| චැප්ලින් කොලම 02| Annie Hall |
| |
 |
  |
ඇනී හෝල් චිත්‍රපටියේ පමණක් නොව තම වෙනත් චිත්‍රපටවල ද වූඩි ඇලන් පෙනී සිටින්නේ සිත් තැවුල් සහිත දිවියක් ගෙවන හිස්ටරිකයකු ලෙසිනි. අනියත බිය සහ හසුරුවා ගත නොහැකි ශෝකය පළ කරන නළුවකු ලෙස ඔහුගේ සිග්නේචරය සිනමාව තුළ සටහන් වී තිබේ. ඔහු පුරුෂ සිංහයකු වැනි හොලිවුඩ් නළුවා පිළිබඳ පුද්ගලවාදී මිථ්‍යාව බිඳ දමයි. ප්‍රති - නළු සහ ප්‍රති - පුද්ගලවාදී නිරූපණය මධ්‍යයේම ඔහු විසින් මතු කරනු ලබන වටිනා භූමිකාවක් තිබේ. එනම් ඔහු සිතන්නකු හෙවත් සිතන පතන විෂයක් වීමයි. ඔහු සිතන මැසිමකි. ඊනියා සමාජ සහ සංස්කෘතික කොන්දේසි ඉක්මවා ඔහු සිතයි. ඒ සිතීම නිල සමාජයට අනතුරකි. ඔහු පාරේ යන එන අතරේ සිතයි. කෑම කන අතරේ සිතයි. පෙම්වතිය සිප ගන්නා අතරේ සහ සයනේ සිටින අතරේ සිතයි. යමෙකුට යමක් කියමින් සිටින අතරේ ඒ මොහොතේ තමා සැබැවින්ම සිතන්නේ ඊට හාත්පසින් වෙනස් දෙයක් බව ප්‍රෙක්ෂකයාට පැහැදිලි කරයි.
ඇනී හෝල් චිත්‍රපටියේ එක් අවස්ථාවක ඔහු තම පෙම්වතිය වන ඇනී සමග චිත්‍රපටියක් බැලීම සඳහා ටිකට් පෝලිමේ රැඳී සිටියි. ඔවුන්ට පසුපසින් සිටින මහාචාර්යවරයෙක් ගැහැනියක් සමග තොරතෝංචියක් නැතිව දොඩවයි. |
|
|
|
|
ෆිලිනිගේ චිත්‍රපටිවල ව්‍යුහය ගැනත්, සැමුවෙල් බෙකට්ගේ ශෛලිය ගැනත්, ප්‍රහසනකරුවාගේ දෘෂ්ටිය ගැනත් දොඩන ඔහු අන්තිමේ දී තම විමර්ශනය ජනමාධ්‍ය චින්තක මාෂල් මැක්ලුහාන් සහ රූපවාහිනියේ බලපෑම වෙත යොමු කරයි. වූඩි ඇලන්ට එය කන්කරච්චලයකි. ඇලන්ගේ විවේචනය ඉදිරියේ ප්‍රොෆෙසරයා මෙසේ කියයි. 'මට මගේ අදහස ප්‍රකාශ කරන්නට බැරිද? මේක නිදහස් රටක්!' එවිට වූඩි ඇලන් මෙසේ කියයි. 'හරි එහෙමයි කියමුකෝ. ඒත් ඔච්චර හයියෙන් කියවන්න ඕනද? එච්චර උජාරුවට මෙතැන බණ කියන්න ලජ්ජා නැද්ද? ලොකුම විහිළුව මේකයි. තමුසෙ මාෂල් මැක් ලුහාන් ගැනවත්, එයාගෙ පොත්පත් ගැනවත් මෙලෝ දෙයක් දන්නේ නැහැ' පැතලි මහඇදුරා ඊට මෙලෙස ප්‍රතිචාර දක්වයි.
 |
|
|
|
Annie Hall (Woody Allen 1977) | Download Torrents |
|
Hilary and Jackie (1998) | IMDB Information |
Eric Ilayapparachchi | එරික් ඉලයප්ආරච්චි |
|
Updated on : 2010-08-16 22:54:25 | [Tags] Annie Hall (1977),Woody Allen, Marshall Brickman, A nervous romance |
|
|
|
|
| බඹර වළල්ලේ රැස් වළල්ල බිඳුනු පසු.... |
| |
 |
  |
මේ වන විටත් බඹර වළල්ල ලාංකීය සිනමා ප්‍රේක්ෂකාගාරය හමුවේ උසස් චිත්‍රපටයක් ලෙස අධි නිශ්චය වී ඇති අතර ඊට බලපෑ හේතු කිහිපයකි. හූස්ටන් සම්මානය හිමිවීම, අමුඩයේ සිට ඩෙනිමට වැනි තේමා පාඨ, ප්‍රචාරක පෝස්ටරවල ස්වභාවය, කසුන් කල්හාරගේ සංගීතය, අධ්‍යක්ෂකවරයා ගේ ස්වයං වර්ණනා, කලාත්මක චිත්‍රපටයක බාහිර ලක්ෂණ, ආදී කාරණා ඒ අතර තිබේ. මේ සියල්ල සිත්හි තබා ගනිමින් අතුල ලියනගේ නම් රංගන ශිල්පියාගේ කුළුඳුල් සිනමා නිර්මාණය විඳ ගැනීම සඳහා සිනමා ශාලාවට ගොඩවන අයෙකුගේ ඊළග අත්දැකීම කෙබන්දක් දැයි මෙහි දී ලියා තැබිය යුතු වෙයි.
