මුත්තයියා මුරලිදරන්ගේ "අටසීය" සහ තිත නොතබන කළු ජූලිය

 
     
 
     
 

Site for Sri Lankan Literature, Arts and Politics

 
 

BLOG

 
 
Home
 

කට දිග ඇරලා කියන්න!

 

 




       
 

 
මුත්තයියා මුරලිදරන්ගේ "අටසීය" සහ
තිත නොතබන කළු ජූලිය
 
 
මුත්තයියා මුරලිදරන් තමන්ගේ වාර්තාගත අටසිය වෙනි ටෙස්ට් කඩුල්ල දවාගන්නා ලද්දේ ඉකුත් සතියේය. උද්දාමයෙන් පිටියට පැනගත් ප්‍රී‍තිමත් ප්‍රේක‍ෂකයෝ සිංහ කොඩි වනමින් මුරලි පසුපස දිවූහ. සිංහ කොඩියක් පසුබිම් කරගෙන සහෝදර ක්‍රීඩකයින්ගේ කරපිටින් යන මුරලිගේ සේයාරුව ජාතික පත්තර පිටු පුරා පළ විය. තම කීර්තිමත් ක්‍රීඩා දිවිය ජගත් වාර්තාවකින්ම කෙළවර කළ මුරලි ශ්‍රී ලාංකිකයන්ට ආඩම්බරයකැයි බොහෝදෙනා ලිවූහ.

නමුත් සිංහ කොඩි ළෙලදුන් ඒ විජයග්‍රාහී මොහොතේ ලියන්නට අමතක කළ කතාවක් ද තිබේ. විසි හත් අවුරුද්දකට කලින් මේ වැනිම ජූලි මාසයක සිංහ කොඩි වනමින් රැස් කෑ පිරිස් මුත්තයියා මුරලිදරන්ගේ මහනුවර නත්තරම්පොත, කුණ්ඩසාලේ නිවස වැටලූහ. මුරලිගේ පියාට අයත් කම්හල් බිම ගිනිදළු වෙළාගනිද්දී මරණ බියෙන් තැතිගත් 11 වියැති මුරලිදරන්ගේ ළමා දිවිය අහම්බෙන් මරුමුවින් ගැළවිණ. එදා සිංහ කොඩි වනමින් හඹා ආ මරණය ගැන අද සිංහ කොඩිවලට මැදිව සිංහලයන්ගේ කරපිටින් යන මුරලි කෙසේ සිතන්නට ඇතිදැයි කී දෙනෙක් කල්පනා කළේද?

මුත්තයියා මුරලිදරන් ජගත් ක්‍රීඩා වාර්තාවන් අතරට ශ්‍රී ලංකාවේ නාමය ඇතුළත් කරන ලද්දේ 2010 ජූලි 22 වෙනිදා ය. මුරලිගේ ගේ-දොර දවා හළු කළ 'කළු ජූලියේ' ගිනි පුපුරු ඇවිළ ගියේ 1983 ජූලි 23 වෙනිදා ය. බුර බුරා පැතිර ගිය ඒ මහා ගිනි ජාලාවන්ට මුත්තයියා මුරලිදරන්ලා කී දෙනෙකු බිලි දුන්නේදැයි දැනගත හැකි මගක් කිසි කලක අපට හමු නොවනු ඇත.

1983 කළු ජූලියට දැන් විසි හත් අවුරුද්දකි.

ලේ තැවරුණු අතීත ඉතිහාස පිටු දැන් පහුරු ගාමින් පෙරළා බැලිය යුත්තේ ඇයිදැයි සමහරවිට ඇතැමෙක් කල්පනා කරන්නට ඉඩ තිබේ. නමුත් පහසුවෙන් වසා දැමූ පිටු අතර අඳුරු ඉතිහාස මතකයන් ඒ සා පහසුවෙන් සැඟ වී නොයයි. කළු ජූලිය එසේ වියැකී නොයන අඳුරු ඉතිහාස මතකයන්ගෙන් එකකි. එය අඳුරු මතකයක් වන්නේ ඉන් ගැළ වී ජීවත් වන්නවුන්ට ය. එය අඳුරු මතකයක් වන්නේ ඒ ගිනිදැල් අතරෙහි සැඟව ගියවුන් ගැන දුක්බර මතකය අත් හරින්නට නොහැකි වූවන්ට ය.

ශිෂ්ටත්වය හා වාර්ගික සහෝදරත්වය ගැන අපේ රමණීය කව් ගී හා වාගාලාප විසි හත් අවුරුද්දකට කලින් කළු කුහරයක් වැනි කළු ජූලිය තුළ ගිළී ගියේය. සාහසික නීච බව ඒ කළු ජූලියේදීත් සාමූහික ආඩම්බරයක් සේ සැළකුණි. දකුණේ වීදිවල ගේ දොර - යාන වාහන සමග සිය - දහස් ගණනින් පිළිස්සී අළු ධූලිව ගිය මිනිස් ප්‍රාණීන් අපේ ශිෂ්ටාචාරයේ වීරූපී නග්න දුෂ්ඨත්වය පිළිබිඹු කළ නොමැකෙන සාක්ෂි ය.

එය 'නොහික්මුණු සුලුතරයක' අතින් සිදු වූ අපරාධයකැයි කියන්නට දැන් අපි හුරු වී සිටිමු. නමුත් ශිෂ්ටාචාරය විසින් මතුකරන ප්‍රශ්නය වනාහී ඒ කළු ජූලියේදී 'නොහික්මුණු සූලුතරය කළේ කුමක්දැයි' යන්න නොවේ - ඒ නින්දා සහගත දවස් අතරේ 'හික්මුණු බහුතරය' සිටියේ කොහේද යන ප්‍රශ්නයයි. ප්‍රසිද්ධියේ අහන්නට තහනම් නමුත් දැනුදු මගහැර යා නොහැකි කඩඉම් ප්‍රශ්නයක් අප හමුවේ තිබේ: ''විසි හත් අවුරුද්දක් ගෙවුණු තැන අපි කළු ජූලියේ ලේ වැකි උරුමයෙන් ගැළ වී සිටිමුද?''

සැබෑවකි, දැන් කොටහේනේ ශාන්ත ලුසියා දෙව් මැදුරේ හෝ වැල්ලවත්තේ හින්දු විද්‍යාලයේ සරස්වතී ශාලාවේ හෝ කොල්ලුපිටියේ මෙතෝදිස්ත දේවස්ථානයේ හෝ ගේ දොර ගිනිබත්ව දිවි ගළවාගත් දෙමළ සරණගතයින් ගාල්කොට නොමැත. එමෙන්ම දකුණේ වීදි හා පටු මං මාවත්වල පුළුටු දුමාරය මැද ඉතිරි වූ මිනිස් භෂ්මාවශේෂ දක්නට නොමැත. නමුත් ඒ සරණාගත කඳවුරු හා ඒ මිනිස් භෂ්මාවශේෂ වෙනස් බිම්කඩවල ගොඩගැසී තිබේ. මුවින් නොබැන, කරබාගත් ජන කොට්ඨාශයක් අඩ සියවසක් තිස්සේ පීඩාවේ කටු සැමිටියෙන් පහරකමින් ඔසවාගත් සාමූහික මිනිස් දුක් සංතාපයන්ගේ කුරුස කඳ දැනුදු ඔසවාගෙන යයි. වරදකාරී සාමූහික පශ්චාත්තාපය විවෘතව කියා පෑම නිවටකමක් සේ සැළකෙන රටක කළු ජූලියේ මතකයන් මැකී නොයයි.

විසි හත් අවුරුද්දකට කලින් දිවි ගළවාගත් මුත්තයියා මුරදලිදරන් පවා දැන් ජාතිකාභිමානයේ සංකේතයකි. නමුත් ඔහු මෙන්ම දිවි ගළවාගත් ලක්ෂ සංඛ්‍යාත සහෝදර ජන කොටසකගෙන් අඩුම ගණනේ 'සමාවන්නැයි' ඉල්ලා සිටින්නට අමතක කළ මේ ජූලි මාසයේදී ඒ ජාතිකාභිමානය හා ශිෂ්ටාචාරය අතර දුර වෙනදාටත් වඩා වැඩි එකකි.
 
Sumudu Thiwanka Gamage | සුමුදු තිවංක ගමගේ
Updated on : 2010-07-29 04:15:10
Bookmark and Share
 
Comments|ප්‍රතිචාර
 
[Anushya] මෙහෙම කියනවා :
@නිසල්

very well said
කිවුව වෙලාව- 2010-08-10 21:09:36
 
[නිසල්] මෙහෙම කියනවා :
@ Kosala Ruwan Senarath
83 කළු ජූලියේදී සාමාන්‍ය දෙමළ මිනිසුනට විරුද්ධව ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා දියත් කළේ කොටි විසින් සන්නද්ධ හමුදා සෙබලුන් 13ක් ඝාතනය කරනු ලැබීම නිසා නම් ඊට කලින් 1958 දී සිදු වෙච්ච දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වෙන්න හේතුවත් කොටිද? ඊට පස්සෙත් 1977 දී සහ 1981 දී එවැනි දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වුනේ නැද්ද? දෙමළට ගහන්න ඕනේ වෙකොට ජාතිවාදී සිංහලයන්ට ඒකට හේතු ඕනේ නැහැ බං!
සන්නද්ධ හමුදා සෙබලුන් සහ ගරිල්ලන් අතර සටනක් නිසා ඒකට සමස්ත ජාතියක් ඉලක්ක කරලා පලිගැනීමේ ප්‍රහාරයක් දියත් කිරීම කොහොමටත් සාධාරණීකරණය කරන්න බැරි අපරාධයක්.
අරන්තලාවේ දී භික්ෂූන් වහන්සේලා ඝාතනය කිරීමත් උපුටා දක්වන්නේ කළු ජුලිය සාධාරණීකරණය කරන්නද? 1989 දී ආන්ඩුවේ හමුදා විසින් භික්ෂුන් වහන්සේලා 600කට ආසන්න ප්‍රමාණයක් පැහැරගෙන ගිහින් වද දීලා ඝාතනය කරවපු අතුරුදන් කරපු සිදුවීම් ගැන කතා නොකරන්නේ ඒවා ගැන කතා කළාට දෙමළට විරුද්ධව සිංහල මිනිසුන් උසිගන්නන්න බැරි වෙන නිසාද?
කිවුව වෙලාව- 2010-08-10 05:31:42
 
[AHUBUDU] මෙහෙම කියනවා :
BLOG ASSE HANGENAWA KIYALA ANIK AYATA KIYANA ME කෝසල රුවන් සෙනරත් KIYANA MADDUMA BANDARA INNETH HANGILA NEDA?
කිවුව වෙලාව- 2010-08-10 04:33:35
 
[විදත්] මෙහෙම කියනවා :
මේං බඩගිනි සිංහයෙක්!! අනේ මචංලා, මූට කන්න අසිංහලයෙක් දීලා මේ බ්ලොග් එකේන එළියට දාපල්ලා බං. අපිට ඉතින් බ්ලොග් අස්සේ හැංගිලාවත් ඉන්න දෙන්නේ නැති හැටි අම්මපා. ඒක අස්සෙත් රිංග රිංග මේ වැය කරන්නේ සිංහල ජාතිය බේරගන්න තියෙන කාලය නේද කොල්ලෝ?
කිවුව වෙලාව- 2010-08-10 03:33:49
 
[Anti-Arshas] මෙහෙම කියනවා :
hafoyi
කෝසල රුවන් සෙනරත් malliye ohoma kenti ganda epa. arshas gedi pupurayi oyage sudu malliye
කිවුව වෙලාව- 2010-08-10 00:50:43
 
[කෝසල රුවන් සෙනරත්] මෙහෙම කියනවා :
දේශප්‍රේමී හැම එකාම මහරජාට කඩේ යනවයි කියල හිතනකොට උඹේ බුද්ධි මට්ටමත් හොදට තේරෙනව. ඒ වගේම උඹල කඩේ යන්නේ කටද කියල උඹල නොදෙනුවත්වම එළියට ඇවිල්ල ඉවරයි. තර්කයක් තේරුම් ගන්නෙ නැතුව එකෙ තිබ්බ වචනයක් අල්ලගෙන තප්පුලන උඹලත් එක්ක මොන තර්කද බං! උඹලගෙ තර්ක වලට කෙළවුනම blog අස්සෙ හැංගිලා bite එකට ගන්න තියාගන්නවට වඩා පන්සල් බුල්ඩෝසර් කරපු ඒවට එරෙහිව ගන්න ඕන හැම දෙයක්ම අපි එළිපිට කරනව "ජාතික කැක්කුම දෙපරැන්දේ අස්සේ ගහ"ගන්නවද නැත්තම් කුම්භස්තලයක තියල වඩම්මනවඩ කියල එතකොට තොපි ඔක්කොටම තේරේවි. උඹල වගේ කිසිම ජාතියකට අයිති නැති, සිංහල තෙරෙණ්නෙ නැති, උන් එක්ක තර්ක කරල වැඩක් නෑ! මේ comment එකෙන් පස්සෙ උඹ හරි උඹ වගේ තවත් නාම්බෙක් හරි මොනව හරි ගොං කතාවක් ලියාවි. එහෙම නෙවෙයි කතා කරන්න ඕනනම් එළිපිට වරෙල්ලා! blog අස්සට වෙලා හැංගි මුත්තං කරන්නෙ නැතිව. හැබැයි ඒ කාලයත් අපරාදෙ මොකද උඹලට සිංහල තේරෙණ්නෙත් නෑ, ඒ නිසා කිසිම සිංහල තර්කයක් තේරුම් ගන්නත් බෑ!!!
කිවුව වෙලාව- 2010-08-10 00:19:56
 
