ආදරය කරමි..
මගේ නිවසට බිරිඳට සහ දරුවන්ට..
ජීවිතය දෙන මහපොළොවට....
අධ්‍යාපනයට සහ වෘත්තියට....
පොදු යහපත උදෙසා කටයුතු කරන මිනිසුන්ට..
මිනිසාගේ සමානාත්මතාවය සුරකින සාධාරණත්වයට...
ජීවිතය විඳීමට ඉඩ සලසන සාමකාමීත්වයට....
අනෙකාගේ නිදහස කෙලෙසන නිදහස නොව සැමගේම නිදහසට...
මම කිසිදිනෙක ඝාතන සදහා ආයුධ නිපදවා නැත. ඒ ගැන මම සැබැවින්ම ආඩම්බර වෙමි.
මම කිසිවිටෙක අසමත්වී නොමැත. ඒ වෙනුවට දෙයක් ක්‍රියා නොකරන ක්‍රම දහස් ගණනක් සොයාගෙන ඇත.
අවසාන පුද්ගලයා හැර ගිය තැනින් මම ආරම්භ කරමි.
අවිහිංසාව, සෑම පරිණාමයකම අරමුණ වූ උතුම් ශිෂ්ඨත්වය කරා මිනිසාව රැගෙන යයි. අපි අනෙකුත් ජීවීන්ට හිංසාකරන්නේ නම් තවමත් ම්ලේච්ඡයෝ වෙමු.
අදහසක වටිනාකම රැඳී තිඛෙන්නේ එහි ප්‍රයෝජනවත් බව තුලයි.