1 2 3 4 5 6 7

 
     
 
     
 

Site for Sri Lankan Literature, Arts and Politics

 
 

BLOG

 
 
Home
 

කට දිග ඇරලා කියන්න!

 

 




       
 

 
ගුරු තරුව පායා බැස ගියා ය
 
   එදා මිස් කෙනෙකු වීම හරි ලේසි දෙයක් විය. මා වඩා ආසා කළේ සාරියට ය. ඒ මිස් කෙනෙකු වූ අපේ අම්මා ද සාරි අඳින්නියක වූ නිසා වන්නට ඇත. රටේ ම මිස්ලාට අඳින්නට දෙන්නට තරම් සාරි ගොඩක් අපේ අම්මා ගේ අල්මාරියේ අහුරා තිබුණත් ඈ ඇන්දේ ඒවායින් හතරක් පහක් පමණි. අල්මාරිය තුළ වූ සැවැන්දරා මුල්වලින් මිස් කෙනෙකුට ආවේණික සුවඳ ලබා දුන්නේ ය. රත්තරන් පාට බෝඩරය සහිත දිළිසෙන සාරිය මා වඩාත් ම ආසා කළ සාරිය වුව ද ඇය කිසි දාක එය ඇන්දේ නැත.
 
මා ඒ සාරිය ඇන්ද ද මිස් කෙනෙකු වීමට එය පමණක් සෑහුණේ නැත. ඒ සඳහා කණ්ණාඩි දෙකක් අවශ්‍ය ම විය. කඩවත ආත්තම්මලහා ගිය දිනෙක සොල්දරයේ තිබී අහුළා ගත් වීදුරු බිඳුණ කණ්ණාඩි රාමුව මගේ පිහිටට ආවේ ය. එය පළඳා ගත් විට මගේ මුහුණින් අඩකටත් වැඩියෙන් පිරී ගිය ද මිස් කෙනෙකුගේ පෞරුෂය ලබා දුනි. දිග තේ කෝට්ටක් කඩා ගත් විට සියලු සුදුසුකම් සම්පූර්ණ ය. යතුරු කට්ටක් ගසා අලුත්වැඩියා කර ගත් අම්මාගේ පරණ, ගෙවී ගිය, අඩි උස සපත්තු දෙකත් ලා ගෙන කකුල් අද්ද අද්දා සාලයට පැමිණෙමි. ටෙඩී බෙයාර්ලා ද, ලොකු කුඩා බෝනික්කෝ ද පංතියේ ළමයි වූහ. උන් කෑ කෝ නො ගැසුවෝ ය. කොලු තාත්තලා නො වුණෝ ය. දඬුවමට තේ කෝට්ටෙන් තැළුෑ විට කර බාගෙන ම සිටියෝ ය. මානව අයිතිවාසිකම් උල්ලංගනය වූවා ය කියමින් ගුරුවරයාට විරුද්ධ ව පොලීසි නො ගියෝ ය. මම උන්ගේ පන්ති භාර මිස් වූයෙමි.

 
Gamunu P Dasanayaka | ගැමුණු පී. දසනායක
Updated on : 2010-08-12 02:48:52 | [Tags] Sri Lankan Short Stories, Sinhala Short Stories
(4)ප්‍රතිචාර|Comments
 
කළු කුමාරයා
 
   දහවල බෙහෙවින්ම ගිනියම් ය. සුළඟ දූවිලි අවුස්සමින් ඇදී යයි. තාර නොදැමු පාරේ තද කහ පාටට උඩ ඉගිලෙන දුවිලි අවට ගස් කොළන් ද වසා ගෙන ඇත. මවුන්ටන් බයිසිකලයක් පැදගෙන ගිය කොල්ලෙක් යන ගමන්ම නාලනී ටීචර්ට ඇල හිනාවක් හැලුවේය. ඌ කවුදැයි නාලනී ටීචර්ට මතක්වුයේ ටික දුරක් ඉස්සරහට ගිය පසුවයි. ඒ ශිෂ්‍යත්වයට ටියුෂන් ආ නිමල්නෙ. ඌ ලොකු වී ඇති ඉක්මන. ඌට ඉලක්කම් වැඩි කිරීම හා චක්කරය අතර ඇති සම්බන්ධතාවය තේරැම් කිරීමට නාලනී ටීචර්ට කවදාවත්ම පුළුවන් වුයේ නැත. ඌට දොළොස් වරක් වෙනකම් චක්කරය කට පාඩම්ය. ඒත් වැඩි කිරිමේ ගාණක් දුන් විට එය විසඳන්නේ කෙසේදැයි ඌ කවදාවත්ම නාලනී ටීචර්ගෙන් ඉගෙන ගත්තේ නැත.
 
