1 2 3 4 5 6

 
     
 
     
 

Site for Sri Lankan Literature, Arts and Politics

 
 

BLOG

 
 
Home
 

කට දිග ඇරලා කියන්න!

 

 




       
 

 
වත පුස්ථක වස්තුව
 
   එසමයෙහි සී මැදුරු කවුළුවෙන් විමසන කල්හි දෙනෙත් වික්ෂිප්ත වම්හ. පුස්ථක මස්තකයෙහි වත තබා, වත මස්තකයෙහි පුස්ථකය තබා නැවත නැවතත් පා නියෙන් ඉස්සී විමසන කල්හි දෙනෙත් වික්ෂිප්ත වම්හ. නව්‍ය කාව්‍යක්කාරයෝ කුකවි යෝගයෙන් බිපුවට පුපුරා ගැඩවිල් පණු ගුලි මෙන් වසුරු ලමින් නිළ මැසි සේනා සමග පයුරු පාසානයෙන් යුක්ත වන්නාහ. හේ කෙසේද යත් පර්පියුම් සිනමාන්දරයෙහි කෙළවර ජවනිකා ප්‍රාප්තියේ රමණ පාශයෙන් බැඳී තැන තැන රති කෙළියේ නිමග්න මිනිස් ගුලි චිත්‍රණ මෙන්ය. කුකවින් හා සමලංකෘත මැසි සේනා ඇතුළු නුවර පුරා ද පිට ද කුරුබිලියෙන් ඉවත ද පට්ට, මැක්සා, පිස්සු කොර, එළ කිරි, මාර ගති... යනාදියෙන් පිළිවදන් බිණිමින් මේ පුරා-
 
ස්වකීය ගන්ධය පතුරුවන්නට වම්හ. පා අවුළු ආදියෙන් තබා ගොඩනගන නියාවෙන් බොරු කකුල් කරුවන් මෙන් ඔවුහු ද ඉස්සී සිටීමට ප්‍රිය කළාහු ය. ව්‍යාජ රූපකායෝ පෙරහරේ ගමන් කළාහු ය. ඇතමෙක් ඔවුන් බණවා යමෙක් කී කල්හි ඇඳසිටි වස්ත්‍රාභරණ ද මැසි සේනා ඇඟ ලූ වස්ත්‍රාදිය ද පෙන්වා කී දේ නාහන උකටලී සොබාවක්ම පෑහ.

 
Veeraya | වීරයා
Updated on : 2010-08-17 02:31:24 | [Tags] Story of the Facebook
(19)ප්‍රතිචාර|Comments
 
අහුවුන සක්විති, අහු නොවෙන සක්විතිලා සහ මීඩියා චෞරයෝ
 
   මේ දවස්වල ලංකාවේ බොහෝ දෙනෙක් තළු මරමින් කියවන පොතේ නම MAY be D & G ය. ලංකාවේ ජාතික මට්ටමේ යැයි කියා ගන්නා බොහෝ මාධ්‍යවල සිට අයිතිකරුවන් නැති අවකාශයේ වෙබ් අඩවි, බ්ලොග් අඩවි හරහා දෙන්නෙක් සෙට් වු වෙලාවට ගන්නා පොදු බය්ට් එක දක්වා මාතෘකාව සක්විතිය. යුද්ධය අහවර වීමත් සමග නිවුස් පිපාසයෙන් සිටි මෙම ආයතනවලට මෙන්ම නරඹා රස විඳින්නට ද කාලෙකින් අළුත් ආතල් එකක් ලැබී ඇත. ලංකාවේ අංක එකේ පුවත් සපයන්නා යැයි කියාගන්නා බොහෝ රූපවාහිනී නාලිකා වලට සති ගණනක් පුරා විකිනීමට මස් කෑල්ලක් ලැබී තිබේ.
 
සක්විති ගැන සක්විතිවත් නොදන්නා බොහෝ දේ ඔවුන් මේ දවස්වල සොයාගෙන නාට්‍යනුකාරයෙන් රස විඳින්නන්ට මවා පෙන්වයි. ගස් බැඳි ඇමතිට විරුද්ධව කිරිබත්ගොඩ නගරයේ තිබූ උද්ඝෝෂණය වාර්තා නොකර ඔහුට සහයෝගය පල කළ උද්ඝෝෂණය ගැන පමණක් උඩ පනිමින් වාර්තා කරණයේ යෙදුණු මෙම සමහර මාධ්‍ය කිසිදු මුලාශ්‍රයක් නොමැතිව සමෘද්ධි නිළධාරියා කළා යැයි ප්‍රකාශයක් වාර්තා කලේ අවශ්‍යනම්, මාධ්‍ය වෘත්තිය ගණිකා සේවයේ යෙදවීමට නොව ඊටත් එහා යාමකට වුවද ඔවුන් සූදානම් බව පෙන්වා දෙමිනි.