[Gayan P] මෙහෙම කියනවා :
උඹේ පොරත්වයයි උඹේ මහලොකු ප්‍රජාතන්ත්‍රවාදයයි උඹම තියාගනින්!ඒවා අපිට අදාළ නැහැ!උඹලගෙ මෝඩ තර්කවලට කෙළවුණාම එතනින් එහාට අනිත් උන් ඔක්කොම නොටි නාම්බෝ!
උඹලගේ මහලොකු දේශප්‍රෙමී රජතුමා තරුපහේ හෝටල් ගහන්න පන්සල් බුල්ඩෝසර් කරනකොට,ඉන්දියාවටයි චීනෙටයි රටේ සම්පත් තුට්ටු දෙකට විකුණන කොට උඹල උඹලගේ ජාතික කැක්කුම දෙපරැන්දේ අස්සේ ගහගෙන කුක්කෝ වෙනවා.
උඹේ බුද්ධි මට්ටම පෙන්නපු එක ගැන ස්තූතියි.
කිවුව වෙලාව- 2010-08-09 10:58:27
 
[කෝසල රුවන් සෙනරත්] මෙහෙම කියනවා :
කවුද උඹල ජාතිවාදී කිව්වේ? උඹල ජාති වාදී වෙන්න උඹලට ජාතියක් තියෙන්න ඕනනෙ. උඹලට ජාතියක් නෑනෙ. අපි පොරවල් විත්තිය තෙරුම් ගත්ත එක හොඳයි. මම හිතන්නෙ උඹල සුනන්ද දේශප්‍රියලගෙන් පැවත එන කොටි නාම්බො වෙන්න ඕන. ඔය blog අස්සෙ හැංගිලාම ඉඳපල්ලා, එළියට ආපු දවසක උඹලට වෙන්නෙ මොනවද කියල හිතගන්නවත් බැරි වේවි... ජාතියට එරෙහි වෙන වෙලාවට ජාතිවාදී වෙන්නත් එහෙම නැති වෙලාවට ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නත් අපි හොඳට දන්නව
කිවුව වෙලාව- 2010-08-09 09:13:18
 
[Gayan P] මෙහෙම කියනවා :
මළ කෙළියයි! මෙන්න මූට මල පැනලා! හරි හරි අපි තමයි ජාතිවාදේ අවුස්සන්නේ. නේ.. උඹ බබා.
උඹට විතරයි සිංහල තේරෙන්නේ... උඹ පොර...
කිවුව වෙලාව- 2010-08-09 08:29:37
 
[කෝසල රුවන් සෙනරත්] මෙහෙම කියනවා :
Gayan P
උඹ ඇතුළු මුරලි අල්ලගෙන උගේ හිතේවත් තිබ්බෙ නැති ජාතිවාදයක් අවුස්සන්න හදන එවුන්ට කියන්න තියෙන්නෙ මෙච්චරයි. තොපි එකෙකුටවත් සිංහල තේරෙන්නෙ නෑ. තොපි එකෙක් වත් කිසිම ජාතියකට,ආගමකට අයත් එවුන් නෙවයි. ඉන්දියාවෙ කොඩි වනපු උන්ගෙ ID Check කරාද කියල අහන්න ඉස්සර වෙලා උඹ උඹේ ID එක Check කරගෙන හිටපන් උඹේ. ජාතිය මොකක්ද කියල හොයාගන්න බැරි වුණොත් උඹේ දෙමවුපියන්ගෙන්වත් අහල දැනගනින්
කිවුව වෙලාව- 2010-08-09 05:29:28
 
[Gayan P] මෙහෙම කියනවා :
@ Ruwan
"එතකොට උඹ කියන්නෙ ලංකවේ ඉන්න හැම දෙමල මිනිහෙක්ම ඉන්දියවෙ ඉදන් ලංකාවෙ පුරවැසිභාවය ලබගෙන ඇවිල්ල කියලද?"
මම එහෙම එකක් කියලා තියෙනවාද? නැත්නම් ඒක උඹේ හිතේ වැඩ කරන අදහසක්ද?
" ලංකාවේ ඉන්න දෙමළු ඉන්දියවෙ කොඩි වනන්නෙ ජාතිවාදය හින්ද එංගලන්තෙට ඕස්ට්‍රේලියවෙ ඉන්නන් සිංහල මිනිහෙක් ශ්‍රී ලංකාවේ කොඩි වනන්නෙ ජාතිකත්වය හින්ද"
හරිම ෂෝක් තර්කේ! දෙමළු කරාම නරකයි! අපි කරාම හොදයි!
අනිත් එක ලංකාවේ දෙමළ මිනිස්සු දන්නවා ඉන්දියන් ආණ්ඩුව මේ යුද්දෙදි කොච්චර ලංකාවේ ආණ්ඩුවට සපෝට් එකක් දුන්නද කියලා! යුද්දෙ කරගෙන යන්න ඔත්තු බලන සැටලයිට් වලින් දීපු තොරතුරුයි කොටින්ගේ ට්‍රාන්ස්පොර්ට් බ්ලොක් කරපු එකයි තමිල්නාඩුවේ බලපෑම කොන්ට්‍රෝල් කරපු එකයි,තාක්ෂනික පුහුනුව සහ උපදෙස් සපයපු එකයි අමතක කරලා ඉන්දියන් කොඩිය වනන්න දෙමළ මිනිසුන්ට උඹට තරම්ම මොලේ අමාරුවක් තියෙන්න ඕනේ!දැන් සාම්පූර්වලින් අක්කර දසදහස් ගනනක් ඉන්දියාවට දීලා තියෙන්නේ ඒ කරපු උදව්වලට හිලව් වෙන්න තමයි බං.
අනිත් එක 87 දී ලංකාවට ආපු ඉන්දියන් හමුදාව දෙමල මිනිසුන්ට කරපු විනාශය අමතක කරලා ඉන්දියන් කොඩි වනවන්න උන් පෙළැඹෙයි කියලා හිතන්න අමාරුයි! රාජිව් ගාන්ධිගේ කේස් එකයි 87 /89 කාලයේදී කොටි එක්ක කරපු සටන්වලින් ඇතිවෙච්ච යානිය සහ ලජ්ජාවයි නිසා ඉන්දියාව
මේ සැරේ තමන්ට ගේම දීපු බව දෙමළ මිනිස්සු දන්නවා.
උඹ දන්නවද ලංකාවේ බිස්නස්වලට, කොම්පැනි පටන්ගන්න, මිලිටරි වැඩවලට ඉන්දියන් කාරයෝ කොච්චරක් ඇවිල්ල පදිංචි වෙලා ඉන්නවද කියලා?
උඹට දෙමලු පෙන්නන්න බැරි එක වෙන්න පුලුවන්. ඒත් මෝඩ තර්ක ගේන්න එපා ඒක සාධාරණීකරණය කරන්න.උඹ ඔය කොඩි වැනුවයි කියපු එවුන්ගේ අයිඩෙන්ටිටි ‍එක චෙක් කරාද?
කිවුව වෙලාව- 2010-08-09 05:02:44
 
[කෝසල රුවන් සෙනරත්] මෙහෙම කියනවා :
Gayan P
උඹල ඔක්කොටම අමාරුව තියෙන්නෙ කොඩියත් එක්ක. එතකොට උඹ කියන්නෙ ලංකවේ ඉන්න හැම දෙමල මිනිහෙක්ම ඉන්දියවෙ ඉදන් ලංකාවෙ පුරවැසිභාවය ලබගෙන ඇවිල්ල කියලද? යකෝ සිංහල මිනිහෙක් එංගලන්තෙට යන්න බලපාන සමජ කරනා සහ ඉන්දියාවේ මිනිහෙක් ලංකවට එන්න බලපාන සමජ කරනා එකිනෙකට වෙනස්. ලංකාවේ ඉන්න දෙමළු ඉන්දියවෙ කොඩි වනන්නෙ ජාතිවාදය හින්ද එංගලන්තෙට ඕස්ට්‍රේලියවෙ ඉන්නන් සිංහල මිනිහෙක් ශ්‍රී ලංකාවේ කොඩි වනන්නෙ ජාතිකත්වය හින්ද
කිවුව වෙලාව- 2010-08-09 03:33:59
 
[Gayan P] මෙහෙම කියනවා :
@ Ruwan
එතකොට ඕස්ට්‍රේලියාවේ එංගලන්තේ පුරවැසිකම ගත්ත සිංහලයෝ ක්‍රිකට් මැච්වලදී සිංහ කොඩිය වනන්නේ ඇයි!උඹේ තර්කේ අනුව ඒ සුද්දොත් එක්ක වෛරෙකට වෙන්න ඕන. එහෙම නැත්තම් උන් ජාතිවාදී නිසා වෙන්න ඕනේ
කිවුව වෙලාව- 2010-08-09 02:48:16
 
[චන්ද්‍රරත්න] මෙහෙම කියනවා :
@KRS
"දැන් ලංකාවේ සිංහලයන්ටයි දෙමෙලුන්ටයි මුස්ලිමුන්ටයි වඩා ඉන්නේ ඉන්දියන් කාරයොයි චීන්නුයි" යි කිව්වහම උඹේ දැනුම ගැන ලොකු අවබෝධයක් ලබා ගන්න පුළුවන්.

:-P
කිවුව වෙලාව- 2010-08-09 02:26:35
 
[කෝසල රුවන් සෙනරත්] මෙහෙම කියනවා :
නිසල්
කොඩි වනන කාරනය සම්බන්ධයෙන් මම කියන්නෙ බොරුද කියල උඹ ලඟදි එන match එකක්දි ගිහින් බලපන් උඹ කියන විදිහට "අපේ හමුදාවට උපදෙස් දෙන්න ආපු ඉන්දියන් හමුදාකාරයෝ"කිව්වෙ ප්‍රභාකරන් මැරෙනකං ඌට කඩේ ගියපු කරුණානිධි එවපු උන්ද එතකොට උඹ් කියන්නෙ අපේ එවුන් යුද්ධෙ දිනුවෙ"ඉන්දියන් හමුදාකාරය"න්ගෙ පිහිටෙන් කියලද? "මානුෂික මෙහෙයුමේදී පෙන්නපු මානුෂිකත්වයට පින්සිද්දවෙන්න"කිව්වහම උඹ නොකිය කියන්නෙ ඒ මෙහෙයුම අමානුශිකයි කියලනෙ. එතකොට අරන්ත්ලවෙ හාමුඩුරුවො කපල කොටල මරල දාපු එක, මහ බැංකුවට ඇතුළු විවිධ තැන් වල බෝම්බ පුපුර්වල සිංහල මිනිස්සු මරලදාපු එක වගේ දේවල් හරීම මානුෂීයයි නේද ඒ දේවල් වැරදියි කියන එකෙක් උඹ කිඹුල් කඳුළු හලන උන් අතරෙ ඉන්නවද?
කිවුව වෙලාව- 2010-08-09 02:22:16
 
[කෝසල රුවන් සෙනරත්] මෙහෙම කියනවා :
අමල්
මමත් මනුෂ්‍ය ජාතියෙ තමයි යාළුව. මම කතා කරන්නෙ මනුෂ්‍ය ජාතිය තුළ සිංහලක්ම පාවා දීමට එරෙහිවයි.
කිවුව වෙලාව- 2010-08-09 01:48:32
 
[කෝසල රුවන් සෙනරත්] මෙහෙම කියනවා :
චන්ද්‍රරත්න
"දැන් ලංකාවේ සිංහලයන්ටයි දෙමෙලුන්ටයි මුස්ලිමුන්ටයි වඩා ඉන්නේ ඉන්දියන් කාරයොයි චීන්නුයි" යි කිව්වහම උඹේ දැනුම ගැන ලොකු අවබෝධයක් ලබා ගන්න පුළුවන්. කියපු දේ තේරුම් ගන්නෙ නැතුව චීන කොඩි ගැන කතා කරන උඹ ගැන මට කණගාටුයි.
කිවුව වෙලාව- 2010-08-09 01:42:13
 
[චන්ද්‍රරත්න] මෙහෙම කියනවා :
කෝසල! අන්න උඹලාගේ මහරජතුමාට අවසරය ඇතිව ඉන්දියන් කාරයෝ සාම්පූර්වලත් උන්ගේ කොඩිය වනවනවා.දැන් ලංකාවේ සිංහලයන්ටයි දෙමෙලුන්ටයි මුස්ලිමුන්ටයි වඩා ඉන්නේ ඉන්දියන් කාරයොයි චීන්නුයි බං! උඹ චීන කොඩිය වනවනවා එහෙම දැක්කෙ නැද්ද කවුරුවත්
කිවුව වෙලාව- 2010-08-08 16:51:59
 
[අමල්] මෙහෙම කියනවා :
@kosala ruwan senarath
සුමුදු තිවංක ගමෙග් ෙග ජාතිය , මනුෂ්‍ය ජාතිය බව ෙප්නව. ඔයා ඒ ජාතියට අයිති නැද්ද
කිවුව වෙලාව- 2010-08-08 16:19:47
 
[නිසල්] මෙහෙම කියනවා :
@kosala ruwan senarath
නිකම් බොරු කියන්න එපා බං! ඒ කොඩි වැනුවේ ඉන්දියන් කාරයෝ වෙන්නැති. කොටින්ට ගහන්න ඉන්දියාවෙන් දීපු සපෝට් එකේ හැටියට අපේ දේශප්‍රෙමී සිංහලයෝම ඔය ඉන්දියන් කොඩිය වැනුවද කියන්නත් බැහැ.එහෙම නැත්නම් අපේ හමුදාවට උපදෙස් දෙන්න ආපු ඉන්දියන් හමුදාකාරයෝ තාම ආපහු ගිහිල්ලා නැති එකේ උන් වෙන්නත් පුලුවන්.උඹලගේ මානුෂික මෙහෙයුමේදී පෙන්නපු මානුෂිකත්වයට පින්සිද්දවෙන්න දැන් ලංකාවේ දෙමල මිනිස්සු ඉන්දියන් කොඩි තියා මැස්සෙක් වැහුවත් එලවන්න ඔළුව හොළවන්නේ නැහැ.
කිවුව වෙලාව- 2010-08-08 13:46:59
 