ඒ දවස්වල නාලනී ටීචර්ගේ හවස් වරුවේ ශිෂ්‍යත්ව පංතියේ ළමයි නාලනී ටීචර්ට නැති තැන කියන්නේ කෙහෙල් ඇවරිය කියායි. ඒ ඇගේ ඉදිරියට නෙරූ දත් වහල්ල නිසයි. දැන් ඒ ශිෂ්‍යත්ව පංතියට ආ කොල්ලො කොල්ලෝ බොහොමයක් අම්මලා තාත්තලාය . නාලනී ටීචර් තවමත් තනිකඩය.

මදටිය ගහ ළඟින් දෙවටෙන් හැරුනු විට නාලනී ටීචර්ලාගේ ගෙදර උළු වහළ පෙනෙයි. එතකොටයි නාලනී ටීචර්ගේ මහන්සිය ඇබින්දක් තුනී වන්නේ. ගෙටවිත් සාරිය මාරු කළ ඈ කෙලින්ම බැස්සේ ගවුමට නොව දිය රෙද්දටමය. දාහය ඒ තරමට දැඩිය. මේස ලාච්චුව ඇර තමාටම වෙන්කරගත් ලක්ස් කෑල්ල ගත් ඇය පිලිකන්නේ පුංචි පනිටිටුව අතට ගත්තාය. එවිටයි ඇගේ අම්මා මිසි නෝනා ඇයව දැක්කේ.

 
Isuru Chamara Somaweera | ඉසුරු චාමර සෝමවීර
Updated on : 2010-08-03 02:28:22 | [Tags] Sri Lankan Short Stories, Sinhala Short Stories
(12)ප්‍රතිචාර|Comments
 
ක්ලෝප්‍රොමයිසින් තීන්ත කුප්පිය
 
   "මම උඹව දික්කසාද කරන්නේ නැහැ. පුළුවන් දෙයක් කරපං."
ඔහු දුරකතනය විසන්ධි කළේය. ඩිස්පෙන්සරියේ දොරගුළු ලෑවේය. මෝටර් රථය තුළට වන්නේය.රිය පණ ගැන්විණි. මොටෝරිය සීඩී ධාවකයේ තැටිය මතින් සීටී ප්‍රනාන්දු සිය මධුර ස්වරය අවදි කරයි. තාර පාරේ අඳුරු වාටි අස්සෙන් සීටී ගේ රුව මතුවෙයි. සුමධුර හඩ රිය ඇතුළ සනීප කුෂන් මතුපිට හැපෙමින් කන් පුරවයි.

"මා කුඹුරේ සිට මුළු දවසේ - දෑත දෙපා වෙහෙසී
පැලට යන්නෙමි මම මගේ - සැන්දෑ වුනා සුහදේ"

ගීතය මාරු වේ.
 
"සාගරිකා ඔයා අද ඩියුටි ද? ඔන් කෝල් ද ආ...නැද්ද? හරි....ආ එහෙනම් ඔයා එන්න ෆුඩ් සිටි එකට. මම එනවා එතනට. මට විනාඩි හතලිස් පහක් දෙන්න..."

සැන්දෑව අහසේ දළුලමින් වැඩෙයි.

"අමතන්නට හැකි බසක් සොයා - හැඟුම් කියන්නට වදන් සොයා
ඇවිදින විටදී දිවි කතරේ - ඊයේ දුටු ලොව වෙනස් වෙලා

බාල වියේ දුටු කුරුල්ලන් කෝ - බාල වියේ දුටු හඳ තරු කෝ
ඒවා කොතැනක සැඟවී දෝ - මා සිත රන් රූ කෝ"

"මචං ජීවිතේ මට එපා වෙලා... කිසිම දෙයක් කරගන්න හිතට නිදහසක් නැහැ. අරකි අදත් ෆෝන් එකෙන් වලි. ඩිවෝස් ඉල්ලනවා... බලහං මගේ එක්සෑම් එකත් ඇනිලා ...කවද මේ කරුම විභාග ඉවර කරගන්නද මචං... මම පීපී එකත් වහල දැම්මා.