මැඩවුම් තරගයේ දී කාය බලය පෙන්වා මැල් මහතාගේ වසඟයට ලක්වීමේ සිට ඔහුගේ මිනී පෙට්ටි ව්‍යාපාරයේ අනාගත- |
|
|
|
|
-හිමිකරු බවට පත්වීම දක්වා දුර ගමනක නියැලෙන ගෝනමඩිත්තේ පොඩි එකා මෙම චිත්‍රපටයේ කථා නායකයාය. කාය ශක්තියෙන් හැර අන් සෑම අතකින්ම පාහේ හැබෑම පොඩි එකකු වන ගෝනමඩිත්තේ පොඩි එකාගේ මුල් ජීවන පරිචේදය ගෙවෙන්නේ ගමේ වෙල් නියර, අත් ටැක්ටර්, මී හරකුන් සහ තැපැල් නයින්ටි ආදිය පසුබිම් කර ගනිමිනි. ඉතා වේගයෙන් පෙළ ගැසෙන උද්වේගකර සිදුවීම් ගණනාවක ප්‍රථිපලයක් ලෙස මිනී පෙට්ටි මුදලාලිගේ ගෝලයකු බවට පත්වන පොඩි එකා ඒ තරම්ම වේගයකින් ඉදිරියට ගමන් කරනුයේ කෛරාටික මැල් මුදලාලි මරා දමා ඔහුගේ ව්‍යාපාරයේ හිමිකරුවා බවට ද පත්වීම දක්වාය. සූක්ෂම දුදනකු වන මැල් මහතාගේ තැනට පොඩි එකා ආදේශ වූ පසු මැල් යටතේ පීඩාවට පත් වූ සියල්ලෝ විමුක්තිය ලබා ඇති වගක් චිත්‍රපටයේ අවසාන රූප රාමු මගින් අපට හඟවන්නේ 'ඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත් වූහ' වැනි අවසානයක් චිත්‍රපටයට එකතු කරමිනි.
 |
|
|
Isuru Prasanga | ඉසුරු ප්‍රසංග |
|
Updated on : 2010-08-16 02:43:20 | [Tags] Bambara Walalla, Sri Lankan Movies, Athula Liyanage, Kasun Kalhara, Mahendhra Perera |
|
|
|
|
| චැප්ලින් කොලම 01| Hilary and Jackie |
| |
 |
  |
සංගීත භාණ්ඩ ලොව පවතින්නේ සංගීතකරුවන්ගේ වාදනය බලාපොරොත්තුවෙනි. කාමී පුරුෂයින් පතන කාමිනියක සේ සංගීත භාණ්ඩයෙන්ද, උන් නැති කල නිහඬව හා උකටලීව බලා සිටිති. සංගීත භාණ්ඩයන්ගේ ගුණනැණ විරුසිරි ලොව දැන ගන්නේ වාදකයන්ගෙනි. සමහර සංගීත භාණ්ඩයන්ට මහා වාදකයෝ හා මහා වාදිකාවෝ වුවමනා වේ. ඉතාලියේ මධ්‍යකාලීන වයලීන නිපැයුම්කරුවන් වූ ස්ට්‍රාඩිවාරි කුටුම්භයේ වාද්‍ය භාණ්ඩ අද වාදනය කිරීමට ඉඩ ලැබෙන්නේ ලොව ප්‍රථම ගණයේ වාදක වාදිකාවන්ට පමණි.
