BOONDI.LK| අදහස් බූන්දි
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් ....
|පාවුලෝ කොයියෝ ලියයි.
|Book Quotes
ප්‍රතිචාර[3]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  කතන්දර   
  පොත්  
  කතා-බස්  
  අදහස්  
  රත්තරං ටික  
  ඔත්තු  
  BoondiLets  
Yohan’s ‘Northern Dreams’-...
කොඩිකාරගොඩ සුනීත හිමිගෙන්-...
කන්‍යා දියවරට එළැඹ-...
"මෙ'විල සරසමි' ...
චීන තෙල් සමාගම්වල...
American History X...
ලැන්ටි...
ඉස්ලාම් අන්තවාදය- ලාංකේය...
  තවත් අදහස්
එරික් ඉලයප්ආරච්චිගේ විචාර භාවිතාවේ දිශානතිය සලකුණු කිරීමක්| පළමු කොටස | ජස්ටින් පියරත්න
ප්‍රතිචාර[0]
ගම්ලතුන්ට නෑසුණු ඒ 'මිහිරි සීනු නාදය' | දමිත් වැලිකල
ප්‍රතිචාර[9]
ගොඩගේ සම්මාන උළෙලේ කාව්‍ය විනිශ්චය පිළිබඳ නිරීක්ෂණයක් | සඳුන් ප්‍රියංකර විතානගේ
ප්‍රතිචාර[7]
නිර්මාණය සහ රසිකයා සමීප කරන, විචාරක කාර්යය | උදේෂිණි කුමාරි දයාරත්න
ප්‍රතිචාර[1]
11 වැනි පැයේදී.....
ප්‍රතිචාර[1]
කාක දූවේ කවි සැණකෙළිය නොහොත් බොල්-ගොඩ මකරන්දය | සුදර්ශන සමරවීර
ප්‍රතිචාර[8]
රාජ්‍ය සාහිත්‍ය සම්මාන- සම්පප‍්‍රලාප නොවන්නට- කාලෝචිත යෝජනාවක් | විචක්ෂණ අධිකාරි
ප්‍රතිචාර[1]
ඇමතිවරු ඇමතිවරු සීරුවෙන් සීරුවෙන් | චන්දරේ
ප්‍රතිචාර[0]
දඩයක්කාරයා හමුවීම | රුවන් එම්. ජයතුංග
ප්‍රතිචාර[1]
දඩයක්කාරයාගේ දියණිය අවිය අමෝරන්නට මොහොතකට පෙර | මායා නවගත්තේගම
ප්‍රතිචාර[9]
BOONDI • Sookiri •
1
2
3
4
5
6
  අදහස් බූන්දි  
කියන දේ තරම්ම කියන ආකාරය ද වැදගත්....!
සාහිත්‍ය ශානරයන් පිළිබඳ විචාර සිදුකරන බොහෝ විචාරකයන් අන්තර්ගතයට පමණක් සිමාවිම නිර්මාණයට සිදුකරන විශාල අසාධාරණයකි. මන්දයත් අන්තර්ගතය තරම්ම ආකෘතියද නිර්මාණයක් සඳහා බලපාන හෙයිනි. යම් සාහිත්‍ය ශානරයක් ඔස්සේ සමාජගත කරනු ලබන අදහස නිර්මාණකරුවා ආයසයකින් තොරව අයාලේ යන්නට ඉඩ හරින්නේ නැත. එනම් නිර්මාණකරුවා අන්තර්ගතය තවදුරටත් පෝෂණය කරනු ලබන ආකෘතියක් ස්වකීය නිර්මාණය සඳහා ඉවහල් කර ගනී. විශේෂයෙන්ම කවිය, කෙටි කතාව, නවකතාව, නාට්‍ය ආදි වු සාහිත්‍ය ශානරයන් සඳහා පොදුවේ පිළිගත්.....

[සෙස්ස අස්සට]
දුමින්ද යූ. ගමගේ
බූන්දි| | 04:12:53
ප්‍රතිචාර[0]
එරික් ඉලයප්ආරච්චිගේ විචාර භාවිතාවේ දිශානතිය සලකුණු කිරීමක්| පළමු කොටස
ප‍්‍රවේශය

මෙම ලිපිය සිංහල සාහිත්‍ය විචාර ක්ෂේත‍්‍රයට එක්තරා දැනුවත් මැදිහත් වීමක් කර ඇත්තා වූ ප‍්‍රතිභා සම්පන්න ලේඛකයකු වන එරික් ඉලයප්ආරච්චිගේ විචාර භාවිතාවේ පරාවක‍්‍රය (ගමන් මඟ) මාක්ස්වාදී දෘෂ්ටි ආස්ථානයෙන් සලකුණු කරයි. අපේ අරමුණ එමඟින් සාහිත්‍ය විචාරයේ වර්තමාන අර්බුදය පිළිබඳ සාකච්ඡාව ගැඹුරු කිරීම ය. අන් අයුරකින් කිව හොත්, සාහිත්‍ය විචාර ක්ෂේත‍්‍රය තුළ උද්ගත ව ඇති අර්බුදය විසඳනු වස් මාක්ස්වාදී සාහිත්‍ය විචාර විධික‍්‍රමය ස්ථාපිත කිරීමේ දෘඪතර අවශ්‍යතාව පෙන්වා ලීම.....

[සෙස්ස අස්සට]
ජස්ටින් පියරත්න
බූන්දි| | 16:28:06
ප්‍රතිචාර[0]
ගම්ලතුන්ට නෑසුණු ඒ 'මිහිරි සීනු නාදය'
එය නාදයකි. සැබවින්ම කියතොත් සීනු නාදයකි. නිකම්ම සීනු නාදයකුදු නොවෙයි. මිහිරි සීනු නාදයකි. මිහිරි සීනු නාද අප කොතෙකුත් අසා ඇති බැවින් මේ කියන්නට යන්නේ කොයි මිහිරි සීනු නාදය දැයි යළිඳු අසන්නට සිදුවෙයි. ඒ වෙනකක් නොවෙයි.

'අර මිහිරි සීනු නාදය' යි.,

ඉතිං හරියටම මේ මිහිරී සීනු නාදය දැන ගැනීමට පාඨකයාට දොළක් නූපදියි ද? සැබෑවටම නම් මේ වික්‍රම අයියාගේ බයිසිකලයේ සීනු නාදය බව දැන ගැනීමට පිටු කිහිපයක්.....

[සෙස්ස අස්සට]

දමිත් වැලිකල
බූන්දි| | 02:34:55
ප්‍රතිචාර[9]
ගොඩගේ සම්මාන උළෙලේ කාව්‍ය විනිශ්චය පිළිබඳ නිරීක්ෂණයක්
මේ වසරේ දී ද ගිය වසරේ මෙන්ම ගොඩගේ සම්මාන උළෙලේ දී කාව්‍ය නිර්මාණ සම්බන්ධයෙන් ලබා දුන් තීන්දුව පිළිඳව මහත් ඝෝෂාවක් පැන නැංගේ ය. ඔවුන්ගේ තීන්දුව වූයේ 2011 වසරේ ප්‍රකාශිත කෘති අතරින් ප්‍රශස්ත මට්ටමේ නිර්මාණ අඩංගු කිසිදු කෘතියක් නැති බවත්, ඇත්තේ කුසලතා පූර්ණ කෘතියක් පමණක් බවත්ය. කුසලතා පූර්ණ සම්මානයට පඹයාගේ සාක්කිය නම් කෘතියක් පාත්‍ර කෙරිණ. එම තීන්දුව ප්‍රකාශ කළ සමීක්ෂකයෝ තම තීන්දුව පිළිබඳව ඇති.....

[සෙස්ස අස්සට]

සඳුන් ප්‍රියංකර විතානගේ
බූන්දි| | 01:04:42
ප්‍රතිචාර[7]
නිර්මාණය සහ රසිකයා සමීප කරන, විචාරක කාර්යය
"කාව්‍යයක්‌ විවේචනය කරන්නා කවියාගේ ප්‍රතිභාව කාව්‍යයෙහි ගැබ් වී තිබෙන හැටි සොයා බැලිය යුතුය. කවියාගේ ප්‍රතිභාව, කවියාගේ සිතුම් පැතුම් ආදිය ඇතුළත් කොට ගත්තකි. එහෙයින්, ඔහුගේ ප්‍රතිභාවෙහි සැටි සොයා බැලීම ඔහුගේ සිතුම් පැතුම් ආදියෙහි හෙවත් පෞද්ගලිකත්වයෙහි සැටි සොයා බැලීමකි. කවියා නුමුහු කළ නුවණ ඇත්තෙක්‌ නම් ඔහුගේ නුමුහු කළ නුවණ එහි දැක්‌ක හැකිය."
(ජී. බී. සේනානායක - විචාර ප්‍රවේශය)

කිසියම් වූ දේශයකට හෝ කිසියම් කාලයකට අයත් රසවත් භාවයෙන් සහ.....

