|
Updated on : 2010-08-16 21:33:15 | [Tags] Upasaka Muhuda- 1997 |
|
|
|
|
| පෝදා බෝ මලුවේ හදවත් දෙකක සැඟවුණු සංවාදය |
| |
 |
|
|
පොඩි හාමුදුරුවෝ-
නිතඹ නටයි දෙව්දත්තර මුහුණ වගේ
රතට රතේ බෝමලුවට වඩින රඟේ
ඛේමා, විශාකා වාගෙයි සිතට මගේ
වෙසඟේ නුඹට පව් සිල් බින්දාට මගේ
අබිසරුවක් බවට පත් කරන ලද ඒ සියුමැලිය-
මිරිකූ නිතඹ දහසක් සළෙලුන් පොරකා
සුදුමැලි දෙතොල වැසුවෙමි ලතු බිඳක් වකා
ආවෙමි පන්සලට මඳ ඉසුඹුවක් තකා
පොඩි හාමුදුරුවන්ටත් නැග්ගා ද? යකා
-1997
[කාලයක් තිස්සේ ලියූ කවි- 2007] 
|
|
|
Chinthaka Ranasinghe | චින්තක රණසිංහ |
|
Updated on : 2010-08-16 03:25:35 | [Tags] Kalayak Thisse Liyu Kavi - 2007 |
|
|
|
|
| කුසුමාවතී |
| |
 |
|
|
"...කුසුමාවතීට තිබෙන සුදු ගවුම් දෙකම වේලාගන්නට බැරිවූ නිසා ළමයාට ඊයේ පාසැල් එන්නට බැරි විය. ඒ ගැන දඬුවම් නොකරන මෙන් ඉල්ලා සිටිමි....."
******
වේවැල අතකින් ගෙන
අතකින් ලියුම ගෙන
බැලූ විට
මගේ සිත පත්තු විය
-කුසුමාවතී,
ඔබට දඬුවම් දෙන්න හැකි කෙනෙක්
මෙලොව ඇද්ද - කියන්න මට
දඬුවමක් නියම කරනු මුළු සමාජයටම
කස පහරක් නියම කරනු
 |
|
|
Parakrama Kodituwakku | පරාක්‍රම කොඩිතුවක්කු |
|
Updated on : 2010-08-15 23:39:05 | [Tags] Kusumawathi |
|
|
|
|
| මගේ පුංචි කැරලිකාර දියණියට |
| |
 |
|
|
මම වෙරළ වෙමි.
සිප්පි අහුළන දැරියයි නුඹ දුව පැන
මා ඇකයෙහි.
කලබල වෙන්න එපා ඔය තරමට
ඇහුණද?
ඇති පදං සිප්පියෝ ඉන්නවා මූදු පතුලෙහි!
උන් සේරම එක පාරට පාවෙලා ආවොත්
වෙරළට
අහුළන එකක් නෑ කවුරුවත්,
බලන එකක්වත් නෑ.
අහුළන්න එපා ඔක්කොම
මග අරින්න එකක් දෙකක්.
නැත්තං අඩාවි අනිත් ළමයි.
 |
|
|
K K Saman Kumara | කේ කේ සමන් කුමාර [සර්පයා] |
|
Updated on : 2010-08-15 23:14:33 | [Tags] Naga Maru Ala [Poems, Non-Poems and Anti-Poems] 2000 |
|
|
|
|
| ඔඩෙල් ලලනාවෝ |
| |
 |
|
|
මොකද් ද මේ නගරය?
හිරු රැස් නොවැටෙන මේ නගරය?
මොකද්දෝ පටලයක් නගරය වසාගෙන
වැහි අඳුරවත් මීදුම වත් නෙවී
ඒත් දුමාරයක් වගේ මතු වෙනවා. රස්නෙයි;
හරියට ගෝ ඝාතක මඩුවක පටලයක් වගෙයි.
ඇයි මේ මිනිස්සු බෙරිහන් දෙන්නෙ?
මොනවද මේ වීදිය පුරා ඇදගෙන යන්නෙ?
