ජයන්ත චන්ද්‍රසිරිට සහ තවත් එවැනි අයට,

 
     
 
     
 

Site for Sri Lankan Literature, Arts and Politics

 
 

BLOG

 
 
Home
 

කට දිග ඇරලා කියන්න!

 

 




       
 

 
ජයන්ත චන්ද්‍රසිරිට සහ තවත් එවැනි අයට,
 
 
ජාතික රූපවාහිනියේ ප්‍රචාරණය වෙන ලංකාවේ ප්‍රවීණතම දේශපාලන විචාරක චමුදිත විසින් ගෙන එන "ජනමතය" වැඩසටහනට ආපු ප්‍රවිණ කලාකරු ජයන්ත චන්ද්‍රසිරි විසින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පිළිබඳව නවතම න්‍යායයක් ඉදිරිපත්කළා. ඔහුට අනුව ලංකාවේ ඉතිහාසය තුල තීරණාත්මක ඡන්ද අපේක්ෂක නාමාවලියක් ඉදිරිපත් කරලා තියෙන්නේ එක්සත් සන්ධානය විසිනුයි. එය කොතෙක්ද යත් දුටුගැමුණු රජතුමා විසින් ලංකාව එක්සේසත් කිරීම, පරාක්‍රමබාහු රජතුමා වාරි ශිෂ්ඨාචාරය ගොඩනැඟීම තරම්ම ඓතිහාසිකයි!

"සහෝදර සමාගම" කියන මඩ ප්‍රචාරය ‍ඓතිහාසිකව සාධාරණීකරණය කළ ජැක්සන් ඇන්තනි විසින් ඉදිරිපත් කරන ලද "ජනමූල නායකත්වය" කියන දාර්ශනික සංකල්පයට සෘජුවම නොවුණත් වක්‍රව හේතුවු කරුණු අපි දන්නවා. "අබා" ට කෝටි ගණනක අනුග්‍රාහකත්වයක් ලබාදීම, ලංකාවේ සිටින වැදගත්ම කලා පවුල(?) හැටියට යාපනේ එක්කගෙන ගිහිං පවුල් සන්දර්ශණයක් ලබාදීම සහ හමුදාවේ දැඩි ආරක්ෂක රැකවල් මැද යාපනයේ පාරවල් වසා නිදහස්ව සංචාරය කිරීමට ඉඩ සැලැස්වීම වගේම අපි නොදන්න තවත් කරුණු තියෙන්න පුළුවන්. ඒක හින්දා වර්ගඝාතක යුද්ධයක් සාධාරණීකරණය කරනවා විතරක් නෙවෙයි සමස්ත රටම වැඩවසම් ලක්ෂණයක් වුණු පවුල් ආධිපත්‍යයකට නතුවීම සාධාරණීකරණය කිරීමට තමන්ගේ ‍ඉතිහාසය සම්බන්ධ දැනුම පාවාදීම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.

ඒත් වෙදහාමිනේ, දඩුබස්නා‍මානයේ සිට අග්නි දාහයෙන් ගරිල්ලා මාකටින් දක්වා මිනිස්සු වෙනුවෙන් කලාව හසුරවලා ජනතාව වෙනුවෙන්, කලාවේ උසස් රසිකත්වයක් වෙනුවෙන් තමන්ගේ නිර්මාණ මෙහෙයවපු ජයන්තට පොඩි හෝ හෘද සාක්ෂියක් තියෙන බව අපි විශ්වාස කළා. ඒ සියල්ල සාටකේ සුළි සුළඟට අහුවෙලා ගසාගෙන යන‍වා වුනත් ජයන්තගෙන් අපිට ප්‍රශ්ණ කිහිපයක් තියෙනවා අහන්න.

ජයන්තට අනුව ඓතිහාසික අපෙක්ෂක ලැයිස්තුව එතරම් සුවිශේෂී වන්නේ මීට පෙර සන්ධානයේ සිටි නාම්බන් හැරුණු කොට ඊට අළුතින් එකතු වූ මුහුණු ටිකය. එසේ නම්

01. ලොලිපොප් සූප්පු කරලා හරි, කඩේ ගිහිල්ලා හරි තමන්ව විකුණලා සල්ලි හොයන්න දත කන සනත් ජයසූරියගේ ඔබ දකින දේශපාලන පරිණතභාවය කුමක්ද? තරුණ ක්‍රීඩකයින්ට ඉඩ නොදී ‍තමන්ගේ දේශපාලන සම්බන්ධකම් එක්ක වව්ලෙක් වගේ ටීම් එකේ එල්ලිලා ඉන්න සනත් පාර්ලිමෙන්තුවට ආවොත් තමන් නෙවෙයි රටත් විකුණල හරි තව කීයක් හරි ප්‍රමුඛ බැංකුව හෝ සක්විති වගේ වැඩි පොලී දෙන තැනක දාගන්න ට්‍රයි කරයි කියලා ඔබේ පත්තර මොළයට දැනෙන් නැද්ද?