[සෙස්ස අස්සට]
උදේෂිණි කුමාරි දයාරත්න
බූන්දි| | 21:09:04
ප්‍රතිචාර[1]
11 වැනි පැයේදී.....
(2012 අගෝස්තු 25 පැවැත්වෙන, "11 වැනි පැය" සාමූහික කාව්‍ය සංග්‍රහය එළිදැක්වීමේ ඉසව්ව පිළිබඳ එය සංවිධානය කරන සොයුරු සොයුරියන් විසින් එවන ලද හඳුන්වාදීමේ සටහනකි.)

කලෙක මහරු අස්වනු ඵල දුන් හෙළබස් සාහිත කලා කෙත වල්බිහි වී ය, අද ඇත්තේ. ඛේදයකි. වැඩකට ඇති ඵලයක් දැකිය හැක්කේ ම නැති සෙයකි. ඉදින්, දකින්ට හැකිවුණොත්ඒ කලාතූරෙකිනි; නව පරපුරෙන් ඊටත්අඩුවෙනි. ප‍්‍රඥාව අවදිකරන්නේම භාෂාසාහිත්‍යකලාදියෙන් යැයි කියා තිබේ. ඉදින්, ප‍්‍රඥාව නැතිවීම ගැන පුදුමවන්ට කාරණා නැත......

[සෙස්ස අස්සට]
බූන්දි| | 09:15:06
ප්‍රතිචාර[1]
කාක දූවේ කවි සැණකෙළිය නොහොත් බොල්-ගොඩ මකරන්දය
මේ ලිපිය පසුගියදා මකරන්ද ලේඛක- රසික හවුල මගින් සංවිධානය කළ බොල්ගොඩ ජලාශයේ දූපතක පැවැත්වුණු කවිය මුල් කර ගත් උත්සවය නිමිත්තෙනි. එම කාව්‍යමය වැඩසටහන ගැන ඉසුරු ප‍්‍රසංග මව්බිම ඉරිදා(2012-08-04) "සඳහස" සාහිත්‍ය අතිරේකයට "වරෙව් පරාගණයට රොද බැඳ හනික" යන හිසින් එකී උළෙලෙහි දීර්ඝ සාරාංශයක් සටහන් කරයි. මෙම සටහන එම ලිපියට පිළිතුරක් නොවන නමුත් එම ලිපියේ ඇති කරුණුමය සාරංශයට යටින් දිවෙන අධිපති දෘෂ්ටිවාදී සේවනයට එරෙහි විවේචනයක්ද වෙයි.2012-08-04 රාවය.....

[සෙස්ස අස්සට]

සුදර්ශන සමරවීර
බූන්දි| | 23:14:54
ප්‍රතිචාර[8]
රාජ්‍ය සාහිත්‍ය සම්මාන- සම්පප‍්‍රලාප නොවන්නට- කාලෝචිත යෝජනාවක්
පසුගිය වසර කීපය තිස්සේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා තෝරා ගනු ලැබූ පොත් පිළිබඳව නිර්දය විවේචන ඉදිරිපත් විය. එලෙස චෝදනා එල්ලවුවත් ශ‍්‍රී ලංකා කලා මණ්ඩලය හෝ ඒ යටතේ ඇති රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය එම විවේචනවලට ප‍්‍රතිචාර දැක්වීමට තරම් නම්‍යශීලි නොවීය. ඊට හේතු වන්නට ඇත්තේ එක් අතකින් විවේචකයන් එල්ල කළ චෝදනාවලට පිළිතුරු දීමට තරම් සුදුසු කාරණා හෝ තර්ක නොමැති වීම විය හැකිය. අනෙක් අතට එම චෝදනාවල ස්වරූපය.....

[සෙස්ස අස්සට]
විචක්ෂණ අධිකාරි
බූන්දි| | 18:59:41
ප්‍රතිචාර[1]
ඇමතිවරු ඇමතිවරු සීරුවෙන් සීරුවෙන්
නාසි ආඥාදායක හිට්ලර් යනු රාවණ ගේ අනුගාමික ලංකාවේ ඉපදුන හෙළයෙක් බව වර්ගපූර්ණිකාව කියන බ්ලොග් රෝල ලියන රාවණගෙ අවතාරෙට කුණ්ඩලීනී යෝගයට සමවැදුණු මොහොතක ප්‍රත්‍යක්ෂ වෙනවා. මෙන්න බලන්න.

"මීට මාස කීපයකට පෙර මා මධ්‍යම කඳුකර ප්‍රදේශයේ රහසිගත ලෙනක සිට කුණ්ඩලීනී යෝගයේ විමංභා ශක්තියට සම වැදී සිටිමින් රාවනා ශක්තියට අනුලෝම වන්නට හදමින් හෙළ ඉතිහාසය ගැන විමසද්දී පෙනී ගියේ ඇඩොල්ෆ් හිට්ලර් යනු හෙළ රකුසෙක් බවත් ඔහු රාවණා රජතුමාගේ අනුගාමිකයෙක් බවත්ය......

[සෙස්ස අස්සට]
චන්දරේ
බූන්දි| | 10:09:55
ප්‍රතිචාර[0]
දඩයක්කාරයා හමුවීම
සයිමන් නවගත්තේගම යනු සිංහල සාහිත්‍යයේ මනෝවිශ්ලේෂණාත්මක සලකුණ සනිටුහන් කල ලේඛකයා කිවහොත් නිවැරදි බව සිතේ. ඔහු නිර්මාණකරණයේ දී මනෝවිශ්ලේෂණාත්මක සංකේත බහුලව යොදා ගත්තේය. සයිමන්ගේ 'සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා' කෘතිය මුළුමනින්ම පිරි තිබෙන්නේ මනෝවිශ්ලේෂණාත්මක සංකේත වලිනි. මනෝවිශ්ලේෂණාත්මක සංකේත යොදා ගනිමින් සයිමන් නවගත්තේගම දඩයක්කාරයාගේ ප්‍රයාණය විස්තර කරයි. මේ සා ගැඹුරු මනෝවිශ්ලේෂණාත්මක ප්‍රවේශයකින් සිංහල නවකතාවක් ලියන ලද ප්‍රථම ලේඛකයා සයිමන් නවගත්තේගම ශුරින්.....

[සෙස්ස අස්සට]

රුවන් එම්. ජයතුංග
බූන්දි| | 21:37:13
ප්‍රතිචාර[1]
දඩයක්කාරයාගේ දියණිය අවිය අමෝරන්නට මොහොතකට පෙර
සයිමන් නවගත්තේගම මගේ පියා පිළිබඳ සංවාද නව මුහුණුවරකින් සමාජ කරළියට පැමිණ තිබීම ඉහවහායන සතුට දනවන්නකි. එය අදවන විට වඩ වඩා ප්‍රොබෝධයකින් සමජ කරලිය පුරා දිවයන්නට පටන්ගෙන තිබීම දැකීම දියණියක ලෙස මා ලැබූ මහත් භාග්‍යක් ලෙස සලකමි. නූතන Social Networks (Facebook, Twitter), Blog හා Web අඩවි ආදිය හරහා ඇතිවන මේ නැවුම් ලගන්නා සුළු සංවාද වෙත නවමානයන් එක් කිරීම වෙනුවෙන් ඇප කැපවෙන මගේ පියාගේ කෘතහස්ත පාඨක සමූහයාට.....

[සෙස්ස අස්සට]

මායා නවගත්තේගම
බූන්දි| | 21:12:53
ප්‍රතිචාර[9]
පැණි වළලු
මහා පුස්තකයක් ජනගත කිරීම වෙනුවෙන් පැවැත්වෙන මහා මංගල්‍යයක් පිළිබඳව කෙරුණ අඬහැරයක් ගුවන් විදුලියෙන් ඇසීමෙනුත් පුවත්පත් සහ රූපවාහිනීය ඔස්සේ දැකීමෙනුත් අමන්දානන්දයට පත්වීමි. එම උත්සවයට ආරාධනා කරමින් එවූ ආරාධනා පත‍්‍රය දැකීමෙන් අලුත් දෙයක් කරන්නට දරන උත්සාහයක්යැයි සිතා මගේ සතුට දෙගුණ තෙගුණ විය.

මෙම පුස්තකය නම් එසේ මෙසේ පුස්තකයක් නොවනු ඇත. අඬහැරයේ තරමට සියල්ල සිදුවන බවට නම් සැකයක් නැත. මේ පුස්තකයේ රචකයා එසේ මෙසේ කෙනෙක් නොවේ. සරසවියක.....