වයලීන පවුලේ බේස් සාමාජිකයකු ලෙස සැලකෙන ෂෙලෝ සංගීත භාණ්ඩය මෙතෙක් ලොව වාදනය කරන ලද ශ්‍රේෂ්ඨතමයන් අතරින් කෙනකු වන ජැක්ලින් මේරී ඉතාමත් අවාසනාවන්ත ලෙස අතැඟිලි අසංවේදීව, අංශභාගීව, බිහිරිව සහ ගොළුව 1987දී මෙලොවින් සමුගත්තාය. හිලරි සහ ජැකී චිත්‍රපටයට පාදක වී ඇත්තේ ජැක්ලින්- |
|
|
|
|
-සහ ඇගේ වැඩිමහලු සහෝදරිය අතර පැවතුණු සමීප සම්බන්ධතාවයි. ඔවුන්ගේ මව දෙදෙනාටම සංගීතය සහ නර්තනය ඉගැන්වූවාය. වැඩිමහලු සොහොයුරිය වූ හිලරි ෆ්ලූට් වාදිකාවකි. මේ චිත්‍රපටියට පාදක කරගෙන තිබෙන්නේ හිලරි සහ ඇගේ බාල සහෝදරයකු විසින් ලියන ලද ඉතාමත් අවංක චරිතාපදානයකි. ජැක්ලින්ගේ ෂෙලෝ වාදන ඇතුළත් වාර්තා චිත්‍රපටියක් ප්‍රේමසිරි කේමදාස තම 69 වෙනි ජන්ම දිනය වෙනුවෙන් 2006 ජනවාරි 25 වැනිදා බොරැල්ලේ පුංචි තියටරයේ පෙන්වා වැඩමුළුවක් පැවැත්වීය.
උසස් සංගීතය තුළ සුසංගතව හා එකිනෙකා කෙරෙහි අතිමහත් බන්ධනයකින් යුතුව ඇති දැඩිවන අක්ක නගෝ දෙදෙන සංගීතය ඔස්සේම ජීවිතයට මුහුණ දෙති. අක්කා පරයා නැගෙණිය ලෝක පූජිත ෂෙලෝ වාදිකාවක් බවට පත්වන්නීය. එනමුත් ඇයගේ යොවුන් ස්නායු පද්ධතිය ඉක්මනින් ව්‍යාකූල වී යයි.
 |
|
|
|
Hilary and Jackie (1998) | Download Torrents |
|
Hilary and Jackie (1998) | IMDB Information |
Eric Ilayapparachchi | එරික් ඉලයප්ආරච්චි |
|
Updated on : 2010-08-09 01:33:49 | [Tags] Hilary and Jackie (1998) by Anand Tucker, Emily Watson, Rachel Griffiths, James Frain |
|
|
|
|
'ෂිරින්'- චිත්‍රපටයක් නැති චිත්‍රපටයක්|
කියරොස්තාමි නම් වූ සංකේතීය පීඩකයා |
| |
 |
  |
ඉරාන සිනමා පතාකයෙක් වන අබ්බස් කියරොස්තාමිගේ ෂිරින් සිනමා පටය එවැනි සිනමා ආකෘතියක් නියෝජනය කරන එම වංශයේ එකම සහ ප්‍රථම කෘතිය ලෙස මට දැනේ. 1975 ඉන්ග්මාර් බර්ග්මාන් ගේ ද මැජික් ෆ්ලූට් නම් වූ සිනමා සිත්තමේ කිසියම් ඡායාමය අත්දැකීමක් හෝ අනුභූතියක් හේතුවෙන් කියරොස්තාමී ෂිරින් නිර්මාණය උදෙසා ආභාෂයක් ලබන්නට ඇතැයි යන අනුමානය මේ සිනමා කෘති එක ළඟ තබා බැලූ විට පෙනී යයි. සැබැවින්ම ෂිරින් සිනමා කෘතියේ අන්තර්ගතය වන්නේ ඉරානයේ සුප්‍රකට පුරාණෝක්තිගත අතිශය රමණීය ප්‍රේම වෘතාන්තයක් වන කොෂ්රොව් සහ ෂිරින් පෙම් පුවතය. |
|
|
|
|
මෙම පෙම්පුවත ළගන්නා සුළු කාව්‍යයක් බවට පත්වන්නේ ප්‍රකට ඉරාන කවියකු වන නේසාමි ගන්ජාවි [1141-1209] අතිනි. පෙම්පුවත කොතරම් මනරම් වුවද ෂිරින් සිනමා පටයේ ප්‍රේක්ෂකයාට දැක ගත හැක්කේ එම ප්‍රේම වෘතාන්තය කේන්ද්‍රීය වූ නාට්‍යයක් නරඹමින් සිටින එකසිය ගණනක් වූ ප්‍රේක්ෂිකාවන්ගේ මුහුණුය. කියරොස්තාමිගේ ෂිරින් සිනමා පටයේ ආරම්භක රූප රාමුවේ සිටම දැකිය හැකි වන්නේ විවිධාකාර වූ නාට්‍යමය අවස්ථා උදෙසා සිය චිත්තාභ්‍යන්තරයේ හට ගන්නා සංවේදනයන් මුහුණින් පළ කරමින් සිටිනා ප්‍රේක්ෂාගාරයක සමීප මුහුණු දසුන්ය.