 
Hakawati | හකාවතී
Updated on : 2010-07-28 23:21:18 | [Tags] Sri Lankan Short Stories, Sinhala Short Stories
(7)ප්‍රතිචාර|Comments
 
සිහිනයත් අප සමග
මිය ගියා නොවේද?
 
   බාර් එකේ හුළං කට පැත්තට මුහුණ හරවා ක්‍රිෂ් ඈනුමක් ඇරියා. කෝලි ෂර්ට් එකේ බොත්තම් ගලවගෙන පූහ්-පූහ් ගගා පිඹිමින් අත් දෙකෙන් පවන් සලා ගත්තා. පතෝ එම්.එස්. ගේ සිංදුවක තාලෙ අල්ලන ගමන් බිමට සවිකර ඇති ලී පටිවලට පයින් අනින්නේ මේසය උඩ තියෙන වීදුරුත් ටක-ටක ගා සිංදුවෙ තාලෙට සොලවමින්. සූසා මනෝ ලොකෙ ගුලි ගැහිල. අපි ඉඳගෙන ඉන්න පසුබිමේ ඔලුගෙඩි සයිස් අකුරෙන් තියෙන ''මෙතන හුජ්ජ කිරීම බල්ලන්ට පමණයි''-
 
-කියලා ලියපු බෝඩ් එක දිහා බලාගෙන කෝලි මුල්ලක් අල්ලා පම්ප් කරන්න ගත්තා. ''අඩෝ වල් බල්ලනේ තොපි අද යන්නෙ කන් සාක්කුවෙ දාගෙන'' සූසා අතපය දිගෑරල කෑ ගහල කිව්වා. එතකොටම පතෝ පටන් ගත්ත,

"බෝතලෙ ගනිං මචං
අඩියක් ගහමු මචං
බයිට් එකක් ගෙනෙං මචං
සිගරට් එකක් දියං මචං
එහෙනං මචං-ගහමු මචං
චියර්ස් මචං-චියර්ස් මචං...."

ධර්මෙ අයිය දෙවෙනි බෝතලෙත් ගෙනත් තිබ්බා.

 
Sanjeewa Moonamalpe | සංජීව මූණමල්පෙ
Updated on : 2010-07-27 03:21:49 | [Tags] Sri Lankan Short Stories, Sinhala Short Stories
(4)ප්‍රතිචාර|Comments
 
ඒ දෙඇස් දෙබල
 
   මම හිටියෙ බලට්ටක් උඩ. අතපය චුයින්ගම් වගේ ඇද-ඇද නම-නම, හිටිපිනුම්-බඩපිනුම් ගහමින්. නිර්වාණෙට යන පාරෙ හොම්බෙන් යන්න බෑ. කාක්කො පිරිල. බොරු වැල්-මරු වැල් ඇදල, කොහොම හරි දඟලන්නේ එකෙක් දෙන්නෙක් බාගන්න. පාක් එකේ-බීච් එකේ, සයිවර් කඩ ගානේ රස්තියාදු වෙලා සිගරට් ගහල-ගහල තැම්බිලා ඉද්දි තමා මට තේරුණේ මුං ඔක්කොම පණුවො කියල. කිරි බඩවැල් අස්සෙ ඉන්න කිරි පණුවො. මහ බඩවැල් අස්සෙ ඉන්න කොකු පණුවො, පටි පණුවො, මුං ඔක්කොම පණුවො. බඩට මොකවත් වැටෙන්නැතුව කාගෙ කාගෙත් අතින්, කටින්, මතකෙන් පාව හැළිල ඉද්දි තමා ඔක්කොම පණුවො-
 
-යක්ෂ පාට් දාන්න පටන් ගන්නෙ අපට. අතපය අකුළන් ඉන්න-ඉන්න හොම්බ ඇනෙනව බිම. ගස් කඩා වැටෙනව ඇඟට, කුරුල්ලො ඉගිලෙනවා හරහට, ඇස් කඩා වැටෙනව බිමට.

