BOONDI.LK| රංග බූන්දි
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

වැදගත්ම දේ මෙන්න මේකයි. තමාගේම කෙස් වැටියෙන් අල්ලා ඇද කොට්ට උරයක් මෙන් සිරුර කණපිට පෙරළලා අළුත් ඇහැකින් ලෝකය දිහා ....
|මරා කියයි.
|Theatre Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  Cine  
  රංග  
  සිත්තර  
  කතා-බස්  
  අදහස්  
  රත්තරං ටික  
  ඔත්තු  
  වීඩියෝ  
  BoondiLets  
Yohan’s ‘Northern Dreams’-...
කොඩිකාරගොඩ සුනීත හිමිගෙන්-...
කන්‍යා දියවරට එළැඹ-...
"මෙ'විල සරසමි' ...
චීන තෙල් සමාගම්වල...
American History X...
ලැන්ටි...
ඉස්ලාම් අන්තවාදය- ලාංකේය...
  තවත් රංග
කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙල 2013 | මාර්තු 28-අප්‍රේල් 4
ප්‍රතිචාර[0]
දෘෂ්ටිවාදය නිසා ප්‍රතික්ෂේප වූ නිහොන් සැප ලැබේවා | ධනංජය කරුණාරත්න
ප්‍රතිචාර[3]
ඔබට තරුවන් සරණ සමග නිහොන් සැප ලැබේවා! | හඩ නළුවට නව එළියක් | ලියනගේ අමරකීර්ති
ප්‍රතිචාර[2]
පුස්ලෝඩං | සයිමන් නවගත්තේගම
ප්‍රතිචාර[0]
කාමරයක් ඇතුලෙ දොළහක්.... | චින්තන ධර්මදාස
ප්‍රතිචාර[1]
මතක ඇතිව අමතක කරන්න! [මරණයේ රමණීය තීන්දුව] | ආලෝක රණසිංහ
ප්‍රතිචාර[0]
විසංගත නාට්‍ය න්‍යාය ඇසුරින් ලාංකික "මේ මොහොත" අල්ලා ගැනීම. (අසම්පූර්ණ එළඹුම් සටහනක්) | සුදර්ශන සමරවීර
ප්‍රතිචාර[0]
මනමේ බිහි වූ අවදියේ සිංහල නාට්‍යය - සිදුවීමක් | එදිරිවීර සරච්චන්ද්‍ර
ප්‍රතිචාර[0]
ප්‍රහසනයක් නොවී විගඩමක් වූ ''බල්ලොත් එක්ක බෑ'' | ජයසිරි අලවත්ත
ප්‍රතිචාර[0]
ප්‍රියංකර රත්නායකගේ "ඇන්ටිගනී" මොඩර්න් වැඩි ද? | දිස්නි තාරකා
ප්‍රතිචාර[0]
BOONDI • Raha •
1
2
3
4
5
  රංග බූන්දි  
රේඩියෝ නාට්‍යය හා රේඩියෝ කතා සංස්කෘතිය
පූර්ව යටත් විජිත ශ්‍රී ලංකාව බහුශ්‍රැත සංස්කෘතියකට හිමිකම් කියූ සන්දර්භයක් පැවතුණු රටකි. ජාතක පොතේ සිට මහා වංශය දක්වා ලංකාවේ ලියැවී ඇති සාහිත්‍ය කෘති අසා රසවිඳීම අරමුණු කොට ගෙන රචනා වී පැවතීම එම තත්ත්වය අවබෝධ කර ගැනීමට හොඳ නිමිත්තකි. සමාජය තුළින් පුහුණු කරන ලද්දේ හොඳ බහුශ්‍රැතයෙකු හෙවත් ඇසූ පිරූ තැන් ඇත්තෙකු වන ලෙස දෙන උපදේශයයි. පන්සල් හා ප්‍රභූ නිවෙස් මූලික කරගත් සාහිත්‍ය කෘති අසා රසවිඳීමේ සංස්කෘතිය.....