ෂිරින්ගේ පෙම්පුවත තිරය මත දිගහැරෙන්නේ එහි නාට්‍යමය හඩපටය ලෙසිනි. එම හඩපටය ඔස්සේ සිදුවීම් චැනලයක් නිර්මාණය කරන අතර එම ශාබ්දික සිදුවීම් ඔස්සේ ස්ත්‍රී මුහුණු තුළින් පරාවර්තනය වන හැඟුම් විසින් දෙවන චැනලයක් නිර්මාණය වෙයි. මෙම චැනල දෙක හරහා ප්‍රේක්ෂකයා එම පෙම්පුවත මනසින් නිර්මාණය කර ගැනීමේ අභ්‍යාසයකට යොමු කරවයි.
 |
|
|
E A Dawson Preethi | ඊ ඒ ඩෝසන් ප්‍රීති |
|
Updated on : 2010-07-26 23:24:16 | [Tags] Shirin 2008, Film by Abbas Kiarostami, Iranian Cinema |
|
|
|
|
| ඇන්ත්‍රොපොසෙන්ට්‍රික් | Anthropocentric |
| |
 |
  |
අසීමිත මිනිස් මතකයේ බිඳක රැඳෙන්නාවූ තමාගේ හා අන් අයගේ අත්දැකීම් මඟින් සියල්ල මැන බැලීමට මිනිසා පෙළඹේ. 'Anthropocentric' කෙටි චිත්‍රපටය එම න්‍යායේ සරල ප්‍රතිබිම්භයකි. න්‍යායේ සරල බව රැක ගැනීම සඳහා මිනිස් සම්බන්ධතාවයන්ගේ සංකීර්ණ නොවූ- |
|
|
|
|
-තත්ත්වයක් වන ගැහැණිය හා පිරිමියා අතර ඇති වන්නාවූ සම්බන්ධතාවය මෙහිදී තෝරා ගැනුණි. කොමෝඩයක් මත අඩ නිරුවතින් හිඳගෙන සිටිනා සාමාන්‍ය තරුණයා සමාජයේ ප්‍රධාන පැතිකඩක් නිරූපණය කරන අතර ඔහු තමාගෙ ප්‍රේමය ජය ගැනීමට ක්‍රමයක් සොයමින් සිටියි. අසල ජනෙල් පඩියක තිබෙන චුම්භක යුගලය ඔහුගෙ නෙත ගැටෙන්නේ මේ අතරේදීයි. චුම්භකයන්ගේ ආකර්ශනය විකර්ශනය හා තම ප්‍රේමය අතර යම් කිසි සමාන කමක් දකින්නාවූ හෙතෙම, එක් චුම්භකයකට තමා ආදරය කරන යුවතියද අනෙකට තමාද ආරූඪ කරගනියි. ඉන් න්‍යායක් ගොඩ නගන ඔහු අවසානයේ තමාගේ පැණයට පිළිතුරක් සොයාගනියි.
 |
|
|
|
Watch 'Anthropocentric' in Vimeo |
|
Watch 'Anthropocentric' in UTube |
|
Updated on : 2010-07-14 22:39:15 | [Tags] Anthropocentric Directed by Muvindu "Bo Sedkid" Binoy and Ramesh "Pixel Morph" Laktharu, Short Films |
|
|
|
|
| හැට වරක් කිචි කැවුවත් හිනා නොයෑමේ කරුමය හෙවත් “මගෝ ඩිගො ඩයි” |
| |
 |
  |
මේ දවස්වල මගතොටේ ඇවිදින විට තට්ටයෙක් මුණ ගැසුනොත් වඩා විමසිල්ලෙන් බලන්නේ මේ ඉන්නේ රොනී ලීච්මද කියා සැක හැර දැන ගැනීමටය. ඒ අන් කිසිවක් නිසා නොව ඔහුට “ඉජු” කියා කතා කරන්නටය. මක් නිසාදයත් එසේ කතා කරන්නැයි ඔහු විවෘතව අපට අභියෝග කරන ලද බැවිනි. රූප පෙට්ටියේ පෙන්වන මගෝඩි වෙළඳ දැන්වීම් අතර පෙනී සිටිමින් ඔහුද රගපාන (පෙනී සිටින) මගෝඩි චිත්‍රපටියක් හාස්‍යජනක යැයි කැට අල්ලමින් අපේ සාලයටම පැමිණ මෙම ආරාධනාව (අභියෝගය) ඔහු විසින් කරන ලදි. මෙය නරඹා සිනා නොවී සිටිය නොහැකි බව සපථ කළද මා නැරඹු දින චිත්‍රපටය නැරඹු 25 ක් පමණ වූ පිරිස අතරින් කුඩා ළමුන් කීප දෙනෙක් වරක් හෝ දෙවරක් සිනා සුනා හැරෙන්න අන් කිසිවකුවකුගේ සිනා හඬක් ඇසීමට නොහැකි විය. ඔවුන්ද ඒ සිනාසුනේ ප්‍රේක්ෂකයා සිනා ගැන්වීමට චිත්‍රපටයේ පෙනී සිටි ඇත්තෝ- |