සර්කස් කාරියක් වගේ බලට්ටක් උඩ ශරීර බර හෑල්ලු කරන්න ඉගෙන ගත්ත මම. හැම තැනම තියෙනනෙ ඉන්ද්‍රජාල. හැමදාම පායන ඉර-හඳ වුණත් ඉන්ද්‍රජාල. දුහුල් එළියක් දැකපු ගමන් සේරම පණුවො කැලඹෙනව. බඹ දෙකක් දිග නැති පංචස්කන්දෙ අමතක වෙනව. එළිය අල්ලන්න මාර යුද්ධෙ. යුද්ධෙත් ඉන්ද්‍රජාලයක් වෙනව. ඔහොම වැඩේ යනකොට තමා ආතක්-පාතක් නැතුව මහපාරට කඩා වැටිල තිබුණ ඒ දෙඇස් දෙබල හම්බවුණේ මට.

මිලේනියම් පාර්ක් එකේ ඇඹිච්ච මදාරා මලක් වගේ එයා ඉද්දි විදුලි වයර් දෙකක් එකට එක පූට්ටු වෙලා සිරි-සිරිස් ගාල ගින්දර විසි වුණා. දුන්නක් වගේ නැමිලා ගාත් දෙක අස්සෙ ඔළුව ගහගෙන හිතල-හිතල මම හොයාගත්ත ඒ ආ..ා..ා...ා...ා..දරේ. ආතක්-පාතක් නැතුව අහසෙ පාවෙන කැම්පස්කාරයො ටිකක් වගේ හද්දින්නත් තරු පොකුර මගෙ ඉහට උඩින් ආකාසෙ පායල. දෙ‍කොන පූට්ටු වෙච්ච විදුලි කාර්, එකා පස්සේ එකා පන්න පන්න හැප්පෙනව. ඔළුව මඤ්ඤං වෙලා දෑස් උස්සල බලද්දි කෝ කොහෙවත් නෑ ඒ දෙඇස් දෙබල. රැළි වැටුණ හඳ පළුවක් විතරයි මගෙ තනියට ඉතිරිවෙලා තිබුණෙ.

 
වංගහාරාවෙන් නික්ම යමි [2002] කෙටිකතා සංග්‍රහයෙනි.
 
Sanjeewa Moonamalpe | සංජීව මූණමල්පෙ
Updated on : 2010-07-13 22:09:36 | [Tags] Wangaharawen Nikma Yami- 2002, Sri Lankan Short Story Collection
(6)ප්‍රතිචාර|Comments
 
ග්‍රීෂා
 
   ග්‍රීෂා, මීට අවුරුදු දෙකයි මාස අටකට පෙර මෙලොව එළිය දුටු, තරමක් තරබාරු කුඩා කොලුවා ආයා සමග බුලෙවාඩයේ ඇවිදිමින් සිටී. ලොමින් පිරි දිගු ලෝගුවක්ද, ස්කාෆයක්ද, පිහාටුවක් සහිත විසල් හිස් වැස්මක්ද, උණුසුම් බූට් සපත්තු යුගලක්ද ඔහු පැලඳ සිටින්නේය. ඉන් ඔහුට මහත් උණුසුමක් ද හුස්ම හිරවුණු ස්වභාවක්ද දැනෙද්දි, මේ දැන් දැන් ඔහුගේ මුවට සෘජුව පහර එල්ල කරමින් සිටින කෙළිලෝල අප්‍රේල් සූර්ය කිරණින් කුඩා ඇසිපිය ද පොපිය වෙයි. සිඟිති හැඩයෙන් මතු කරන හැම පියවරකින්ම ප්‍රකට කෙරෙන්නේ නුහුරු බවේත්, බියගුළු බවේත්, අවිශ්වාසයේත් අත්‍යන්ත වික්ෂිප්තභාවය කි.