[කෝසල රුවන් සෙනරත්] මෙහෙම කියනවා :
මුත්තයියා කඩුලු 800 ලබාගත් දිනයේ සේම ඔහු ඊට ප්‍රථමයෙන් පිහිට වූ අනෙකුත් වාර්තා අභිමුව ඔල්වරසන් නැගුවෝ කවරහුද? ඔහු කඩුලු 800ක් ලබාගත් විට ඔහු සිය කරමතින් තබගෙන ප්‍රීති ඝෝෂා නැගුවෝ කවරහුද? එසේම ඔහු කඩුලු 800ක් ලබගත් දිනයේම එම ක්‍රීඩා පිටියේ සාමාන්‍ය ප්‍රේක්ෂකාගාරයේ සිට ඉන්දීය කොඩි වැනුවෝ කවරහුද? එසේ ඉන්දීය කොඩි වැනුවෝ සාමාන්‍ය ව්‍යවහාරයට අනුව ශ්‍රී ලාංකිකයෝද? ඉන්දියනුවෝද? නැතහොත් ගඟෙන් වතුර බිබී මුහුදට ආවඩන ශ්‍රී ලාංකිකයෝද? ඔවූහූ ශ්‍රී ලාංකිකයෝ නම් ශ්‍රී ලාංකිකයන් හා ඔවුන් අතර ඇති වෙනස කුමක්ද?එනම් භාෂාත්මක හා ඒ මත ගොඩනැගුනු සංස්කෘතික්මය පදනමක් මත තමන් විසින්ම බෙදා වෙන් වූ තමා උපන් දේශයට වෛර කරන සුළුතරයින් පිරිසක්ම පමණි. 'සුමුදු' ඔබ අයත් වන්නේ කොතැනටද?
1983 ජුලි මාසය කළු ජූලියක් බවට පරිවර්තනය කරගන්නා ලද්දේ කවරහුද? ඔබගේ වදන් වලින්ම කියනවනම්"මුවින් නොබැන, කරබාගත් ජන කොට්ඨාශයක් අඩ සියවසක් තිස්සේ පීඩාවේ කටු සැමිටියෙන් පහරකමින් ඔසවාගත් සාමූහික මිනිස් දුක් සංතාපයන්ගේ කුරුස කඳ දැනුදු ඔසවාගෙන ය"න්නන්ගේ ස්වමියා වූ ප්‍රභාකරන්ගේ සහචරයින් විසින් අමු අමුවේ මරාදැමූ සිංහල සොල්දාදුවන්, මිනිසුන් නොවන්නේද? ඔබ නියෝජනය කරන ජන කොට්ඨාශයේ ගැලවුම් කරුවන් විසින් සිංහල සොල්දාදුවන් අමු අමුවේ මරාදමා ඔවුන්ගේ මළ සිරුරු කොළඹට එව්වේ උනගේ හයිය පෙන්නන්නටය. ඔබ එදා ජීවත්ව සිටියේ නම් ඒ සිංහල සෙබළුන් මරාදමා කොළඹට එවූ දිනයේ ඒ නීච ක්‍රියාව දැක සතුටු වන්නට ඉඩ තිබුණි. ඔල්වරසන් නගන්නට ඉඩ තිබුණි. ඊලාම් කොඩියද වනන්නට ඉඩ තිබුණි. නැතිනම් එසේ කිරීමට නොහැකිවීම පිළිබඳ අද වනවිට අනේක වාරයක් පසුතැවෙනවා ඇත.එකල්හී ඔබ සිතිය යුතු කාරනයක් තිබේ. එනම් මුත්තයියා මුරලිදරන්ගේ ජයග්‍රහනයන් අභිමුව ශ්‍රී ලංකිකයන් වශයෙන් අවංකව සතුටුවන අපි සහ එය දරා ගත නොහැකිව ජාතිවාදය අවුස්සමින් ස්වකීයයන්ටම වෛර කරන ඔබ ඇතුළු ඔබ නියෝජනය කරන සුළුතර ජාතිවාදීන් අතරින් නිවටයින් කවුරුන්දැයි යන්නයි. අපි ඔවුන්ගෙන් සමවන්නැයි නොකීවේයැයි ඔබ නොකියා කියන්නේ සිංහලයින් වශයෙන් අපි සමාව අයැද නොසිටියද 'සුමුදු තිවංක ගමගේ'යන සිංහල නම ආරූඪ කරගත් ඔබ සමාව අයදින බවයි. ඒකල්හී ඔබගේ පතිවත රැකෙන්නේයැයි ඔබ සිතන්නට පුළුවන. නමුත් එසේ සමාව අයෙද සිටීමෙන් සමස්ථයට කිසිදු හානියක් සිදු නොවේ, මන්ද ඔබ කිසිදු ජාතිකත්වයකට අයත් නොවන බැවිනි.
කිවුව වෙලාව- 2010-08-08 04:38:40
 
[අමල්] මෙහෙම කියනවා :
දයා ෙම්ක කමෙන්ට් ඒකක් ෙනවෙයි, අාටිකල් ඒකක්.great great great & thank u
කිවුව වෙලාව- 2010-08-06 04:17:03
 
[සුරන්ජිත්] මෙහෙම කියනවා :
එළකිරි දයා! අත පුරෝලා සැලියුට් එකක්!!
කිවුව වෙලාව- 2010-08-06 03:29:12
 
[දයා] මෙහෙම කියනවා :
ධජ ඔහුගේ සටහන උක්ත ලිපියට විචාරයක් නොව මා හට දුන් පිළිතුරක් බව පවසයි. එහෙත් ඔහුගේ දියාරු සටහන තුළ මා විසින් මතු කර ඇති කරුණු එකකටවත් පිලිතුරු අන්තර්ගත නොවේ. ඔහුගේ සටහනේ මා ආරම්භයේ සිටම වරදවාගෙන ඇති බව පණ්ඩිතමානීව සඳහන් කර ඇත. මවිසින් ඉදිරිපත් කර ඇති කරුණු කිසිවකට පිළිතුරු නොදී මගහරින ඔහු මා මුල සිට හෝ අග සිට හෝ වැරදි යයි යන නිගමනයට පැමිණිමට බල පෑ හේතූන් මොනවාදයි සඳහන් නොකරයි. ඒ වෙනුවට වෙනත් වැල්වටාරම් දොඩවයි.
දේශපාලන අවස්ථාවාදීන් ස්වකීය ගැලවුම සොයා විතණ්ඩවාදී (Sophism)තර්කනය වෙත පසු බැසීම අමුතු දෙයක් නොවේ. මෙම සංවාදය පුරාම සිරිමල්වත්ත, උපේන්ද්‍ර සහ ධජ ගේ අදහස් විමසා බලන විට පැහැදිලිව පෙනී යන එක් දෙයක් නම් සුමුදු තිවංක ගමගේ ගේ ලිපිය විසින් කළු ජූලිය අරබයා මතු කරන මූලික දේශපාලන කාරණා වෙතින් පාඨකයාගේ අවධානය වෙනතකට යොමු කිරීමේ නොනවතින වෑයමයි.
සුමුදු තිවංකගේ ලිපියේ හරය වශයෙන් ගත්කල මතුකරන ප්‍රධාන දේශපාලනමය කරුණු කීපයකි.
1.කළු ජූලියේ අපරාධ සම්බන්ධව එයට " සක්‍රිය" ලෙස සහභාගි වූ ජාතිවාදි මැරයන් මෙන්ම එය නිෂ්ක්‍රියව නැරඹු සමස්ත සිංහල සමාජයටද එහි ඓතිහාසික වගකීමෙන් මිදීමට නොහැකි බව
2.කළු ජූලියෙන් විසි හත්වසක් ගෙවුණු පසුවද දෙමළ ජනයා අත් විඳින ඛෙදජනක සාමුහික ඉරණමේ කිසිදු වෙනසක් නැති බව
3.සිංහල සමාජයේ ස්වොත්තමවාදී ආකල්පයන්ගේ කිසිදු වෙනසක් විසිවසකට පසුවද සිදුව නැති බව
4. 27 වසකට පසුව දෙමළ ජනයා කෙරෙහි රාජ්‍ය මර්දනය වඩාත් කෲර සහ බිහිසුණු එකක් වී ඇති බව

මෙම හරයාත්මක දේශපාලන කරුණු මගහරින ධජ, උපේන්ද්‍ර සහ සිරිමල්වත්ත වැනි අය විසින් ඉදිරිපත් කරන තර්ක පොදුවේ මෙබදුය.
1.ඉතිහාසයේ මෙබදු සිදුවීම් අනන්තවත් සිදුව ඇත. ඒවා ගැන කතා කිරීමෙන් පලක් නැත.ඒ එම සිදුවීම් ස්වාධීන ඒවා නොවන බැවින් සහ ඒවා ගැන කතා කිරීම කෙළවරක් දැකිය නොහැකි කටයුත්තක් බැවිනි.
2.මේවා ගැන නැවත කතා කිරීම ජාතිවාදය ඇවිස්සීමට හේතු වේ. එලෙස ජාතිවාදය ඇවිස්සීම NGO කාක්කන්ගේ උගුලකි. NGO කාක්කන් මෙය කරන්නේ ඔවුන්ගේ යැපීම සඳහාය.එයට හසු නොවීමට සිංහල සහ දෙමළ සහෝදරවරුන් වගබලා ගත යුතුය.
3.ඉතිහාසයේ සිදු වූ සෑම මෝඩ ක්‍රියාවකටම සමාව ගත යුතු නැත.
4. සිංහලයන් මරාදැමීම ගැන කොටි සමාව ඉල්ලා නැති බැවින් දෙමළුන් මරා දැමීම ගැන සමාව ඉල්ලා සිටිය යුතු නැත.