 
Kumudu Priyankara | කුමුදු ප්‍රියංකර
Updated on : 2010-08-12 21:52:34 | [Tags] Sakvithi Ranasinghe
(8)ප්‍රතිචාර|Comments
 
සක්විති උන්මාදය සක්විත්තන්ගේ ම තවත් සක්විති ගේමක් නම්?
 
   කලක් රටක් කැළඹූ ඔහු දැන් යළිත් රටේ ම අවධානය තමන් වෙත නතු කරගෙන සිටී. ඉගැන්වීමට ම උපන් ඔහු රටට ම මතක හිටිනා පාඩමක් ඉගැන්වී ය. එහෙත් රට්ටු ඔහුගෙන කුමක් ඉගෙන ගත්තා දැයි නොදනිමු. සක්විති ඔහු ය. මෙරට ප්‍රධාන පෙළේ චෞරයන්ගෙත් චෞරයෙක් වූ ඔහු අද වන විට පොලිස් අත්අඩංගුවට පත් ව ඇත. සක්විති රණසිංහ කවුදැයි යළි යළි පැවසිය යුතු නැත. ඔහු ගැන රට ම දනී. එහෙත් ඔහු ගැන රට ම නොදනී. රජ මැදුරක ඉපදී සිටියානම් ඔහුටත් රජෙක් වන්නට තිබිණ. එහෙත් ඔහු ඉපදුණේ පැල්පතක ය.
 
දක්ෂයාට නිසි තැන හිමි නොවුණත් ඔහුගේ දක්ෂකම්වලට ඉඩක් නොදී සිටිය නොහැකි වීය. මේ නිසා ම අගනගරයේ ප්‍රධාන පාසලක අධ්‍යාපනය ලැබීමට වාසනාව තිබුණ ද දෛවය විසින් එකී අවස්ථාව අහුරා තිබිණ. පීඩිතයකු වී පීඩිතයින්ම තලා පෙළා පීඩිතයින් මතින් ම නැඟීසිටීමට වෙර දරන්නන්ට ඔහු සිය මූලික පාඩම කියා දුන්නේ ය. පාසලේ අංකූරා රටේ ම අංකූරන්ට ගේම දුන් හැටි කිසිවකුටත් හිතා ගැනීමට වත් නොහැකි විය. අඩු ම තරමේ මෙරට මුල් පෙළේ උගතුන්ට පවා. අවසන ඔහු හැමටම කොකා පෙන්වීය. අසල්වැසි ඉන්දියාවටත් කොකා පෙන්වූ ඔහු, නැවත ලංකාවට පැමිණ මාස කිහිපයක් යළි ලංකාවට කොකා පෙන්වීය. එහෙත් අවසානය තවමත් නැත. තාවකාලික විරාමයක් සටහන් කරන්නට පමණක් අවස්ථාව උදා විය. මෙකී නාටකයේ තවත් බොහෝ දෑ ඉක්මනින් ඉටු වනු දැකීම අපේ අපේක්ෂාව යි.

 
Sandakelum Rasanjana | සඳකැලූම් රසාංජන
Updated on : 2010-08-09 04:58:34
(13)ප්‍රතිචාර|Comments
 
'හොත් පොර'(ණ) ඇදුරු වත|
මහාචාර්යවරු හිටගෙන කරන විට චූලාචාර්යවරු දුව දුව කරති!!
 