අර ගොඩැලි මත මිනිස්සු සටන් කරනවා
මොනව ද මේ ගොඩැලි?
ඇස් කන් නසා මුඛ රැගත් මේ ගොඩැලි?
පෙති ගැසූ නිතඹ මාවත පුරා විසිරිලා
මොනව ද මේ මුහුණු?
 |
|
|
Chinthaka Ranasinghe | චින්තක රණසිංහ |
|
Updated on : 2010-08-15 22:55:54 | [Tags] Kalayak Thisse Liyu Kavi- 2007 |
|
|
|
|
| පියෙකුගේ සපථය |
| |
 |
|
|
කැපී මිනිසුන්ගේ සැතින් මා
සිත තුවාළව ගෙදර එන්නෙමි
සිත රිදෙන විට නුඹට ළං වී
නුඹේ ළඟ හිස තියා නැළවෙමි
ලොවින් පිටමං වී දුවන්නට
කියත නුඹ කෙඳිරියට සිත දෙමි
නුඹට සරණක් කොහි ද සිහි වෙත
වහා නුඹ කෙඳිරියෙන් පිබිදෙමි
 |
|
|
Senarath Gonsal Korala | සෙනරත් ගොන්සල් කෝරාළ |
|
Updated on : 2010-08-13 00:00:18 |
|
|
|
|
| කුසුම් |
| |
 |
|
|
මිනී තුනක් මැරුවා කියන
මිනිහට වද දුන්නා කියන
අඩෝ කියලා කතා කරන
කුසුමාවතී
පොලේ කීර මිටි විකුණන
තන් පේන්න හැට්ට අඳින
හැන්දෑවට ගංජ උරන
කුසුමාවතී
පිල්ලෑවේ
බලු දං පඳුරක් පාමුල
ඇන තියා
මන්නයකුත් අතේ අරන්
 |
|
|
Lal Hagoda | ලාල් හෑගොඩ |
|
Updated on : 2010-08-12 23:29:17 | [Tags] Ma Minisek Oba Gangak Nisa - 1994 |
|
|
|
|
| එළඹීම |
| |
 |
|
|
රාත්‍රිය මා නොවේ
අවුල් වු සඳ එලිය මා තමයි
නෙත කඳුළු පිණි වැටෙයි
හිනාමල් පූදින්න
දුරින් සිට පිනි වැටෙයි
හෙට දවස හැඩයක්ව මට එපා
නිවහනක් තනන්නෑ මා ඔබට
දෝත් පා හිඳින්නෑ නවතින්න
ඔබ ඇවිත් ඔබ යන්න
 |
|
|
Leena Ayirin Saputhanthri | ලීනා අයිරින් සපුතන්ත්‍රී |
|
Updated on : 2010-08-12 23:09:19 | [Tags] Garhithayage Nidi Nathi Sitha |
|
|
|
|
| ආදරය |
| |
 |
|
|
දෙවියනි, ඔබ වැනිය
ඔවුන් පවසන ආදරය
ඉවසන සුලුය, වහා නොකිපෙන සුලුය
අප වැනි කුඩා මිනිසුන්ට
ඉසිලිය නොහැකි ලෙස
බරය, සුවිසල්ය
දෙවියනි, හරියටම ඔබ වැනිමය
ඔවුන් පවසන ආදරය
ඇති බව කියති
නමුදූ දූටුවෙක් නොමැති
 |
|
|
Isuru Chamara Somaweera | ඉසුරු චාමර සෝමවීර |
|
Updated on : 2010-08-11 03:23:44 |
|
|
|
|
| උවනතක අඳුර... |
| |
 |
|
|
රිය දොරින් රිය දොරට හිස්වැසුම් විකුනමින් යනෙන
කාලවන් තොප තුනු වෙළද රුව අහම්බෙන් පාත් වී
ඇසිල්ලෙන් පැමින රිංගා පැලපදියන් උනි
මගේ ඩිජිටල් තෙවෙනි ඇස මත ගොලුව
නැරඹුවෙම් විසල් කර තොපේ උවනත හැඩය
පුලුල් ඩිජිටල් තිරපටට එල්ල කරගෙන සොදින
අහෝ.... අඳුරකිය
උවන හැඩ තල මකන
 |
|
|
Susantha Moonamalpe | සුසන්ත මූණමල්පේ |
|
Updated on : 2010-08-05 23:25:15 |
|
|
|
|
| ඔයා සතුටින්ද? |
| |
 |
|
|
ඔයා සතුටින්ද?
