1 2

 
     
 
     
 

Site for Sri Lankan Literature, Arts and Politics

 
 

BLOG

 
 
Home
 

කට දිග ඇරලා කියන්න!

 

 




       
 

 
ඩිමොක්-කොරසි නං ගොයියෝ වේරමණී|
[සතියේ දඹුළු විහිළුව]
 
 
"රට කරවන්ට නම් සතුරන් නැතිව වටේ
හොඳ මුසලෝනියෙකු ආවොත් පිනකි රටේ!"
වතේ මෙතේ ඇති මුත් ගිනි බටේ කටේ
ලංකට් බුරුල් වී හැංගුනු කිණිසි වැටේ

ඉක්කා ගහයි පොරජා තන්තර වාදේ
ලොක්කා හරි ෂෝක් ඔබෙ හිට්ලර් වාදේ
දොක්කා ගෙන එතොත් "මානව හිත වාදේ"
කක්කා වුනත් පුසුඹයි ඔබෙ නැහැ වාදේ

දඹුලු ගොහිං තලගොයි මස් අඹරන්ට
දුඹුළු බැඳුණු නම හෝදාගෙන එන්ට
නෙරළු තුරක් යට අද හෙට බුදු වෙන්ට
කුරුළු වැදි රජුට නිසි විවරණ දෙන්ට

අඟුල් මල්, අලව් යකු බුදු ළඟ නැමුණී
සඟුන් දුටොත් එදවස රජුනුත් නැඟුනී
එවන් කෙසෙර සිහ නැටි යටි කුඹු කෙරුණී
රජුන් ළඟ රෙවිණි! යට අඳනය තෙමුනී

වැඩක් නොවෙයි මහන්සියෙන් කඩපු පැණී
ගොඩක් බිම හැළුණි හියුමොං රයිට් ඇනී
මඩක් එතොත් අපි දෙඤ්ඤං "පිරිත් පැණී"
ඩිමොක්-කොරසි නං ගොයියෝ වේරමණී!
 
DON PUTHA | ඩෝං පුතා
Updated on : 2010-08-29 22:03:37
(11)ප්‍රතිචාර|Comments
 
"පනා-පුත් කුහුඹු-පැණියා"ට, මහත්වරුන්ට සහ නෝනාවරුන්ට!
 
 
නෝනා වරුනි මහතුනි කරුණාවන්ත
හිරිහැර ඇතත් මේ හරුපෙත් අසනු මැන
අරුමය මෙයයි දෙන දන හට උරුම වෙන
කරුමය තොපේ නොගහන හන්දාය දණ

යක්කුං හීලෑ කළ පොරොජා තන්තරය
කුක්කුං දිදී ඇති කොරනා මන්දිරය
ලොක්කං දෙකට නැවු සක්කර යන්තරය
කුක්කං දොන්ත ලොක්කං කළ මන්තරය

එළුවෙන් කියන්නෙමි මහතුනි අහගන්ට
හෙළුවෙන් නැටිය යුතු දිව සැප ලැබ ගන්ට
ඔළුවෙන් නොවේ උණ්ඩුකයෙන් විමසන්ට
කොළුවන් හිටී නම් ''සසුනට'' බන්ඳන්ට!

"පනා"ව අලවාහිනියෙදි උගස් වුනේ
ඉනාව කෑ "පුත්" හිටගෙන වැනිෂ් වුනේ
කලාව කළ "කුහුඹු"වා කෝ කොහෙද අනේ
හිනාව! "පැණියා" විතරයි ඉතිරි වුනේ!!!

මේ පිං කරපු උතුමන් දෙස දෙනෙත් හෙලා
ඒ පිං බලෙං ලද ඵල දැක උදම් වෙලා
තැවි තැවි නොඉඳ හොඳ නැව් කඹයකින් වෙලා
අරලිය ගහේ ඇඟ බැඳ ගමු ලලයි ලිලා
 
DON PUTHA | ඩෝං පුතා
Updated on : 2010-08-18 00:35:28
(5)ප්‍රතිචාර|Comments
 
කැළණියෙ වැලි මාලිගාවෙ....
 