   මෙලොවෙහි කිසිදු අලුත් දෙයක් නැත. ඇත්තේ එකම පරණ ලෝකයයි. එහෙත් එය අලුත් ආකාරයකින් දැකීමට ඇතැමුන්ට හැකියාව ලැබී තිබේ. එසේ දැකිය යුත්තේ තමන්ගේම ඇසින් විනා අනිකකුගේ ඇසින් නොවේය යනු කලා නිර්මාණ හා සාහිත්‍යය සම්බන්ධයෙන් පවතින ප්‍රචලිත අදහසකි. අනුන්ගේ ඇසින් ලොව දකින්නා කවියෙක් නොවේ. ඔහු කුකවියෙකි යනුවෙන් කුමාරතුංග මුනිදාස මහතා පැවසූයේ ශ්‍රී රාහුල හිමියන් කාව්‍යශේඛරය ලිවීමේදී එකල ප්‍රසිද්ධ ලේඛකයන්ගේ පොත්වල ආ අදහස් ඒ ආකාරයෙන්ම උපුටාගෙන ඇතැයි පෙන්වා දෙමිනි. "එක පොතකින් කරුණු ගැනීම සොරකමකි. පොත් ගණනාවකින් ගැනීම පර්යේෂණයකි" යනුවෙන් පැවසෙන කියමනක් ඉංග්‍රී‍සි උගතුන් අතර තිබේ. මක්නිසාද යත් බොහෝ පොතපත කියවා කරුණු උකහා ගැනීමෙන් අලුතින් තර්ක ගොඩ නැගීමට මග පෑදෙන බැවිනි.

Plagiarism හා academic dishonesty යන යෙදුම් ලොව පුරා අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි භාවිතා වන බැවින් ඒවා නොදන්නා අය අධ්‍යාපන ආයතනවලින් බලාපොරොත්තු විය නොහැකිය. මේ යෙදුම් දෙකින්ම අදහස් වන්නේ ලිපිලේඛන හා පොත්පත් පළ කිරීම්වලදී අපේක්ෂා කරන ගුණධර්මයකි. එනම් නව අදහස් මතවාද පැවසීමට තමන් කියවූ පොතපත මොනවාදැයි අවංකව ලොවට හෙළිකිරීමයි.
 
එහෙත් මේ වචනවල තේරුම් නොදන්නා අය හමු විය හැක්කේද ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවලින් පමණක් වීම හාස්‍යජනකය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතර පමණක් නොව ලේඛකයන් හා ගත්කතුවරුන් අතරද මේ අවංකභාවයෙන් තොරවූවන් සිටින අන්දම වරින් වර වාර්තා වෙයි. මේ සම්බන්ධ ප්‍රකට නඩු තීන්දු කිහිපයක්ද තිබේ. මලල්ගොඩට එදිරිව විඡේසුරේන්ද්‍ර ලොකුගේ යන නඩු තීන්දුව ඒ අතරින් ප්‍රසිද්ධය.

 
Suneth Priyadarshana | සුනෙත් ප්‍රියදර්ශණ
Updated on : 2010-07-28 00:37:49 | [Tags] Sri Lankan Universities, Sri Lankan Professors, Plagiarism and Acasemic Dishonesty of Sri Lankan University teachers
(25)ප්‍රතිචාර|Comments
 
මනෝ චිකිත්සක උපදේශනයේ ඛේදවාචකය
 
   පසුගිය වසරේ මගේ මිත්‍රයෙක් ඔහුගේ බෑණාට රැකියාවක් සොයා දෙනමෙන් මගෙන් ඉල්ලීමක් කළේය. ඔහුගේ ජිව දත්ත සටහන අනුව මට පෙනීගියේ ඔහු වැඩි උගත්කමක් නැති අ.පො.ස.(සා.පෙළ) පමණක් සමත් අයෙකු බවය. කෙසේ වෙතත් ඔහුට උපකාරයක් කිරීමේ අභිලාශයෙන් යුතුව මම ඔහුව දන්නා හඳුනන ව්‍යාපාරිකයෙකුට යොමුකොට විකුණුම් නිලධාරියෙකු ලෙස පත් කිරීමට කටයුතු කරමෙන් ඉල්ලීමි. රැකියාව ලැබුනත් ඔහුට එය වැඩි කල් පවත්වාගෙන යාමට නොහැකි විය. අකාර්යක්ෂමතාව හේතුවෙන් ඔහුව රැකියාවෙන් නෙරපන ලදී. කණගාටුවට පත්වූ මා පරිගණක පාඨමාලාවක් හදාරා තව තවත් සුදුසුකම් සපුරාගන්නා ලෙස ඔහුට අවවාද කලෙමි.
 