[සෙස්ස අස්සට]
පවිත්‍රා මඩවල
බූන්දි| | 00:17:28
ප්‍රතිචාර[1]
බුදුන් උපන් දේශය ලංකාවයැයි කීම සැබවින්ම මිථ්‍යාවක්
'රාවනා සොයුරෝ' වෙබ් අඩවියේ සහ 'janbuddeepaya' වෙබ් අඩවියේ පළවන ඇතැම් අදූරදර්ශී ප්‍රකාශයන්හි ව්‍යාජබව සාධක සහිතව ඔප්පු කර පෙන්වීම මෙම ලිපියේ අරමුණයි. ජාත්‍යාලයට, අන්තවාදි ආගමික මාවතකට මැදි නොවී ඉතිහාසයේ සිදුවූ සිදුවිම් සාක්ෂි සහිතව විද්‍යාත්මක අයුරින් අධ්‍යයනය කරන්නාවු ප්‍රවේශයක් එහි ලා අනුගමනය කරන්නට අපේක්ෂා කරමි. එසේම මුලික උපන්‍යාසයක් (Hypothasis) මත පිහිටා තම මතය විදහා දැක්විම විද්‍යාත්මක විෂයයන් කෙරෙහි පමණක් මිස මෙවන් ක්ෂේත්‍ර සඳහා කිසිසේත් යෝග්‍ය.....

[සෙස්ස අස්සට]
තිළිණි ෂැල්වින්
බූන්දි| | 09:09:44
ප්‍රතිචාර[8]
බොන්න දීලා ලියා ගත්තයි ආයු රක්ඛන්තු ආවඩා!
වෙනදට උඩ තට්ටුවෙ ටී වී එක පෙනෙන මානෙ ඉඳන් කවුරු හෝ යාළුවෙක් එක්ක අඩියක් ගගහ සිංදුවක් මරන රත්න ශ්‍රී ගේ ලොකු බෑනා අමිල ටික කලකින් දැක්කෙ නෑ. පොර, බොන එක අතෑරලා දාන්න තරම් ආත්මාර්ථකාමියෙක් වෙලාද? මිනිස්සු වෙනස්වෙන්නෙ, නරක් වෙන්නෙ හිතන්නැති විදිහට, හිතන්නැති වෙලාවල්වල. සමහරු බීම හින්දා බොහෝ දේ නැති කරගන්නවා. සමහරු බොහෝ දේ හින්දා බීම නැති කර ගන්නවා. කවුරුත් එච්චර හිතන්නැති.....

[සෙස්ස අස්සට]
චන්දරේ
බූන්දි| | 17:29:13
ප්‍රතිචාර[8]
"පුදුමයක් නෑ පුදුවෛ" - නිත්‍ය කවියකු පිළිබඳ සත්‍යය ගවේශනය
"පුදුවෛ අරන් ගිය බවට පැහැදිලි සාක්ෂි තියෙනවා. මනුස්සය කලා, සංස්කෘතික අංශෙ නායකයා. අවම වශයෙන් පුදුවෛ ඉන්නවද නැද්ද කියලවත් හෙළිදරව් කරන්න කියලා අපි ආණ්ඩුවට බල කරමු. පුදුවෛ දැවැන්ත කවියෙක්. හැම නිතරම තොරොම්බල් කෙරෙන ශී‍්‍ර ලාංකීය කියන වචනයෙ සංස්කෘතිය කියන කාරණාව කොටින්ම ඔය කියන ශී‍්‍ර ලාංකීය කවිය ගැන පුදුවෛ කියන නම අතෑරල කියවන්න පුළුවන් කමක් නෑ. අවම වශයෙන් කවි ලියන අයවත් පුරෝගාමී වෙලා මේ.....

[සෙස්ස අස්සට]

මංජුල වෙඩිවර්ධන
බූන්දි| | 09:09:10
ප්‍රතිචාර[0]
පරිණාමවාදයට අභියෝගයක්!!! මිනිසාගේ මීළග පරිණාමය වඳුරා ද?
වෙළඳපළට නිකුත් වන පොත්පත් අතර පාඨ ග්‍රන්ථ හැරුණු විට වැඩි ම අලෙවියක් ඇත්තේ පරිවර්තන කෘතිවලට බව නොරහසකි. එහෙත් මේ ලිපිය ලියැවෙන්නේ ඊට හේතු සාධක සොයන්නට නොව වෙනත් වැදගත් කාරණයක් ඉස්මතු කරන්නට බව පළමු කොට සඳහන් කිරීමට කැමැත්තෙමි.

ඉල්ලුමට සැපයුම න්‍යායට අනුව බහුල වශයෙන් පරිවර්තන කෘති පළවුවත් ඒවායේ තත්ව පාලනය කිරීමේ ක්‍රියාදාමයක් ක්‍රියාත්මක නොවන බැවින් වෙළඳපළට නිකුත් වන පරිවර්තන ලෙස හඳුන්වන පොත් බොහොමයක් තත්වයෙන් ඉතා පහළ මට්ටමක.....

[සෙස්ස අස්සට]
විචක්ෂණ අධිකාරි
බූන්දි| | 17:12:31
ප්‍රතිචාර[4]
මං කලා ගන්ධබ්බයෙක් නෙවෙයි...! ජයන්ත චන්ද්‍රසිරිගේ මහරජ ගැමුණු ප්‍රොජෙක්ට් එක
කොච්චර වුණත් කතා කරන්න හිතුණම කතා කරන්නම වෙනව. ඩාන්ස්කෝ එකේ අඩඅඳුරු මුල්ලක වාඩිවෙලා ගල් කාලක් ඕඩර් කළා. රාජා හැරෙන තැපෑලෙන් බඩු ගෙනාව, සෝඩා එකකුත් එක්ක. ආයෙ කියන්න දෙයක් නෑ, ඌ බයිට් එක දාන්න කියල ඇති. අපි දන්න කාලෙ ඉඳන් රාජ ඩාන්ස්කෝ එකේ වැඩ. මට ඌව පේන්නෙම එළාර රජ්ජුරුවො වාගේ. මට ඒ ඇයි කියන්න තේරෙන්නෑ. ජීවිතේ එහෙම දේවල් සිද්ධ වෙනවා. දේවල් හිතෙනවා,.....

[සෙස්ස අස්සට]
චන්දරේ
බූන්දි| | 17:27:40
ප්‍රතිචාර[5]
දෙවන වසරටත් කවියේ ගෙල සින්දා
මාතෘකාව අල්ලා ගත්තේ මේ දිනවල අන්තර්ජාලයේ සැරිසරණ කවියකිනි. කවිය ලියනු ලැබ ඇත්තේ පසුගිය දා පැවැත්වුණ ගොඩගේ ජාතික සාහිත්‍ය උළෙලට සහභාගි වී ගිය වසරේ පළවූ 57 කට අධික කවි පොත් අතරින් එකක් වත් සම්මානයට නුසුදුසු යයි අමන තීරණයක් දුන් ඊනියා විනිශ්චය මණ්ඩලයකට සවන් දීමෙන් ඇති වූ කම්පනය නිසා එක්තරා තරුණ කවියකු විසිනි. සම්පූර්ණ කවිය මෙසේ ය.

කවියට වඩා ඇමතිගෙ එක ලොකු හන්දා
දේශකයකුත් නැතුව හරියට දුක් වින්දා
ඇස්
.....

[සෙස්ස අස්සට]

ජගත් ඡේ එදිරිසිංහ
බූන්දි| | 03:32:03
ප්‍රතිචාර[0]
පිටුවහල් කවියා වෙත ලියමි
ඔහු මා දෙස දෑස් නොසොල්වා බලා සිටී. ඔහු ලියූ අකුරින් අකුර මා සමඟ දොඩමළු වෙයි. ඒ අතරින් මට ඔහු ව පෙනේ. කැරලිකාර ජීවිතය දරා ගෙන තදින් කැරළි ගැසුණු කොණ්ඩය සමඟ ඔහු මා ඉදිරියේ ඉඳ කථාව පටන් ගනී. ගැහෙන හදවත ඔහු මට ගලවා පෙන්වයි. නැවත ඔහු තුළම එය සඟවයි.

ඔහු මගෙන් ප්‍රශ්ණ කරයි.

මම කියවන්නේ කවිය යි. ඔහු කියවන්නේ මාගේ හෘදයේ ගැඹුරුම තැනයි, මගේ දෑසේ ගැඹුරුම.....