මෙතෙක් ග්‍රීෂා දැන සිටියේ එක් මුල්ලෙක ඔහුගේ ඇඳ ත්, අනෙක් මුල්ලෙ ආයම්මාගේ ට්‍රන්ක පෙට්ටියත්, තුන්වන මුල්ල පුටුවක් සඳහාත් හතරවන මුල්ල දැල්වෙන කුඩා පහනක් සඳහාත්-
 
-වෙන්කොට තිබෙන චතුරස්‍රාකාර ලෝකයක් පමණි. කිසිවෙකු ඇඳ යටට එබී බලන්නේ නම්, අතක් බිඳුණු බෝනික්කෙකු සහ බෙරයක් ඔහුගේ නෙත ගැටෙනු නොඅනුමානය. කපු රෝල් ද, පියන් රහිත පෙට්ටිද, කැඩුණු කවටයෙකු ද වශයෙන් ආයාගේ ට්‍රන්ක පෙට්ටිය පිටුපස සෑම වර්ගකම අපූරු වූ බොහෝ දෑ තිබෙයි. ග්‍රීෂා සහ ආයා හැරුණු කොට ඒ ලෝකයෙහි නොයෙක් විට හිඳින්නේ අම්මාත් පූසාත්ය පමණි. අම්මා බෝනික්කියක් වැනිය. පූසා හරියටම තාත්තාගේ ලොම් කබාය මෙනි. කබායට අඩු වී ඇත්තේ ඇස් දෙකකුත් වල්ගයකුත් පමණි. "ළදරු කාමරය" ලෙස හඳුන්වන, ඔහු ඇති දැඩි වන කාමරයේ සිට තේ පැන් සහ රාත්‍රි ආහාරය පිණිස වෙන් වූ විසල් පෙදෙසකට දිවෙන දොරටුවක් වේ. උස් වූ කකුල් සහිත පුටුවක් ග්‍රීෂා සඳහා එහි තිබෙයි. බට්ටාත් සීනුවත් පහළට සිටින සේ බිත්තිය මත එල්ලූ ඔරලෝසුව කි. කෑම ශාලාවේ සිට රතු පැහැති ඇඳි පුටු සහිත තවත් කාමරයකට කෙනෙකුට ඇතුළු විය හැකි ය.

 
Anton Chekhov | ඇන්ටන් චෙකොව්
පරිවර්තනය - Prashansani Paranavithana | ප්‍රශංසනී පරණවිතාන
Updated on : 2010-07-12 23:45:41 | [Tags] Russian Short Stories, Grisha
(2)ප්‍රතිචාර|Comments
 
පල්පීය කතාවක්
 
   අරවින්ද විරාගී තරුණයෙකි. කුමාරි සරාගී පෙනුමැති නිරාලම්බන මනසින් ජීවත් වන්නියකි. අරවින්ද කොණ්ඩා මෝස්තර කරුවෙකි. කුමාරී වාස්තු විද්‍යාඥවරියකි. ඔවුන් දෙදෙනා හමු වන්නේ වීදුරුවක එක පසය. ඔවුනොවුන් නිරීක්ෂණය කළ දේ වීදුරුවේ දෙපසය. වීදුරුවේ එක පාර්ශවයක රසදිය ආලේප කොට තිබුණි. අනෙක් පස කුමාරිගේ නිද්‍රාගත මුහුණ ද කෙස් වැටිය ද විය.
රසදිය මතුපිට දෙදෙනාගේ බිඹු මුසු වී තිබුනි. රසදිය තලය මත රස පොලොව නිර්මාණය වෙමින් පැවතුනි.
 
අරවින්ද බසයේ නැගී මරදාන වෙත එමින් සිටී. අරවින්ද කුඩා කල දුටු ගොඩනැගිලි තවමත් ඒ ඒ තැන්වල වයෝවෘධව නැගී සිටී. ඔහු එකල නොදුටු කුඩා ගොඩනැගිලි රාශියක් පසුගිය අවුරුදු දහය ප‍හළව තුළ මරදාන මහ මාර්ගයේ දෙපස නැගී ඇත. එනමුත් දැවැන්ත උස ගොඩනැගිලි කිසිවක් ඉදිවී නැත. එම මාර්ගයේ පර්චසයක් දෙකක් මිළට ගෙන කුඩා බයිසිකල් පොම්පයක් වැනි උඩට විහිදුනු බම්බු ගොඩනැගිල්ලක් හදනු විනා පැතිරුන වාස්තුවක් ගොඩනැගෙන්නට තරම් ආර්ථික ශක්තියක් එම පෙ‍දෙසේ ව්‍යාපාරික අවස්ථාවක් වෙනුවෙන් අත පොවන කිසිම ව්‍යාපාරිකයෙකුට නොමැති බව කුමාරි සෙමින් මිමිණුවාය.