ඔව් මං හුඟක් සතුටින්
මඟුලකදි මල ගෙදරකදි
මිනිසුන් හුඟක් එකතු වෙන තැනකදි
පොඩි පොඩි විහිළු වලටත්
මහ හඬින් හිනා වෙනවා මං...
අල ගෙඩි වගේ මහත
තක්කලි වගේ පාට
හුරුබුහුටි පොඩි උන්
දෙන්නෙක්ම ඉන්නවා මට...
 |
|
|
Isuru Chamara Somaweera | ඉසුරු චාමර සෝමවීර |
|
Updated on : 2010-08-02 22:49:51 |
|
|
|
|
ප්‍රේමකීර්ති ද අල්විස් ලියූ කවි තුනක්
|
| |
 |
|
|
දාස් පෙති මල්
එදා අඳුරු රාත්‍රියකි
ඔහු ගුරු පාරට ආවේය
කළුවරේ පිය මැන්නේය
හිටි අඩියේ පාරට පැනගත් සොරුන් පිරිසක්
ඔහුව වට කොට ගත්හ.
ඔහුගේ මුදල් පැහැර ගන්නට
තැත් කළහ.
බැරිම තැන ඔහු කෑ මොර දෙන්නට හදත් ම
එක් සොරෙක් ඔහුගේ
ළය පසා කරගෙන යන්නට
පිහි පාරක් ඇන්නේය.
ඔහු මැරී වැටුණි.
 |
|
|
Premakeerthi De Alwis | ප්‍රේමකිර්ති ද අල්විස් |
|
Updated on : 2010-08-02 02:42:27 | [Tags] Poems by Premakeerthi De Alwis |
|
|
|
|
| සමාරාධනා! |
| |
 |
|
|
මෙහි එන්න!
සහෝදර පිය’ඹ පිරිවර කැටුව පැමිනෙන්න
මගේ කවි අසපුවට පිවිසෙන්න
හිතවතුනි,
සමා වී ඉවසන්න!
කැකුලු මල්වලට අත නොතබන්න
පිපුනු කුසුමක සුවඳ විඳගන්න
පෙම්වතුනි,
හැඬුම්බර දෑස් පිසදාගන්න
ගුරොව් හා
ආන්නා සර්ගෙයව්නා කොහිද?