02. සහජයෙන් හා පුහුණුවෙන් ලද හැකියාවට අමතරව මෙලෝ පාලනයක් නැති කටකට හිමිකම් කියන සුසන්තිකා පාර්ලිමෙන්තුවට ආවොත් ඔබ කියන ඓතිහාසික වෙනස්කම වෙයිද? රට හදනවාට වඩා ඇය සමඟ හිත් අමනාපකම් ඇති (රසික රසිකාවියන් හැරුණු ‍කොට ඇය සමඟ ළඟින් ඇසුරු කළ කිසිවෙක් හා දිගු කාලීන සමීප ඇසුරක් පවත්වාගත නොහැකි බව දන්නෝ දනිති) බහුතරයගෙන් පළිගැනීම තමන්ගේ ප්‍රධාන දේශපාලන ක්‍රියාකාරීත්වය බවට පත් නොවෙයිද?

03. ලංකාවේ පාසැල්වලට තියෙන ලොකුම අඩුපාඩුව පිහිනුම් තටාක නැතිකම කියල හිතන නාමල් රාජපක්ෂ සහ ඔහුගේ ගැත්තන් මහා පරාක්‍රමබාහු වගේ බලපෑමක් කරයිද? පිහිණුම් තටාක නිර්මාණය සහ වැව් නිර්මාණය සමාන කිරීමට ඔබ උත්සාහ කරනවාද?

04. සිනමා නිළියන් වන ගීතා කුමාරසිංහ හරි මාලනී ‍‍ෆොන්සේකා හරි ලංකාවේ දේශපාලනය පිළිබදව තියෙන දැනුම මොකක්ද? අඩුම තරමේ "ප්‍රජාතන්ත්‍රවාදය" කියන වචනේවත් තේරුම මේගොල්ල දන්නවද? බටහිර නළු නිළියන් තමන්ගේ හැකියාවන් පිළිබඳව දැනගෙන සමාජ සුභසාධනයට, අවසාන වශයෙන් මිනිස්සුන්ගේ, සත්තුන්ගේ, අවසාන වශයෙන් මුළු ජෛව ගෝලයටම හිතකර වන ක්‍රියාකාරකම් වල නිරත වනවිට තමන්ට මෙච්චර සිවිල් බලයක් හා හැකියාවක් තිබියදී කිසිම අකාරයක සමාජ සුභසාධන ක්‍රියකාරීත්වයක් සඳහා නායකත්වය නොගත් මේ අයගෙන් බලාපොරොත්තුවන ‍ඓතිහාසික කර්තව්‍ය කුමක්ද?

05. යූඇන්පීයේ ඉඳලා ඇමතිකම් වලට පෙරේත කමට හරි, අවස්ථාවාදී කමට හරි, කෝටි ගණන් මුදල් ලබාගෙන හෝ කෝප් වාර්තාවෙන් තමන්ට ඉදිරිපත් වුණු චෝදනා යට ගහන්න හරි හිතාගෙන සන්ධානයට පැනලා ඉන්න ‍ලෝක තක්කඩින්ගෙන් ලංකාවට බලාපොරොත්තු විය හැකි කාර්යභාරය කුමක්ද? විශ්වාසයෙන්ම කිවහැකි එකම අනාවැකිය නම් තවත් අවුරුදු කිහිපයකින් රාජපක්ෂ රෙජීමයට ජනතා අප්‍රසාදයට ලක්වූ පසු යූඇන්පීයෙන් ගාණක් අරගෙන‍ විපක්ෂයට ගොස් රාජපක්ෂට කෙළවීම පමණි.