 
කැළණියෙ වැලි මාලිගාවෙ
සක්විති පදවිය ලබන්න
කැමරාවට හිනා වෙලා
නියාමකයො ගස් බඳින්න
නිවාඩුවක් අරගෙන මම නැවත එමී
ඔබේ ලොවට පැට්‍රෝල් මැක්ස් එළිය දෙමී

පීනා ගුටි වරුසාවක
යූරින් රස දැන පිරිසිඳ
ලොවේ අනෙක අවමන් මැද නොසෙල්වෙමී
මෙගා තරුත් එක්ක හෙටත් සිනාසෙමී

කැළණියෙ වැලි මාලිගාවෙ...

ඇමති ඔටුනු මගෙ සිරසට
ඇතත් නැතත් කඹුරමි මම
සිනා සිසී මා හුරතල් කරනු මැනේ
පුතේ කියා මා අමතන් පියාණනේ

කැළණියෙ වැලි මාලිගාවෙ..
 
DON PUTHA | ඩෝං පුතා
Updated on : 2010-08-10 22:13:28
(16)ප්‍රතිචාර|Comments
 
දූපතේ 'අයිආර්සි'කාරයෝ "හතළිස්දාහ" ඉක්මවයි!
 
 
'අයිආර්සි'කාරයෝ වැඩිවෙලා බොලේ
හතලිස්දාහ ඉක්මෙව්වලු ගියසතියේ
දෙසිය විසි හයක් සාළිස්දාහට වැඩියේ
ඉන්න එකට නැහැ කිසි විචිකිච්චාවක්

ලක්ෂ සීයකට ඩිංගක් අඩු ගොන්නු
අවුරුදු පහක් ගතකොට තණකොළ බුදිමින්
හීනෙන් අවදි වූවා වාගේ ඊයේ
'අයිආර්සි'කාරයෝ පත්කර යවතී
 
Pinchi Nenda | පිංචි නැන්දා
Updated on : 2010-08-01 22:47:17
(3)ප්‍රතිචාර|Comments
 
සිරිකොත හන්දියේ තාමත් දුම් නැගෙතී!
 
 
එජාපයේ සමගිය උදෙසා අයියෝ
සිරුරට ගිනිතියාගෙන එක්කෙනෙක් මළා
සිරිකොත හන්දියේ තාමත් දුම් නැගෙතී
මේ කලි යුගේ කාටත් ඉවසුමක් නැතී

නායක කාරකාදින් රැස්වීම් වල
යූ එන් පී කාරයො දැන් කාණු වල
මේ විදිහට සමගිය උදෙසා මැරුණොත්
ඉතුරුවෙන්නේ නායක උන්දෑ විතරයි
 
Pinchi Nenda | පිංචි නැන්දා
Updated on : 2010-07-29 00:44:21
(4)ප්‍රතිචාර|Comments
 
ඩෙං ඩෙං ඩෙං "ඩෙංගු"ටුකුටු | මාරන්තික ඩෙංගු විහිලුව
 
 
ඩෙංගු මදුරු කැල වඳකර දාන්ට
දාහක් දෙනවාලු එක ඔත්තුවකට
පාසල් ළමයි හට දහසින් බැඳි පියලි
මහදැනමුත්තා ඌවේ ඉපදිලාදෝ

මදුරුවො ටික දෙනෙක් ඇතිකර පොල්කට්ටේ
කීයක් හරි හොයා ගත්තා නම් මොකදෑ
මේ වගෙ නුවණ ඇති වාහෙලා ඉන්න රටේ
හිනා කකා බඩගිනි නිවිලා යනවා

තැන තැන මරණ වෙනකොට කිරිදරුවන්ගේ
පට්ටිකා දෙන්න වියදම් වැඩි වෙනවා
පැපොල් කොළ ඉස්ම බිලා කට දනවා
උම්මත්තක සවුක්කියේ වැඩ මෙහෙමයි
 
Pinchi Nenda | පිංචි නැන්දා
Updated on : 2010-07-20 22:16:04
(1)ප්‍රතිචාර|Comments
 
ඒ පාර විදායක කෝරාළ වෙනුවට විදායක විදානේ!!!
 