ඉතිහාසයේ සෑම සිදුවීමක්ම ඊට පෙර සිදු වූ ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් බවත් කිසිදු සිදු වීමක් එකිනෙකින් ස්වායත්ත නොවන බවත් මේ මහත්වරුන් විසින් අමුතුවෙන් කිවයුතු දෙයක් නොවේ. එහෙත් ඒ කාරණය නිසාම කිසියම් සිදුවීමක් පිළිබඳව සංවාදයට එළැඹීමෙන් වැළකිය යුතුයි යනුවෙන් කරන ප්‍රකාශය නම් බැලූ බැල්මට සීරියස් ලෙස පෙන්වීමට වෑයම් දැරෙන ඔල මොට්ටල ප්‍රකාශයකි. ‍මෙම තර්කය අනුව බලන කල කිසිදු ‍සමාජ දේශපාලන විෂයයක් ගැන එහි ‍ඓතිහාසික දෘෂ්ටිකෝණයෙන් විග්‍රහ කළ නොහැකිය. මේ අනුව ඓතිහාසික භෞතිකවාදය දැන් ජවිපෙ අධ්‍යාපන වැඩපිලිවෙලින් හැලී ගිය කුනුහරුපයක තත්ත්වයට පත්ව තිබෙනවා වන්නට පුළුවන.
ඉතිහාසය යනු පවත්නා සාක්ෂි මත අතීත සිදුවීමක් ගැන එළැඹෙන විෂය මූලික අර්ථකථනයකි. එය සම්මුතියක් මිස අවසාන විනිශ්චයක් නොවේ. ඉතිහාසඥයා දෙනු ලබන අර්ථකතනය පවත්නා බල රටාවන්ගෙන් සහ ඉතිහාසඥයාගේ පුද්ගල රුචි අරුචිකම් සහ පක්ෂපාතීත්වයන්ගෙන් සියයට සියයක් විනිර්මුක්ත අපක්ෂපාතී එකක්ද නොවේ. එහෙත් ඕනෑම ඉතිහාසඥයෙකුගේ අර්ථකතනයක් පවත්නා සාක්ෂි මතම හෝ නව සාක්ෂි මත පදනම්ව අභියෝගයට ලක්කිරීමට ඕනෑම අයෙකුට අයිතිය තිබේ. එසේවුවද සමාජයක් මත තහවුරු වන්නේ බොහෝ විට පවත්නා අධිපතිවාදි කතිකාවට අනුගත වන්නාවූ "ඉතිහාසයයි"
පන්ති සහිත සමාජයන්හි ඉතිහාසය පිලිබඳ අවසන් නිර්වචනය දෙනු ලබන්නේ අධිපති පන්තිය විසින් මෙන්ම එම පන්තිය අයත්වන ජාතිය ද විසින් වේ. පීඩිත පන්තීන්ගේ හෝ පීඩිත ජාතින්ගේ අරගල සක්‍රියව පවතින තාක් කල් ඉතිහාසය පිලිබඳ විකල්ප නිර්වචනයන්ටද යම් බලයක් හිමි වේ. එහෙත් එම අරගලයන් පසු බෑමට ලක්වන කාලයන්හිදී ඉහතකී අධිපති පන්තීන් හා ජාතීන් විසින් ඉතිහාසය පිලිබඳ තම ප්‍රතිගාමී නිර්වචනයන් අභියෝගයකින් තොරව බලාත්කාරී ලෙස සමාජයන් මත තහවුරු කරනු ලබයි
83 කළු ජූලිය පිළිබඳ සමස්ත කතිකාව අධිපති සිංහල මහජාතිවාදයේ නිර්වචනය බවට පත් වීම මේ තාක් කල් වැළැකී තිබුනේ දෙමළ විමුක්ති අරගලයත් සිංහල වාමාංශයේ පැවැත්මත් විසින් ඇති කළ තුලනය විසිනි. දෙමළ අරගලයේ විනාශයත් වමේ පිරිහීමත් විසින් ඇති කළ රික්තය තුළ දැන් මෙරට ජාතික ප්‍රශ්නය සම්බන්ධ සියළු කතිකාවන් මෙන්ම 83 කළු ජූලියේ සිදුවීම් පිලිබඳ නිර්වචනයන්ද සිංහල ස්වෝත්තමවාදයේ බල ව්‍යාපෘතීන්ගේ වර්තමාන අවශ්‍යතාවන් අනුව ප්‍රති නිර්වචනය වෙමින් තිබේ.
83 කළු ජුලිය දෙමළ මිනිසුන් විසින් ම සැලසුම් කරන ලද්දක් බව වසර කීපයකට පෙර ලන්ඩනයේ සිංහල සංගම් සභාපති ඩග්ලස් වික්‍රමරත්න ප්‍රකාශ කලේය..
''Most of the violence took place in areas like Wellawatthe and Dehiwala where I had live and my family for a over a generation. Even then we didn't know each and every Tamil house in area where Tamils were living quiet happily and harmoniously among the Sinhala People. The only people who knew the Tamil houses were the Tamil agents who led this mob. They were this group of people leading this mob directing them to each and every Tamil house. The Sinhalease neighbours even risked their lives to protect the Tamils and shouted at them to say that these are Sinhalease houses. But the leaders; A fact that leading this mob had a list of each and every Tamil house because the hoses were known only to the Tamils"
youtube
ඩග්ලස් වික්‍රමරත්නට අනුව 83 දී දෙමළ විරෝධී ප්‍රචන්ඩ ක්‍රියාවල නිරතව ඇත්තේ දෙමළ මිනිසුන්ම විසිනි. මේ අනුව බලන කල දෙමළ කඩ කැඩීමට සහ ගිනි තැබීමට සහභාගි වූ එකම සිංහල පිරිස එවකට පාසල් සිසුවෙකු වූ නිර්මාල් රංජිත් සහ ඔහුගේ පාසල් මිතුරන් පමණි.(83 දී පාසල් සිසුවෙකුව සිටි තමන් සිය මිතුරන් සමග දෙමළ මිනිසුන්ගේ දේපොල විනාශකිරීමට සහභාගි වූ බව නිර්මාල් රංජිත් වරෙක ප්‍රකාශ කර තිබිණි. එම ප්‍රචණ්ඩ ක්‍රියාවලට සහභාගි වූවන්ගෙන් ඒ බව විවෘතව පිලිගැනීමට ධෛර්යයක් සහ විවෘත භාවයක් තිබූ එකම සිංහලයා ඔහු පමණක් විය යුතුය. අනෙක් සියලු සිංහලයන් කර ඇත්තේ "දෙමළ මැරයින්ගෙන් ‍අහිංසක දෙමෙලුන් ආරක්ෂා කර ගැනීමය".)
ඩග්ලස් වික්‍රමරත්නගේ ප්‍රකාශය කළු ජූලියේ ලජ්ජා සහගත ඉතිහාසය වළලා දමමින් එය ප්‍රතිනිර්වචනය කිරීමට ගන්නා දහස් ගණන් උත්සාහයන් අතර එකක් පමණි.
83 ජූලියේදී අතළොස්සක් පමණ සිංහලයන් තමන්ට හැකි පරිදි දෙමළ ජනයාගේ ජීවිත ගලවා ගැනීමට මැදිහත් වූ බව සැබෑවකි. එහෙත් ඔවුන්ට එය කිරීමට සිදු වූයේ ඒ මොහොතේ පැවැති සිංහල සමාජයේ පොදු දෙමළ විරෝධී මනෝභාවයන්ට එරෙහිව යමින් ජාතිද්‍රෝහීන් ලෙස හංවඩුව වැදී ජීවිත අනතුරකට පත්වීමේ අවදානම පවා දරා ගනිමිනි. එදා ඒ සිංහල ජාතිවාදී පොදු සමාජ මනෝභාවයට එරෙහිව යමින් හුදෙකලා සිංහලයන් අතළොස්සක් කළ ඒ මානවවාදී ක්‍රියාවන් නිසා සමස්ත සිංහල සමාජයේ ආත්ම ගෞරවය යම් පමණකින් හෝ ආරක්ෂා වීමටහේතු විය. එදා මැරයන් විසින් සිදු කළ දෙය අද රාජ්‍ය යන්ත්‍රය සහ නිල හමුදාවන් විසින් ඊට වඩා සිය දහස්වරක් මහා පරිමාණයෙන් සිදුකරනවිට ඊට උපරිම දායකත්වය දක්වන සිංහල ජාතිවාදීන්ට තම අපරාධකාරී හෙළුව වසාගැනීමට රෙදි කඩක් ලෙස මෙම පරිත්‍යාගයන් යොදාගැනීමට සිදු වීම දෛවයේ සරදමක් ලෙස සැළකිය හැකිය. කළු ජූලිය ගැන කතා කරන සෑම විටෙකම ඒ අතළොස්සක් මානවවාදී සිංහලයන්ට මුවා වීමට අන්ත ජාතිවාදීන්ට පවා සිදු වී තිබේ. එහෙත් කළු ජූලියේ සමස්තය යනු සිංහලයන් විසින් දෙමෙලුන් බේරා ගැනීමක් ලෙස සිංහලයන් විසින්ම උළුප්පා දැක්වීමට යාම විහිළුවකි.
.
කළු ජූලිය පිලිබද තේමාවට නැවත පිවිසෙන විට එම සිදුවීම් නැවත තම බල ව්‍යාපෘතීන්ගේ උවමනා එපාකම් අනුව ප්‍රතිනිර්වචනය කිරීමේ වෑයමක් මෙන්ම කළු ජූලිය පිලිබද කිසිදු සංවාදයක් ඇතිවීම වැළැක්වීමට දැරෙන උත්සාහයක් ද ඇති බවද අපට දැකිය හැකිය. මෙම තත්ත්වය කළු ජූලියට මෙන්ම ඊට පසුකාලීනව දෙමළ ජනයාට එරෙහිව එල්ල වූ සියලු ආයතනගත සහ අවිධිමත් ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට අදාළවද පොදු එකකි.
උපේන්ද්‍ර, ධජ, සිරිමල්වත්ත, කමල් 556, රොෂාන් සහ සෙනෙවිරත්න අඩු වැඩි වශයෙන් ඉහත උත්සාහයන් දෙකම දරන අයවෙති.
මොවුන් මෙම උත්සාහය දරනුයේ ජාතිවාදයට එරෙහිවන්නන් ලෙසත් මහා මානුෂිකවාදීන් ලෙසත් පෙනී සිටිමිනි.
කළු ජූලිය මෙන්ම පසුගිය මෑත අතීතයේ දෙමළ ජනයාට එරෙහිව දියත් වූ මහා පරිමාණ අපරාධ පිලිබඳ සංවාදයන් මගින් ජාතක අසමගිය ඇතිවෙතැයි මිථ්‍යාවක් වැපිරීමට මොවුන් කටයුතු කරන අයුරු දැකිය හැකිය.
මොවුන් නොකියා කියන්නේ ඉතිහාසයේ මෙම සිදු වීම් පිලිබඳ නැවත කතා කිරීමෙන් දෙමළ ජනයා තුල සිංහල ජනයා පිලිබද වෛරයක් උත්සන්න වී යළි ප්‍රචන්ඩ ක්‍රියා ඇති වීමට තුඩු දිය හැකි බවයි. මෙම ඇඟවීමෙහි, තමන්ගේම මිනීමරු වරදකාරී ප්‍රතිබිම්බය තුළ දෙමළාව මවා ගැනීමෙන් ඇතිවන මනෝභ්‍රාන්තියකට එහා ගිය කපටි දේශපාලන උවමනාවක්ද අන්තර්ගතය .
කළු ජූලිය හෝ ඊට පසුව සිදු වූ දේ දෙමළ මිනිසුන්ට පත්තර පිටු හෝ රූපවාහිනිය හෝ වෙබ් පිටු හරහා එන අදහස් හෝ ඡායාරූප ලියැවිලි හරහා එන අත් දැකීමක් නොව තමන්ටම විඳීමට සිදු වූ සජීවී බිහිසුණු අත්දැකීමකි. අප සිංහලෙන් කරන මේ සංවාදය කියවා දෙමලුන් යළි ප්‍රචන්ඩ ක්‍රියා අරඹනු ඇතැයි මොවුන් ඉඟි කරන්නේ මෙවැනි සංවාදයන් මතුවීම "කුමන්ත්‍රණ න්‍යායේ " භීෂණය යොදා වැලැක්වීමටය. ඒ ඔවුන්ගේ වත්මන් බල ව්‍යාපෘතින් සහ දේශපාලන න්‍යාය පත්‍රයන්ට මෙවැනි සංවාදයන් අභියෝගයක් වනු ඇතැයි යන සහේතුක භීතිය නිසාය.
සිංහල ස්වෝත්තමවාදී රාජ්‍ය බලය විසින් ආයතනගත කරන ලද ජාතික පීඩනයට එරෙහිව පැන නැගි දෙමළ ජනයාගේ ජාතික දේශපාලන ඉල්ලීම් පමණක් නොව මානව හිමිකම් සහ ජීවත්වීමේ අයිතියද මේ වන විට ලෙයින් යකඩින් සහ ගින්දරින් මැඩ පවත්වා අවසානය. ජාතික සමගියේ නාමයෙන් දැන් සිදුවෙමින් පවතින්නේ ඔවුන්ගේ ජාතික අනන්‍යතාව අවසන් වශයෙන්ද දියකර සිංහල බෞද්ධ අනන්‍යතාව තුළට ඔවුන් බලහත්කාරයෙන් ස්වීකරණය කිරීමේ අදියරයි. එය මා මීට පෙර පැවසූ පරිදි භෞමික, සංස්කෘතිමය සහ දේශපාලනමය වශයෙන් තල කීපයක් තුළ, ප්‍රතිගාමී දේශපාලන බල හවුල් අතර මනා ශ්‍රම විභජනයක් සහිතව සිදුවන්නකි.
උපේන්ද්‍ර, ධජ සහ සිරිමල්වත්තලා නියෝජනය කරන ජවිපෙ බල ව්‍යාපෘතිය ස්ථානගත වී ඇත්තේද මෙම බලහත්කාරී ස්වීකරණ ක්‍රියාදාමය තුළම වන අතර, ස්වකීය ජාතික දේශපාලන ඉල්ලීම් පිලිබඳව දෙමල ජනයා යළි සංවේදී වුවහොත් සිය දේශපාලන න්‍යාය පත්‍රය අවුල් වෙතැයි ඔවුන් බිය වීම තේරුම් ගත හැකි දෙයකි. මේ මහත්වරුන් උත්සාහ දරන්නේ දෙමළ ජනයාට සිදු වූ අපරාධ ඒවා කෙදිනකවත් සිදු නොවූ දේ හැටියට සළකා අමතක කරවීමටත් දැනටමත් සිදුවෙමින් පවතින අපරාධ ඔවුන්ගේ ඉරණමක් ලෙස භාරගැනීමට ඔවුන් පෙළැඹවීමටත්ය. මෙවන් සංවාද වැලැක්වීමටත් ඒවා නොමග යවමින් වැල්වටාරම් දෙඩවීමටත් ඔවුන් කටයුතු කරන්නේ දෙමළ සමාජය තමන්ට එරෙහිව සිදුවූ අපරාධ සහ ඒවායේ වගඋත්තරකරුවන් පිලිබඳ දැනුවත් වීම මෙබදු සංවාදයන් හරහා සිදු වෙතැයි යන බිය නිසාය. නමුත් මේ මහත්වරුන්ට ඒ ගැන බියවීමට හේතුවක් නැත. ඒ අපගේ මේ සංවාදයන් තිබුනද නොතිබුනද දෙමළ සමාජය සිදු වූ දෙය දැනටමත් වටහාගෙන ඇති බැවිනි. එහෙත් සිදූ වූ විනාශයේ පරිමාණයත් බිහිසුනු බවත් හේතුවෙන් ඔවුනට නිහඩ වීමට බල කෙරී තිබේ. දේශපාලනික වශයෙන් සක්‍රිය, පරිත්‍යාගශීලී පරම්පරාවක් සමූලඝාතනයට ලක් වූ පසු ඕනෑම සමාජයකට මූණ දීමට සිදුවන නිශ්ක්‍රීය අවධිය දැන් දෙමළ සමාජය පසු කරමින් තිබේ.
දෙමළ සමාජය තුළ නැවතත් ජාතික විමුක්ති අරගලය තීරණාත්මක ලෙස මතුවන්නේ නම් මතුවනු ඇත්තේ 83 කළු ජූලිය හෝ 2009 මැයි ලෝහිත සංහාරය පිලිබඳ සිංහල අප සිංහලෙන් කරන මේ සංවාදවලින් උසි ගැන් වී පලි ගැනීමේ චේතනාවකින් නොව මේ මොහොතේද සිදු වෙමින් පවතින මානව හිමිකම් උල්ලංඝණයන්, ලිංගික අතවර,දෙමළ ගම්බිම් හමුදාකරණය සහ හමුදාමය මර්දනය, ඉඩම් සහ දේපොල කොල්ලය සහ සංස්කෘතික විනාශය වැනි අපරාධයන්ට එරෙහිව සිය සාමූහික ආත්ම ගෞරවය සහ පැවැත්මත් සහ අනන්‍යතාවත් ආරක්ෂා කරගැනීම උදෙසා වන දේශපාලන අරගලයක් ලෙසය
රාජ්‍ය මර්දන යන්ත්‍රය සමග එක්වී තමන්ගේ දෑත්වල තවරාගත් ලේ රතු කමිසවල පිසදාගෙන, අහම්බෙන් දිවි ගලවාගත් කුඩා දරුවන්, වැන්දඹුවන් මහලු මව් පියවරුන්ගේ දෑත් අල්ලාගෙන කිඹුල් කදුළු හෙළිමෙන්වත්, ඔවුන් වෙත බත් පැකැට් වීසි කිරීමෙන්වත් ඔවුන් සමග සමූහ ඡායාරූපවලට පෙනී සිටිමින් ඒවා බාල ගණයේ ප්‍රචාරක කටයුතුවලට යොදා ගැනීමෙන්වත් දෙමළ සමාජය රැවටිය නොහැකිය.
ජවිපෙට මානව හිමිකම් ගැන කථා කිරීමට මතක් වී ඇත්තේ රාජ්‍ය මර්දනයට තමන් ඉලක්ක වූ පසුව පමණි. මීට වසර කීපයකට පෙර මෙරට අතුරුදන්වීම්, ඝාතන සහ වධහිංසා පැමිණවීම් ගැන සෙවීමට පැමිණි එක්සත් ජාතින්ගේ සංවිධානයේ ලුවිස් ආබර් හමුවීමට අතුරුදන්වූ දෙමළ ජාතිකයන්ගේ ඥතීන් දැරූ උත්සාහය වළක්වනු ලැබූයේ ජවිපෙ උද්ඝෝෂණ කරුවන් විසිනි. යුද්ධය පැවැති වකවානුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරය ඇතිව උතුරේ මන්දපෝෂිත බිලින්දනට යැවූ කිරි ආහාර සහ බිස්කට් නතර කිරීමට ජවිපෙ පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත සිදු කළ උද්ඝෝෂණ සිරිමල්වත්තලාට උ‍පේන්ද්‍රලාට මෙන්ම දැන් එහි ගොස් ඉදහිට බත්පැකැට් එකක් විසි කර එයට හිලව්වන්නට "දේශපාලන තෙල්" බැරල් ගණන් බෙදන උන්ට වඳින්නට කථාකරන "ධජ" ලාටද අමතකව නැතැයි සිතමි. එමෙන්ම එක්සත් ජාතින්ගේ සහන නියෝජිතයන්ටත් රතුකුරුසයටත් එරෙහිව රාජ්‍ය මිලිටරි යන්ත්‍රයේ අවශ්‍යතාව පරිදි උද්ඝෝෂණ සිදු කර එම සංවිධාන රටින් බැහැර කිරීමට සළස්වා සාක්ෂිකරුවන් නැති බිහිසුණු සංහාරයක් නිදැල්ලේ දියත් කිරීමට ඉඩ සැලසීමට කටයුතු කලේ කවුරුන්දැයි අමුතුවෙන් මතක් කර දිය යුතු නැතැයිද සිතමි. මේ දැන් මහා මානුෂිකවාදීන් ලෙස පෙනී සිටීමට තැත් දරන ඔබලාගේ හොරිකඩ සහ පිලිකුල් සහගත ඉතිහාසයෙන් බිඳක් පමණි. ජාතික සමගිය වෙනුවෙන් මේ බ්ලොග් කරුවන් කලේ කුමක්දැයි උජාරුවෙන් අසන උපේන්ද්‍රට කිව යුත්තේ "ජාතික සමගිය" වෙනුවෙන් ඔබලා කළ ඉහත හපන්කම් වලින් එකක්වත් අප විසින් සිදු කර නැති බව පමණි.
පන්තිමය දෘෂ්ටිකොණයකින් ගත් කල ජාතික සමගිය ඇති කිරීමේ පළමු කොන්දේසිය තමන්ගේ ජාතියේ පීඩිත පන්තියට තම අයිතීන් වෙනුවෙන් සටන් වැදීමට ඇති අයිතියම තමන්ගේ ජාතිය විසින් පීඩනයට ලක් කරන වෙනත් ජාතියක පීඩිතයාටද හිමි බව පිලිගැනීමය. දෙමළ ජනයාගේ යුක්ති සහගත ඉල්ලීම් වෙනුවෙන් පෙනී සිටිමින් පීඩිතයන්ගේ සටන් වැදීමේ අයිතිය ආරක්ෂා කිරීමට කටයුතු කල බොහෝ දේශපාලන සංවිධානවලට , මානව හිමිකම් ක්‍රියාකාරිකයන්ට, ජනමාධ්‍යවේදීන්ට බුද්ධිමතුනට සහ කලාකරුවන්ට මුහුණදීමට සිදු වූයේ රාජ්‍ය මර්දන යන්ත්‍රයේ ඝාතක කල්ලිවලට පමණක්නොවේ. ඔවුන් දේශද්‍රෝහීන් ලෙස නම් කරමින් ඔවුන්ට එරෙහි අන්ත ජාතිවාදය අවුස්සාලමින් ඔවුන් සමාජයේ හුදෙකලා කිරීමට උපේන්ද්‍රලාගේ ජවිපෙ ගෙනගිය වෛරී ව්‍යාපාරයන්ටද ඔවුන්ට මුහුණ දීමට සිදු විය.