දේශපාලන ගැන මෙලෝ හසරක් දන්නේ නැති, ‍රටේ මිනිස්සු ගැන අබමල් රේණුවක හැඟීමක් නැති, ආත්මාර්ථකාමීන් රැලක් දේශපාලනයට ගෙන ඒමෙන් රටට වෙන ඓතිහාසික සෙත කෙසේ වෙතත් තියෙන ටිකත් නැතිකරගන්න හේතුවන බවයි අපිට හැ‍‍‍ගෙන්නේ. මේ සියළු කාරණා එක්ක සළකලා බලද්දි අපිට නම් හිතෙන්නේ රටට මොකුත් ‍නොකර, හීන් සැරේ තමන්ට ගාණක් හොයාගෙන පැත්තකට වෙලා පාඩුවේ ඉන්න පරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂක ලැයිස්තුව සාපේක්ෂව රටට හිතකර බවයි.

දේශපාලන බලපෑම් අවමයෙන් කළ හැකි පිරිසක් පාර්ලිමේන්තුවට ගෙන ඒමෙන්, සීමිත පිරිසකට රටේ සම්පත් කොල්ල කෑම පහසු කිරීමට වැඩ පහසු කරගැනීමටත්, ප්‍රශ්ණ ඇසීම අවම කරමින් පක්ෂයේ බලය පවුලකට මධ්‍යගත කිරීම සඳහාත් ක්‍රියාත්මක කූඨ උපක්‍රම සාධාරණීකරණය කිරීමට ජයන්තලා පෙනී සිටින විට කලාව සහ රට ගැන කුමන කතාද????
 
Don Juwan Edirille | දොන් ජුවන් එදිරිල්ලේ
Updated on : 2010-03-10 03:37:43 | [Tags] Jayantha Chandrasiri, Jackson Anthony, Namal Rajapaksha, Sri Lankan General Election 2010, Chamuditha Samarawikckrama, Malini Fonseka, Geetha Kumarasinghe, Sri Lankan Artists
Bookmark and Share
 
Comments|ප්‍රතිචාර
 
[කපිල එම්. ගමගේ (හැංගිලා ගහන නම නෙමේ ඇත්] මෙහෙම කියනවා :
ඇයි ඩබ්.ජයසිරි ලා, ගුණසිරි සිල්වා ලා ෆොන්සේකට කඩේ යනකොට ඔය සහෝදර මෙ සිරි ලංකාවේ හිටියෙ නැද්ද?
කිවුව වෙලාව- 2010-09-03 07:47:47
 
[කපිල එම්. ගමගේ (හැංගිලා ගහන නම නෙමේ ඇත්] මෙහෙම කියනවා :
ඇයි ඩබ්.ජයසිරි ලා, ගුණසිරි සිල්වා ලා ෆොන්සේකට කඩේ යනකොට ඔය සහෝදර මෙ සිරි ලංකාවේ හිටියෙ නැද්ද?
කිවුව වෙලාව- 2010-09-03 07:41:51
 
[Chris] මෙහෙම කියනවා :
Niyama kalaakaruwan kawda kiyana eka api handunaganna oana. Kalaakaruwa Desha Paaluwekge sapaththu lewa Nokanawa nam hondai. Mae hamatama tiyenne thada bala Thrushnaavak ! Mudal,thaanna maanna,contracts,geval doraval wage evata tamange AAthmaya paava dena aya anivaaryayenma itihaasae kunu bakkiyata yanawamai !
කිවුව වෙලාව- 2010-09-03 03:08:04
 
[Chris] මෙහෙම කියනවා :
Niyama kalaakaruwan kawda kiyana eka api handunaganna oana. Kalaakaruwa Desha Paaluwekge sapaththu lewa Nokanawa nam hondai. Mae hamatama tiyenne thada bala Thrushnaavak ! Mudal,thaanna maanna,contracts,geval doraval wage evata tamange AAthmaya paava dena aya anivaaryayenma itihaasae kunu bakkiyata yanawamai !
කිවුව වෙලාව- 2010-09-03 03:05:17
 
[කඩවර] මෙහෙම කියනවා :
ජයන්ත චන්ද්‍රසිරි කියන්නෙ ශ්‍රී ලංකීය කලාවට ධනාත්මක ප්‍රවේශයක් ලබා දීපු කෙනෙක්. අපිට ජයන්ත චන්ද්‍රසිරිගේ කලාව ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. එතුමා කියල තියෙන්නේ එයාගෙ පෞද්ගලික දේශපලන මතය. අපි ජයන්ත චන්ද්‍රසිරි හදුනාගන්නෙ කලාරුවෙකු විදිහට මිසක් දේශපාලන විචාරකයෙක් විදිහට නෙවෙයි. ඒ නිසා එයා කියපු පුංචි වාක්‍යක් අල්ලගෙන අපහාස කරන එක අනුමත කරන්න බෑ. කලාවයි දේශපාලනයයි පටලව ගන්න එපා. කලාව තුළ දේශපාලනය තියනබව ඇත්ත, ඒත් දේශපාලනය තුළ කලාවක් නෑ.
කිවුව වෙලාව- 2010-08-08 05:03:59
 