 
වෙනස් කර දෙන්ට වියවස්තාව
දෙන්නා දෙපැත්තේ ඉඳගෙන ඇදිල්ලේ
ඕක වෙනස් කරන්ට කවුරුද කිව්වේ
දර්මිස්ටර්ගෙ අවතාරේ පෙනිලාදෝ

විදායක කෝරාළ කම සැර අඩුකරලා
විදායක විදානේ පත් කෙරුවාට
කෝරාළයි විදානෙයි අතරේ
විදායකේ වෙනසක් නැතුව එල්ලී

පුතා රැවුල වැවෙනා තෙක් වාවන්ට
මැරෙන්ට පෙර පුටුවේ වාඩිවෙන්ට
රට පෙරලන්ට කෙස් පලන්ට ආවාට
මිනිහා නොමිනිහා එන කඩිනමෙන් දැනේ
අමුතු බත් දීම අත ඇල්ලුමෙන් දැනේ
 
Pinchi Nenda | පිංචි නැන්දා
Updated on : 2010-07-16 00:10:06
(1)ප්‍රතිචාර|Comments
 
‘ප’යන්න නැති කරගත් නයියාගේ බඩගිනි බයිලාව
 
 
අයියා අයියා මේ මට
කියන්න ලැජ්ජයි ලෝකෙට//
මං පයන්න නැතිවුන අසරණ නයියෙක්
හොයාලා දෙනවද චුච්චං පයන්නක්

අයියා ෆිදෙල් නං මමයි ගුවේරා
පයන්න මාගේ දෙන්නකො බේරා

ස්ක්‍රිප්ට් එක ලියලා - කාස්ටිනුත් කරලා
රෙඩ් හැට් එක දමලා - වොයිස් කටුත් දීලා
මවුපොළොවත් ඉඹලා - රෙසිග් එකත් ඇරලා
මං රඟ දෙන්නං හොඳට හොලෝලා
(අනේ)
අයියා අයියා මේ මට
කියන්න ලැජ්ජයි ලෝකෙට//
මං පයන්න නැතිවුන ලස්සන නයියෙක්
හොයාලා දෙනවද හැන්ඩ්සම් පයන්නක්

පොලිස්සියත් ඕනා - බැරිකේඩුත් ඕනා
ලාවට ගුටි කාලා පොර වෙන්නත් ඕනා
මන්චි මාරි ඕනා - කඳුළු ගෑස් වානා
නාටිටියේ හැටියට - කැටර්ක්ටරුත් ඕනා
බැටන් පොලුත් ඕනා - හොලවන්නට වානා
අයියා එතොත් මට - සේලයිනුත් වානා
(අයියෝ)
අයියා අයියා මේ මට
කියන්න ලැජ්ජයි ලෝකෙට//
මං පයන්න නැතිවුන රෙවලූෂ-නයියෙක්
හොයාලා දෙනවද රැඩිකල් පයන්නක්
 
[ප්‍රසිද්ධියේ එක එක අහුමුළු තුංමුලු වල ගැයීම තහනම්!]
 