කුමාරි එක වරම මරදානේ අහසට නැගුනු ජරාජීර්ණ වෙමින් පැවති කලකට පෙර සෞභාග්‍යයෙන් සපිරි ගොඩනැගිල්ලක් දෙස බසයේ කවුළුවෙන් බලන්නට වූවාය.

"අරවින්ද, ඔයා දන්නවද පදාස මුදලාලිට මොකද වුනේ කියලා? දැන් ඒ ගොඩනැගිලි පාළු වෙලා ගිහින් කිසිම කලඑළියක් නැහැ. ඒ බිස්නස් වැටුනා නේද? ඇයි ඒ....?"

 
E A Dawson Preethi | ඊ ඒ ඩෝසන් ප්‍රීති
Updated on : 2010-07-07 23:37:58 | [Tags] Sri Lankan Short Stories, Sinhala Short Stories
(13)ප්‍රතිචාර|Comments
 
ඇරුණු කවුළුව
 
   ඒ අතීත දවස්වල සිත්තරුන් අත් අඩංගුවට ගැනුණු ඕනෑම විටෙක, තීන්ත සහ පැන්සල් හිර ගෙදර ඇතුළට ගෙන යාමට ඔවුන්ට ඉඩ දෙන ලදි. මෙසේ බලකොටුවේ ඉහළ පිහිටි අඳුරු සිර කුටියට පිවිසෙද්දී, මෙම කතාවේ වීරයාගේ සිතට වැදුනු සිතුවිල්ල නම් කුටියේ බිත්ති වලින් එකක කවුළුවක් සිත්තම් කරගැනීමයි. වැඩට බැස්ස ඔහු දෑස් නිලංකාර වන අහස දැකිය හැකි ඇරුණු කවුළුවක් සිත්තම් කළේය. මෙසේ ඔහුගේ සිර-කුටිය වඩා දීප්තිමත් බවට පත්විය.

ඊලඟ උදෑසන පාන් සහ වතුර රැගෙන ආ ජේලර්ට සිත්තම් කළ කවුළුවෙන් පෙරී එන ඇස් අන්ධ කරවන එළිය හමුවේ දෑස් වසා ගන්නට සිදුවිය.
 
මොකක්ද මෙතන සිද්ද වෙන්නේ?

කෑගැසූ ජේලර් කවුළුව වැසීමට වහා ගියේය. සිදු වූයේ ඔහු බිත්තියේ හැපීම පමණී.

මං කවුළුවක් ඇරලා තියෙනවා. මෙතන හුඟක් කරුවල තිබුණා යි සිත්තරා නොකැළඹි පිළිතුරු දුන්නේය.

හෙහ්-හෙහ්-හෙහ් - ජේලර් තමා තමාටම රැවටීමට ඉඩදීම පිළිබඳ අවමානයට පත් වූ බව හඟිමින් හිනා වුණේය. ඊලගට ඔහු සිත්තරාට එදිරිවාදු කමට සමච්චල් කරන්නට විය.

 
Ana Blandiana | ඇනා බ්ලැන්ඩියානා
පරිවර්තනය - Liyanage Amarakirthi | ලියනගේ අමරකීර්ති
Updated on : 2010-06-29 02:50:21 | [Tags] Malbara Samaya 1998, Short Stories By Ana Blandiana
(7)ප්‍රතිචාර|Comments
 
ඩෙනිස්ගේ දස්කම් | "පැණි කොමඩු මාවත"
 