|
|
|
|
ගන්නා ලද උත්සාහයට අනුකම්පා සිතින් වන්නට ඇතැයි දැන් මට සිතේ. තමා පෙනී සිටි චිත්‍රපටය ඉතා අනර්ඝ එකක් නිසා එය නරඹන ලෙස කියා සිටීම එතරම් සදාචාර සම්පන්න නොමැති වුවත් ඒ ගැන සිත් රිදවා නොගත යුතුය. චිත්‍රපටයේ පෙනී සිටීම සඳහා හේතු ඕනෑතරම් ඔහු සතු වුවත් එය නරඹන්නයි ප්‍රේක්ෂකයාට කීමට තරම් කිසිදු හේතුවක් නොමැති වීම මෙහි ඇති බරපතල කාරණයකි. මන්ද ඔහු ඇතුළු චිත්‍රපටියේ පෙනී සිටින සහ චිත්‍රපටයේ අයිතිකාර නඩයම විසින් එකතුව ලැජ්ජා විරහිත ලෙස ප්‍රේක්ෂකයා අමු අමුවේ මුලා කොට ඇති බැවිනි. තමන් රඟ පෑ චිත්‍රපටය හාස්‍යජනක එකක් බව කීමට සිදුවීමම මෙම චිත්‍රපටය ගැන ප්‍රේක්ෂකයාට ඇති එකම හාස්‍යයයි. ප්‍රේක්ෂකයා සිනා ගැස්සවීම සඳහා ආයාසයෙන් වෙර වීර්යය ගෙන, එය අසාර්ථක වන විට කිතිකවා හෝ බලෙන් හෝ ප්‍රේක්ෂකයා රවටා හෝ එම අසීරු උත්සාහය ජය ගැනීමට මෙම චිත්‍රපටියේ පෙනී සිටින්නන් වෙර දරයි.
 |
|
|
Kumudu Priyankara | කුමුදු ප්‍රියංකර |
|
Updated on : 2010-06-01 04:59:27 | [Tags] A review on Magodi Godayi Sinhala Film, Mago Digo Dayi, Wijaya Nandasiri, Anarkali Akarsha, Gamini Susiriwardana |
|
|
|
|
| ආදරේ අංශුමාත්‍රය ට බඹර වළල්ලක් |
| |
|
[රාවය 2010.05.23] |
|
|
 |
  |
(සුදත් මහදිවුල්වැව ගේ ලිපිය හා බැඳේ) පසුගිය රාවය කලාපයේ සුදත් මහදිවුල්වැව විසින් 'ආදරයේ අංශුමාත්‍රයක්' චිත්‍රපටය පිළිබඳ ලියා තිබූ සටහන සම්බන්ධයෙන් ප්‍රශ්න ගණනාවක් තිබුණද චිත්‍රපටය පිළිබඳ ව මා හට කියන්නටඇති කාරණාවට පිවිසුමක් හැටියෙන් එය පවත්වාගෙන චිත්‍රපටය ගැන වෙනත් ඍජු ප්‍රායෝගික කතාවකට මුල පුරනු කැමැත්තෙමි. චිත්‍රපටය බලන්නට මා ආරාධනා ලද්දෙක් නොවේ. නමුත් අධ්‍යකෂකවරුන් දෙපළගේම යම් යම් නිර්මාණ නරඹා තිබූ නිසා සහ මේ නිෂ්පාදනය ගැන මා අසා තිබූ 'ලොමු දැහැ ගැන්වන' කතා නිසා අවසරයක් නොපතාම ආරාධිතයන්ගේ දර්ශනයට රිංගා ගත්තෙමි. චිත්‍රපටය නරඹන විට චිත්‍රපටයට වඩා ඊට බාහිර කාරණා ගණනාවක් මා 'ස්වයංපීඩනයට' මෙන්ම 'ස්වංය වින්දනයට' ද පත් කරන ලදී. |
|
|
|
|
මේ චිත්‍රපටයේ නිර්මාණකරුවන් විසින් කියන්නට යන සාංදෘෂ්ඨික වේදනාව මේ පොළොව මත සිටවිය හැකිදැයි මා නොයෙක් වර නොයෙක් තැන කතාබහට ගෙන ඇත. අපි චත්-පොන්ග් වීරසේතුකල් ගේ සිනමාව ලෝකයේ පැසසුම් ලැබීම තරම් තැනකට නොනැසී වැඩීම ගැන මට ඇත්තේ පුදුමයකි. මේ සංදෘෂ්ඨික තනිකම අපේ සංස්කෘතියෙන් මගහරින දේයි. අප සාමූහික බව හඟිමින් යටපත් කරන්නට දවල් රෑ උත්සාහ කරන දේයි. චිත්‍රපටයේ සාකච්ඡා කරන මෙම තනිකම කෙතරම් අපේම දැයි යන්න ප්‍රශ්න කිරීම චිත්‍රපටයේ විචාරය සම්බන්ධ කාරණයකි.
