ග්වාතමලාවට පැමිණි විට අර්නෙස්ටෝට අවශ්‍ය වූයේ එහි දුෂ්කර පෙදෙසක වෛද්‍ය සේවයේ නිරත වීමටයි. එහෙත්, ග්වාතමාලා බලධාරීන් මේ පිළිබඳව වූ ඔහුගේ අයදුම්පත ප්‍රතික්ෂේප කොට, ග්වාතමාලාව තුළ තවත් වසර කිහිපයක් ඉගෙනීම මගින් ඔහුගේ වෛද්‍ය ඩිප්ලෝමාව වලංගු කොට ගත යුතු බව දැනුම් දුන්හ. එයින් සිදු වූයේ ඔහුට ග්වාතමාලා නගරයේ මහත් දුෂ්කර ජිවිතයක් ගත කිරීමට සිදු වීමයි. එහෙත්, ඒ ජීවිතය ඔහුට අත්දැකීම් බහුල වූ-
ඇල්බර්ටෝ ග්‍රෙනාඩෝස් [ALBERTO GRANADOS] මෙසේ කියයි:
අර්නෙස්ටෝ සහ අප අතර තිබූ ප්‍රධානතම සමානකමක් වූයේ ක්‍රීඩාශීලීත්වයයි. මුළු ජීවිත කාලය පුරාම චේ ඇදුම රෝගයෙන් පීඩා විඳි බව ප්‍රකට කරුණක්. එසේ තිබියදී පවා ඔහු ක්‍රීඩාවට ඇලුම් කළා. කාව්‍ය සහ ක්‍රීඩාව අතර දෝලනය වූ අධ්‍යාපනය මගින් ඔහුට අධ්‍යාත්මික උත්තේජනයක් ලැබුනා. එයින් ඔහු ශාරීරිකව ශක්තිමත් වුනා. අර්නෙස්ටෝ තුළ තිබුණු සංචාරයටත් අනතුරුදායක ක්‍රියාකාරකම් වලටත්-