   මං එදා සෙල්ලං කරලා ගෙදර ආවෙ හෙම්බත් වෙලා. අපේ ක්‍රීඩා නිවාසෙයි, තවත් නිවාසෙකුයි අතර පාපන්දු තරඟෙන් අපි දිනුව. ලකුණු 44:37 ට. මං ඒ හින්දා හරිම සන්තෝසෙන් හිටියේ. ඉක්මනට අත් දෙක හෝදගෙන මං කෙළින්ම ගියේ කුස්සියට. කුස්සියේ මේසෙ ලඟ වාඩිවෙලා මං අම්මට මෙහෙම කිව්වා.
"අම්මෙ, මට යකෙක් කන්න බඩගිනී..."
අම්මා හිනාවුණා. "පණ තියෙන යකෙක්ද?"
අම්මා ලිප ලඟින් අහකට හැරුණා. එයා අතේ දුං දමන පිඟානක්. මං හිතුවා ඒ මගේ ආසම සුප් ජාතිය කියලා. අම්මා මං ඉස්සරහින් පිඟාන තියලා, "ඔන්න කාලා බලන්න...." කිව්වා. ඒත් ඒ නූඩ්ල්ස් එක්ක කිරි සුප්. යොදය පිරිලා. හරියට ත්‍රිපෝෂ වගේ. ත්‍රිපෝෂත් එක තලියට තියෙන කෑමක්. කිරියි- නූඩ්ල්සුයි එකට දාපු සුප් එකත් එකට ඇලිලා. යොදයත් තියෙනවා. ඒවා කනවා තියා, මට දකින කොටත් වමනෙ යන්න එනවා.
 
"අපෝ, මට එපා.."
"කතා කරන්න එපා!" අම්මා සැර කළා.
"මේ යොදය පිරිලා.."
"මොන යොදයක්ද?"

තාත්තා ආවා. එයා අපි දිහා බලලා, "මොකද දෙන්නත් එක්ක බර කතාවක්" කියලා ඇහුවා.

"බලන්නකෝ මෙයාගෙ විකාර! මේ කෑම කන්න බෑ කියනව. මෙයා තව ටික දවසකින් අවුරුදු එකොළහ ලබනව. ඒත් තාමත් තොත්ත බබෙක් වගේ වැඩ කරන්නෙ.."

මට තව ටික දවසකින් ලබන්නේ අවුරුදු නවය. ඒත් අම්මා හැමතිස්සෙක කියන්නෙ මට එකොළහක් වෙනව කියල. මට අවුරුදු අටේදි එයා කිය කිය හිටියේ මට ඊලඟට ලබන්නේ දහය කියලා.

 
The Adventures of Dennis by Victor Dragunsky සිංහල පරිවර්තනය "ඩෙනිස්ගේ දස්කම්" කෘතියෙන් උපුටනයකි. මෙම කෘතිය විජේසූරිය ප්‍රකාශනයකි.[2005]
 
Victor Dragunsky | වික්ටර් ඩ්‍රැගුන්ස්කි
පරිවර්තනය - Kathyana Amarasinghe | කත්‍යානා අමරසිංහ
Updated on : 2010-06-23 00:10:54 | [Tags] The Adventures of Dennis by Victor Dragunsky, Wijesuriya Publishers
(6)ප්‍රතිචාර|Comments
 
ආදරණීය නිමාලි වෙතටයි
 
   2002. 2. 27

තෙරුවන් සරණයි !

ආදරණීය නිමාලි වෙතටයි,

මට වැරදූනා. නිමාලි, මට ඔයාට ආදරණීය නිමාලි කියලා ලියන්න අයිතියක් නැහැ. ඔයා දන්නවා ඇතිනෙ දැන් මම රස්සාවට යන්නෙ නැහැ. මේ දවස්වල අත මිට හරි හිඟයි. ඒත් මං හොඳින් ඉන්නවා. ජීවිතේ කවදාවත්ම නොදැනිච්ච නිරෝගීකමක් දැන් මට දැනෙනවා. ඔයත් හොඳින් ඇති කියලා හිතනවා. මං මේ ලියන්නෙ ගිගුම්ගෙ බෝඩිමේ ඉඳන්. එදා හවස ඔයා ගෙදරින් ගිය ගමන්ම වගේ මාත් ගෙදරින් ආවා. දොරේ යතුර අර අඹ ගහ මුල තියන බෝගන්විලා පෝච්චිය යට ඇති. ඒ ආපු ගමන් තාමත් මම ගිගුම්ගෙ බෝඩිමේ.
 
අම්මලා; අපේ අම්මලා, ඔයගොල්ලන්ගෙ අම්මලා, හැමෝම මාව හොයනවා ඇති. ඒත් කරන්න දෙයක් නැහැ. මට තීරණේකට එන්න, හිත හදා ගන්න ටික දවසක් ගියා. ඒකයි මම හැංගිලා හිටියෙ.