[සෙස්ස අස්සට]
කර්තෘ අඥාතයි
බූන්දි| | 21:56:46
ප්‍රතිචාර[0]
2011 ගොඩගේ සාහිත්‍ය සම්මාන ගැන වචනයක්
මගේ අදහස නම් යතෝක්ත සම්මාන උළලෙහි අවකාශය දර්ශන මේදිස් සහෝදරයාට සප්‍රයෝජනවත් කර ගැනීමට තිබූ බවයි. ගොඩගේ සම්මාන උළෙල ගොඩගේ ආයතනය හා රාජ්‍ය තන්ත්‍රය සමග තිබෙන දීර්ඝ කාලීන බැඳීම දර්ශන මේදිස් සහෝදරයා තුළ යථා අවබෝධයක් තිබිය යුතු අතර එකී සම්බන්ධතාව පසුගිය 07 වන දින ආකාස්මිකව පහළ නොවුනි. කෙසේ වෙතත් ඔහු පූර්වව සකස් කරගත් ලියවිල්ල හෝ රාවය පුවත්පත හරහා අපට කියවීමට ලැබේ නම් එය ඉතා අගනේය. කවිය.....

[සෙස්ස අස්සට]

උපුල් සේනාධීරිගේ
බූන්දි| | 01:35:45
ප්‍රතිචාර[0]
වැඩිදුර පැහැදිලි කිරීමක් - දර්ශන මේදිස් [ගොඩගේ සාහිත්‍ය දේශනය]
අදාල දේශනය සඳහා මට ආරාධනා කරන ලද්දේ ගොඩගේ සාහිත්‍ය කමිටුව වෙනුවෙන් මහාචාර්ය ජයන්ත අමරසිංහ විසිනි. දේශපාලනඥයෙකු මෙවර සහභාගි නොවන බව කීවේ ඔහු ය. මා කවරෙකු දැයි -- මගේ දේශපාලන ආස්ථානය හා ප්‍රතිපත්ති කවරේ දැයි ඔහු හොඳාකාරව ම දනී. මගේ කඳුලු මිටියාවත කාව්‍ය සංග්‍රහය එලිදැක්වූ අවස්ථාවෙහි එක් දෙසුමක් පැවැත්වූයේ ද ඔහු ය. පසුගිය වසර දහයක පමන කාලය තුල අප අතර සමීප ඇසුරක් නොපැවතිය ද සැක කිරීමට.....

[සෙස්ස අස්සට]

දර්ශන මේදිස්
බූන්දි| | 21:55:26
ප්‍රතිචාර[0]
පශ්චාත්තාපී යුධ කවි පිළිබඳ සටහනක්
බොහෝ සෙයින් ගිලානව පැවති නව සිංහල කවි කෙත පසුගිය දිනවල සාධනීය කවි ලකුණැති නිර්මාණ එකතූන් කිහිපයක් මගින් අස්වැද්දුනු බව නිරීක්ෂණය කළ හැකිය. රෝහණ පොතුලියද්ද ගේ "අහස හැඩි වී ඇත", උපුල් සේනාධිරිගේ "සියොතුනට එනු පිණිස","වැසි දිය බඳුන්", නඳුන් යසිත දසනායක ගේ "බිම් ගෙයට සඳ ඇවිත්", ඉසුරු චාමර සෝමවීරගේ "තාණ්ඩව" යන කෘති සහ වෙසෙසින් මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ "හිරුත් හිම පියල්ලක" වැනි නිර්මාණ කෘති එයට දෙස් දෙයි.

නමුදු.....

[සෙස්ස අස්සට]

සඳුන් ප්‍රියංකර විතානගේ
බූන්දි| | 23:44:38
ප්‍රතිචාර[0]
"හැපි ජර්නි" සහ "හූව"
පසුගියදා කලාවත්තෙක්ක වෙනසක ආරම්භක සංවාදයට මා දන්නා අවුරුදු තුනක විශ්වවිද්‍යාල ඉතිහාසය තුළ වැඩිම පිරිසක් සහභාගී වූවා පමණක් නොව සංවාදය ඉවරවන තුරු වැඩි පිරිසක් රැඳී සිටි පැහැබර අවස්ථාවක් ද විය. අපේ අරමුණු තව තවත් ඔප මට්ටම් කරමින් ආචාර්ය ලියනගේ අමරකීර්ති ඉතාම විචාරශීලි හා ප‍්‍රාමාණික ප‍්‍රවේශයක් ලබා දුන්නේය. ඔහු උදාරණ ලෙස කවි කිහිපයක් ගායනා කරමින් කවුරුත් මැසිවිලි නගන-

සුදර්ශන සමරවීර
බූන්දි| | 05:41:51
ප්‍රතිචාර[0]
අහෝ... "සරසවි දේවී...!"
මාස දෙක තුනකට උඩදී පොළොන්නරුව සමීපයේ පිහිටි ස්ථානයක නටබුන් අධ්‍යයනය කර එම ස්ථානය දුටුගැමුණු මහරජතුමාගේ සටන් මධ්‍යස්ථානයක් වූ විජිතපුරය යැයි හඳුනා ගත් මහාචාර්ය අනුර මනතුංග පිළිබඳව තොරතුරු සෙවීමට මා තුළ කුහුලක් හටගත්තේය. ඒ අනුව මා එතුමා ලියූ පොතපත සොයා යද්දී 'නටබුමක් මත හිඳ ලියමි' නමින් වූ කවි එකතුව නෙත ගැටිණි. එහි වූ කෙටි කවි අතරෙහි තිබුණු එක් කවක් මගේ සිත අමන්දානන්දයට පත් කිරීමෙහි හේතු විය......

[සෙස්ස අස්සට]
ආරියනන්ද සමරසිංහ
බූන්දි| | 00:01:26
ප්‍රතිචාර[0]
කලාවත්තෙක්ක.........වෙනසක
පෙරවදන| මේ ගත කරන නිමේෂය (ලංකාව) ආශ්චර්යාත්මකය. ආපසු හැරී බැලුවත් - ඉස්සරහ ගැන කල්පනාවේ පැටලුනත් ඒ ආශ්චර්යේම ගිලේ. අපි ඔක්කෝම සතුටින්. ඒ ආශ්චර්යාත්මක (magical) යථාර්ථයෙහි අපි අතරමං වෙමු. පශ්චාත් ගෝලීය රාමුවේ නූතන ලාංකීය සමාජ පද්ධතිය තුළ මානවීය සබඳතාවන්හි ද්‍රවශීලතාවයේ අගය බෙහෙවින් ඉහළය. ජංගම දුරකථන, අන්තර්ජාලය ආදී තාක්ෂණික උපකරණ පාරිභෝගිකකරණය-
බූන්දි| | 23:51:46
ප්‍රතිචාර[0]
අමරසේකර නැවත වටහා ගැනීම| ප්‍රත්‍යාවලෝකනයකට විචාරය එක් කිරීම
ගුණදාස අමරසේකර පසුගිය වසරේ අසූ විය සැපිරීය. මේ නිසා ඔහුගේ ලේඛන දිවිය නැවත අගය කිරීම සඳහා අමරසේකරගේ පොත් ප්‍රකාශකයා විසින් මේ වසර "අමරසේකර ප්‍රත්‍යාවලෝකන වර්ෂය" ලෙස නම් කරනු ලැබ ඇත. එහෙත් අමරසේකර යනු හුදු ලේඛකයෙකුට වැඩි කෙනෙකි. ඔහු ඉතා නිර්ව්‍යාජ හා ආනුභාව සම්පන්න බුද්ධිමතෙකි. තමන්ගේ ප්‍රකාශනවලට ප්‍රචාරය හා අගය කිරීම දිනා ගැනීමටත්, තම ව්‍යාපාර වර්ධනය වෙමින් පවත්වා ගැනීමටත් ප්‍රකාශකයෝ-

ලියනගේ අමරකීර්ති
බූන්දි| | 22:13:16
ප්‍රතිචාර[0]
"මාතෘකාවක් නැති මාතෘභූමිය"| කවිය සහ කවියා ගැන දළ සටහනක්......
2009 වසරේ ගිම්හානයේ, ජර්මනියේ කාල්මාක්ස් පිළිරුව බලන්නට අප හා කැටුව ගිය, දිගු කෙහෙරැල්ලක් හා ඝන රැවුලකින් යුතු, මිලාන් කුන්දේරාගේ 'ජීවිතය අන්තැනක' පොතත්, කොළ කිහිපයක්, පෑනක්, සිගරට් පැකට්ටුවක්, වොඩ්කා බාගයක්, සහිත රෙදි බෑගයක් කරේදමා ඇවිදගිය නිහඩ උස් මිනිසා දෙවසරකට ආසන්න කාලයක් නිහඩව, පිටුවහල්ව වේදනාවෙන් හා කෝපයෙන් සයිබර් අවකාශයේ කළ කවිකම් අපි ඔබ වෙනුවෙන් සයිබර් අවකාශයෙහි පළ කළෙමු.

කවිය හා කවියා යනු සර්වකාලීන වස්තූන් යන සර්වව්‍යාපී සංකල්පයෙන්.....