"ත්‍රස්තවාදයට එරෙහිව" ජෝර්ජ් බුෂ් දියත් කළ ජාත්‍යන්තර යුද්ධයට ආවඩන පන්දමෙකු බවට සිංහල පීඩිතයා පත්කරමින් ඔවුන්ගේ පන්ති විඥානය මොට කිරීමට ජවිපෙ කළ වැඩ කොටස ගැන දැන ගැනීමට යමෙකුට අවශ්‍ය නම් කළ යුතුව ඇත්තේ ජවිපෙ මෑත ලිය කියැවිලිත් සෝමවංශ සහ ටිල්වින්ගේ ප්‍රකාශනත් නැවත කියැවීම පමණි. ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා ලාංකීය විප්ලවය ලෝක සමාජවාදී විප්ලවයේ අවියෝජනීය ඛන්ඩය වශයෙන් වරෙක නම් කලේය. ඔහුගේ මරණින් දශකයක් ගතවන විට ලාංකීය විප්ලවය සිදු කිරීමට රෝහණ සහෝදරයා ගොඩ නැගූ පක්ෂය ඇමෙරිකන් අධිරාජ්‍යවාදය විසින් දියත් කළ ජාත්‍යන්තර ප්‍රතිවිප්ලවීය යුද්ධයේ ලාංකීය ඛන්ඩයේ "අනුඛන්ඩය" බවට පත්වීම අවාසනාවකි.

කොටින් විසින් මරා දැමූ සිංහල ජාතිකයන් සම්බන්ධව කෙරෙන ප්‍රකාශ ගැනද යමක් කිවයුතුය.
කොටි සංවිධානය සිංහල සිවිල් ජනයා වෙත යම් අවස්ථාවලදී ප්‍රහාර එල්ල කළ බව අපි දනිමු.එමෙන්ම කොටි සංවිධානයේ ගිණුමට බැරවන්නට ස්වකීය මනෝ විද්‍යාත්මක මෙහෙයුම් වලට උත්ප්‍රෙරකයන් ලෙස සිංහල සිවිල් ජනයා ඉලක්ක කරමින් රජයේ හමුදා සහ පැරා මිලිටරි ඒකක විසින්ද එබඳු ක්‍රියාකාරකම්වල නිරතවූ බව සැගවිය නොහැකිය. එමෙන්ම කොටි සංවිධානයේ නමින් වෙනත් පුද්ගලික ආරාවුල් සහ දේශපාලන අර්බුද විසදා ගැනීමේ මගක් ලෙස කොටි සංවිධානයෙන් කැඩීගිය පිරිස්ද, ග්‍රාමාරක්ෂක භටයන් සහ පොලිස් නිලධාරින්ද දේශපාලකයන්ගේ පුද්ගලික මැරයන්ද සිංහල සිවිල් ජනයා ඉලක්ක කරමින් අපරාධවල නිරත වී ඇති බවට සාක්ෂි තිබේ.
දෙමළ විමුක්ති කාමීන් සිය අරගලය තුළ සිදු කරන ලද සාපරාධී ක්‍රියා සහ වැරදි සම්බන්ධව විවේචනයක් මතු විය යුත්තේ දෙමල සමාජය තුලිනි. සිංහල අප විසින් එවැනි සිදුවීම් කොතෙක් විවේචනය කළද එය දෙමළ සමාජය වෙත බලපෑමක් නොවන තරමට මේ සමාජයන් දුරස්ත වී ඇති බව පිලි ගැනීමට අපට සිදු වේ. අප විසින් සිදුකළ අපරාධ සම්බන්ධව අවංක ලෙස හැරී බැලීමක් සිදු කිරීමට අවශ්‍ය ධෛර්යය අපට උපදවා ගත හැකිනම් දෙමළ සමාජය තුළින්ද එවැනි පෙළැඹීමක් මතුවනු ඇත. එහෙත් අප අපගේ වැරදි නිවැරදි කරගැනීමේ ඉලක්කය කරගත යුත්තේ අපගේම ශිෂ්ට සම්පන්න බව සහ මානුෂිකත්වය ආරක්ෂා කරගැනීම සදහා මිසෙක දෙමල සමාජයට පනවන කොන්දේසියක් ලෙස නොවේ. නමුත් ආදර්ශය විසින් ඉස්මතු කරන සදාචාරමය කොන්දේසි අන් සෑම කොන්දේසියකටම වඩා බලගතු බව කිව යුතුය.
මේ සඳහා මුල පිරිය යුත්තේ රාජ්‍යය මතවාදය සහ එහි ක්‍රියාකාරිත්වය හැසිරවීමේ බලය ඇති අධිපති ජාතියට අයත්වන පීඩිත පන්තිය විසිනි
කිවුව වෙලාව- 2010-08-04 22:15:36
 
[Sudhagar] මෙහෙම කියනවා :
this is true. i am also from kundasala.i was 6years old at that time. our home destroyed and our belongs have taken and our home fully fired.
in this there is good people also there and our family saved by one school sir. is name gamage rathnayaka. because of him and is family we are in this earth.
කිවුව වෙලාව- 2010-08-03 23:54:17
 
[ධජ] මෙහෙම කියනවා :
ලොකෙ නිර්මාණය වුනාට පස්සෙ මුල් කාලෙදි තිබුනා කියන මේ වගේ කතාවක් මම අහල තියෙනව. මිනිස්සු යම් හේතුවක් ඇතිව බිහිවුනා. මිනිස්සු එක කණ්ඩායමක් විදියට ජීවත් වුනා. උන් ආහාර ගත්තෙ ඇල් වී ජාතියක්. උදේට ගිහින් දවසට අවශ්‍ය ප්‍රමානය උන් එකතු කර ගත්තා. දවසක් එක මිනිහෙක් දවස් දෙකකට ඇතිවෙන්න කඩාගෙන ආව. ඒක දැකපු තව එකෙක් දවස් තුනකට තවත් එකෙක් හතරකට පොදි බැද ගත්ත. පස්සෙ එකෙක් ගිහින් තමන්ගෙ කියල කොටු කර ගත්ත. ඉන්පස්සෙ හොරු ඇතිවුනා. ගැටුම් ඇති වුනා. නායකයො ඇතිවුනා. මිනිස්සු බෙදිල ගියා. භාෂා වෙනස් වුනා. අලුතින් ඇතිඋනා. සංස්කෘති සම්ප්‍රදායන් වෙන් වෙන්ව ඇති වුනා. අනික් උන්ගෙ දෙවල් දරා ගන්න බැරි තැනකට මිනිස්සු ආව. තමන්ගෙ දේවල් ලොකු කර ගන්න ඒව රජ කරන්න තමන්ගෙ පිරිස වැඩිකරගන්න බලය ගන්න මිනිස්සු දත කන්න පටන් ගත්ත. ජාතිවාදෙ ඇතිවුනා. අධිරාජ්‍යවාදෙ ඇති වුනා. යුද්ද ඇතිවුන. සේරම මේ විදියට ගලන් යනව. අපි හැමෝටම මුලින්ම ඕන බඩට වේලක්. ඒත් ඒක හම්බවුන ගමන් එතනින් නතර වෙන්නෙ නෑ. තව අවශ්‍යතා පොදි බැද ගන්නව. බලය තමන්ගෙ කම සංස්කෘතිය හා තව ගොඩක්.
ඉතින් විසදුම ඔය සිද්ධි දාමයෙන් එකක් දෙකක් අරගෙන විග්‍රහ කරන එකද..? ඒ දෙවල් එකිනෙකින් ස්වායක්තයි නම් ප්‍රශ්න විසදෙයි. ඒත් ඒක එහෙමද..?
මට පැහැදිලි මෙච්චරයි. අපි යන වාහනේට රිවස් ගියර් නෑ. ඒත් මේ තත්වය ටිකක් හරි වෙනස් වෙන්න ඕන නේද..? සල්ලි උඩගහගෙන දුවන සමාජ ක්‍රමයක අපි වහල්ලු වෙලා. මේක වෙනස් ඕන මිනිස්සු තමන් මිනිස්සු බව හදුනගෙන. හරියට උදය කියන්න වගේ. එක කොට්ඨාශයක් තවත් පිරිසක් පාගනව වෙනුවට උන්ට ආදරය කරන්න ඕන නේද..?

එක සැනසීමක් තියෙනව. මෙතනදි කවුරු එක එක විදිවලින් මොනව කිවුවත් අරමුණ එකයි කියලයි මට හිතෙන්නෙ. ... ජය.
කිවුව වෙලාව- 2010-08-02 21:32:09
 
[senevirathne] මෙහෙම කියනවා :
83 kalu juliya kiyanne digu kalayak adi apu jathika samagiya godanonageeme kootaprapthiya.eka sanvidanayata moolika vunu keepadenek thavama parliament eketh innava. colombo kada ginithiyanna hitapu maim charactor 1k thamai GAmini Lokuge. eva danna minissu dannava.JR kalu juliya pita dala JVP eka thahanam kare varadi thorathuru nisa kiyala Eya marenna masa keepayakata kalin Irida Divaina paththarekata kiyala thibuna.Boru deshapremayak mavagena karapu vade theruma lokkama kiyala thibba eka hari pudumai.Jvp eke hitapu pradana lekam miyagiya UIpathissa GAmanayakage GGEdara davas 2kma Asalavasi demala pavul dekakata arakshava deepu bava memaral;athoni dena tharuna mahaththuru dannava danne neha.LTTe kiyanne dakune hitapu danapathi anduva gema DAnapathi nayakayo haanna hitapu movemaent ekk misak vimukthi sanvidanak kiyala varadda gaththoth eka maranthika varaddak.LTTE ekavenama eelamak pihitevva nam eke bihivenneth peeditha demala thalana Me mahindalage anduva vagema ekak misak vena deayak nevei kiyana eka patalavaganna eka honda nahe.dore saddei hene saddei venkarala handunaganna eka thamai honda,,
කිවුව වෙලාව- 2010-08-02 14:45:32
 