මෑතකදී බලාපොරොත්තු රහිත ලෙස මට ඔහු මුණගැසුණු අතර මගේ අවවාද අනුව කටයුතු කලේදැයි විමසා සිටියෙමි. ඔහුගේ පිළිතුර වුයේ, ඔහු දැනට මනෝ චිකිත්සක උපදේශකයෙකු ලෙස සේවය කරන බවත්, ඔහුගේම මනෝ චිකිත්සක ආයතනයක් පවත්වා ගෙන යන බවත්ය. මෙම ප්‍රකාශයෙන් අතිශය පුදුමයට පත් මා, මනෝ චිකිත්සක උපදේශන සඳහා පුහුණු වුයේ කෙසේදැයි ප්‍රශ්න කෙළෙමි. ඔහු මට පවසා සිටියේ ඔහු ඩී. එස්. රණවක මහතා යටතේ ශ්‍රී ලංකා වෘත්තීය මනෝ චිකිත්සන උපදේශක ජාතික ආයතනයේ පුහුණු පාඨමාලවක් හැදෑරූ බවත්, එහිදී ලද සහතිකය යටතේ ඔහු පුද්ගලික උපදේශන සේවයේ යෙදෙනබවත්ය. තවදුරටත්, ඔහු මහත් අභිමානයෙන් කියා සිටියේ දිනකට රෝගීන් 15-20 අතර ප්‍රමාණයකට ප්‍රතිකාර කරන බවත්, ඉන් සැහෙන ආදායමක් ලබන බවත්ය.

 
Dr Lalith Perera | වෛද්‍ය ලලිත් පෙරේරා
Updated on : 2010-07-20 23:18:52 | [Tags] Counselling or playing with mental health in Sri Lanka, D. S. Ranawaka, Thimbiriyagama Bandara, Ravaya
(26)ප්‍රතිචාර|Comments
 
දින දෙකයි කාලේ දේසප්රේමියාට සෙනෙහසිනි.
 
මෙම හසුන තුංමුල්ලේ අහු මුල්ලක බිම වැටී තිබී සොයා ගෙන නම නොදන්නා පාඨකයෙක් විසින් බූන්දියට එවන ලද්දකි.
 
   දයාබර විමල් මලයා වෙත,

අනේ විමල් මලයෝ, පහුගිය ඉලෙක්සොන් එකෙන් පස්සෙ උඹව අමතක වෙලාම ගිහින් තියෙද්දී තමයි හදිසියේම උඹ නටපු ටිටර් එක ටී. වී. එකේ දැක්කේ. ඒකනම් පංකාදු පහයි. උතුරට බෝම්බ වැටෙන කාලේ මල නාලිකාවලින් පෙන්නපු මලසිරුරු බල බලා නියම ද්වේශප්රේමී ආතල් එකක් ගත්ත දේශප්රේමී ජනතාවට ආපහු කාලෙකට පස්සෙ ආයෙත් ඒ වගේ ආතල් එකක් ගන්න අවස්තාවක් ලැබුනේ උඹ හින්දා.
 
අනේ අහිතක් හිතන්න නම් එපා. අපි මේ සුමානෙ ගමේ අයත් එක්ක උඹව බලන්න එන්නයි හිටියේ. උඹ ගැන දන්න නිසා උඹ මැරෙන්න නම් යන්නෙ නැති බව දැනං හිටියත් පටන්ගනිද්දී දුන්න ටෝක්ස්වල හැටියට අපි හිතුවෙ අඩුගානෙ දවස් තුන හතරක්වත් අල්ලගෙන ඉඳියි කියලා. ඒකයි ගමන පමා කරේ. ඇත්ත කියපන්, ඔච්චර ඉක්මනට මාරාන්තික එකකටම ගියේ ඔය උඹට උපදෙස් දෙන පැන්ෂන් ගිය දේශප්රේමි බුද්දිමතෙක් උඹට ලනුවක් දුන්නද මූන් කාරයා ඔය කොමිටිය මේ සතියෙ අයින් කර ගන්න යනවා කියලා.

නැත්තම් නවත්තන්න ආවොත් ගිනිතියාගන්නවා කියලා පැස්ටෝල් බෝතල් ගිනිපෙට්ටි ලග තියාගෙන ත්‍රී ඉඩියට්ස් කියලා බෝඩ් එකකුත් පිටිපස්සෙන් එල්ලාගෙන උඹලගෙ තුන්දෙනෙක් පටන්ගත්ත උපවාසෙ සතියක් විතර ඇදලා ඉවරවෙලා ඕක පටන් ගන්න තිබුනනේ. මුසම්මිල් කෝළම වගේ බාල ගනයේ ටිටර් නටපු උඹලට මෙච්චර ඉක්මනට මේ වගේ මාරාන්තික කෝළමක් නටන්න වෙයි කියලා මම නම් හිතුවෙ නෑ.