[සෙස්ස අස්සට]
ගැමුණු සෙනවිරත්න
බූන්දි| | 03:28:47
ප්‍රතිචාර[0]
මධ්‍ය ලක්ෂ්‍යය ළඟදී ජ.වි.පෙ. හමුවීම| තව දුරටත්....
[දයා] මෙහෙම කියනවා: සිංහල අධිපති වාදයටත් ඒමත පදනම් වූ යුදවාදයටත් නතු නොවූ කලා මාධ්‍යයක් තිබුනේ නම් ඒ සිංහල කවිය පමණි. සමස්තයක් ලෙස නොවූවද අතලොස්සක් පමණ වූ සිංහල කවීහූ ස්වකීය නිර්මාණ මගින් දෙමළ ජනයා මත පැටවුනු අයුක්ති සහගත යුද්ධයටත්, වියරු ජාතිවාදයටත් දේශපාලන අවස්ථාවාදයටත් එරෙහිව ඒ බිහිසුණු අඳුරු කාල පරිච්ඡේදයේ දී මිනිසත් බවේ හෘදය සාක්ෂිය ඉහළට ඔසවා තැබීමට සමත් වූහ. ඒවා හුදු දේශපාලන සටන්පාඨ ලෙස බැහැර කිරීමට.....

[සෙස්ස අස්සට]
දයා
බූන්දි| | 21:43:50
ප්‍රතිචාර[0]
මධ්‍ය ලක්ෂ්‍යය ළඟදී- ජ.වි.පෙ. හමුවීම!
මධ්‍ය ලක්ෂය ළඟදී නම් වැඩසටහන පිළිබඳව බූන්දි වෙබ් අඩවියේ මාලතී කල්පනා සොයුරිය මතු කර තිබූ අදහස් [මධ්‍ය ලක්ෂ්‍යය අසල දවසක්] වලට වෙනස් මානයක මතයක් මෙතුල ස්ථානගත කරමි. අන්වර්ථ නාමයක් යොදා ගන්නේ, මෙහි අදහස් සමග නොව ලියන්නාගේ ඇඟේ එල්ලෙන නිසාය. මධ්‍ය ලක්ෂය හා ජ.වි.පෙ. සහ සම්බන්ධය පිළිබඳව මෙහිලා සංවාදගත කරන්නේ, චන්දන සිරිමල්වත්ත, පුබුදු ජයගොඩ, ආදීන් එහි පසුබිමින් සිටි නිසාවත් ජ.වි.පෙ කටවුට් වල අනෙක් පස-
ස්පාර්ටකස්
බූන්දි| | 01:57:33
ප්‍රතිචාර[0]
මධ්‍ය ලක්ෂ්‍යය අසල දවසක්.....
පසුගිය 31 වන දා පන්සියයකට ආසන්න පිරිසක් මහජන පුස්තකාල පරිශ්‍රයට එක්රැස් වුණේ කවිය ගැන කතා බහ කරන්නටය. වෙනස් ලෙස කවිය දිහා බලන්නට ලද ආරාධනාවට ප්‍රතිචාර දක්වමින් ‍මෑත කාලයේ දී කවිය වෙනුවෙන් එකට රැස්වූ වැඩිම පිරිස එතැන විය. විවිධ ප්‍රදේශ වල සිට පැමිණි හැත්තෑව දශකයේ කවි පොත් ලියා පළ කළ අප්‍රකට කවීන්, යුග කිහිපයක් යා කරන ප්‍රවීණ කවීන්, මෑත යුගයේ ජනාදරයට පාත්‍ර වූ තරුණ කවීන්.....

[සෙස්ස අස්සට]

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
බූන්දි| | 23:14:58
ප්‍රතිචාර[0]
"සාහිත්‍ය සම්මාන" කොයිබට ද?
සැප්තැම්බර් මාසය සාහිත්‍ය මාසයයි. මේ කාලවකවානුව ආසන්නයේ එළැඹෙන්නේ ශ්‍රී ලාංකික ලේඛක ලේඛිකාවන්ට ද සුබපල ගෙන දෙන, තම සිහින සැබෑ කර දෙන කාලයයි. සාහිත්‍ය රසවින්දනය යනු කුමක්දැයි නිර්වචනය කිරීම සාපේක්‍ෂ වන අතර සාහිත්‍ය යනු මේ යැයි සමාජය විසින් සකසා ගත් යම් යම් නිර්නායක වෙත්. ඒ අනුව යම් සමාජ ව්‍යූහයක සදාචාරාත්මක අගයන් ගෙන එන්නට සමත් වනුයේ එකී සමාජය තුළ සාහිත්‍ය විසින් බිහි කරනු ලබන ගුණ වගාවයි.

මිනිසා නිසගයෙන්ම.....

[සෙස්ස අස්සට]

තුෂාරි ප්‍රියංගිකා
බූන්දි| | 23:20:10
ප්‍රතිචාර[0]
කවියාගේ ජීවන චක්‍රය|
කීට අවදියෙන් පිලා අවදියට
මුලින්ම එළඹෙන්නේ, වැරදීමකින් තමන් ලියන ලද බේත් සීට්ටුවක් මිත්‍රයෙකු දැක, එය කියවා "අඩෝ උඹ මාර කවියෙක්"යැයි කීමෙන් පටන් ගන්නා බිත්තර අවස්ථාවයි. මෙකී අණ්ඩජ අවස්ථාව කවියාගේ ජීවන චක්‍රයේ සුවිශේෂීම අවස්ථාව වන්නේ, අණ්ඩය තුළට වී කවි භ්‍රෑණයා අනාගතයේ සිය ග්‍රහ ලෝකය (පමණක් නොව ග්‍රාහක වළල්ල ද ඇතුළත්ව බුද සිට ප්ලූටෝ දක්වා ද අල්ෆා සෙන්චූරි දක්වා තරු ද) පුබුදුවන මහා කවියා වීම සඳහා සිහින දකින බැවිනි.
කක්ෂපුට
බූන්දි| | 04:29:11
ප්‍රතිචාර[0]
ගොඩගේ කාව්‍ය සම්මානය|
මජර දේශපාලන ගති ලක්ෂණ සාහිත්‍යයට කාන්දු වීම
2010 වර්ෂයේ ‍ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උළෙලේ අවසන් වටයට නිර්දේශිත කාව්‍ය ග්‍රන්ථයක් වූයේ රෝහණ පොතුලියද්දගේ 'අහස හැඩි වී ඇත', තිස්ස නිහාල් වික්‍රමසිංහගේ 'ද්‍රෝහියාගේ බිරිය', සුනිල් ගෝවින්නගේ 'මතක මාවත', නන්දන වීරසිංහ ගේ 'රැය කරා ගමන' , ලක්ශාන්ත අතුකෝරල ගේ 'වැසි ඉසෙන ඉසව්' හා උපුල් සේනාධිරිගේ 'සියොතුනට එනු පිණිස' යන ග්‍රන්ථ 6ය. මේ වන විට අදාළ සම්මාන උළෙලේ මෙලෝ රහක් නැති විනිසුරු මඩුල්ල විසින් ඉහත කාව්‍ය ග්‍රන්ථයන්.....

[සෙස්ස අස්සට]

පියන්කාරගේ බන්දුල ජයවීර
බූන්දි| | 03:10:41
ප්‍රතිචාර[0]
ඩයස්‌පෝරක කවිය සහ ඇම්පෝරක විචාරය
සිංහල කවියට හදිසියේ ම ඩයස්‌පෝරක හැඩරුවක්‌ ලැබෙමින් පවතින අතර එයට මුට්‌ටිය අල්ලන ඉංග්‍රිසි විචාර ද කඳු ගැසෙමින් තිබේ. ඩයස්‌පෝරාව යනු ස්‌වදේශය හෙවත් තමා උපන් රට ගැන උනන්දු වන විදේශගතව වෙසෙන ප්‍රජාව යන අර්ථය සපයන ඉංග්‍රිසි වචනය වන අතර ඇම්ෆොරා (amphora) යනු ග්‍රීක හෝ රෝම කෞතුක වස්‌තුවක්‌ ලෙස සැලකෙන මැටි භාජනයකි. මේ හදිසි ඩයස්‌පෝරක ආක්‍රමණය හා ඊට උඩගෙඩි දෙන ඇම්පෝරක විචාරය කුමක්‌ද? මේ කුමන්ත්‍රණය කොයි තරම්.....