මට දැනෙන සහ දැනී ඇති පරිදි අපේ රටේ පරාරෝපණය නැතිවා නොවේ. නමුත් ඒ පරාරෝපණය වෙන තැන් වලට වඩා සංකීර්ණය. සුදත් චිත්‍රපටය ලෝක සිනමාවේ විවිධ ප්‍රවණතා හා ගැටගසමින් කතා කිරීම මට අනුව බොළඳය.
 |
|
|
Thushara Perera | තුෂාර පෙරේරා |
|
Updated on : 2010-05-25 02:28:01 | [Tags] How I Wonder What You Are, Sri Lankan Movie by Chinthana Dharmadasa, Udaya Dharmawardhana, Bambara Walalla, Athula Liyanage |
|
|
|
|
| ලොස්ට් හයිවේ වෙත-ලින්ච් සහ ලැකාන්: සිනමාව සහ සංස්කෘතික ව්‍යාධිවේදය හරහා [2] |
| |
|
පළමු කොටසට මෙතනින් යන්න |
|
|
 |
  |
අතුරු කතාව 1- සූචනය මත/සූචිකරණය
ඩේවිඩ් ලින්ච්ගේ ලොස්ට් හයිවේ සිනමා පටය අප අභියෝගයට ලක් කරන්නේ එහි වන ගුප්තමය ස්වභාවය නැවත ප්‍රශ්න කිරීම තුළය. අපි සිනමා පටයක් නරඹද්දී කරන්නේ කුමක් ද? අපි කොහොමද සිනමා පටයක් කියවා ගන්නේ? මෙම ප්‍රමූලික ගැටළුව සිනමා අධ්‍යයනය තුළ කේන්ද්‍රීය ගැටළුවක් ලෙස සනාතනිකව නැගෙන්නේ යථාව ජීර්ණ තත්වයට පත් කරවන සිනමා පටයක සැබැවින්ම යථාව අනුකරණය කරන්නේ ද හෝ එය තුළ වන්නේ සංකේතීය තත්වයක් පමණද නොඑසේ නම් ආන්තරික හෝ අවකල්‍යමය ව්‍යුහයක් ද ?
පීටර් වොලන් පෙන්වා ඇති පරිදි:
"සිනමා පටයක් කෙතරම් දුරකට සන්නිවේදනය උදෙසා මුද්‍රාවක් ලෙස ප්‍රතිනිෂ්පාදනය කරන්නේ දැයි හෝ බේසින්ගේ වචනවලින් යථාව පිළිබඳ සහ ස්වාභාවික ලෝකය පිළිබඳ කොතරම් දුරකට එළිදරව් කරන්නේද? නොඑසේ නම් එය කෙතරම් දුරකට යථාර්ථය ට අතරමැදි වන්නේද හෝ එය විරූපනය හෝ පරිවර්තනය කරන්නේ ද යන්න සහ අඩු වැඩි වශයෙන් අත්තනෝමතික ලෙස ස්වාභාවික ප්‍රකාශයක් ලෙස සහ සාදෘශ්‍ය නොවු පද්ධතියක් ලෙස නැවත එය ගොඩනගන්නේ ද යන්න සහ පරිකල්පනය පමණක් නොව යම් කිසි සංකේතිකරණයේ සංඥාවක් ලෙස එය නිරූපනය වන්නේ ද?"
සිනමා පටයක් යනු අත්‍යවශ්‍යයෙන්ම කිසියම් දෙයක් ගැන කෙරෙන යමක් නම් මේ ගැටළු දෙකම එක මත කඩා වැටෙන්නට ගන්නේ හෝ- |
|
|
|
|
-වඩාත් සුදුසු ආකල්පමය නැඹුරුව ලෙස [ප්‍රතිරූපණයට එදිරිව] ගොඩනැගෙන යමක් සේ පශ්චාත් නූතන සංස්කෘතිකමය නිර්මාණ තුළ වන පොදු අරුතින් ස්ථානගත කළ හැකිවේ. ලොස්ට් හයිවේ තුළ සැඟැවූ අරුත කුමක්දැයි යන ඒකායන ප්‍රශ්නය ඩේවිඩ් ලින්ච් වෙත යොමු කළ අවස්ථාවක ඔහු පැවසූවේ...
"සිනමා කෘතියක දර්ශනීය බව රැඳෙන්නේම ඒ කෘතිය වියුක්ත ලෙස සෑම කෙනෙකුගේම එකිනෙකට වෙනස් කියැවීමක් ඇති වීමෙනි. හැන්දෙන් පෙව්වා වගේ සිනමා කෘතියක් සියල්ල මුවේ තැබූ විට මිනිස්සු ක්ෂණිකවම දැන ගන්නවා සිනමා කෘතියේ තිබ්බෙ කුමක්ද කියා. මං කැමතියි දේවල් සිතින් මවා ගන්නට හැකි අයුරින් ඉඩකඩ සළසා තබන්නට."