[සෙස්ස අස්සට]

මාලක දේවප්‍රිය
බූන්දි| | 23:52:18
ප්‍රතිචාර[0]
ෆන්සල (Funsala) [රේඩියෝ නාට්‍යය]
පාත්‍ර වර්ගයා

නිවේදක
භික්ෂුව
ඇමති
අගමැති

(සංගීතය අතරින් නිවේදක කථා කරයි)

නිවේදක-
ඔබලා හැමෝම දන්නවා ගරු ශ්‍රේෂ්ඨාධිකරණය මේ වෙනකොට ලබාදුන් විශේෂ නියෝගය සම්බන්ධව. ඒ අනුව බෞද්ධ විමුක්ති නිජබිම් ව්‍යාපාරය ගොනුකරපු විරෝධතා නඩුව බලරහිතව නිෂ්ප්‍රභා වෙනවා. අධිකරණයට දේවාශිර්වාදය ලැබේවා. දැන් කිසිදු ආකාරයක බාධාවක් නැහැ. පලස්තීන, වතිකානු හා ඉතාලියානු රජයන්වල අවුරුදු සියයක පොළී රහිත පූර්ණ මුල්‍ය ණය ආධාරයෙන් ඉදිකරපු කිලෝමීටරයක් උස, ලොව විශාලතම යේසුස් සමිදාණන්ගේ හිටි පිළිමය විවෘත කිරීමේ කටයුතු උත්සවාකාරයෙන් පවත්වන්න. මේ.....

[සෙස්ස අස්සට]

මාලක දේවප්‍රිය
බූන්දි| | 00:52:09
ප්‍රතිචාර[7]
Towards another era of Dhawala Bheeshana: Testing the Dramaturgy of (Consumerist) Spectator
“The art of this epoch will be entirely under the influence of revolution. This art needs a new self-consciousness”. – Leon Trotsky in Literature and Revolution

Dhawala Bheeshana is back on stage; and so could be a renewed phase of another bheeshanaya (organized torture and violence) in Sri Lanka? A timely re-production of a play which first saw its dramatic advent in late 1980s and throughout,.....

[සෙස්ස අස්සට]
බූන්දි| | 18:32:28
ප්‍රතිචාර[0]
ප‍්‍රකාශනවාදී නාට්‍ය කලාව හා තිස් තුන්වැනි යෞවන නාට්‍ය උළෙල
"රටේ කලබල නාට්‍ය වසන්තය" උදා කරමින් ප‍්‍රථම වතාවට යෞවන නාට්‍ය උළෙලක් ගංගාරාම බිෂොප් විද්‍යාල රංග ශාලාවේදී පසුගිය ජනවාරි 28 සිට පෙබරවාරි 06 දක්වා රංග ගත කෙරිණි. තරුණ නාට්‍ය කරුවනුත් කලා ක්ෂේත‍්‍රයේ පීදෙමින් සිටින උනුත්, දැවැන්තයින් කිහිප දෙනෙකුත්, තරුණ කවීන්, කෙටි චිත‍්‍රපට කරුවන්, විවිධ දිනවල ප‍්‍රදේශවාසීන් කිහිප දෙනෙකුත් රංග ශාලාව පුරවාලනු වස් තරුණ සේවා සභාව මගින් ගෙන්වන ලද බෙල්වුඩ් සහ යෞවන සම්මේලන සාමාජිකයින් ඉදිරියේත් ඒ සැදෑවන්.....

[සෙස්ස අස්සට]
ප‍්‍රනීත් චානක මුරමුදලිගේ
බූන්දි| | 20:22:37
ප්‍රතිචාර[3]
කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙල 2013 | මාර්තු 28-අප්‍රේල් 4
INTER ACT ART BLACK BOX THEATER HOUSE විසින් දෙවැනි වරටත් සංවිධානය කරනු ලබන "කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙල" 2013 මාර්තු 28 සිට 2013 අප්‍රේල් 4 වන දින දක්වා කොළඹ බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසලේදී පැවැත්වෙයි. සමාරම්භක උළෙල, මාර්තු 27 වන දින ගල්කිස්ස මහ හෝටලයේදී පැවැත්වීමෙන් අනතුරුව නාට්‍ය දර්ශන සහ රංග කලා වැඩමුළු ඇතුළත් උළෙල ඇරඹෙයි. ඉන්දියාව, ඔස්ට්‍රියාව, අසර්බයිජානය, සෞදි අරාබිය, ඊජිප්තුව, නේපාලය, ශ්‍රී ලංකාව යන.....