 
කාටූනය- ජනරංජන. (රාවයෙන් උගුල්ලා ගන්නා ලදී)
 
Lunugamwehere Thilakasiri | ලුණුගම්වෙහෙරේ තිලකසිරී
Updated on : 2010-07-13 20:09:05 | [Tags] Wimal Weerawansha Hunger Strike 2010, Cartoon by Janaranjana
(4)ප්‍රතිචාර|Comments
 
'ලංකා- අලුත් පියාපත්' කලා උළෙලේ ප්‍රවර්ධන කණ්ඩායමට ගම්පහදී සිදු වූ හිරිහැරය
 
   'ලංකා' ඉරිදා සංග්‍රහය පුවත්පතේ අනුග්‍රහයෙන් සහ විවිධ කලාකරුවන්ගේ දායකත්වයෙන් 'අලුත් පියාපත්' නමින් දීප ව්‍යාප්ත කලා උළෙලක් පැවැත්වීමට අප කටයුතු කරමින් සිටිමු. දිවයින පුරා විවිධ ජන කොටස් අතර පවතින කලා හැකියාවන් ඒකරාශිකිරීමත් විවිධ සංස්කෘතික හා ජාතිකත්ව අනන්‍යතාවයන් සහිත ජනතාව සතු කලාත්මක උරුමයන් විදහා දැක්වීමත් මෙම කලා උළෙලේ එක් අරමුණකි. දිවයින පුරා සිසු දරු දැරියන්ගේ හා පොදු ජනයාගේ කලා හැකියාවන්-
 
-ඇගැයීම මෙම කලා උළෙලේ තරගකාරී අංශයේ අරමුණ වේ. මෙම කලා උළෙල සඳහා ප්‍රවර්ධන වැඩසටහනක් 2010.07.10 දින ගම්පහ නගරයේ පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. මේ සඳහා පුවත්පතේ කාර්ය මණ්ඩලය සහ පාඨක පිරිසක් එදින පෙරවරු 10.00ට ගම්පහ දුම්රිය ස්ථානය අසල එක්රැස් වීමු. එහිදී අපගේ කාර්යය පිළිබඳ ගම්පහ පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා හමු වී දැනුවත් කළෙමු.

ඉන්පසුව අපි ගම්පහ නගරයේ විවිධ ස්ථානවල හැසිරෙන මහජනයා අතරට තිදෙනා බැගින් ගමන් කර 'අලුත් පියාපත් කලා උළෙල' පිළිබඳ දැනුම්දීම සහ ඒ වෙනුවෙන් නිර්මාණය කළ ස්ටිකර් 2ක් අලෙවි කිරීම සිදු කළෙමු. මෙම ස්ටිකර් එකක මිල රු. 20ක් බැගින් වන අතර ඒවා ස්ව කැමැත්තෙන් ගන්නේ නම් පමණක් ජනතාවට ලබා දුන්නෙමු. අපගේ කාර්යය පිළිබඳ මහජනයා අතර යහපත් ප්‍රතිචාර තිබුණු අතර ස්ටිකර් මිලදී ගැනීම බොහෝ දෙනා විසින් සිදුකරන ලදී. සමහරු අපගේ කලා උළෙල ගැන එතරම් උනන්දු වූයේ නැත. එහෙත් දහවල් 11.30 පමණ වනතුරුම අපගේ කාර්යය ඉදිරියට ගෙනයාමට කිසිවකු බාධා කළේ නැත.

 
(ලංකා ඉරිදා සංග්‍රහයෙන් Boondi.lk වෙත එවන ලද්දකි.)
 
Updated on : 2010-07-12 04:36:10 | [Tags] Gampaha, Police Disturbances, Lanka Irida Sangrahaya, Aluth Piyapath
(15)ප්‍රතිචාර|Comments
 
"නව කතිකාවකට එළැඹුමක්": අත්‍යාවශ්‍ය විමසුමක්
 
   එල්ටීටීය සමූලඝාතනය අවසානයේදී ලංකාවේ ජාතීන් වර්ග කිරීමකට ලක්කළ වත්මන් ජනාධිපතිවරයා කියූ පරිද්දෙන්ම දැන් ලංකාවේ ජනතාව පැහැදිලි බෙදීමකට ලක්වී ඇත. ඔහුගේ නාමකරණය කෙසේ වෙතත් මේ වන විට රාජපක්ෂ රෙජීමයට අන්තගාමී ලෙස පක්ෂපාතීත්වය දක්වන පිරිසක් සහ පවතින ආණ්ඩුවේ ක්‍රියාකාරකම් දැඩි ලෙස විවේචනයට ලක්කරන කොටසක් දැකගත හැකිය. මේ අතරමැද සිටින අක්‍රීය පිරිස් මේ මොහොතේ ලංකාවේ-
 