[walaha] මෙහෙම කියනවා :
ow ow miniha thamayi
කිවුව වෙලාව- 2010-03-12 03:50:00
 
[Loliya] මෙහෙම කියනවා :
SM means Sriyantha Mendis.. right?
කිවුව වෙලාව- 2010-03-12 01:50:07
 
[A Sinhala writer] මෙහෙම කියනවා :
Remember that SM(in the picture above) begged for a piece of land and got it. But within months, he built a huge house. no money buy the land, but millions to build the house. we need to expose these double games. JC, JA,SM gang are a bunch of thieves and people know that. Prasanna Vihtange, Handagama, Rajitha Dissanayake, and many others do not go begging money or any other thing from kings and his clowns. Let keep an eye on who is doing what.
කිවුව වෙලාව- 2010-03-11 10:11:03
 
[dick] මෙහෙම කියනවා :
honda prasna tikak ahala thiyanawa..!
Eth ara jaathi ghaathaka yuddayak kiyana kattawata man sampoornayyen wiruddai!
eka hariyata L.T.T.E saamajikayek kiyana kathaawak wage!
ape hamudaawa LTTE THRASTHAWAADEENWA misak demala jaathikainwa maruwe naa!
sinhala ho demala ho muslim hon mawbimata wirudda wana thrasthawaadeenwa witharai ghaathanaya kale!
kathaawe godak dewal aththa wunath ara kiyapu wachane nis a mata hithenne meke LTTE eka nathi karapu tharahata M.R ta wiruddawa liyapu ekak kiyalai!

[Posted by dick to බූන්දි|BOONDI BLOG @ 11 March 2010 02:51 ]
කිවුව වෙලාව- 2010-03-11 03:59:46
 
[ET] මෙහෙම කියනවා :
geetha danna deyak naha.. matakane hansayo gana kiyanna gihin na gaththa hati... mewa balan inna apiyi paw karala thiyenne...
කිවුව වෙලාව- 2010-03-11 03:55:42
 
[රාවන් පුත්‍ර] මෙහෙම කියනවා :
කොහොමද 17 වැනි සංශෝධනය ගැන අහපු වෙලේ ගීතා කුමාරසිංහ ඇඹරිච්ච හැටි. පාලම යට ඩොටීව ඩිංගකට එළියට පැන්නා. නළුකම කොළාට රට කරවන්නෙ කොහොමද කියන ප්‍රශ්නෙට ඔය අලුත් නළු නිළී මූණුවලට උත්තර නෑ. රෙජීමය ස්ථාවර නිසා මුන්ට රජ මගුල්.
කිවුව වෙලාව- 2010-03-11 03:28:50
 
[Taro] මෙහෙම කියනවා :
@Sinhala writer.......,
a sensible comment! though its not useful to fight against pimps like JC or jackson anthoney or anyother these pimps should be revealed...

in that sense we have to admire edirille.... it looks to be a nick name..lol.. a funny mixture of edirille and don juwan darmapala...lol...
කිවුව වෙලාව- 2010-03-10 20:21:41
 
[Anonymous] මෙහෙම කියනවා :
දොන් ජුවන් එදිරිල්ලේ නොහොත් දොන් ජුවන් ධර්මපාල මෙයට ඉදිරිපත් කරන විකල්ප කවරේද?
10 March 2010 05:23 @Boondi Blog
කිවුව වෙලාව- 2010-03-10 20:07:14
 
[රටවැසියෙක්] මෙහෙම කියනවා :
ඇයි අප්පා රජතුමා අහන අහන හැම එකටම එහෙයි එහෙයි කියන එක කරන්න පුළුවන්නේ ඔය ඔක්කොටම. ඉතින් ඒ සේවයම මදිද?
කිවුව වෙලාව- 2010-03-10 07:06:45
 
[A Sinhala writer] මෙහෙම කියනවා :
It is better to ignore these people. They are intellectually bankrupt. Within a year or two, these people lose every credibility they have. We must remember not to let them wear 'people's artists' mask again. Ignore them, but do not forget!! Everybody can understand many artists are after the crumbs falling off Rajapaksha table- they are big crumbs that's why!!! JA is an intellectual simpleton. I cannot imagine these guys were a part of Dhawala Bheeshana, Marat Sade, and so on. JC, a man of some brains, his predicament is sad. This is what uncritical nationalism can do to people.
Let's ignore them, we have a future ahead for a better discourse. So let them be what they want to be.
කිවුව වෙලාව- 2010-03-10 05:50:11
 