වැඩවසම් බැමි මුදාගෙන එන්න
ඔබේ පෙම අලුත් කරගෙන යන්න
 |
|
|
Darshana Medis | දර්ශන මේදිස් |
|
Updated on : 2010-08-02 02:09:21 | [Tags] Kandulu Mitiyawathin 1992 |
|
|
|
|
| අහිමි ගම් බිම් |
| |
 |
|
|
කාකයන් හෙළුෑ වසුරින
පසු කල ලොකු මහත් වුන
බෝ රුක වටා රැස්වුණ
සේරිවාණිජ පරපුරේ දන
සුදු පිරියමින් ඔපලන
මිටි කොටු පවුර රකිමින
එ මත වසුරුලන
කපුටු හට දෙස් දෙවොල් නගමින
 |
|
|
Sarojini Deraniyagala | සරෝජිනී දැරණියගල |
|
Updated on : 2010-08-02 02:00:13 | [Tags] Wendesi Wu Premaya 2009 |
|
|
|
|
| සහෝදරියකගේ වියෝව |
| |
 |
|
|
පාන්දරින් සුපිපෙන නුඹෙ සිනා වත
යාන්තමින්වත් පිපිලා නොමැත අද
වෙඩිල්ලකටවත් සසලව නොගිය හද
මොටෝරියක වැද නිසසල වෙලා ඇත
ඇඳුම් මෝස්තර වැහි වහිනා කාලෙක
ගෙතුම් ලිහුණු ගවුමක් ඇන්ඳා වැඩට
මැහුම්හලේ රුව ඇති දූරුන් අතර
කටක් තියෙන දියණිය වූවා මෙනුඹ
 |
|
|
Darshana Medis | දර්ශන මේදිස් |
|
Updated on : 2010-07-29 05:07:58 | [Tags] Kandulu Mitiyawathin 1992 |
|
|
|
|
| ඇත් රජුනි |
| |
 |
|
|
ඇත් කුන්ඩලේ මගෙ ආදර ඇත් රජුනි
මගෙ ප්‍රේමයේ යදමින් නුඹ බැඳ ගතිමි
ගත දැඩි වුවත් හිත බෝසත්කම් දනිමි
ඒ බෝසත් කමට මම මගේ දණ නමමි
හෙන්ඩු පහර ඉවසාගෙන සිටියේ
දෙකන්සයෙන් දාඩිය මුත් ගැලුයේ
කරඩු වැඩමවන්නට පින් නැතායේ
කුලී කර මාව රකිනා ඇතායේ
 |
|
|
Priyantha Kodippili | ප්‍රියන්ත කොඩිප්පිලි |
|
Updated on : 2010-07-29 04:48:48 | [Tags] Kavi Siyapatha 2005 |
|
|
|
|
| පෙම්වතී |
| |
 |
|
|
දුටු මුල් දාම බබළන නෙත් පබළු වට
දුටුවෙමි දොම්නසේ ළා දිය ලකුණ මම
නොදී තබා ගෙන හද පිරි දුක් දහස
දුන්නා නොවෙද මට අන්තිම සතුටු සුඟ
ලතු- නෙක'බරණ- විලවුන් නොහඳුනන ගත
දිවියේ ගැඹුර පහදන පුදසුනය මට
 |
|
|
Lakshantha Athukorala | ලක්ශාන්ත අතුකෝරල |
|
Updated on : 2010-07-29 03:00:54 | [Tags] Yati Wiyana 2007 |
|
|
|
|
| උතුරින් දකුනට |
| |
 |
|
|
(උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)
සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන
වියරු ගිනිදැල් නොවෙමු
වනය අවුලා තබන
මුරුගසන් වැස්ස වෙමු
දැවෙන කැලයට වහින
චන්ඩ පවනක් නොවෙමු
දෙරණ අතුගා දමන
මන්ද මාරුතය වෙමු
දෙකොන සිපගෙන හමන
 |
|
|
Darshana Medis | දර්ශන මේදිස් |
|
Updated on : 2010-07-28 01:51:57 | [Tags] Kandulu Mitiyawatha 1992, Sabanda Api Kandu Nowemu, Gunadasa Kapuge |
|
|
|
|
| කණ්අඩිය රිදෙනවා |
| |
 |
|
|
පොඩිවෙච්ච් හිත ගාව පාළුවේ උන්නා
තනිවෙච්චි දින ගාණ අමතකව තිබුනා
ඉගිලෙච්චි නුඹ තාම හැංගිලා ඉන්නා
පිච්චිච්චි ආදරයේ සීතලම ඕනා
ඇහිපිල්ලම් පියවෙන්න නොදී
පියාපත් සුළඟේ විසිඋනා
වාරු නැතිවී තනිකඩයා
කල්පනා ලොවේ කල් පමා උනා
 |
|
|
Amila Jayachandra Liyanarachchi | අමිල ජයචන්ද්‍ර ලියනආරච්චි |
|
Updated on : 2010-07-28 00:21:11 |
|
|
|
|
| |
|
[Best viewed in 1152
X 864 Screen Resolution] |
|
 |
|
w w w . b o o n d i . l
k |
|
boondionline@gmail.com |