DON PUTHA | ඩෝං පුතා
Updated on : 2010-07-12 21:46:14
(4)ප්‍රතිචාර|Comments
 
බාසි රොබා සහ බට්ට පබා ඉන් ඇක්සොං! -නන්ස්ටොප් සොමිය
 
 
රන් සමනල ජෝඩුව වාගේ
පිකට් කරමු එන්න නංගියේ
ආතල් එක මේක හරිම කෑ ගහපන්නේ
අද ඇයිදෝ බඩු මිල වැඩිවෙන්නේ
අදිං පස්සෙ නිවාඩු කාලේ
අපි ඔක්කොම එකටයි කන්නේ

මේවා දැකල රජ්ජුරුවෝ මෙහෙම හිතනවා
මුං හිටියොත් තුනක් නෙමේ හැටක් ඉන්නවා
මුං හිටියොත් තුනක් නෙමේ- මුං හිටියොත් තුනක් නෙමේ
මුං හිටියොත් තුනක් නෙමේ හැටක් ඉන්නවා

මගෙ බදු සුට්ටෝ, බාසී රොට්ටෝ
වැනී පරකා මදුළ, බට්ට පබානෝ
මුං නැති දාක රටේ සොමියක් නොමැත බොලේ
ගිලිනවා දාහෙ කොළේ පං පං ගාලා

අයියෝ මාගේ ජනතා ආලේ
හින්දා මේ මං රෑ දවාලේ
වින්දා වූ දුක් මාගෙ අම්මෝ
කවුරුත් දනී සිරි ලංකාවේ

ටීවී වල ජජ් කෙරුවා මෙගා සොකරි ඇට් කෙරුවා
ඉවර වුනේ පාලිමේන්තුවේ
හරි මායම් රජා එයා නරි කෝලම් එපා මෙයා
අපි කොහොමත් ඉන්නෙ කලුවරේ

මගෙ රෝඕඕඕසී
මගෙ බට්ටි චුබා එන්න බබා පිකට් කොලන්න
හරි නෝඕඕඕඕටී
අපෙ රටේ බබ්බු යැවුව එවුං පිකට් කරන්න

(ප්‍රසිද්ධ ස්ථානවල ගැයීම් තහනම්!)
 
Image- From DailyMirror
 
DON PUTHA | ඩෝං පුතා
Updated on : 2010-07-04 21:59:55 | [Tags] Sri Lankan Budget Reading 2010
(7)ප්‍රතිචාර|Comments
 
'අහවල් වැඩෙත්' උන්ටම පරවේණි වුණී
 
 
මාතර නගරයේ අත් අල්ලාගෙන ("අශෝබන ලෙස!") හැසිරුණු ජෝඩු 22ක් අධිකරණයට ඉදිරිපත් කෙරේ. කුරුණෑගල නගරයේ, අත් අල්ලාගෙන සහ පාක් වල "අශෝබන ලෙස" පෙම් කළ 350ක් පොලිස් අත් අඩංගුවට!
-පුවතක්


පුස්සන් සුදුස්සන් වෙන මේ පුදුම රටේ
නිස්සන් ගිහිං පුස්සන් ළඟ දණින් වැටේ
පිස්සන් නීති පනවන හරි අමුතු ඇටේ
කොස්සන් බැටන් පොලු අරගෙන ජෝඩු වටේ!

"අපෙ රට අපේ ජාතිය බොල අපේ ගම
අපෙ හිරි ඔතප් සහ අපෙ ජාතික කුසුම
තොපේ වැරැද්දයි එවුවා බිඳ දැමුම
අපේ යුතුකමයි තොපි ඇතුළට ගැනුම!"

සම්මා පියා මුදුනේ සිට වැඩ බලතී
හම්මා! සනුහරේ දුව දුව පිං කොරතී
පෙම්මා කරන දුදනෝ නිරයේ පැසෙතී
උම්මා දෙන එවුං හොය හොය "වෙඩි" තියතී

ෂටරය වසා පෙම් කෙළි දියවන්නාවේ
සැප රිය වලට නඩු නැති හැටි ඇන්නෑවේ
මදනය ගහපු කොල්ලනි සිරි ලංකාවේ
පටලය බලාගෙන! කල්චර් කන්යාවේ

නැත්තන් ලගින පොඩි කාමර වලට පනී
ඇත්තන් පෙරති සැප හෝටල් ඇතුළෙ පැණී
"අහවල් වැඩෙත්" උන්ටම පරවේණි වුණී
දුප්පත් කමත් කුට්ටම කැපු ගොනා වැනී
 