[සෙස්ස අස්සට]
බූන්දි| | 19:12:30
ප්‍රතිචාර[0]
දෘෂ්ටිවාදය නිසා ප්‍රතික්ෂේප වූ නිහොන් සැප ලැබේවා
මාලක දේවප්‍රියගේ "නිහොන් සැප ලැබේවා" නම් වූ රේඩියෝ නාට්‍යය කෘතිය මුද්‍රණ ද්වාරයෙන් පළකිරීම සඳහා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩලයේ ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය දෙදහස් එකොළහ වසර සඳහා අයදුම් කර ඇත. වසරක දිගු සමීක්ෂණ කාලයකින් ඉක්බිති එහි ප්‍රතිඵල නිකුත් වූයේ මුද්‍රණ ආධාර ලබාදීම සඳහා ප්‍රතික්ෂේපිත ග්‍රන්ථයක් ලෙසයි. ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩලයේ ප්‍රකාශන හා ග්‍රන්ථ සංවර්ධන අංශය දෙදහස් දොළහ මැයි විසිදෙක දින මාලක දේවප්‍රිය වෙත.....

[සෙස්ස අස්සට]

ධනංජය කරුණාරත්න
බූන්දි| | 10:03:36
ප්‍රතිචාර[3]
ඔබට තරුවන් සරණ සමග නිහොන් සැප ලැබේවා! | හඩ නළුවට නව එළියක්
මාලක දේවප්‍රියගේ ගුවන් විදුලි නාට්‍ය රචනා කියවන්නට මට ලැබුණේ ඔහුගේ 'උගෙ හිස ඉවරයි' කෘතිය පළ කළ කාලයේය. ඒ නාට්‍ය එකතුවේ සිටම මෙරට මෙකල දැකිය හැකි සංස්කෘතික හා විනෝද කර්මාන්තයේ විප්‍රකාර, විචාරාත්මකව උපහාසයට ලක් කරන්නට තැත් කිරීම දකින්නට තිබිණ. 'නිහොන් සැප ලැබේවා' නම් මේ නාට්‍ය එකතුවෙහිත් ඒ ලක්ෂණ තවත් හොඳින් වර්ධනය වී තිබෙනු පෙනෙයි.

මෙම කෘතියෙහි එන 'තරුවන් සරණයි' නාට්‍යය මෙකල ලංකාවේ දැකිය හැකි නිස්සාර මාධ්‍ය.....

[සෙස්ස අස්සට]

ලියනගේ අමරකීර්ති
බූන්දි| | 18:11:25
ප්‍රතිචාර[2]
පුස්ලෝඩං
ස්ථානය: ගං වතුරෙන් යටවූ කුඩා ගොඩැල්ලක් වගෙයි.

කාලය: මද්දහනක් වගෙයි.

පේනතෙක් මානයේ අන් කිසිවක් නොපෙනේ, මහා වතුරක් මැද, ඉතාම පටු ගොඩැල්ලක් පෙනෙයි. ගොඩැල්ල අයිනේ ගසක් තිබේ. කොළ දෙකක් පමණක් ඇති අමුතු වර්ගයක ගසකි. එහි එකම අත්තේ අමුතුම විදියක විශාල ගෙඩියකි. ගස් දෙබලේ හිඳිනා සර්පයෙක්, නිශ්චලව හිඳී.

මිනිසෙක් වෙහෙසින් හා සා ගින්නෙන් ගොඩැල්ල මත වැතිරී සිටිනු පෙනේ. වෙලාවකට පසුව, කාලාන්තයකින් මිදෙන්නාක් මෙන්, ඔහු නැගී සිටින්න තැත් කරයි......