-දේශපාලනයට බලපෑමක් සිදුකිරීමක් පිළිබඳව බලාපොරොත්තු තැබිය නොහැක. දැඩිලෙස සමාජය වෙලාගනු ලැබ ඇති විද්යුත් මාධ්‍ය ජාලයටත්, ජනප්‍රිය සිංහල බෞද්ධ ජාතිකවාදයත් හේතුකොට ගෙන අඳ බාවයට පත්කර ඇති සමාජය ඉන් මුදාගැනීම සඳහා වන කුඩා ප්‍රවේශයන් ගණනාවක් පසුගිය කාලය පුරාවටම මතුවූ ආකාරයක් දක්නට ලැබුණි. යම් විමසීමකින්, විවේචනාත්මක දෘෂ්ඨිකෝණයකින් යුතුව වඩා යහපත් සමාජ වෙනසක් වෙනුවෙන් පෙනී සිටිනවුන් මේ වටා සුළු වශයෙන් හෝරොක්වන ආකාරයක් දක්නට හැකිවිය. තවමත් මහා සමාජයට දැඩි බලපෑමක් කළ හැකි තරමේ දියුණුවක් ලබා නොසිටියත් ඒවා විසින් සමාජයට තීරණාත්මක බලපෑමක් සිදුකරමින් සිටින බවට ඒවා වෙත‍ එල්ලවන ප්‍රතිරෝධයන්ගෙන් මැනගත හැකිය.

ඒ ආකාරයේ එක්තරා එලැඹුමකට අවශ්‍ය ප්‍රවේශයක් පසුගිය මැයි 23 වැනි දින ඇරඹුනේ "නව කතිකාවකට එළැඹුමක්" වශයෙන් ආරම්භ වුණි. මෙම ලිපියේ අරමුණ මෙම කතිකාවේ දෙවන පියවරෙහි වැඩසටහන පිළිබඳව සැකෙවින් දැක්වීමටත්, සමස්ත වැඩසටහන පිළිබඳ අදහස් හා යෝජනා දක්වා සිටීමත්ය.

 
Sanka Kirindiwela | සංඛ කිරිඳිවැල
Updated on : 2010-07-12 00:10:25 | [Tags] A review on "An approach to a new Discourse", A discourse on Sri Lankan current political situation
(8)ප්‍රතිචාර|Comments
 
යූ.එන්. දොරකඩ දැන් පෙන්නන ගරා යක් නාඩගමේ හංගපු ඇත්ත ටික!
 
   ඔන්න, දැන් අපේ කට්ටියට මාධ්‍ය පොරවල් වෙන්න හොඳපොටක් පෑදිලා. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානේ මහලේකම්වරයා විසින් පත් කරන ලද මෙරට මානව හිමිකම් කඩවීම් සම්බන්ධ විමර්ශන කොමිසම සහ යුරෝපා සංගමය විසින් GSP+ සහනය නැවත ලබාදීමට නම් ක්‍රි‍රයාත්මක කළයුතු කොන්දේසි 15 ක් ඉදිරිපත් කිරීමත් සමඟය. දේශ හිතේෂී අයියලා සියල්ලෝටම එල්ලෙන්න මාධ්‍ය වැලක් නැතිව හිටිය මේ කාලේ-
 
මෙහෙම චාන්ස් එකක් අරන් දීපු එක ගැන බෑන් කීං මූන්ටයි, යුරෝපා සංගමයටයි පින් දෙන්ඩ ඕනේ... ගංවතුර, බඩුමිල ඉහළයාම, අයිෆා අසාර්ථකවීම ආදියෙන් රෙදි ගැලවිලා හිටපු මාධ්‍ය චරිතවලට මේක හොඳම අවස්ථාවක්... හදිසියේ නින්දෙන් ඇහැරුනා වගේ හොඳ හෝටලයක් අල්ලගෙන මාධ්‍ය සාකච්ඡාවක් තියලා, මේ ඔක්කොම අධිරාජ්‍යවාදී බටහිර ක්‍රමණ්ත්‍රන කියලා උගුර ලේ රහ වෙනකන් කෑගහන්ඩ යූ. එන් එක ඉස්සරහා මාරාන්තික උපවාස කරන්ඩ මරුම චෑන්ස් එක!