DON PUTHA | ඩෝං පුතා
Updated on : 2010-06-16 21:40:22
(46)ප්‍රතිචාර|Comments
 
දැනගෙන රහස අපේ
 
 
වැල්ලේ ගැහුවත් බඹරේ කැරකේවි
ලිප්බොක්කෙත් ප්‍රේම මැණික් පෑදේවි
පිනට උපන් කුමරෝ මගෙ සීදේවී
ලෝකෙම අප පාමුල මෙන් තේරේවී-
පුටුව ලැබුනෙ මාගේ පෙර පිනකින් වාගේ

මිහිඳු සමග නාමල් මරු සංයෝගේ
විහිළු නොවෙයි කාලෙ ජයයි දෙන්නාගේ

කියන්න රජ කෙනෙකුට ධූර දෙකක් ඇතිද කියා
නොදන්නවාද දෙකක් හැරෙන්නවත් මදියි මෙයා

උතුමාගේ පෙම් සිහිනේ එළි වෙන්නේ එළි වෙන්නේ උතුමාගේ

"අසරණ කොල්ලෙකි මං බෝල දෙකෙන් ගියා පොලූ"
"මං නං බෝල තුනක් ගහලා මිස නොයමි කොලූ"

දැනගෙන රහස අපේ බල්ලොත් බුරයි පුතේ
දැනගෙන රහස අපේ බල්ලොත් බුරයි පුතේ (බුහ් බුහ්!)

මිහිඳු සමග නාමල් මරු සංයෝගේ//
 
DON PUTHA | ඩෝං පුතා
Updated on : 2010-06-10 22:30:33
(21)ප්‍රතිචාර|Comments
 
සෝබාව දේ මෙපුර හරි පිරිසිදු නොමැත හොකරු
 
 
සෝබාව දේ මෙපුර හරි පිරිසිදු නොමැත හොකරු මග බඩු විකිණූ
සුසුදු පේමන්ට්වල රෝස කුසුම්! පැණි බොති බමරූ
මාර රහසකි සොඳුරූ!

පාර දෙපැත්තේ සුපිරි සල්පිල්වල
නිකං වගේ බඩු විකුණන්නේ
නුවරු රිසි රිසි සේ මල්ල පුරා බඩු අරගන්නේ
මොකට සිත ලතවෙන්නේ

ජේතූකාර සොරුන් විජයොත් රථ වලින් සරන්නා
සාටක දුහුල් ඉරන් රීරියකා එළියට එන්නා
ඈතක නොවෙයි නිවන අද හෙට දොර ඇරගෙන එන්නේ
එළිපිට නැත චරු චුරු කිසිවෙකු මැසිවිලි නොකියන්නේ

සැණකෙළි පුරා හඳේ සිහිලෙන් බඩ ගින්න නිමෙන්නා
නැතිවුන් නොමැති නිසා ඇති උන්ටම සහන ලැබෙන්නා
සත හට සෙත සලසා දින දින බඩු මිල අඩු වෙන්නේ
සවුදිය පුරන් දනන් පාර දිගේ බජව් දමන්නේ

සෝබාව දේ මෙපුර හරි පිරිසිදු...//
 
DON PUTHA | ඩෝං පුතා
Updated on : 2010-06-02 05:16:03
(16)ප්‍රතිචාර|Comments
 
සෝමාවතී ප්‍රසංගයේ පාඩම්!- (ඩෝං පුතා ගේ වෙසක් පණිවුඩය)
 
 
සෝමාවතී අහසේ බුදු රැස් ඇන්ද
එර්දි බලෙං වැඩි හිමි කිරිබත් නන්ද,
එලොව වැඩිය උන් බණ පදයට ඇන්ද
''බුදු රැස්'' වලින් ආයෙත් ගෙන්නනු බැයිද?