[සෙස්ස අස්සට]

සයිමන් නවගත්තේගම
බූන්දි| | 17:43:01
ප්‍රතිචාර[0]
කාමරයක් ඇතුලෙ දොළහක්....
ලයනල් වෙන්ඩ්ට් එකේ "දොළහක්" බලන්න ගියා. කට කපලා සෙනග... "ඇඩ්වර්ටයිසින්" "ඉන්ග්ලිෂ් තියටර්" "ජෝන් ද සිල්වා" නළු නිළියන් සහ පොලිටික්කන් හැම කාණ්ඩෙකම කට්ටිය එක ඕඩියන්ස් එකක. "බකමූණා" වගේම තව ජෝක් පොලිටිකල් වැඩක් වෙන්න ඇති කියල මට හිතුණ. නාට්ටිය පටන් ගත්ත. ජූරි කාමරයක් ඇතුලෙ සෙට් එකක්, කොල්ලෙක් විසින් තාත්තාව පිහියෙන් ඇන මරා දැමීමක් ගැන විනිශ්චයකාරවරයාගේ කතාවක් ඇහෙන්න ගන්නවා. ජූරි කාමරේ හිස් පුටු උඩ ඒ ගැන ඒකමතික තීරණයක්.....

[සෙස්ස අස්සට]

චින්තන ධර්මදාස
බූන්දි| | 17:41:02
ප්‍රතිචාර[1]
මතක ඇතිව අමතක කරන්න! [මරණයේ රමණීය තීන්දුව]
"මිනිසුන්ට ජීවත් වීමට , නිදහසට සහ දේපළ රැස් කිරීමට ස්වභාවික අයිතියක් තිබේ. තම අයිතිවාසිකම්වලින් කොටසක් ඔවුන් සිය කැමැත්තෙන් රජය නම් තම අභිමතය පරිදි පිහිටුවාගත් පාලනාධිකාරයට පවරනු ලැබේ. ඒ, ජීවත්වීමේ, නිදහසේ විසීමේ සහ දේපළ රැස්කරගැනීමේ සිය අයිතීන් වඩා හොඳින් සුරැකීම සඳහා ය."
- ජෝන් ලොක් (1632–1704)


ඒ දෙසැම්බර් 12 වෙනිදා රාත්‍රිය යි.

අවුරුදු දාසයක මිනිහෙකුට (මෙතන මිනිහෙක් කියන්නේ හෝමෝ සේපියන් කෙනෙක් කියන එකය.) මරණීය දඬුවම ට.....

[සෙස්ස අස්සට]
ආලෝක රණසිංහ
බූන්දි| | 23:04:32
ප්‍රතිචාර[0]
විසංගත නාට්‍ය න්‍යාය ඇසුරින් ලාංකික "මේ මොහොත" අල්ලා ගැනීම. (අසම්පූර්ණ එළඹුම් සටහනක්)
කලාව ලෝක සමාජ හැසිරීමෙන් වියුක්ත කොට - ඒකලනය කොට හදුනාගත හැක්කක් නොවේ. එය අත්‍යන්තයෙන්ම සමාජ විපර්යාසය හා බැදී ඇත්තේ කලාව නිසා සමාජයත්-සමාජය නිසා කලාවත් ඉදිරියට තල්ලු වන දයලෙක්තික සම්බන්ධයක් ඇතිවය. මේ ලියමන අරමුණු කරන්නේ 19 වන සියවසේ කරළියට ආ යථාර්ථවාදය, ස්වභාවිකවාදය වැනි දාර්ශනික ආස්ථානයන්හි ප්‍රභාවෙන් ජන්මය ලබා හැදී වැඩී ප්‍රජනන කාර්යයේ නියැලුණු සුසාදිත නාට්‍ය කලාවට එරෙහිව කැරළි ගැසූ ප්‍රති-යථාර්ථවාදීමය එළඹුම - විසංගත නාට්‍ය කලාවට බලපෑ.....