[සේසිරි] මෙහෙම කියනවා :
ඒත් උදය අපි අතීතය නිවරැදිව තේරුම් නොගත්තොත් ඔය වැරදි දිගින් දිගටම සිදුකරණ එක වලක්වන්න බැහැ නේද? හැමදාමත් සිදු වීමකට පස්සෙ ඒ ගැන කතා කරල වැඩක් නැහැ කියල ඉදිරියේදි හැදෙමු කිව්වට වැඩක් නැහැ. මේ යාන්ත්‍රනය ඇතුලෙ ‍සිදුවීම් පෙළගැහිල නැහැ. ඒව සිදුවෙන්නෙ බළය රැක ගැනීමේ උවමනාවන් එක්කත ඒ වෙනුවෙන් අපිව යොදව ගන්න එක සිදු වෙන්නෙ. ඒක හින්ද සිදුවීම් නිවැරදිව තේරුමි ගෙන අපිට වැරදුන තැන් තේරුම් ගෙන හෙට දවස වෙනුවෙන් මුහුණදෙන එකයි වෙන්න ඕනෙ. අන්න ඒක හින්ද තමයි මේ වගේ ලිපි වැදගත් වෙන්නෙ
කිවුව වෙලාව- 2010-08-02 13:10:14
 
[උදය කේ. ජයවර්ධන] මෙහෙම කියනවා :
අපි දන්න කාලෙ ඉඳල, මනුශ්‍යය ඉතිහාසයේ දන්න කාලෙ ඉඳල, වාර්ගිකව බෙදිල කරගත්තෙ මොන කෙන්ගෙඩියද කියල අපි අවංකවම හිතල බලමු. අතීතය අල්ලගෙන අනාගතෙත් ඔයවගේම කරන්න ඕනිම නම් අපි ආයෙ ඔය ගැන කතා කරමු. කිසිම වැදගත් දර්ශනයකට අනුව වෛරය නැවත නැවත දැල්වීමෙන් පලක් නැහැ. මනුශ්‍යය වර්ගයාගේ සියලු බෙදීම් නවත්වන එකම ක්‍රමය, අපි ඔක්කොම "හෝමෝ සේපියන් සේපියන්"බව තෙරුම් ගැනීමත්, අනෙක් අයට එහෙම තේරුම් ගැනීමට උදවු කිරීමත් කියල මම අවංකවම හිතනවා.
කිවුව වෙලාව- 2010-08-02 12:44:43
 
[ධජ] මෙහෙම කියනවා :
\"කවර හෝ අපරාධයකට ලක් වූවෙකුට එයට එරෙහිව තමන් හට යුක්තිය ලබා ගැනීමට ඇති අයිතිය කළු ජූලියේ ගොදුරු බවට පත් දෙමළ ජාතිකයන් තමන් උදෙසාද ඉල්ලා සිටීම \"අනාගත ජාතික සමගියට\" බාධාවක් බව සිරිමල්වත්ත, උපේන්ද්‍ර, හෝ ධජ වැන්නවුන්ගේ අදහසයි.\"

දයා සහෝදරයා උඹට මුල ඉදන්ම වැරදිලා..

ඔයාට කැමති පාට කණ්ණාඩි දෙකක් දාල අදහස් වල තේරුම් හෙවුවට හම්බවෙන්නෙ නෑ. ඒ කණ්ණාඩි වලින් ඔයාට පෙන්නන්නෙම වැරදි රූප විතරයි. සමාවෙන්න ඔබට තේරුම් යන විදියට ලියන්න තරම් මම දක්ෂ නොවුනට.

කෙනෙකුට මෙහෙම කියන්න පුලුවන්. දෙමළ අයට ඒ කාලවලදි එක එක ප්‍රශ්න තිබුනා. අදත් තියෙනව. ඉස්සර ඒ ප්‍රශ්න වලට විසදුම් නැති වුන නිසා ගැටලු ඇතිඋනා. සිංහලයින්ටත් එහෙමයි. ඉතින් අපිට කාලයේ ආපස්සට යන්න බෑ. ඒ වුනාට වර්තමානය වෙනස් කල හැකියි නේද..?

කතා කරන්න අවශ්‍යයම නම් අපි කලු ජූලියට පසු සිද්දීන් කතා කරමු. දෙපාර්ශවයේම මිනිස්සු, අතරමැදියන් මැරුනු හැටි කතාකරමු. කලු ජූලිය ගැන කතාකරමු. කලු ජූලියට හේතු වෙච්ච සිද්දි කතාකරමු. කැරලි ගැන කතා කරමු. පනස් හය ගැන කතා කරමු. පොන්නම්බලම් ගැන ධර්මපාල ගැන කතාකරමු. සුද්දො කරපු දේ කතා කරමු. ජාතිවාදෙ ලොකු අය්ය වෙච්ච අධිරාජ්‍යවාදෙ අපේ ජාතිවාදෙ ඇති කරපු හැටි ගැන කතා කරමු. ඉතිහාස පොත් ලියපු උන් දෙමළ අය ගැන සිංහලයින්ගෙ ඔලුවෙ කුනු වපුරපු හැටි කතා කරමු. ජාතිවාදෙ වපුරවන්න ඉතිහාසෙ වෙනස් කරපු හැටි කතා කරමු.

මේ කිසිවක් ස්වාධීන සිද්ධි නෙවෙයි. ඉතින් කතා කරන්න අරන් කොහෙන් කෙලවර කරන්නද... අපි මෙහේ අකුරු වලට අදහස් වලට ගහගන්න කොට අහිංසකයො දාස් ගානක් මැරි මැරි දුක් විදිනව. කිඹුල් කදුලු හෙලල හරි තමන්ගෙ කතිරෙ සරි කරගෙන හරි උන්ගෙ බඩට වෙලක් පුරවන උන්ට වදින්න හිතෙන්නෙ එතකොට තමයි.

මේ මොනව වුනත් සහෝදරය උඹේ අදහස් වලට ගරු කරනව. මොකද උඹේ වචන පෙන්නන්නෙ උඹ මානුෂිකවාදියෙක් කියල.

ඒත් සේරටම මේ දේවල් එක ලෙස තේරුම් ගන්න බෑ. විවිධත්වය නිසා ආයෙත් ගැටුම් ඇතිවෙනව. අපිට කරන්න පුලුවන් දැන්වත් ඒ විවිධත්වයට ගරු කරන්න, අනුන්ව දරා ගන්න හුරු වෙන එක නේද..?


මේ සටහන දයා සහෝදරයාට දුන් පිළිතුරක් මිස ලිපියට දුන් විචාරයක් නොවේ.
කිවුව වෙලාව- 2010-08-02 11:06:35
 
[දයා] මෙහෙම කියනවා :

කවර හෝ අපරාධයකට ලක් වූවෙකුට එයට එරෙහිව තමන් හට යුක්තිය ලබා ගැනීමට ඇති අයිතිය කළු ජූලියේ ගොදුරු බවට පත් දෙමළ ජාතිකයන් තමන් උදෙසාද ඉල්ලා සිටීම "අනාගත ජාතික සමගියට" බාධාවක් බව සිරිමල්වත්ත, උපේන්ද්‍ර, හෝ ධජ වැන්නවුන්ගේ අදහසයි.
දැන් මේ මහත්වරුන් හදන්නේ "අනාගත ජාතික සමගියක" නාමයෙන් තමන් ද එක් එක් ප්‍රමානවලින් වගකිව යුතු ජාතිවාදී අපරාධ රතු කාපට් එකක් යටට දාලා සැගවීමටයි.මේවාගැන ගැඹුරු සංවාදයක් මතුවන තරමට මේ පුද්ගලයන්ගේ ජාතිවාදී හෙළුව නිරාවරණය වීම වළක්වන්න බැරි වෙනවා. එකයි එයාලා මේ කළබල වෙළා දගලන්නේ.
චන්දන සිරිමල්වත්ත සහ උපේන්ද්‍ර මහත්වරුනි‍,
83 කළු ජූලියේදී බොරැල්ලේ දෙමළ කඩ ගිනි තියන්න ජාතිවාදීන් මෙහෙයවපු, ඇල්ලේ ගුණවංශ සමග ඔබලාගේ ජනතා විමුක්ති පෙරමුණ දේශ හිතෛශී ජාතික ව්‍යාපාරය ගොඩ නගනකොට ඒක ජාතික සමගියට බාධාවක් කියලා හිතුනේ නැද්ද? එකල ඔබගේ ලංකා පුවත්පත තළු මරමින් ඇල්ලේලාගේ ජාතිවාදී ප්‍රකාශ වපුරන කොට ඒක ජාතික සමගියට බාධාවක් කියලා හිතුනේ නැද්ද? ජාතික සමගියට බාධාවක් වෙන්නේ සිංහල මහජාතිවාදයේ සරණින් පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව වැඩි කරගන්න ෂෝට් කට් හෙව්ව මේ තක්කඩි දේශපාලනය කොන්දේසි විරහිතව ප්‍රශ්න ‍කිරීමද?
මේ හාදයො ජාතික සමගිය කියලා අදහස් කරන්නේ සිංහල මහජාතිය තුළට දෙමළ ජනයා බලහත්කාරී ලෙස ස්වීකරණය කිරීමයි. මේ ක්‍රියාවලියේදි නම් මහා ධනපති විරෝධීන්, ආණ්ඩු විරෝධීන් ලෙස පෙනී ඉන්න දගලන මේ නඩය මුළුමණින්ම ඉන්නේ මහින්දලාගේ ගෝඨාලගේ න්‍යාය පත්‍රය ඇතුලේ.මේ බලහත්කාරි ස්වීකරණයට හා ජාතික පීඩනයට එරෙහිව නැගි සිටි දෙමළ ජාතික විමුක්ති ව්‍යාපාරය ඇමෙරිකාවේත් ඉන්දියාවේත්,ඊශ්‍රායලයේත් උදවු සහ මගපෙන්වීම ඇතිව පොඩි පට්ටම් කරලා දානකම් මේ ගොල්ලෝ හිටියේ මේ මහජාතිවාදී යුදවාදී ව්‍යාපෘතිය ඇතුලේ.
අද යාපනයට, කිලිනොච්චියට ගිහින් තමන්ගේ දරුවන් අහිමි වුන අම්මලාගේ තාත්තලාගේ අත් අල්ලගෙන කිඹුල් කදුළු හෙළනවා,ඒකට කියන්නේ ජාතික සමගිය කියලා.ඒත් හදිසි නීතිය ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අනුමත කරන්න ධනපති ආණ්ඩුවට සහාය දීලා ඒ නීතිවල ආධාරයෙන් මිනිසුන් පැහැරගෙන යන්න උල්පන්දම් දෙමින් කරපු දේශපාලනය කවුරු හරි මතක් කරලා දුන්නොත් ගිරිය කඩාගෙන කෑගහනවා " මෙන්න මුන් ජාතික සමගිය විනාශ කරනවෝ!" කියලා.
දැන් ධනපති රාජ්‍ය විසින් දෙමළ ජනයා බලහත්කාරීෟ ලෙස ස්වීකරණය කිරීම ආකාර කීපයකින් සිදු ‍වෙනවා.
1. භෞමික අනන්‍යතාව විනාශ කිරීම
සිංහල මිලිටරි ජනපද(හමුදා කදවුරු වටා ඒවාට ආරක්ෂක බැරියර් ලෙස කෙරෙන සිංහල ජනපද කරණය) , දැවැන්ත යමුදා සංකීර්ණ, දේශිය සහ විදේශීය සමාගම්වලට ඉඩම් අක්කර දහස් ගණනින් පවරා දීම. ඉපැරණි දෙමළ ගම්වල නම් සිංහලකරණය කිරීම,
2.සංස්කෘතික අනන්‍යතාව විනාශ කිරීම
ඉතා දීර්ඝ සභ්‍යත්වයකට හිමිකම් කියන ලාංකය දෙමළ ජාතියේ ඓතිහාසික පැවැත්ම සාධනය කරන පුරා වස්තු විනාශය සහ විකෘතිය, යුද්ධයෙන් අනාථ බවට පත් දෙමළ දරුවන් බුද්ධාගමට හරවමින් සිංහල නම් ඔවුන්ට යොදමින් බලහත්කාරි ලෙස අනන්‍යතාව විනාශ කිරීම.‍අල්ලාගත් දෙමළ ගම්මානවල හන්දියක් ගානේ බුදු පිළිම සහ පන්සල් ඉදි කිරීම,
3. දේශපාලන අනන්‍යතාව විනාශ කිරීම,
පසුගිය දශක කීපය පුරා දෙමළ දේශපාලනයේ පොදු අනන්‍යතාව වූයේ ජාතික පීඩනයට එරෙහි ජාතික විමුක්ති අරගලයයි. එකී ජාතික පීඩනය මේ වන විට වර්ග සංහාරයක් දක්වා වර්ධනය වී ඇති අද එයට එරෙහිව සටන් කිරීමට දෙමල ජනයාට නොහැකිව ඇත්තේ ඔවුන්ගේ නියාමක සංවිධානය විනාශ කර දමා ඇති හෙයිනි. මේ තත්තවය උපයෝගි කොට ගෙන ඔවුන්ගේ දේශපාලන අරගලයේ අනන්‍යතාව විනාශ කොට දියාරු කොට සිංහල මහජාතිය විසින් ගොඩ නගා ඇති ජාතිවාදි බලහවුල්වල කරපිංචා මිරිස් බවට දෙමල ජාතිකයන් පත් කර ගැනීමේ ක්‍රියාවලියක් පවතී. ගොඨාලා මහින්දලා මෙය කේපීලා කරැණලා පිල්ලයාන්ලා හරහා එක් ආකාරයකින් කරන විට සිරිමල්වත්තලාගේ උ‍පේන්ද්‍රලාගේ ජවිපෙය මෙයම රාමලිංගම්ලා හරහා වෙනත් ආකාරයකින් සිදු කරයි. සිරිමල්වත්තලා.උපේන්ද්‍රලා අද ජාතික සමගිය නමින් නිරතවන්නේ මේ මෙම සැගවුණ මහ ජාතිවාදී බල ව්‍යාපෘතියේමය.
යුක්තිය පිලිබද මූලධර්මය අමතක කොට සමගිය ගොඩ නැගිය නොහැකිය. අතිමහත් මිලිටරි බලයක් යොදා විනාශ කොට දුර්වල කොට දමා ඇති දෙමළ ජාතිය මතපැටවීමට ඔබ විසින් තැත් දරන ඔබගේ අවස්ථාවාදී දේශපාලන බල ව්‍යාපෘතිය ජාතික සමගිය යැයි ඒත්තු ගැන්නීමට වෑයම් කර පාඨකයන්ගේ බුද්ධියට නිගා කිරීමෙන් වළකින්න.
ඒ වෙනුව‍ට අඩු තරමින් ‍දැනට සිදු වෙමින් යන බලහත්කාරී ස්වීකරණය, ඉඩම් කොල්ලය, සිංහල ජනපද කරනය, නීති විරෝධී රදවා තබා ගැනීම්, ත්‍රස්තවාදය වැලැක් වීමේ පනත ආදිය ගැන ඔබගේ ස්ථාවරය නිරවුල්ව පැහැදිලි කරන්න.
"ධජ "වෙත!
සතියේ දිනවලදි කීබොඩ් එක සිංග්ලිෂ් වලින් සිංහල යුනිකොඩ් වලට මාරු කිරිමෙන් වුවද කාඩ්බොර්ඩ් වීරයන්ගේ අනන්‍යතාව සැගවිය නොහැකිය. මේ ගැන සිරිමල්වත්ත වුව මා සමග එකග වෙතැයි සිතමි.
ජාතිවාදයට එරෙහි අතරමැද ස්ථාවරයන් නැත. එය විවෘත නග්න ජාතිවාදය වුවත් රතු පලස් හෝ කමිස යට සගවා ගත් සියුම් ජාතිවාදය වුවත් අපට එය සමග අතරමග සම්මුතියක් නැත. එය අන්තවාදී ස්ථාවරයක් ලෙස ඔබට හැගී යන්නේ ඔබ සිංහල ජාතිවාදයේ බිහිසුණු අපරාධ යටගසන්නෙකු වි ඇති හෙයිනි.
සිංහල සමාජය තමන් අතින් සිදු වූ සියලු අපරාධ විවෘතව කතා කිරීමෙන් හෙළි දරවු කිරීමෙන් පමණි දෙමළ සමාජයේ අව්‍යාජ විශ්වාසය දිනාගත හැක්කේ. එය මගහැර ජාතික සමගිය උදෙසා කරන කරන සියලු නන්දෙඩවීම් සහ ප්‍රලාපයන් සුලු ධනපති දේශපාලන තක්කඩි කමක් හැර අන් කිසිවක් නොවේ.