අර්ථය පිළිබඳ අවිනිශ්චිත ගැටළුව හේතුවෙන් ලින්ච් හුවා දක්වන්නේ සිනමා කෘතියක් එහිම වූ අනන්‍ය අයිතියකින් සමන්විත කලා ආකෘතියක් බවයි. කිසියම් හොඳක් සිදු නොවූවත් "මේ තමයි එහි අරුත" යැයි කීමට වඩා "සිනමා පටයම තමයි එහි අරුත" යැයි ව්‍යවහාර කිරීම වඩා උචිතයි යන්න ලින්ච්ගේ අදහසයි.
 |
|
|
On the Lost Highway: Lynch and Lacan, Cinema and Cultural Pathology by Bernd Herzogenrath
Other Voices V1N3 1999 ජනවාරි
Copyright © 1999, Bernd Herzogenrath, all rights reserved.
Torrents ගන්න. | ගිහින් බලන්න. |
|
|
Bernd Herzogenrath | බර්න්ඩ් හර්සොජෙන්රත් |
පරිවර්තනය - E A Dawson Preethi | ඊ ඒ ඩෝසන් ප්‍රීති |
|
Updated on : 2010-05-16 23:40:29 | [Tags] On the Lost Highway: Lynch and Lacan, Cinema and Cultural Pathology by Bernd Herzogenrath |
|
|
|
|
| රස්තියාදුකාර පොහොසත්කමේ සෙලියුලොයිඩ් ආත්මකථනය |
| |
|
ලාංකීය සිනමාවේ හතරවෙනි වෙඩිමුරය හෙවත් රස්තියාදුකාර පොහොසත්කමේ සෙලියුලොයිඩ් ආත්මකථනය | How I Wonder What You Are |
|
|
 |
  |
උදය ධර්මවර්ධන සහ චින්තන ධර්මදාස සුසංයෝජනයෙන් නිර්මාණය වූ ‘How I Wonder What You Are’ චිත‍්‍රපටය අද්‍යතන ශ‍්‍රී ලංකාවේ තරුණ සිනමාකරුවන්ගේ පළමු වෙඩිමුරයේ ආරම්භය යැයි සිතමි.
ලෝකය පුරා විවිධ සිනමා ධාරාවන් මතුවූ ඉතිහාසය ඉතා පරෙස්සමෙන් විමසා බැලූවොත් ඒ හැම නව පෙළගැස්මක්ම, නව රැල්ලක්ම පිටුපස ඉතා විශාල සමාජ, ආර්ථික හා දේශපාලන කතිකාවක් ප‍්‍රකාශිතව හෝ අප‍්‍රකාශිතව ඇත. මෙම සමාජ හේතූන් තේරුම් නොගෙන එහි ඵලය වූ නිර්මාණය ගැන කතා කළ නොහැක.
ඉතාලි නව තාත්විකවාදය සහ ප‍්‍රංශ නව රැල්ල
යුද්ධයෙන් පසුව චිත‍්‍රාගාර, කැමරා උපකරණ සුනු විසුණු වී අළු දුහුවිලි බවට පත් වූවාට පසු විනාශ නොවූ කුඩා කැමරා සහ කල් ඉකුත් වූ පටල පට භාවිතා කරමින් විනාශ වූ නගරයක ජීවත්වීමට වෙර දරන මිනිසුන්ගේ සැබෑ කතාව රූපයට නැගීමත් සමඟම ලෝක සිනමාවේ හැරවුම් ලක්‍ෂ්‍යයක් වූ ඉතාලි නව තාත්විකවාදය බිහි විය. ආන්ද්‍රෙ බසීන් වැන්නන්ගේ සිනමා සිද්ධාන්ත හා ‘කහියෙදු සිනමා‘ වැනි විකල්ප සිනමා මතවාද සමග සම්මත සිනමාව හා- |
|
|
|
|
-සිනමාකරුවන්ගේ සිනමා භාවිතාවට එරෙහිව ගැසූ කැරැල්ල ‘ප‍්‍රංශ නව රැල්ල‘ නම් වූ සුවිශේෂ හැරවුම් ලක්‍ෂ්‍යය ලෝක සිනමාවට එක් කළේය. ගොඩාඞ්, ටෲෆෝ වැන්නන්ගේ සිනමා භාවිතාවන් හා නව සිනමා සංකල්ප ලෝකය පුරා තරුණ සිනමාකරුවන් උත්තේජනය කරන්නට විය.