[සෙස්ස අස්සට]

එරික් ඉලයප්ආරච්චි
බූන්දි| | 22:53:37
ප්‍රතිචාර[0]
කවිය ඝාතනය කළ ගොඩගේ කවි සම්මානය:
අත්‍යාවශ්‍ය මරණ පරීක්ෂණයක්
අතටම දිය වූ පිටපත් හෙවත් ''අත් පිටපත්'' කිහිල්ලේ රුවා ගෙන මරියකඩේ රස්තියාදු වෙන ආධුනික ලියන්නන් ද ප්‍රකට කවීන්, කතන්දර ලියන්නන්, විචාරකයන්, දාර්ශනිකයන් ද විසින් ''සුධීමතාණෝ'' යන ගරු නමින් නිතර හඳුන්වනු ලබන, බුදු බව පතන සිරි සුමනාභිධාන ගොඩගේ දේශබන්ධුගේ වාර්ෂික ප්‍රාග්-''දානය'' හෙවත් ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙල ඉකුත් සතියේ පවත්වන්නට යෙදිණ. සරම පත්තරේ ඔතාගෙන කොළඹ ඇවිත් සතෙන් සතේ ඉතිරි කරලා ඉතිරි කරලා-
දොන් ජුවන් එදිරිල්ලේ
බූන්දි| | 02:32:06
ප්‍රතිචාර[0]
වත පුස්ථක වස්තුව
එසමයෙහි සී මැදුරු කවුළුවෙන් විමසන කල්හි දෙනෙත් වික්ෂිප්ත වම්හ. පුස්ථක මස්තකයෙහි වත තබා, වත මස්තකයෙහි පුස්ථකය තබා නැවත නැවතත් පා නියෙන් ඉස්සී විමසන කල්හි දෙනෙත් වික්ෂිප්ත වම්හ. නව්‍ය කාව්‍යක්කාරයෝ කුකවි යෝගයෙන් බිපුවට පුපුරා ගැඩවිල් පණු ගුලි මෙන් වසුරු ලමින් නිළ මැසි සේනා සමග පයුරු පාසානයෙන් යුක්ත වන්නාහ. හේ කෙසේද යත් පර්පියුම් සිනමාන්දරයෙහි කෙළවර ජවනිකා ප්‍රාප්තියේ රමණ පාශයෙන් බැඳී තැන තැන රති කෙළියේ නිමග්න මිනිස්.....

[සෙස්ස අස්සට]

වීරයා
බූන්දි| | 02:31:24
ප්‍රතිචාර[0]
ජී.බී.දිසානායක සහ විශාදය|
වෛද්‍ය රුවන් ජයතුංගගේ ලිපියට ප්‍රතිචාරයක්
වෛද්‍ය රුවන් ජයතුංග මහතා "මහා ගත්කරු ජී.බී. සේනානායක විශාදයෙන් (depression) පෙලුණේද?" යන හිසින් රචනා කළ ලිපිය දැක මේ සටහන ලියා එවීමට සිත්විණි. 1965 හා 1972 පමණ වකවානුව තුල කඳාන අප නිවසට නුදුරින් වාසය කළ ජී.බී. එවක මම නිතර නිතර සියැසින් දැක ඇත්තෙමි. එසේම 1971 දී කීපවාරයක්ම පෞද්ගලිකව හමු වී මම ජී.බී. සමඟ සාහිත්‍ය හා අදාල මාතෘකා පිළිබඳව කථා බස් ද කර.....

[සෙස්ස අස්සට]
මැක්සිමස් ජයන්ත ආනන්දප්පා
බූන්දි| | 04:22:53
ප්‍රතිචාර[1]
'හොත් පොර'(ණ) ඇදුරු වත|
මහාචාර්යවරු හිටගෙන කරන විට චූලාචාර්යවරු දුව දුව කරති!!
මෙලොවෙහි කිසිදු අලුත් දෙයක් නැත. ඇත්තේ එකම පරණ ලෝකයයි. එහෙත් එය අලුත් ආකාරයකින් දැකීමට ඇතැමුන්ට හැකියාව ලැබී තිබේ. එසේ දැකිය යුත්තේ තමන්ගේම ඇසින් විනා අනිකකුගේ ඇසින් නොවේය යනු කලා නිර්මාණ හා සාහිත්‍යය සම්බන්ධයෙන් පවතින ප්‍රචලිත අදහසකි. අනුන්ගේ ඇසින් ලොව දකින්නා කවියෙක් නොවේ. ඔහු කුකවියෙකි යනුවෙන් කුමාරතුංග මුනිදාස මහතා පැවසූයේ ශ්‍රී රාහුල හිමියන් කාව්‍යශේඛරය ලිවීමේදී එකල ප්‍රසිද්ධ ලේඛකයන්ගේ පොත්වල ආ අදහස් ඒ ආකාරයෙන්ම උපුටාගෙන ඇතැයි පෙන්වා.....

[සෙස්ස අස්සට]
සුනෙත් ප්‍රියදර්ශණ
බූන්දි| | 00:37:49
ප්‍රතිචාර[0]
ලංකාවේ නැති දෙය වෙනුවට විකාර හමු වීම නොහොත් 'පබාගේ රහසිගත සම්බන්ධය' හඹා යාම
ලංකාවේ කලාවක් සාහිත්‍යයක් කියල දෙයක් නැති නිසා මම මේ කිසිම නාට්‍යයක් චිත්‍රපටයක් හෝ පොත් එළිදැක්වීමක් සංවාදයක් වැනි කිසිම දේකට යන්නේ නැහැ. මොකද ඒවායේ කිසිම දේක කිසිම ගත යුත්තක් නැති බව දැං කාලාන්තරයක් ති‍ස්සේ මම හොඳින්ම සාක්ෂාත් කරගෙන ඉන්න නිසා.

ඒත් තවමත් මේ නිනූලා වගේ ලෝකය ‍සොයා දැන ගැනීමේ අනවරත උත්සාහයෙන් ජීවිතය පටන් ගනිමින් ඉන්න අය මේ වගේ සාහිත්‍ය කලා ප්‍රසංග සංවාද තියෙන තැං තැං.....

[සෙස්ස අස්සට]

ඩෝසන් ප්‍රීති ඊ.ඒ.
බූන්දි| | 23:56:53
ප්‍රතිචාර[0]
වළ කපාගෙන ජීවත්වීම
සියලූ සත්වයන්ට පොදු දෙයක් තිබේ. ඒ මරණයට ඇති බියයි. එහෙම වුණත් සිය දිවි නසා ගන්නා අය ද සිටිති. ඉස්සර දිවි නසා ගැනීමට භාවිත කළේ කදුරු ඇට කෑමයි. දැන් එය සයනයිඩ් දක්වා වැඩි දියුණු වී ඇත.
මා කොළඹ සිටි කාලයේ දී මගේ මිතුරෙකු වූ සිරාගේ තාත්තා මියගිය පුවත ඔහුගේ නිවසේ සිට මට දක්වන විට සිරා සිටියේ මා සමඟයි. ජනක රණතුංග, සමන් සේනාධීර, දිලිත් ජයවීර ආදී මිතුරන්ට හොරා.....

[සෙස්ස අස්සට]

අමරසිරි වික්‍රමරත්න- සුනාපරන්තවාසී
බූන්දි| | 02:19:32
ප්‍රතිචාර[0]
කුණුවෙලා මැරෙනවද?
මරණය කියන්නේ මේ ලෝකයෙ කොයි කාටත් බිය උපදවන දෙයක්. කවුරුත් කැමැති වෙන්නෙ දුක් කරදර නැතුව ජීවත්වෙන්නටයි. දවසක් මං අම්පාරෙ නගරයෙ තැනක යාළුවෙකු ආ නිසා නවතින්ට ගියා. හෝටලයේ නාන තටාකයේ විනෝද වෙමින් සිටි තරුණයෙකු දිහාට මගේ හිතගියා. මේ තරුණයා ඇතුළු පිරිස තරමක් සෝමපානය කරලයි හිටියේ. මගෙ හිතගිය තරුණ හාදයා නීතිඥයකු බව කතාවෙන් තහවුරු වුණා. තමන්ගේ සේවාව ගැන කියූ ඔහු කී කතාවක් මගේ සිතගත්තා.

''මැරිලා කුණුවෙන එක වෙනම.....

[සෙස්ස අස්සට]

අමරසිරි වික්‍රමරත්න- සුනාපරන්තවාසී
බූන්දි| | 01:19:32
ප්‍රතිචාර[0]
දසක හතරක මිනිසෙක්
නැවතත් දුර්දශාවක් එළඹ තිබේ. නපුරු කලට සතහට පැමිණෙන දුක, කළකම් පල දෙවා මිස නිමා නොවේ. සෙනසුරාණෝ විෂ්ණු දෙවියන්ට බට කොළ කැවූහ. මට නම් තණ කොළවත් නැත. 'වල් කොළ අතුට නිදා බෝඩිං යානේ' කියලා කපුගේ ගැයූ ජීවිතය විඳිමි. සුනාපරන්තයට යන්නට නොහැකිය. අගනුවර නිදිවර්ජිතව, නිරාහාරව සිර බත් කමි. මේ තීරුවට මෙහි දී නිමිත්තක් හමුවිය.