කිවුව වෙලාව- 2010-08-02 04:22:22
 
[Basuru Liyanage] මෙහෙම කියනවා :
sirimalwatta sahodarayala pahu iya kale wada kale mewa ekko amataka karala ehema nathnam danne naha wage pretend karala.
aduma gane danwath me rate thiyenna one akama eka aragalayak bawa unta therenawa nam ekayi wenna one. me rate jathiwadayen thora aragalayak pana naginda one.

ema aragalate kodiya thiyenna one demala sinhala muslim siyalu peedithayan athe.
කිවුව වෙලාව- 2010-08-02 00:34:08
 
[Kodi] මෙහෙම කියනවා :
kalu juliyo ho in pera ho pasu ho aaradakarapu ewun thawamath me samajaye sudu adagena bana kiya kiya innawa. eyin samaharak siwuru andagena innawa.
කිවුව වෙලාව- 2010-08-02 00:31:28
 
[ධජ] මෙහෙම කියනවා :
තව දෙයක් කියන්න අමතක උනා. මේ ලිපියෙන් මට පේන හැටියට මුරලි සැබෑ මනුස්සයෙක් හා වීරයෙක්. තව මෙහෙම ගොඩක් අය ඉන්නව. ඒත් මම ඉස්සෙල්ල කිව්ව කුමන්ත්‍රන මේ මනුස්සකම වහනව.

මේ කලු ජූලියෙ කතන්දරේට මුල කොහෙද? එක එක්කෙනාට එක එක විදියෙ උත්තර දෙන්න පුලුවන්. මේක එක සැරේටම ඇති වුන දෙයක් කියල එක සැරේටම කියන්න පුලුවන්ද? වාර්තා වුන ටිකක් දේවලින් අපි ඉතිහාසයක් ගොඩනගනව. ඒත් සැගවිච්ච රහස්‍යය දේවල් කොච්චර ඇතිද? ඉතින් අපි කොහොමද කියන්නෙ මේක හරි මේක වැරදි කියල..

අපිට දැන් තියෙන්නෙ මනුස්සකම් වෙනුවෙන් වැඩ කරන එක. ඒකට අපේ වචන හොදින් පාවිච්චි කරොත් හොදයි නේද..?
කිවුව වෙලාව- 2010-08-01 23:30:05
 
[ධජ] මෙහෙම කියනවා :
upendraHP : 100% ක්ම එකගයි මිත්‍රයා.
කාට හරි ගහන්න බලන් ඉන්න සමහර බ්ලොග් කාරයො ආතක් පාතක් නැතිව හැම පැත්තයටම බනිනව, මොකක් හරි වචන ටිකක් අල්ලගෙන.
අන්තවාදීව ලියන ගමන් ජාතිවාදයට බනිනව. වැරදි ඇති. ඉතිහාසය සීමාවක් නැති කාලකණ්ණි කෑදර අරමුණු වලට පණ පොවල ප්‍රශ්න ඇති කලා. අද අපේ උන් ඒව කර තියාගෙන යනව. සමහර වෙලාවට හදවතින්ම ලියනව වෙන්න පුලුවන්.. ඒත් සමහර විට පොරවල් වෙන්නත් ඒ දේම කරනව. මොනිටරෙන් ඇස් අරගෙන ඇගිලි ටික කී බෝඩ් එකෙන් අයින් කරපු හැටියෙ සමහරු කාඩ්බෝඩ් වීරයො වෙනව. මට ජාතිවාදියො සුද්ද කරන්න අවශ්‍ය නෑ. ඒත් මීට වඩා වෙනස් විදියකට අපි හිතන්න ඕන නේද? ආයෙත් කාළකණ්ණි විදියට මිනිස් ඝාතන ඇති නොවන විදියට.

මේ ආටිකල් එකෙන් එක දෙයක් පෙරල ගන්න පුලුවන් නේද? ඇත්තටම සුමුදු උඹට ඒකට ස්තූති කරනව. සැබෑ මනුස්සකම. මම මුරලි ගැන ගොඩක් දන්නෙ නෑ. හැබැයි මේ ලිපියෙ හැටියට මුරලි තමන්ට උන අසාධාරන කම පැත්තකින් තියලා හොදට සෙල්ලම් කරා. ඒක රටක් විදියට අපි හැමොටම සතුටු වෙන්න පුලුවන් නේද? තව කීදෙනෙක් ජාතික කොඩි උස්සන් පස්සෙන් ගියාද.. මිනිස්සු ගාව හිත් ඇතුලෙ දීර්ඝ කාලීන ජාතිවාද ආගම්වාද පවතින්නෙ නෑ.

ඒක අවුස්සන්නෙ පැත්තක ඉදල බලයට හරි වෙන මොකක් හරි බාල වර්ගයෙ වින්දනයකට හරි මිනිස්සුන්ව කුලප්පු කරවන උන්. ඒකෙදි වචන වලට ලොකු බලයක් තියෙනව. එතැනදි තමයි ලේඛකයො හරි බ්ලොග් කාරයො හරි කමෙන්ට් කාරයො හරි මීට වඩා වගකීමක් ගන්න ඕන. මොකද සේරටම මේ දේවල් දිහා ස්වාධීනව බලන්න සමබරව හිතන්න බැරි නිසා.

කතිකාවත් නිර්මාණය විය යුතුයි තමයි. හැබැයි කිසිම අයුරකින් අන්තගාමී නොවී. මොකද කිසිම දෙයක හරි වැරැද්ද නිර්ණය කරන්න අපට බැරි නිසා. මේ සේරම සාපේක්ෂ වූ ක්‍රියාවලියක ප්‍රතිපල විතරයි.
කිවුව වෙලාව- 2010-08-01 23:09:25
 
[Maxi] මෙහෙම කියනවා :
jathiwadaya awussanna epa manussayo
කිවුව වෙලාව- 2010-08-01 21:04:33
 
[roshan11-kurunegala] මෙහෙම කියනවා :
lanka ithihase lokuma aparadha kale sinhala ha demala jathivadin.eka kattiyak newei,depirisama.e nisa rata venasuna.kalu juliya e athara ekak pamanai.thavth boho de thiyenava.kala yuththe aye eveni devalal novemata vaga balagenemai.mehi ena comments valin boho evage ebadu medihath bavak ne.
කිවුව වෙලාව- 2010-07-30 23:40:25
 
[දයා] මෙහෙම කියනවා :
සිරිමල්වත්ත වෙත!
1."Mithurani, Waada karala wedak ne"

2."SUMUDU liyapu lipiyata sthuthi karanna beri una. Oba wisin ethi kala sanwaadayata godak sthuthiy."

වාද කරලා වැඩක් නැත්නම් සංවාදය ගැන ස්තූති කරන්නේ මොකටද? පිස්සුද ? නැත්නම් හැටිද? :-)

කිවුව වෙලාව- 2010-07-30 08:03:41
 
[Moragoda] මෙහෙම කියනවා :
The JVP pawns like Chandana Sirimalwatte’s clumsy act to turn JVP’s ultra Sinhala nationalistic & racist behavior to socialism is no longer working within Tamils or Sinhalese. They literally and physically involved with the Rajapakse regime and world’s geo-political movement (including their so called imperialistic America) for biggest crime in a limited time period in Sri Lankan history and the region. These were the betrayers and blood drunk cronies of the regime who celebrated – applauded – entertained the Vanni catastrophe / genocide done by the same government military who tortured, raped and killed over 60,000 Sinhalese (JVPers including innocent civilian) in the South. Indecisive approach of the people like Chandana who are remainders of 88/89 struggle is not only ironic today but shameless.
කිවුව වෙලාව- 2010-07-30 07:33:30
 
[Moragoda] මෙහෙම කියනවා :
The non-hypothetical fact which cannot be refused by any ultra Sinhalese nationalist (but not for the crappy politicos) is we are the offenders to the Tamil nation since 1950. When Tamils became as military defenders (away from Gandian patience) in Prabhakaran’s era, our weak minds started to think that we are the defenders of Tamils and utterly & entirely forget that we are the offensive party still. Bourgeois Rajapakse government exploits this fraudulent nature in south use Sinhalese moral to crush LTTE and the innocent Tamil civilians in 2009/2010. Black July is one of the incidents which explains the Sinhalese brutal behavior to the Tamils in the history. Offensive criminals should apologize before any of defensive act of the other party.
කිවුව වෙලාව- 2010-07-30 06:49:33
 
[Chandana Sirimalwatte] මෙහෙම කියනවා :
MRge kramayata jaathika samagiya ethikarana eka gena liyapu nisa SUMUDU liyapu lipiyata sthuthi karanna beri una. Oba wisin ethi kala sanwaadayata godak sthuthiy. Mema vivaadaya kalu juuliyata hethu nethikarana yahapath deshapaalana aragalayakata maga penwanu ethi.
කිවුව වෙලාව- 2010-07-30 06:06:03
 
[Chandana Sirimalwatte] මෙහෙම කියනවා :
Mithurani, Waada karala wedak ne.
Mahindala uthurath jayagena dakunath jayagena. Negenahira pilleyaanta dunna. KP maha amathi karala demala janathawata wisandum deyne.
\Ithin janatha prashna wisandala iwara wey. Yudde iwara karala rata hadanna eya hadanne.
Den sulujathikayan nethilu. MR kiyanne 'okkoma rajawaru okkoma wesiyo' jathiye baila.
Jathikathwa bedayak nethiwa kaatath hithanna wela thiyenne kalu juliya awlapu hethu nethikarana kramayay. Ehema hoyana athare MR baila gahana eka nawathwana kramaykuth hoyanna wey. nethnam MR baila gahana athare uthureth dakuneth kalu juuly hathak kranna mahindage golayo set wenawa.
කිවුව වෙලාව- 2010-07-30 06:00:35
 
[නිසල්] මෙහෙම කියනවා :
sumana
මේවා ගැන කතා කරන එක උඹලට ලජ්ජාවක් වෙන්නෙත් ඒවා යට ගහන්න හදන්නෙත් 83 දී කරපු දේ කොච්චර ජරා වැඩක්ද කියලා උඹලාගේ හිත දන්න නිසයි.එන්ජීඕ කාරයන්ට බැනලා හෙළුව වහගන්නට බැහැ බං! අර සුමනා ගොමස් කියලා කාලයක් ලිව්වෙත් උඹමද?
කිවුව වෙලාව- 2010-07-30 05:03:57
 
[Sumana] මෙහෙම කියනවා :
NGO kakko kiyana wal baila
කිවුව වෙලාව- 2010-07-30 04:46:13
 
[දයා] මෙහෙම කියනවා :
උපේන්ද්‍ර! මචෝ උඹේ මෝඩකම ප්‍රදර්ශණය කරන්න එපා.උඹ කට අරින කම් සිරා පොරක්!
ඇයි බං උඹට තේරෙන්නේ නැද්ද මෙතන වෙච්ච දේයි , දැනට වෙමින් ති්යෙන දේයි.
83 දී උඹලා ඔය කියන මැරයෝ දෙමලුන්ගේ ගෙවල් ගිනි තියලා උන්ව ඉන්දියාවටයි යාපනයටයි යුරෝපයටයි අනාථයෝ හැටියට යවලා උන්ගේ ගෙවල් දොරවල්, බිස්නස්, ඉඩම් අල්ලගත්තා.
මේ සැරේ හමුදාව වන්නියට යවලා ‍දෙමළුන්ට සී සී කඩ යන්න ගහලා උන්ව අනාථ කදවුරු වල ගාල් කරලා උන්ගේ ඉඩම් සිංහලයෝ අතරේ බෙදා ගන්නවා. එහෙම නැත්නම් ඉන්දියාවටයි චීනයටයි විකුණනවා.
අවුරුදු 27කට පස්සෙත් වෙනසක් තියෙනවද?‍
උපේන්ද්‍ර! මේවා යට ගහන්න හදන උඹලායි මේවා නැවත නැවත වෙනත් ආකාරවලට සිද්ධවෙන එක ගැන වගකියන්න ඕනේ