[සෙස්ස අස්සට]

සුදර්ශන සමරවීර
බූන්දි| | 17:45:18
ප්‍රතිචාර[0]
මනමේ බිහි වූ අවදියේ සිංහල නාට්‍යය - සිදුවීමක්
මනමේ පළමුවෙන් බිහි වු අවදියෙහි සිංහල නාට්‍ය කලාව කෙබඳු තත්ත්වයක තිබුණිදැයි වටහා ගැනීමට උපකාර වන එක්තරා සිද්ධියක් කියන්නට කැමැත්තෙමි. දෙවෙනි රාත්‍රියෙහි නැතහොත් තුන්වන රාත්‍රියෙහි "මනමේ" රඟ දැක්වෙන අතර මම බරාඳයට (foyer) විත් වාඩි වී හුන්නෙමි. රැඟුම පටන්ගෙන පැය බාගයක් පමණ ගත වන්නට ඇත. මැදි වියෙහි ස්ත්‍රියක් රඟහලට පැමිණියා ය. ඇගේ ඇඳුම් පැළඳුම්වලින්ත් තුනු හැසිරීමෙනුත් ඈ කොළඹ හතේ කාන්තාවක් විය යුතු යැයි මම සිතුවෙමි. ඈ කිසිවක්.....

[සෙස්ස අස්සට]

එදිරිවීර සරච්චන්ද්‍ර
බූන්දි| | 04:07:20
ප්‍රතිචාර[0]
ප්‍රහසනයක් නොවී විගඩමක් වූ ''බල්ලොත් එක්ක බෑ''
සිංහල භාෂාවේ "ප්‍රහසනය"යන්න අර්ථ දක්වා ඇත්තේ: "තදින් සිනාසීම", "කොක් හඬ ලා සිනාසීම", "විහිළුව", "උපහාසය" සහ "විකට නාටකය" යනුවෙනි. "විහිළුව" නමැති වචනයට ද වෙනම ම අර්ථකථන සපයා ඇත. ඒ මෙසේ ය: "ඔච්චම", "කවටකම", "කොලොප්පම", "පරිහාසය", "විගඩම", "විසිළුව" සහ "සරදම" යනුවෙනි. ඉංග්‍රීසි භාෂාවේ "Comedy" (කොමඩි) යන්න අර්ථකථනය කොට ඇත්තේ: "සතුට උපදවන නාඩගම සහ "ප්‍රසන්න අවසානයකින් යුත් නාට්‍යය" යනුවෙනි. අදාළ ප්‍රස්තුථයට අවතීර්ණ වීමට ප්‍රථම ඉහත සඳහන් වදන් වැල.....

[සෙස්ස අස්සට]

ජයසිරි අලවත්ත
බූන්දි| | 01:55:57
ප්‍රතිචාර[0]
ප්‍රියංකර රත්නායකගේ "ඇන්ටිගනී" මොඩර්න් වැඩි ද?
මීට සියවස් ගණනාවකට පෙර ග්‍රිසියේ විසූ “සොෆොක්ලීස්” නමි ග්‍රීක නාට්‍යකරුවාගේ තීබ නාට්‍ය ත්‍රිකයෙන් ඊඩිපස් හා ඇන්ටිගනී යන නාට්‍ය දෙක ප්‍රියංකර රත්නායක විසින් ශ්‍රී ලාංකේය වේදිකාවට ප්‍රදානය කරන ලදී. තීබයේ සිදුවූ මහා ඛේදවාචකයක් මෙකී නාට්‍ය දෙකට පාදක වී ඇත. ඊඩිපස් නාට්‍යයේ ඈදුතුවක් වන ඇන්ටිගනී ඊට බොහෝ සෙයින්ම වෙනස්ව වේදිකාවට ගෙන ඒමට ප්‍රියංකර සමත් වී ඇති බව නාට්‍ය නැරඹූ ප්‍රේක්ෂකයන්ට මනාව පිළිබිඹු වෙයි.

ඊඩිපස් නාට්‍යය ග්‍රීක නාට්‍යට වඩාත්.....