ඉතිං.....? කියන්න ගොඩක් දේවල් තියනවා. ඒත් ගිගුම්ගෙ මේස ලාච්චුවෙ තියෙන්නෙ කොළ බොහොම පොඩ්ඩයි. පුළුවන් තරම් කෙටියෙන් මම ලියන්නම්. මේ එක්කම අපේ ගෙදරටත් ලියුමක් ලියන්න ඕනෙ. එක අතකට මට තීරණය කරන්න දේකුත් නැහැ. හැමදේම ඔයාලා තීරණය කරලා, තීරණය වෙලා ඉවරනෙ. මට තියෙන්නෙ ඔළුව නමන්න විතරයි.

මං දන්නවා මේ ඔක්කොටම මුල අර රමණි කියන පරට්ටිගෙ කේළං. එක අතකට මං රමණි ගැන නරකෙට හිතන එක වැරදියි. මමයි එතන වැරදි. වැරැද්ද රමණිට කලින්, බොහොම කලින් ඔයාව කසාද බඳින්න කලින් ඒ දේවල් ඔයාට නොකියපු එකයි. රමණි ඔයාගෙ යාළුවා. එයා ඔයාට උදව් කළා. දැන් මට හිතෙනවා මට කියා ගන්න බැරුව තිබිච්ච ඒවා ඔයාට කියලා රමණි මටත් කළේ උදව්වක් කියලා.

 
Isuru Chamara Somaweera | ඉසුරු චාමර සෝමවීර
Updated on : 2010-06-15 23:07:33 | [Tags] Sri Lankan Short Stories, Sinhala Short Stories
(33)ප්‍රතිචාර|Comments
 
 

[Best viewed in 1152 X 864 Screen Resolution]

w w w . b o o n d i . l k

boondionline@gmail.com

    කවරයේ කතාව  
 
 
 

 
     
මහත්වරුනි,
තීරණාත්මක මොහොත එළැඹී තිබේ.
 
ආශ්චර්යයක් සිදුනොවුණහොත්, මේ සතිය තුළ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගන්නවා ඇත. ඒ සමගම ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සඳහා ගමනෙහි මීළඟ පියවර ඇරඹෙනවාද ඇත. මුළු මහත් ලාංකේය සමජයම නින්දාසහගත නිහඬතාවක ගල්වනු ලැබ තිබියදී, මේ සතියේදී
 
සෙස්ස අස්සට
 
 
 

 
 
  අලුතෙන්  
 
 • Love or Sex?| ආදරේ ද සෙක්ස් ද? | සඳකැලූම් රසාංජන
 • අනවසර මධුසමය | අනුර බී. සෙනෙවිරත්න
 • ගුරු තරුව පායා බැස ගියා ය | ගැමුණු පී. දසනායක
 • කළු කුමාරයා | ඉසුරු චාමර සෝමවීර
 • ක්ලෝප්‍රොමයිසින් තීන්ත කුප්පිය | හකාවතී
 • සිහිනයත් අප සමග මිය ගියා නොවේද? | සංජීව මූණමල්පෙ
 • ඒ දෙඇස් දෙබල | සංජීව මූණමල්පෙ
 • ග්‍රීෂා | ඇන්ටන් චෙකොව්
 • පල්පීය කතාවක් | ඊ ඒ ඩෝසන් ප්‍රීති
 • ඇරුණු කවුළුව | ඇනා බ්ලැන්ඩියානා
 • ඩෙනිස්ගේ දස්කම් | "පැණි කොමඩු මාවත" | වික්ටර් ඩ්‍රැගුන්ස්කි
 • ආදරණීය නිමාලි වෙතටයි | ඉසුරු චාමර සෝමවීර
 • ගිනි ගත් ලිප | නැදිමාලේ Miniහෙක්
 • සහජීවන | ගැමුණු පී. දසනායක
 • ජපන් සෙන් කතා-[2] බුද්ධත්වය සහ තවත් කතන්දර | None
 • මගේ මාළුවා | ඉසුරු චාමර සෝමවීර
 • ගිම්හානයේ දවස් | නසිබු වනිකුසි
 • සැන්ට බාබරාහී යාචකයා | වෛද්‍ය රුවන් එම්. ජයතුංග
 • ජපන් සෙන් කතා-[1] බුදුන් සිර අඩස්සියේ සහ තවත් කතන්දර | None
 • හෝරාවේ සිහිනය | කේට් චොපින්
 
 
  තවත් වියමන්