අපි සමාව ඉල්ලුවා කියලා දෙමලුන්ට ලැබෙන ලබ්බක් නැහැ.හැබැයි ඒකෙන් පෙන්නන්න පුලුවන් අඩු තරමින් ඒවා අනුමත නොකරන ශිෂ්ට මිනිස්සු සිංහල සමාජයේ ඉතුරු වෙලා ඉන්නවා කියලා.
කමල් 556 ! සිංහල අපිට දැන් කියන්න පුලුවන් ඒක කලු පැල්ලමක් කියලා.හැබැයි අපේ ඉතිහාසය දෙමලු මිනිසුන්ට නිකම්ම නිකම් කලු පැල්ලමක් නෙවෙයි, තාමත් තමන් නොගිලී ඉන්න දගලන ලේ කදුලු සාගරයක්.
කලු ජුලියේ ගෙවල් ගිනි තියපු, මිනී මරපු, ගෑණුන්ට අතවර කරපු, මංගොල්ල කාපු, එකෙකුට හරි නඩු දාලා තියෙනවද මේ රටේ නීතිය විසින්.පුලුවන්නම් බේතකට එහෙම එකක් පෙන්නපං! අපරාධය කරපු එකාටයි, ඒකට හවුල් වෙච්ච එවුන්ටයි.ඒවා නිහඩව අනුමත කරලා වාසිගත්ත එවුන්ටයි දැන් ඒවා අමතක කළ යුතු කලු පැල්ලම් බවට පත් වීම පුදුමයක් නෙවෙයි. නමුත් අපරාධයේ ගොදුරු බවට පත්වෙච්ච එවුන්ට ඒවා එහෙම ලේසියෙන් අමතක කරන්න බැරි බිහිසුණු අත්දැකීම්.
කිවුව වෙලාව- 2010-07-30 03:41:48
 
[upendraHP ] මෙහෙම කියනවා :
මුරලි සෙල්ලම් කළේ ජාතියට නෙමෙයි රටට. කළු ජූලිය ගැනවත් කොටි කතා ගැනවත් හිතුවේ නෑ.ඉතිහාසේ කරපු මෝඩ ක්‍රියාවලට සමාව ඉල්ලන කතා කියන්ඩ ගත්තොත් කොහෙන් කළෙවර වෙයිද දන්නේ නෑ.(සුද්දන්ගේ කාලෙටත් එහාට යන්න වෙයි.) මුරලිත් ඕව හිත හිත හිටය නම් කොහොම තියෙයි ද?.

මේවා ගැන පට්ට ගගහ ඉන්නේ නැතුව මේවා නැති කරන්න මේ පණ්ඩිත බ්ලොග් කාරයො මොනව ද කරල තියෙන්නේ?.

ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමේ....

මේ ජාතිවාදේ ආයේ අවුස්ස ගත්තේ නැත්නම් ඔය NGO කාක්කන්ට කන්න දෙයක් නැතිවෙනවා ඒකට තමයි ඔ දඟලන්නේ.

අනේ අපේ දෙමළ සිංහළ සහෝදරවරු ඔය NGO කාක්කන්ගේ ගැටවලට අහු නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා.

Posted by upendraHP to බූන්දි|BOONDI at 29 July 2010 22:14
කිවුව වෙලාව- 2010-07-30 01:31:47
 
[Abraham] මෙහෙම කියනවා :
one anoo says that "එතකොට සිංහලයන්ව මැරුවෙ කොටි ඒකට සමාව ගන්න ඕනෙ නැහැ ? "

ayi mole wahanse sinhalayange samawa ganna thiya hadisiyakata behethakata ganawath koti mayilak ithuru wela thiyanawada me rate?

dan ithuru "thanuka karana lada" niyapothu galawana ladha koti mamanayi.

ubala baya wenda epa ehema ekekwa thama nidahas karanawa kiyala eeye keheliya rambukwella girawa jathiya idiriye porondu wune

sarath athule
KP maha amathi wenna yanne

thopi wage kalakanninata thiyenne SINHALAKAMA gana unak neme.

rajapakshage lankat eka asse saneepa ganna thiyana uwamanawak..
කිවුව වෙලාව- 2010-07-29 21:25:44
 
[Anonymous ] මෙහෙම කියනවා :
එතකොට සිංහලයන්ව මැරුවෙ කොටි ඒකට සමාව ගන්න ඕනෙ නැහැ ? එතකොට උන්ට බෝම්බ ආයුද ගන්න සල්ලි දුන්නෙ අහවල් එකාද ?
හැබයි දෙමළුන්ව මැරුවෙ ඔක්කොම සිංහලයො එකතුවෙලා නිසා ඒකට සමාව ගන්න ඕනෙ ?
උඹලගේ නල්ල මලේ NGO තියරි !!

Posted by Anonymous to බූන්දි|BOONDI at 29 July 2010 20:19
කිවුව වෙලාව- 2010-07-29 21:22:08
 
[සේසිරි] මෙහෙම කියනවා :
kalu juliya kale kotagala passe karapu sinhala [sanhaarayata samaa wenna kiyala, ehema nathnam, kotinge minis bomba walata erehi wenna apata bari wechcha ekata sama wenna kiyala hari dhemellu kohedi hari kiyala thiyenawada?]

දෙමළු කරන ‍දේවල්මද කරන්න බලං ඉන්නේ.....
හරියට ඇමෙරිකාව යුද අපරාද කරන හින්ද අපි කළාට කමක් නෑ වගේ
කිවුව වෙලාව- 2010-07-29 21:19:25
 
[Anonymous ] මෙහෙම කියනවා :
kalu juliya kale kotagala passe karapu sinhala sanhaarayata samaa wenna kiyala, ehema nathnam, kotinge minis bomba walata erehi wenna apata bari wechcha ekata sama wenna kiyala hari dhemellu kohedi hari kiyala thiyenawada?

Posted by Anonymous to බූන්දි|BOONDI at 29 July 2010 05:56
කිවුව වෙලාව- 2010-07-29 21:11:55
 
[Loku] මෙහෙම කියනවා :
මට කලින් කවුරුන් හෝ තබා ඈති සටහන යථාර්ථය පැහැදිලිව පෙන්වතැයි සිතමි. සුමුදුගේ මේ ලිපිය වැදගත් වන්නේත් කාලෝචිත වන්නේත් මේ නිසාමය.

අපේ රටේ ජාතික සමගිය වනාහි එක් ජාතියක පමණක් වූ සමගියක් යැයි සැලකෙන තරමට අද අපි පිරිහී සිටිමුයි මම සිතමි.

වරද කොහේ කාගේ වුවත්, අද වැදගත් වන්නේ අපේ සිතිවිලි මේ පාපතර චක්‍රයෙන් මුදා ගැනීමත්, නිවහල්ව හා නිවැරදිව අතීත ක්‍රියාවන්ගේ විපාක හඳුනා ගැනීම හා වටහා ගැනීමත්ය.

මුරලිදරන් ගේ රූපකාය හා ජයග්‍රහණය විනිවද සිංහ කොඩියේ ලෙලදෙන අසිපත පෙනෙනවානම් ඔබටත්, මේ සිතන්නට කාලයයි.

සහෝදරත්වය අනුකම්පාව නෙවේ. සහෝදරත්වය බල්ලෙකුට බත් පතක් දීම හෝ හිඟන්නෙකුට නිදන්නට අගුපිලක් දීම නොවේ.

සහෝදරත්වය මිට වඩා ගැඹුරින් මතුවන්නාවූද, මමත්වය මගේ කම දියාරු කර වගුරන්නාවූද චිත්තාවකි.

සුමුදු ඔබට තුති.

Posted by Loku to බූන්දි|BOONDI at 29 July 2010 07:40
කිවුව වෙලාව- 2010-07-29 21:11:30
 
[Anonymous ] මෙහෙම කියනවා :
මැරයින් කරපු දෙයකට සිංහලුන් සමාව ගන්නේ ඇයි? ඒක කිසි තේරුමක් නැති කතාවක්.

Posted by Anonymous to බූන්දි|BOONDI at 29 July 2010 14:35
කිවුව වෙලාව- 2010-07-29 21:09:35
 
[Ruchindra Abeytunge] මෙහෙම කියනවා :
This is really an eye-opening article. Thanks to BOODI, YATHRA (yathranews dot com) re published this article….

@FB
කිවුව වෙලාව- 2010-07-29 21:04:20
 
[Rishan] මෙහෙම කියනවා :
Good Article Sumudu Thiwanka Gamage.. I like to translate this one to Tamil.
කිවුව වෙලාව- 2010-07-29 11:20:51
 
[අමල්] මෙහෙම කියනවා :
හරියට හරි ජනක. දැන් ඉතිං සමූල ඝාතනය කරල සුද්ධ පවිත්‍ර කලා කියල හිතා ඉන්නවනෙ.
කිවුව වෙලාව- 2010-07-29 07:50:24
 
[ජනක] මෙහෙම කියනවා :
මෙය මතක්කල යුත්තේ තාමත් සිදුවන්නේ එයම නිසා.
මතක් කරනවට අකමැති අපි ඒකට වගකිවයුතු නිසා.
තාමත් අපි වන්දි ගෙවන්න සූදානම් නැති නිසා.
කිවුව වෙලාව- 2010-07-29 07:24:50
 
[අමල්] මෙහෙම කියනවා :
@ Kamal556 සිදු ෙනාවිය යුත්ෙත් ෙමාකක්ද- කලු ජූලියද? ෙපාෙටා් ෙපන්නීමද
කිවුව වෙලාව- 2010-07-29 05:30:41
 
[nimal -kandy] මෙහෙම කියනවා :
me photo aye pennane ei.
කිවුව වෙලාව- 2010-07-29 05:08:44
 
[kamal556] මෙහෙම කියනවා :
itihase e kalu pellama ,amihiri mathakaya aye mathak karnne ahaval ekakatada .meya sidu noviya yuththaki.
කිවුව වෙලාව- 2010-07-29 05:05:53
 
 
59 Comment(s)|ප්‍රතිචාර
 

Your Comment[*]:
 
 
 
 
Your Name[*]:  
URL:  
   
 

[Best viewed in 1152 X 864 Screen Resolution]

w w w . b o o n d i . l k

boondionline@gmail.com

    කවරයේ කතාව  
 
 
 

 
     
මහත්වරුනි,
තීරණාත්මක මොහොත එළැඹී තිබේ.
 
ආශ්චර්යයක් සිදුනොවුණහොත්, මේ සතිය තුළ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගන්නවා ඇත. ඒ සමගම ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සඳහා ගමනෙහි මීළඟ පියවර ඇරඹෙනවාද ඇත. මුළු මහත් ලාංකේය සමජයම නින්දාසහගත නිහඬතාවක ගල්වනු ලැබ තිබියදී, මේ සතියේදී
 
සෙස්ස අස්සට
 
 
 

 
 
  අලුතෙන්  
 
 • මහත්වරුනි, තීරණාත්මක මොහොත එළැඹී තිබේ. | කේ.ඩබ්ලිව්.ජනරංජන
 • දන්නා තරම් සේරම කඩු හරඹ දමා- ඇල්මෙන් උගන්නා 'අකුරේ' ඵලය කිමා? | සංඛ කිරිඳිවැල
 • රසික ඔළු මත වසුරු! | "නළු බට්ටන්ගේ ස්වීටි බලහත්කාරය" | දොන් ජුවන් එදිරිල්ලේ
 • මර්වින් සිල්වා නම් වූ ඔලු දෙකේ සත්වයා | රාමචන්ද්‍ර
 • මුත්තයියා මුරලිදරන්ගේ "අටසීය" සහ තිත නොතබන කළු ජූලිය | සුමුදු තිවංක ගමගේ
 • ළමයින් විකුණාගෙන කන කාලකන්ණින්ගේ දේශය | කක්ෂපුට
 • තමන්ගේම කියා ව්‍යාපෘතියක් අරඹා කෝටිපතියෙක් වීමේ මග! | දොන් ජුවන් එදිරිල්ලේ
 • විදූ, කෝ හඳයා? | චමිල ද අල්විස්
 • අබි-ලීක් වාන් යූගේ අබිලික් පොරකාසයට එරෙහිව කක්ෂපුටගේ මාද්ය නිවේදනය | කක්ෂපුට
 • ඔහු ද අපේ එකෙකි!!! | ක්‍රිශාන් රාජපක්ෂ
 • මැච් ලබාදෙන රජුන් වෙන කොයින්දා...? | ක්‍රිශාන් රාජපක්ෂ
 • මහ මුහුද තෙලෙන් පිරවීම| 1 කොටස| AN AMERICAN CHERNOBYL | මහේෂ් මුණසිංහ
 • රුධිරයෙන් දිනූ දිනය සෙවලකමින් බාල්දු කිරීම නොහොත් ලංකාවේ මැයි දින ආතල් | දොන් ජුවන් එදිරිල්ලේ
 • ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලන තායිලන්ත රතු කමිස ''ත්‍රස්තවාදියෝ''! | සංඛ කිරිඳිවැල
 • දේශපාලන ග්‍රහ මණ්ඩලයේ අලුත් පිහිටීම්- පශ්චාත් මැතිවරණ විමසුමක් | සංඛ කිරිඳිවැල
 • කකුලෙන් කාර් එළවා බඩ පණුවන්ට ෆන් දීමේ දේශපාලන ගිනස් වාර්තාව | දොන් ජුවන් එදිරිල්ලේ
 • පංචායුධය- සත්‍යය සහ මිත්‍යාව | ජනක බණ්ඩාර
 • කිරි මුට්ටිය ගඟේ ගිය පසු.....! | සංඛ කිරිඳිවැල
 • ජයන්ත චන්ද්‍රසිරිට සහ තවත් එවැනි අයට, | දොන් ජුවන් එදිරිල්ලේ
 • අනේ කාලේ.... වනේ වාසේ.... | සඳකැලූම් රසාංජන
 
 
  තවත් වියමන්