[සෙස්ස අස්සට]
දිස්නි තාරකා
බූන්දි| | 02:49:02
ප්‍රතිචාර[0]
"බොක්ස්" ගැන තව ටිකක්.........
මේ ලිපිය ලියැවෙන මොහොත වන විට, රාජ්‍ය නාට්‍ය උළෙල සහ යෞවන සම්මාන නාට්‍ය උළෙලේ සම්මාන ප‍්‍රදානය අවසන්ව සැලකිය යුතු කාලයක් ගෙවී ඇත. මෙම නාට්‍ය උළෙල දෙක තුළ කෙටි නාට්‍ය අංශය වැදගත් වන එක් මානයක් වනුයේ, එය නව පරපුරේ තරුණ නාට්‍ය කරුවන් ලාංකීය සමාජ දේශපාලන තේමාවන් උකහා ගැනීම පිළිබඳ කැඩපතක් සේ දිස්වීමයි. ඒ පිළිබඳව සලකා බලද්දී උළෙලවල් දෙක තුළ ම ප‍්‍රදර්ශණය වූ කෙටි නාට්‍ය රටේ දේශපාලන.....

[සෙස්ස අස්සට]

විකුම් ජිතේන්ද්‍ර
බූන්දි| | 00:54:33
ප්‍රතිචාර[1]
"බර්නාඩාගේ සිපිරි ගෙය" [House of Bernarda Alba] යළි වේදිකාවට......
නූතන නාට්‍ය කලාවේ මහා නාට්‍යකරු ලෙස සැලකෙන ගර්සියා ලෝකා ගේ නාට්‍ය ත්‍රිත්වයේ අග්‍රගන්‍ය නාට්‍ය ලෙස සැලකෙන "බර්නාඩාගේ සිපිරිගෙය" [House of Bernarda Alba] ප්‍රියන්ත සිරිකුමාරගේ නව නිෂ්පාදනයක් ලෙස වේදිකා ගත කිරීමට කටයුතු යොදා ඇත. මෙහි පරිවර්තනය මහාචාර්ය රංජනී ඔබේසේකර විසිනි. මෙම නාට්‍ය ග්‍රාමීය පවුලක් වටා ගෙතෙන අතර මව සහ දියණියන් පස්දෙනෙකු එදිනෙදා ජීවිතයේ මුහුණ දෙන චිත්ත අභ්‍යන්තර ගැටුම් ගැමි ජීවිතයේ මධ්‍යම පාන්තික පවුලකට මුහුණ දීමට සිදුවන.....

[සෙස්ස අස්සට]
බූන්දි| | 05:40:51
ප්‍රතිචාර[0]
බොක්ස් ගතවීමි| ["හොඳ වයින් 4ක්" කෙටි නාට්‍ය උළෙල]
පසුගිය පෙබරවාරි 14 වැනිදා ජෝන් ද සිල්වා සමරු රඟහලේදී පැවැත්වුණු දිමුතු චින්තකගේ ''හොඳ වයින් 4ක්'' කෙටි නාට්‍ය උළෙල නැරඹීමේ භාග්‍යය උදාවුනා. එය භාග්‍යයක් ලෙස හැඳින්වූයේ සැබවින්ම ඒ සැඳෑව චමත්කාර ජනක සෑඳෑවක්ම වූ නිසයි. ප්‍රථමයෙන්ම වේදිකාගත වුනේ නලින් ලුෂේනිගේ ''සබන් පෙන'' නාට්‍යයයි. ඉන්පසුව චාලක රණසූරියගේ ''බොක්ස්'', ගයාන් දේශප්‍රියගේ ''කූඩුවට එනකං'' සහ-

අමිල ගලප්පත්ති
බූන්දි| | 03:10:19
ප්‍රතිචාර[1]
කාමන් ඔපෙරාව| Carmen Opera
රුසියානු මහා කවි ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ ජිප්සීස් කාව්‍යය ඇසුරෙන් රචිත කාමන් ඔපෙරාව විශ්ව සංගීතයේ දිදුළන සන්ධිස්ථානයක වැජඹෙන කලා නිර්මාණයකි. එය ලොව වඩාත්ම ජනප‍්‍රිය සහ වඩාත්ම ප‍්‍රදර්ශිත ඔපෙරාවයි. එය නොඇසූ සංගීතඥයකු හෝ විදග්ධ රසිකයකු හෝ සිටිය නොහැකිය. එය පරිශීලනය නොකෙරෙන කලා පාසලක්,ඇකඩමියක්, සරසවියක් තිබිය නොහැකිය.