කලාව අනන්‍යතාවය සොයා ගැනීම
නිශ්චල ඡායාරූප කලාව පැමිණීමත් සමඟම ඉතා දරුණු ලෙස අභියෝගයට ලක්වූ ‘චිත‍්‍ර කලාව‘ තවදුරටත් ස්වභාවික පරිසරය හා හා මිනිස් රූප ඇඳීම නිසල ඡායාරූපයකින් තරම් ස්වභාවිකව කළ නොහැකි බව තේරුම් ගත් නිසාම චිත‍්‍රය කලාවේ වූ ශුද්ධ වූ අනන්‍යතාවය සොයා දීර්ඝ පුරසක්මනක යෙදෙන්නට විය. මෙහි අපූරු ප‍්‍රතිඵල ලෙස ශුන්‍යතාවාදය, අසම්මතවාදය, ප‍්‍රකාශනවාදය, වැනි නොයෙක් ෙසෙද්ධාන්තික මතවාද සහ ශෛලීන් බිහි වන්නට විය. මෙම තත්වය මුලින් චිත‍්‍ර කලාවත්, පසුව වේදිකාවත්, ඊට පසුව සිනමාවත් ඉතා දියුණු සහ ආකර්ශනීය ආකාරයෙන් භාවිතා කරන්නට විය.
 |
|
|
Sudath Mahadiwulwewa | සුදත් මහදිවුල්වැව |
|
Updated on : 2010-05-13 01:09:24 | [Tags] How I Wonder What You Are, Sri Lankan Movie by Chinthana Dharmadasa, Udaya Dharmawardhana, Prasanna Mahagama, Purnima Muhandiram, Mahendra Perera |
|
|
|
|
| සොෆී මග්දලේනා ෂොල් | The Final Days |
| |
 |
  |
"...මා මේ ඉන්නා තැනට ඊළඟට එන්නේ ඔබ ය...."
තම මරණ සහතිකය ලියා ගත් සොෆී අධිකරණය හමුවේ පැවසු අවසන් වදන් පෙළ ය ඒ. මරණ දණ්ඩණය නියම ව තම දෙමව්පියන්ගෙන් සමුගන්නා සොෆී ලෝක ඉතිහාසයෙ හි අලුත් පිටුවක් පෙරලුවා ය. ඇය මෙන්ම මරණ දණ්ඩණය හිමි කරගත් ඇගේ සොයුරු, හන්ස් සහ මිත‍්‍රයා, ප්‍රෝබ්ස්ට් වෙතින් වෙන්ව පෝරකයට ගෙන යන අවසාන මොහොතේ දී පවා ඇය කෙතරම් අභීත ව, නොබියව ඊට මුහුණ දුන්නා දැයි ඉතිහාසය විසින් සාක්‍ෂි දරයි.
ඒ මොහොතෙහි ඉර පායා දිලෙන්නට විය. දැඩි ආත්ම ශක්තියකින් යුතුව ඇය පියවර තබයි. පායා දිදුළන ඉරට හිනැහෙමින් තම සොයුරා සහ මිතුරා දෙස ආපසු හැරී බලයි. දෙපස ආරක්‍ෂක නිළධාරීහු ඈ පෝරකය වෙත ඇද යමින් සිටිති.
"...ඉර පායලා...(ලස්සනට ඉර පායලා..)..." |
|
|
|
|
කඳුළු සඟවා ගනිමින් ඔවුන් දෙස බලා ඇය පැවසුවා ය. ඒ වසර 22 ක් තරම් වූ ඇගේ කෙටි ජීවිතයේ අවසාන වදන් ය. තාරුණ්‍යයේ ජවයත්, එඩිතරකමත් එම දෑස් තුළ මොනවට මතු වී තිබුණි.
*********
සොෆී මග්දලේනා ෂොල්, 1921 මැයි මස 09 දා ජර්මනියෙහි, ෆෝර්ෂ්ටන්බෙයර්ග් (Forchtenberg) හි උපත ලද අතර, සහෝදර සහෝදරියන් තිදෙනකුගෙන් යුත් පවුලක තම දෙමව්පියන් සමඟ 1930 වනතුරු එහි ජීවත් වූවාය. අනතුරුව ලූඞ්විග්ස්බර්ග් (Ludwigsburg) නගරයේත්, වසර දෙකකට අනතුරුව උල්ම් (Ulm) නම් නගරයේත් පදිංචිව සිටියාය.
මේ වන විටත් තම සොහොයුරු හන්ස් ෂොල් ජාතික සමාජවාදී පෙරමුණට සම්බන්ධව සිටි අතර සොෆී ද, ජර්මන් යෞවනියන්ගේ සංගමයට සම්බන්ධව සිටියාය.
 |
|
|
Thushari Priyangika | තුෂාරි ප්‍රියංගිකා |
|
Updated on : 2010-05-11 01:29:52 | [Tags] Sophia Magdalena Scholl (1921-1943), The White Rose non-violent resistance group in Nazi Germany |
|
|
|
|
| |
|
[Best viewed in 1152
X 864 Screen Resolution] |
|
 |
|
w w w . b o o n d i . l
k |
|
boondionline@gmail.com |