දන් දෙන්නට වස්තුව තිබිය යුතුම නැත. හිත ඇත්නම් පත කුඩා ද කියා ගමේ කියමනක්.....

[සෙස්ස අස්සට]

අමරසිරි වික්‍රමරත්න- සුනාපරන්තවාසී
බූන්දි| | 01:16:31
ප්‍රතිචාර[0]
බ්‍රිස්ටල් පෙරහර යන මඟ!
''යානෙ වරුම් පින්නෛ. මනි ඕසේ වරුම් මුන්නෛ.''

දෙමළ භාෂාවේ මේ ප්‍රකට කියමන මතක් වෙන හැමවිටම මට මහනුවර ඇසළ පෙරහර මතක් වෙයි. 'මිණි ගෙජ්ජි සද්දෙ පළමුව ඇසෙන අතර, ඊට පසුපසින් අලියා එන' බව මේ කියමනේ අරුතයි. මහනුවර අවට උපන් අපේ ළමා, තරුණ කාලයේ අසිරිමත් වකවානුව ඇසළ සැණකෙළිය සමග උදාවෙයි. දළදා පෙරහරට වඩා අපට වැදගත් වන්නේ බෝගම්බර පිට්ටනියේ පවත්වන ඇසළ මේලාව. අඩි අසූවක් උස කුලුනකට නැග ශරීරයට ගිනිතබාගෙන.....

[සෙස්ස අස්සට]

අමරසිරි වික්‍රමරත්න- සුනාපරන්තවාසී
බූන්දි| | 01:15:00
ප්‍රතිචාර[0]
'අලජ්ජි බලි යාගය'
බණ්ඩාරනායක මහතා වෙඩි තබා ඝාතනය කළාට පසුව මෙරට භික්ෂූන්ට විරුද්ධව සමාජයේ හඬක් මතු විය. මෙම ඝාතනයෙන් පසුව භික්ෂු විරොධී කතා තැන් තැන්වල පළ විය. එදා චීවරය දඩමීමා කරගෙන ඇතැම්හු තම සිතැගි ඉටු කර ගත්තේ ය. අදත් එබඳු දේ ඕනෑ තරම් සිදු වේ.

අපේ හාමුදුරුවන්ගේ නම ගෝවල විමලධම්ම ය. උන්වහන්සේ ගම්පොළ රතනාසරහි වාසය කරති. පෞද්ගලික ව්‍යාපෘති සඳහා චීවරය ගන්නවාට විරුද්ධව ක්‍රියා කිරීමට උන්වහන්සේ මැලි නොවෙති. මහ රෑ.....

[සෙස්ස අස්සට]

අමරසිරි වික්‍රමරත්න- සුනාපරන්තවාසී
බූන්දි| | 01:10:39
ප්‍රතිචාර[0]
'ඇන්ජිමා'
කුඩා කාලයේ සිට පොත් කියවීමේ පුරුද්දක් ලැබුවෙමි. මට නින්ද යන මොහොතේත් යළි අවදිවන මොහොතේත් මගේ පියා ශබ්දනගා පොත් කියවනුත් සිටි අයුරු දැනුත් මට සිහි වේ. කුමන විභාගයකට පාඩම් කරන්නේදැයි මව නිතර චෝදනා කළ ආකාරයත් මට මතකය. පියා වැඩියෙන්ම කියවූයේ කවි හා පාලි, සංස්කෘත පොත්ය. මේ ඔස්සේ යමින් කියවීම මගේ පුරුද්දක් බවට පත්විය.

කුඩා කාලයේදීම කියවූ පොත් අතර බරීස් පලෙවොයිගේ "සැබෑ මිනිසකුගේ කතාව" මතකයේ අමරණීයව තිබේ. ඒ.....

[සෙස්ස අස්සට]

අමරසිරි වික්‍රමරත්න- සුනාපරන්තවාසී
බූන්දි| | 01:09:03
ප්‍රතිචාර[0]
'කොල්ලො වරෙව් ගොංගහන්ට'
හැත්තෑ හතට පස්සෙ ගම රට හොඳටම වෙනස් වුණා. නිදහසේ වෙනස් වෙන්නට ඉඩ නොදී රටට සුනාමියක් වගේ වෙනසක් ගෙනැත් අතෑරියේ ඡේ.ආර්.. පුංචි සන්දියේ අපි කඩෙන් ගත්තෙ ලූණු, කරවල හා පරිප්පු වගේ දේවල් විතරයි. මිරිස් ගත්තෙම නෑ. කඩවල විකුණූ මිරිස්වලට කිව්වේ 'කඩේ මිරිස්' කියලා. සමහර අය රට මිරිස් කියලත් කිව්වා. ගමේ අල වර්ග එමටයි. දෙහි අල, තුම්මස් අල, කිරි අල, රටල, සෙවෙල් අල මේවා අතර ප්‍රසිද්ධයි. අර්තාපල්.....

[සෙස්ස අස්සට]

අමරසිරි වික්‍රමරත්න- සුනාපරන්තවාසී
බූන්දි| | 01:06:06
ප්‍රතිචාර[0]
තොප්පිය යට ඔළුවක් තිබේ
රජවරු තම දේශයේ වැසියන්ගේ සුවදුක් සොයා බැලීම පිණිස වෙස් වළාගෙන ගෙන් ගෙට ගියහ. වෙනත් පෞද්ගලික උවමනාවන් සඳහා ද ගියහ. මොරතොට හිමියන්ගේ සිල් බැලීම සඳහා ගොස් ගැහැනියක් ලෙස සැරසී කාමරයට අත දැමූ පුවතක්ද අප අසා ඇත. එසේම තිරුවා නම් පුද්ගලයා අඹගමුවට යවා රාත්‍රියේ නිවසට ගොස් ඔහුගේ බිරිඳට කතාකිරීමට ගිය රජතුමා අමාරුවේ වැටුණේ රජුගේ සට කපට බව දැන සිටි තිරුවා අඹගමු නොගොස් ගෙදර සිටීම නිසයි. ''තිරුවා අඹගමු.....

[සෙස්ස අස්සට]

අමරසිරි වික්‍රමරත්න- සුනාපරන්තවාසී
බූන්දි| | 01:03:54
ප්‍රතිචාර[0]
උන්වහන්සේලා අපවත් කළහ
දරුණු විදියට යුද්ධය පැවැති කාලයේ මා නැවතී සිටියේ අම්පාර හාඩි ආයතනයේ අධ්‍යක්ෂ අමරදේව අප්පුහාමි මහතා සමඟ ඔහුගේ නිල නිවාසයේය. එහිදී දුරකථනයෙන් කිරිදිවැල සෝමරතන හිමියන් හඳුනා ගන්නට ලැබුණි. ඉන් කල්යාණ මිත්‍ර හිමි නමකගේ ඇසුර ලැදිමි. යාන වාහන පහසුකම් නැතිව අතර මං වූ වෙලාවක විද්‍යානන්ද පිරිවෙනට යන මම පාංශුකූල රෙද්දක් ඇඳගෙන රාත්‍රිය එහි ගතකොට ඇත්තෙමි. දිගාමඩුල්ලේ මෙම පිරිවෙන ආරම්භ කළෝ හෑගොඩ ඉන්දසාර හිමියෝය.

1932 ජනවාරි 08 වන දින.....

[සෙස්ස අස්සට]

අමරසිරි වික්‍රමරත්න- සුනාපරන්තවාසී
බූන්දි| | 00:55:23
ප්‍රතිචාර[0]
"උළු තියලා හදා මොටද අපෙ පොල් අතු ස්කෝලේ"
මට මගේ ස්කෝලය ගැන යමක් ලියන්නට හිතෙනවා. මං මුලින්ම ගිය ස්කෝලේ නම රාජානන්ද කනිෂ්ඨ විද්‍යාලයට. ගම මැදට වෙන්නට මේ නිවහන පිහිටුවා තිබුණා. රාජපක්ෂ පවුලේ අය තමන්ගෙම ඉඩමක තමන්ගෙම වියදමෙන් මේ පාසල ඉදිකොට දුන් බව ගමේ කව්රුත් දන්න කතාවක්. අපේ ස්කෝලෙට හෙවිලි කරලා තිබුණෙ පොල් අතු. බිම ගොම පිරියම් කරලා තිබුණා. සති දෙකකට විතර සැරයක් ළමයි ගොම අරන් ගිහින් බිම ගානවා. එදාට ඉස්කෝලේ පන්ති පවත්වන්නේ නෑ......