එරික් ඉලයප්ආරච්චි
බූන්දි| | 00:29:43
ප්‍රතිචාර[0]
Colombo Theatre Festival for Young Adults, 2010| කෞශල්‍යා, නාමල් සහ චන්දන සමග
සෝමලතා සුබසිංහගේ ලංකා ළමා හා යොවුන් රඟහල පදනම (LCYTE) පස්වන වරටත් යොවුන් ප්‍රේක්ෂකාගාරය සඳහා ඉදිරිපත් කරන නාට්‍ය උළෙල 2010 දෙසැම්බර් මස 3 - 5 දක්වා ප.ව. 3.30ට හා 7.00ට කොළඹ ලයනල් වෙන්ට්ඩ් ශාලාවේ දී පැවැත්වේ. දෙසැම්බර් 03 සෝමලතා සුබසිංහගේ විකෘති නාට්‍යයත්, දෙසැ. 04 නාමල් ජයසිංහගේ ග්ලැඩියේටර් ප්‍රේමය නාට්‍යයත්, දෙසැ. 05 කෞශල්‍යා ප්‍රනාන්දුගේ සඳ ළඟ මරණය නාට්‍යයත් වේදිකාගත වේ.

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර
බූන්දි| | 04:40:45
ප්‍රතිචාර[0]
"සැබෑ මුහුණේ වෙස් මුහුණු"| ලංකාවේ 'මේක් අප් ආර්ටිස්ට්'ලාගේ කතන්දරය
පාරේ ගමන් කරන ත්‍රී වීලයකි. ඒ ඇතුළේ නාට්‍ය නිෂ්පාදක සිටී.

''හලෝ මචං.... කොහෙද යන්නෙ?'' අතරමග නතරකර හමුවෙන මිතුරාගෙන් නිෂ්පාදක අසයි.
''මං මේ යාළුවෙක්ගෙ ගෙදර යන ගමන් ඇයි?''
නිෂ්පාදකගේ මුහුණට සතුටක් දැනෙයි.

''හොඳ වෙලාවට ආවෙ. නැගපංකො ත්‍රී වීල් එකට... උඹලගෙ ගෙදරට ගිහින් ටක්ගාල මේක් අප් බොක්ස් එක ගනිං...''
''මොකටද?'' විමතිය.
''කතා වැඩක් නැහැ.. උඹටත් සම්තිං එකක් ගන්න පුළුවන්. අද මගෙ ෂෝ එකනෙ මචං..''
''නෑ ඉතිං මං මොකටද උඹට... ලාබෙට පොරවල් ඉන්නවනෙ...''

''හරි හරි... ඕවට.....

[සෙස්ස අස්සට]

ජයලාල් රෝහණ
බූන්දි| | 23:35:40
ප්‍රතිචාර[0]
ත‍්‍රස්තවාදියා එන්නේ කොහෙන්ද?|
හෙක්ටර් අර්ස්ටිස්බාල් සමග සැන්දෑවක්
අන්ධකාර ශාලාව නිහඬය. සියයක් අසුන් ගත හැකි වියනාහි කුඩා තියාටාප‍්‍රැර්ට් රඟහල පිරී ගොසිනි. වේදිකාව විසල්ය. හීනියට හඬක් නැගේ. රූර්ර්, ශීර්ර්, ඌම්ම්.... ආලෝක ධාරාව කලු රෙද්දකින් හිස සිට වසා සිටින හෙක්ටර් මත පතිත වෙයි. සතිය පුරා පැවැති වැඩමුළුවට එක් වූ සගයින් දෙදෙනෙකු ඒ හඬ දෝංකාර නංවයි.