 
15 Comment(s)|ප්‍රතිචාර
 

Your Comment[*]:
 
 
 
 
Your Name[*]:  
URL:  
   
 

[Best viewed in 1152 X 864 Screen Resolution]

w w w . b o o n d i . l k

boondionline@gmail.com

    කවරයේ කතාව  
 
 
 

 
     
මහත්වරුනි,
තීරණාත්මක මොහොත එළැඹී තිබේ.
 
ආශ්චර්යයක් සිදුනොවුණහොත්, මේ සතිය තුළ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගන්නවා ඇත. ඒ සමගම ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සඳහා ගමනෙහි මීළඟ පියවර ඇරඹෙනවාද ඇත. මුළු මහත් ලාංකේය සමජයම නින්දාසහගත නිහඬතාවක ගල්වනු ලැබ තිබියදී, මේ සතියේදී
 
සෙස්ස අස්සට
 
 
 

 
 
  අලුතෙන්  
 
 • මහත්වරුනි, තීරණාත්මක මොහොත එළැඹී තිබේ. | කේ.ඩබ්ලිව්.ජනරංජන
 • දන්නා තරම් සේරම කඩු හරඹ දමා- ඇල්මෙන් උගන්නා 'අකුරේ' ඵලය කිමා? | සංඛ කිරිඳිවැල
 • රසික ඔළු මත වසුරු! | "නළු බට්ටන්ගේ ස්වීටි බලහත්කාරය" | දොන් ජුවන් එදිරිල්ලේ
 • මර්වින් සිල්වා නම් වූ ඔලු දෙකේ සත්වයා | රාමචන්ද්‍ර
 • මුත්තයියා මුරලිදරන්ගේ "අටසීය" සහ තිත නොතබන කළු ජූලිය | සුමුදු තිවංක ගමගේ
 • ළමයින් විකුණාගෙන කන කාලකන්ණින්ගේ දේශය | කක්ෂපුට
 • තමන්ගේම කියා ව්‍යාපෘතියක් අරඹා කෝටිපතියෙක් වීමේ මග! | දොන් ජුවන් එදිරිල්ලේ
 • විදූ, කෝ හඳයා? | චමිල ද අල්විස්
 • අබි-ලීක් වාන් යූගේ අබිලික් පොරකාසයට එරෙහිව කක්ෂපුටගේ මාද්ය නිවේදනය | කක්ෂපුට
 • ඔහු ද අපේ එකෙකි!!! | ක්‍රිශාන් රාජපක්ෂ
 • මැච් ලබාදෙන රජුන් වෙන කොයින්දා...? | ක්‍රිශාන් රාජපක්ෂ
 • මහ මුහුද තෙලෙන් පිරවීම| 1 කොටස| AN AMERICAN CHERNOBYL | මහේෂ් මුණසිංහ
 • රුධිරයෙන් දිනූ දිනය සෙවලකමින් බාල්දු කිරීම නොහොත් ලංකාවේ මැයි දින ආතල් | දොන් ජුවන් එදිරිල්ලේ
 • ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලන තායිලන්ත රතු කමිස ''ත්‍රස්තවාදියෝ''! | සංඛ කිරිඳිවැල
 • දේශපාලන ග්‍රහ මණ්ඩලයේ අලුත් පිහිටීම්- පශ්චාත් මැතිවරණ විමසුමක් | සංඛ කිරිඳිවැල
 • කකුලෙන් කාර් එළවා බඩ පණුවන්ට ෆන් දීමේ දේශපාලන ගිනස් වාර්තාව | දොන් ජුවන් එදිරිල්ලේ
 • පංචායුධය- සත්‍යය සහ මිත්‍යාව | ජනක බණ්ඩාර
 • කිරි මුට්ටිය ගඟේ ගිය පසු.....! | සංඛ කිරිඳිවැල
 • ජයන්ත චන්ද්‍රසිරිට සහ තවත් එවැනි අයට, | දොන් ජුවන් එදිරිල්ලේ
 • අනේ කාලේ.... වනේ වාසේ.... | සඳකැලූම් රසාංජන
 
 
  තවත් වියමන්