උඩිං ඇවිත් සුදු ඇඳගෙන රවටන්නේ
යටිං ඇවිත් පොකට් එකට කෙළවන්නේ
පිටිං කුමන්ත්‍රණයක් නොව හිතපන්නේ
රටිං හරි අඩක් මේවට රැවටෙන්නේ

ගිනි කණ වැටෙන විට ඉර රැස් ගින්දරට
විදුලිය කොටන විට වැහි මන්දාරමට
එළියට ගිහින් බැලුවොත් පේවී යසට
''බුදු රැස්'' පෙනෙයි ගෙයි පිළිකන්නෙත් ඔබට

බුදුන් සිටින්නෙත් මිනිසුන් ළඟ මිසෙක
බුදුන් කොහෙද ගඩොලින් බැඳි බිල්ඩිමක
සයින් දැවෙන දන මුදවන මෙත් සිතක
නිතින් රැඳේ ''බුදු රැස් මාලා'' නිසැක

දුකින් පෙළෙන දන රවටනු පිණිස උපා
ඔවුන් ළඟට ගෙන්වාලා සිරස හපා
කලින් කලට කියනා බොරු සීලෙ පපා
බුදුන් දෙසුව දහමට කෙළවන්න එපා!
 
DON PUTHA | ඩෝං පුතා
Updated on : 2010-05-24 00:30:35
(36)ප්‍රතිචාර|Comments
 
අපි නොදන්න ආසියාවේ ආශ්චර්යය හෙවත් කොලොම් පුරේ ශ්‍රියා
 
 
මැයි 13 උදේ විනාඩි කිහිපයක දී ඇද හැලුණු කෙටි වර්ෂාපතනයකින් පසු කොළඹ නාලන්දාවට යන සිරිධම්ම මාවත වතුරෙන් යටවුනු අන්දමයි මේ. පහත කවි පෙළ වැඩක් කරන සහ ආසියාවේ ආශ්චර්යය මවන අය වෙනුවෙන් උපහාරයක් ම වේවා!

ලොව සුපතල අගනගරේ
වැනීසියක් වගෙයි බොලේ
හයිවේ හදනවලු එහේ
*කෙන් හිනා අපිට මෙහේ

ආසියාවෙ අසිරි පුරේ
ගොජ ගොජ ගා වතුර පිරේ
සිරි පොදයක් ගියපු සැරේ
නරි වාදං බිමට පෙරේ!

කටිං බතල හිටවන්නේ
මයික් අරං ලෙව කන්නේ
නොයෙක් ලෙසින් රවටන්නේ
මුන්ඩලු ඉර පායන්නේ

වැඩක් කරන මහතුන්නේ
මව් ගුණ ගී ගයමින්නේ
හබල් ගගා නටමින්නේ
ඔරු පැද පැද යමු ඉතිනේ
 
DON PUTHA | ඩෝං පුතා
Updated on : 2010-05-13 05:03:14
(11)ප්‍රතිචාර|Comments
 
මට නං බෑ ටාට්ටේ එතකල් ඉන්න
 
 
දණ ගාද්දි දියවන්නාවට රිංගෙවුව
කර වැහෙන්න සාටකයක් දමලා දුන්න
මහළුව බැරි වුනාම ඔබ මට රට දෙන්න
මම දෙන්නං ටාට්ටේ දුං විසිවෙන්න
මම දෙන්නං ටාට්ටේ දුං විසිවෙන්න

ලෙඩක් දමා ගෙන ආවත් මාව සනසන
උකුල් තලේ උරේ තබා තොඳොල් කරවන
සුරංගනා කතා කියා රටම නලවන
අතක් හිසක් කොහෙද රජෝ ඔබට නොවඳින

දණ ගාද්දි......//

මැදමුලනේ වැල් ඇඳ උඩ රැවුල පැහෙන දා
බාප්පලා මහප්පලා ගේම් ගහන දා
තුනෙන් දෙකක් නොවේ තුනම අපට ලැබෙන දා
ඔටුන්න මගෙ හිසට වැටෙයි එදා නොවරදා