විමර්ශණ කොමිසමයි, යුරෝපා සංගමයේ කොන්දේසි පිටින් දාලා මිල පහත බසිමින් තිබෙන දේශප්‍රේමී මැෂිම හොඳ ගණනකට විකුණගන්න හොඳම අවස්ථාවක් වගෙම තවත් කට්ටියකට ඕන්නම් පුළුවන් ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් කරන්න එක වෙන්න. තවත් කට්ටියකට පුළුවන් රෙදි ගැළවුණු ආණ්ඩුවට දේශප්‍රේමී කසී සළු අන්දවල හොඳ ඇඩ්වර්ටයිසින් කැම්පේන් එකක් කරන්න. එහෙමත් නැතිනම් රටේ ස්වාධිපත්‍යයට මේ අවස්ථාවේ බරපතල තර්ජනයක් තියෙනවා කියලා "අපි වෙනුවෙන් අපි වෙමු" වගේ අරමුදලක් හරි බටහිර කුමණ්ත්‍රන පරදවමු වගේ බැනර් ටිකක් ගහලා පිටකොටුව පැත්ත වනසන්න...

 
Krishan Rajapakshe | ක්‍රිශාන් රාජපක්ෂ
Updated on : 2010-07-08 00:39:15 | [Tags] Sri Lankan Political Situation, Protest against UN
(26)ප්‍රතිචාර|Comments
 
Sex, Magic සහ අපි
 
   පොඩි එකෙක් තාත්තගෙන් අහනවා මෙහෙම. “තාත්තේ මල්ලි ආවෙ කොහොමද?” තාත්ත කියනවා “ආ මල්ලි ගෙනත් දුන්නේ පුංචි සුරංගනාවියක්නේ” කියලා. පුංචි එකා නවතින්නෙම නෑ”එතකොට නංගි?” තවත් ගැටලුවක්… ”නංගි ගෙනාවේ දේවතාවක්නේ පුතා” තාත්තා කිව්වා. “එතකොට මම?”තාත්තාට බේරිල්ලක් නෑ. “ඔයා අපිට දුන්නේ දෙවි කෙනෙක්” පුංචි එකාගේ හිත රිද්දන්න බැරි නිසාම තාත්තා කිව්වා. එතකොට පුංචි එකා පුදුමයෙන් කියනවා-
 
”යකෝ එතකොට මේ ගෙදර එකෙක්වත් ස්වාභාවික විදියට ඉපදිලා නෑනේ” කියලා. මේක තමයි ඇත්ත තත්වේ. වැඩිහිටියෝ කො‍ළේ වහලා ගේම ගැහීම නිසා අදටත් ලංකාවේ බහුතරයකට Sex කියන්නේ Magic එකක්. ඉස්කෝලේ විද්‍යා පාඩමට ප්‍රජනන පද්ධතිය උගන්වනකොට කොල්ලො ටික පංතියෙන් එළියට දානවා. පස්සේ කෙල්ලෝ ටික එළියට දාලා ගුරුවරයෙක් ඇවිත් කොල්ලන්ට ඒක උගන්වනවා. කෙල්ලෙක් වැඩිවියට පත්වුන ගමන්ම කෙල්ල කොටුකරනවා. කොටු කරලා කියල දෙන්නේ පිරිමි ලගට යන්නවත් එපා, දැං ඔයා ලොකු ළමයෙක් කියලා. එතකොට කෙල්ලට මේක Magic එකක් වෙනවා. එතන ඉදලා කෙල්ල හිතන්නේ ඒ Magic එක ගැන. ලං වෙන හැම පිරිමියෙක්ම අර වැඩේට එනවා කියලයි කෙල්ලට හිතෙන්නේ. කෙල්ලගේ කුතුහලය ටිකෙන් ටික ආශාව බවට පත්වුණාම අම්මා පනවපු නීති රීති ඉක්මවා කුතුහලය සහ ආශාව උඩට එනවා. ඒකයි අදටත් ලංකාවේ දුෂණයට සහ අතවරයට ලක්වෙන කාන්තාවන්ගෙන් බහුතරය අවුරුදු 15 -20 අතරේ අයවෙන්නේ. Blue Film එකක් බලන්න හැම කෙල්ලෙක්ම කැමතියි. හැබැයි ඒක එළිපිට පිළිගන්නේ නෑ. ඒ අර සමාජ අපවාදයට ඇති භය නිසා.