[සෙස්ස අස්සට]

අමරසිරි වික්‍රමරත්න- සුනාපරන්තවාසී
බූන්දි| | 00:54:11
ප්‍රතිචාර[0]
මිනිස් පවුලට එන්න
කඳුළුවලට නමක් ගමක් ලියා තිඛෙනවා ද? නැත. කඳුළ කාගෙත් කඳුළම ය. ඒ කියන්නේ කාගේ දුකත් දුකක් ම ය. 'කඳුළ කඳුළමය කාගේ වුණත් මට' කියා ලිව්වේ චන්ද්‍රකුමාර වික්‍රමරත්න ය.

'ඉඳ ඉඳ එක වෙහෙර - විඳ විඳ දහම් මනහර
සිඳ බිඳ දුක් සසර - අහෝ ! දෙව්දත් නොදිටි මොක්පුර'

එකම විහාරයක වාසය කළත් මොක්පුර නොදුටු දෙව්දත් තෙර ගැන 'අනේ සැපයි' හෝ 'අනේ හොඳයි' නොකියා අහෝ! කියා කනගාටු වූ ජාතියකට අපි.....

[සෙස්ස අස්සට]

අමරසිරි වික්‍රමරත්න- සුනාපරන්තවාසී
බූන්දි| | 00:52:46
ප්‍රතිචාර[0]
සුදු කොඩි දෙකේ උපත
මේ ලියන මොහොතේ මගේ සිතේ සුදු කොඩියක් එසැවී තිබේ. ඒ කුමක් අරබයා ද කියා ඔබ අසනු ඇත. ඒ සුදු කොඩියට අරමුණු දෙකක් තිබේ. එකක් අප කිසිවකු අනුමත නොකරන, යුද්ධය නිසා මියගිය මිනිසුන් සිහි වීම පිණිස වේ. සුදුකොඩියේ අනෙක් අරුත නම් මරාගත් මී පැටවකු උඩ දම දමා සෙල්ලම් කරන පූසකු සේ මළගම් වටකොට ප්‍රීති උත්සව සංවිධානය කරමින්, මහමඟ කිරිබත් පිස කෑමට තරම් වූ අවිහිංසාවාදී බෞද්ධයන්ගේ පුරුෂාර්ථ.....

[සෙස්ස අස්සට]

අමරසිරි වික්‍රමරත්න- සුනාපරන්තවාසී
බූන්දි| | 00:51:05
ප්‍රතිචාර[0]
විදු සහ ලටෙක් සසුන
දානේන සීලේන අනුසාසයන්ති
හරිතකි ඒකඵලං නදෙන්ති
අනිච්චං නිච්චං සමනා වදන්ති
ඝඨස්ස භින්නේන කලහා කරෝති

දානය හා සීලය ගැන අනුශාසනා කරති. නමුත් අරළු ගෙඩියක්වත් නොදෙති. අනිත්‍යය ගැන දේශනා කරති. එසේ වුවත් කළය බිඳුනා ගැන ඇබිත්තියා සමඟ කළහ කරති. භික්ෂුව ගැන කියන උක්ත ගාථාව කනට ඇහුණ හැටියට මතකයට නගා ගෙනයි ලිව්වේ. මහාධිකරණ විනිසුරු පී.බී. වරාවැව මහතා සිංහලයට නැඟූ 'සද්ධර්මපුණ්ඩරික සූත්‍රය' පිළිබඳව සාකච්ඡාවේදී බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේදී සංඝයා වහන්සේලා ගැන ඉහත ප්‍රකාශය උපුටා කතා.....

[සෙස්ස අස්සට]

අමරසිරි වික්‍රමරත්න- සුනාපරන්තවාසී
බූන්දි| | 00:44:11
ප්‍රතිචාර[0]
ස්ත්‍රී පුරේ
“ALL ANIMALS ARE EQUAL. BUT SOME ANIMALS ARE MORE EQUAL THAN OTHERS''
(සියලූ සතුන් සමානය. නමුත්, සමහර සතුන් අනිත් උන්ට වඩා වැඩියෙන් සමානය) මේ උධෘතය GEORGE ORWELL ගේ ANIMAL FARM කෘතියෙන් උපුටා ගත්තකි.

ඉහත කියමන පරම සත්‍යයකි. අයිතිවාසිකම් ගැන කියන විට හැමෝම සමානය. එහෙත් තෝරු මෝරු බඳු බලවත් පුද්ගලයන් වැඩියෙන් සමානය. අධ්‍යාපනය ගත්තාම කොළඹ ඉස්කෝලයත් මොනරාගල හුලංදාව ඉස්කෝලයත් අතර සමානකම් මීට හොඳ නිදර්ශනයකි. ඉස්පිරිතාල ගත්තත් එහෙමයි......

[සෙස්ස අස්සට]

අමරසිරි වික්‍රමරත්න- සුනාපරන්තවාසී
බූන්දි| | 00:42:45
ප්‍රතිචාර[0]
සුරුවම් සහ අපි
බූන්දියේ පළවූ, ඩෝසන් ප්‍රීති විසින් ලියන ලද වෙනස් ආරක විචාරයක් අරභයා සිදු කොට තිබූ අවිචාරවත් විචාර කිහිපයක් (දීප්ති ගුණරත්නගේ නමද සම්බන්ධ කර ගනිමින්) කියවා මෙය ලියැවුණි.

සම්පූර්ණ ලිපිය හා ප්‍රතිචාර

කිසිදු පෞරුෂයක් සුරුවමක් කර ගත යුතු නැත. විවිධ කාල වලදී සුවිශේෂී වු මිනිස්සු බිහිවෙති; ලෝකය නව මානයන් කරා ගෙන යති. ඔවුන්ට දැනෙන පමණින් ප්‍රපංචයන් පහදා දීමට ද සහෝදර මිනිස් කැළට සත්තාව සහ යථාව පහදා.....

[සෙස්ස අස්සට]

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
බූන්දි| | 21:25:05
ප්‍රතිචාර[0]
සීටීබී-බස් ඩිපෝවක හැදූ සාහිත්‍ය විචාර සිල-බස්
මේ නිර්දේශය ග්‍රීසියේ ඇතැන්ස් නුවර කේන්ද්‍ර කොටගත් සාහිත්‍ය විචාරවල සිට දහනමවන සියවසෙන් පසු බටහිර සාහිත්‍යයෙහි පැතිරගියාවූ නූතන සාහිත්‍ය විචාර ප්‍රවනතාවන් පිලිබඳ අවබෝධයක් ලබාදෙන්නක් බව ද පැවසේ.

මෙය රටට උදා කරන්නට යනබව කියන ආශ්චර්ය වලින් එකක් නොව කිහිපයක් වියයුතුය.

මෙය කිය වූ මට ප්‍රශ්න කීපයක් ඇතිවිය. මෙහි පැය එකහමාරේ කාලපරිච්ඡේදයකින් අවුරුදු ගනනක දැනුමක් ලබාදෙන්නට හදන මහා ආශ්චර්යයකි. එය තුන්වන ලෝකයේ ඓශ්චර්යය ද වෙන්නට පුලුවන. මෙහි නම් කොට.....

[සෙස්ස අස්සට]
යගිරල මහීපාල
බූන්දි| | 00:51:26
ප්‍රතිචාර[0]
මං මුලා වී ආ තිලකසේන සහ හසරක් අසමින් ගිය සුචරිත ගම්ලත්...
දිනය - 2010 අප්‍රේල් 27
ස්ථානය - මරදාන ලංකා අක්ෂය
වෙලාව - සවස 6.00
මාතෘකාව - සිංහල ලිඛිත ව්‍යවහාරයට ව්‍යාකරණමය වෙනසක් අවශ්‍යද?
දේශකයා - අජිත් තිලකසේන

වීරයා
බූන්දි| | 02:09:20
ප්‍රතිචාර[1]
අනේ කාලේ.... වනේ වාසේ....
සාහිත්‍ය ආන්දයෙන් ප්‍රඥාව කරා මෙහෙයවන්නක් බව බොහෝ දෙනා විශ්වාස කරති. අප රට ප්‍රථම විධායක ජනාධිපති උතුමා ඇසුවේ සාහිත්‍යය කන්න ද කියා ය. ගුණදාස අමරසේකරට අනුව සරච්චන්ද්‍ර, වික්‍රමසිංහ මෙන් ම සේකරගෙන් ද හරිහැටි වැඩක් වී නැත. එසේ නම් මේ සාහිත්‍ය කන්නට වත් ගන්නට බැරි බව තරයේ ම සිහිතබා ගත යුතු ය. මෙරට සාහිත්‍යයේත්, කලාවේත්, හරි හමන් වැඩක් කළෝ නම් පනස් හයේ දරුවෝ ය. ගීතයේ, කවියේ ස්වර්ණ.....

[සෙස්ස අස්සට]
සඳකැලූම් රසාංජන
බූන්දි| | 01:54:32
ප්‍රතිචාර[0]
1
2
3
4
5
6