දණ ගාද්දි සාක් සමුළුවට රිංගෙවුව
පාට පාට බලකායක් දමලා දුන්න
තව ටික දොහකින් වෙන උන් එයි රිංගන්න (ඉහි ඉහි)
මට නං බෑ ටාට්ටේ එතකල් ඉන්න
මට නං බෑ ටාට්ටේ එතකල් ඉන්න
 
DON PUTHA | ඩෝං පුතා
Updated on : 2010-05-02 21:56:30
(8)ප්‍රතිචාර|Comments
 
 

[Best viewed in 1152 X 864 Screen Resolution]

w w w . b o o n d i . l k

boondionline@gmail.com

    කවරයේ කතාව  
 
 
 

 
     
මහත්වරුනි,
තීරණාත්මක මොහොත එළැඹී තිබේ.
 
ආශ්චර්යයක් සිදුනොවුණහොත්, මේ සතිය තුළ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගන්නවා ඇත. ඒ සමගම ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සඳහා ගමනෙහි මීළඟ පියවර ඇරඹෙනවාද ඇත. මුළු මහත් ලාංකේය සමජයම නින්දාසහගත නිහඬතාවක ගල්වනු ලැබ තිබියදී, මේ සතියේදී
 
සෙස්ස අස්සට
 
 
 

 
 
  අලුතෙන්  
 
 • ආයු බෝ වූවා..... මහරජාගේ....! | ඩෝං පුතා
 • ඩිමොක්-කොරසි නං ගොයියෝ වේරමණී| [සතියේ දඹුළු විහිළුව] | ඩෝං පුතා
 • "පනා-පුත් කුහුඹු-පැණියා"ට, මහත්වරුන්ට සහ නෝනාවරුන්ට! | ඩෝං පුතා
 • කැළණියෙ වැලි මාලිගාවෙ.... | ඩෝං පුතා
 • දූපතේ 'අයිආර්සි'කාරයෝ "හතළිස්දාහ" ඉක්මවයි! | පිංචි නැන්දා
 • සිරිකොත හන්දියේ තාමත් දුම් නැගෙතී! | පිංචි නැන්දා
 • ඩෙං ඩෙං ඩෙං "ඩෙංගු"ටුකුටු | මාරන්තික ඩෙංගු විහිලුව | පිංචි නැන්දා
 • ඒ පාර විදායක කෝරාළ වෙනුවට විදායක විදානේ!!! | පිංචි නැන්දා
 • ‘ප’යන්න නැති කරගත් නයියාගේ බඩගිනි බයිලාව | ඩෝං පුතා
 • බාසි රොබා සහ බට්ට පබා ඉන් ඇක්සොං! -නන්ස්ටොප් සොමිය | ඩෝං පුතා
 • 'අහවල් වැඩෙත්' උන්ටම පරවේණි වුණී | ඩෝං පුතා
 • දැනගෙන රහස අපේ | ඩෝං පුතා
 • සෝබාව දේ මෙපුර හරි පිරිසිදු නොමැත හොකරු | ඩෝං පුතා
 • සෝමාවතී ප්‍රසංගයේ පාඩම්!- (ඩෝං පුතා ගේ වෙසක් පණිවුඩය) | ඩෝං පුතා
 • අපි නොදන්න ආසියාවේ ආශ්චර්යය හෙවත් කොලොම් පුරේ ශ්‍රියා | ඩෝං පුතා
 • මට නං බෑ ටාට්ටේ එතකල් ඉන්න | ඩෝං පුතා
 • හළෙමි රතු යකා- මම ජවිපෙ තී නිසා | ඩෝං පුතා
 • මර්වින්ගේ උදාන ගීය + ඡන්දදායකයන් නොකී කවිය | ඩෝං පුතා
 • ජැෆ්නා වන්දනාව | ඩෝං පුතා
 
 
  තවත් වියමන්