 
Aravinda Rathnayaka | අරවින්ද රත්නායක
Updated on : 2010-07-07 01:43:26 | [Tags] Sexuality, Culture
(36)ප්‍රතිචාර|Comments
 
 

[Best viewed in 1152 X 864 Screen Resolution]

w w w . b o o n d i . l k

boondionline@gmail.com

    කවරයේ කතාව  
 
 
 

 
     
මහත්වරුනි,
තීරණාත්මක මොහොත එළැඹී තිබේ.
 
ආශ්චර්යයක් සිදුනොවුණහොත්, මේ සතිය තුළ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගන්නවා ඇත. ඒ සමගම ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සඳහා ගමනෙහි මීළඟ පියවර ඇරඹෙනවාද ඇත. මුළු මහත් ලාංකේය සමජයම නින්දාසහගත නිහඬතාවක ගල්වනු ලැබ තිබියදී, මේ සතියේදී
 
සෙස්ස අස්සට
 
 
 

 
 
  අලුතෙන්  
 
 • කවිය ඝාතනය කළ ගොඩගේ කවි සම්මානය: අත්‍යාවශ්‍ය මරණ පරීක්ෂණයක් | දොන් ජුවන් එදිරිල්ලේ
 • ඇණ ඇන ගැනීම| "කඹුරුපිටියේ ආරියවතී"ලාගේ කතාව | කුමුදු ප්‍රියංකර
 • පරිභෝජනවාදී නවතම භාණ්ඩය: "නිවන"! | ගාමිණී වියන්ගොඩ
 • වත පුස්ථක වස්තුව | වීරයා
 • අහුවුන සක්විති, අහු නොවෙන සක්විතිලා සහ මීඩියා චෞරයෝ | කුමුදු ප්‍රියංකර
 • සක්විති උන්මාදය සක්විත්තන්ගේ ම තවත් සක්විති ගේමක් නම්? | සඳකැලූම් රසාංජන
 • 'හොත් පොර'(ණ) ඇදුරු වත| මහාචාර්යවරු හිටගෙන කරන විට චූලාචාර්යවරු දුව දුව කරති!! | සුනෙත් ප්‍රියදර්ශණ
 • මනෝ චිකිත්සක උපදේශනයේ ඛේදවාචකය | වෛද්‍ය ලලිත් පෙරේරා
 • දින දෙකයි කාලේ දේසප්රේමියාට සෙනෙහසිනි. | ලුණුගම්වෙහෙරේ තිලකසිරී
 • 'ලංකා- අලුත් පියාපත්' කලා උළෙලේ ප්‍රවර්ධන කණ්ඩායමට ගම්පහදී සිදු වූ හිරිහැරය | None
 • "නව කතිකාවකට එළැඹුමක්": අත්‍යාවශ්‍ය විමසුමක් | සංඛ කිරිඳිවැල
 • යූ.එන්. දොරකඩ දැන් පෙන්නන ගරා යක් නාඩගමේ හංගපු ඇත්ත ටික! | ක්‍රිශාන් රාජපක්ෂ
 • Sex, Magic සහ අපි | අරවින්ද රත්නායක
 • කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ශ්‍රම අතිරික්තය සහ එහි දේශපාලන වැදගත්කම | සුමිත් චාමින්ද
 • පාඩම් ඉගෙන නොගන්නා මහාජාතික ජනතාපරමාධිපත්‍යය | ක්‍රිශාන් රාජපක්ෂ
 • ප්‍රජාතන්ත්‍රවාදය එල්ලා මැරීම | ක්‍රිශාන් රාජපක්ෂ
 • බාහිර උපකාරක පන්ති තහනම නරක පූර්වාදර්ශයකි! | තාරක වරාපිටිය
 • වන්දනාවක සටහන් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
 • මහබබාගේ බබාලන්තය සහ මාධ්‍ය බබාලා | ක්‍රිශාන් රාජපක්ෂ
 • ලංකාවේ නැති දෙය වෙනුවට විකාර හමු වීම නොහොත් 'පබාගේ රහසිගත සම්බන්ධය' හඹා යාම | ඊ ඒ ඩෝසන් ප්‍රීති
 
 
  තවත් වියමන්