'රාත‍්‍රී සුළඟ' ඇරඹෙයි. හඬ උච්ච වෙයි. ක්ෂණික නිහඩතාවය. 'ත‍්‍රස්තවාදියා එන්නේ කොතැනින්ද?' ලොමු දැහැගැන්වෙන හඩින් අසන හෙක්ටර් සිය බඩ තුර පහලින්.....

[සෙස්ස අස්සට]

සුනන්ද දේශප්‍රිය
බූන්දි| | 21:57:21
ප්‍රතිචාර[0]
සරච්චන්ද්‍ර, නීෂේ සහ කේමදාස
සරච්චන්ද්‍ර වනාහි සිංහල නාට්‍ය කලාවේ විශිෂ්ටත්වය විස්‌තර කරන සංකේතයයි. ග්‍රීක්‌ නාටකය සහ එළිසබෙතානු නාටකය මෙන් සරච්චන්ද්‍ර නාටකය ද විශාල ජනකායකට බලපෑවේය. එම ජනකාය සරච්චන්ද්‍ර නාටකයෙන් බොහෝ දේ උගත් අතර ජීවිතය තුළ කලාව රඳවා ගැනීම සඳහා සරච්චන්ද්‍ර නාටකය ඉවහල් කර ගත්තේය. එම ජනකායෙන් බහුතරය පේරාදෙණිය මුල් කර ගත් සරසවි අධ්‍යාපනය ඔස්‌සේ ජීවිතය ගොඩනගා ගන්නා ලද සිංහල මැද පංතිය විය. නූතන සිංහල සංස්‌කෘතිය ශක්‌තිමත් කලාත්මක පදනමක්‌ මත.....

[සෙස්ස අස්සට]

එරික් ඉලයප්ආරච්චි
බූන්දි| | 01:52:28
ප්‍රතිචාර[0]
දෙබස් නාට්‍යය දෙපයින් හිටවූ නාට්‍යවේදියා|
ආර්. ආර්. සමරකෝන්
රණසිංහ රාජපක්ෂ සමරකෝන් හෙවත් කවුරුත් දන්නා ආර්. ආර්. සමරකෝන් හෙවත් කැළණි පාලම හැදූ ආර්. ආර්. සිය 71 වෙනි උපන්දිනයට දින කිහිපයක් ඉතිරිව තිබිය දී දිවි රඟ මඩලින් බැස ගියේය. කෙතරම් බැලුවත් එපා නොවෙන අතළොස්සක් සිංහල නාට්‍ය අතරින් හුණුවටය හෝ සුභ සහ යස හැරුණු විට වැඩිම ප්‍රේක්ෂක සම්භාවනාවට පාත්‍ර වූ නාට්‍යය කැළණි පාලමයැයි සිතමි.

කැළණි පාලමයැයි කියූ විට බොහෝ දෙනෙකුට සිහියට එන්නේ අර අපූරු ''මැම්බර් මහත්තයා''වය......

[සෙස්ස අස්සට]
මාෂා ජයසේන
බූන්දි| | 23:51:57
ප්‍රතිචාර[0]
කැළණි පාලම ලියූ හැටි
අහස නොකඩවාම දින දහයක් දොළහක් හඬා වැටිණ. වැහි වතුර පාර තොට පුරා දෝරේ යන්නට විය. වැස්සේ හැඩ රුව අනුව එය කොළඹට පමණක් නොව මුළු රටටම ඇද හැලෙන්නක් බව මට තේරුම් ගියේය. එක් සෙනසුරාදාවක හවස් වරුවේ තවත් වගුරුවන්නට කඳුළු නැති බැවින්දෝ හිටි හැටියේම වැස්ස තුරල් වී කහ පැහැති අව් රැල්ලක් ද එබිකම් පාන්නට විය. මම කලින් නියම කරගත් ගමනකට සැරසී එළියට බැස්සෙමි. ගල්කිස්සෙන් කිරිබත්ගොඩට යන බසයකට.....

[සෙස්ස අස්සට]

ආර්. ආර්. සමරකෝන්
බූන්දි| | 23:09:30
ප්‍රතිචාර[0]
ඇන්ටිගනි| ජීවිතයේ පිටුපස ඇති වෙස්මුහුණ|
ප්‍රියංකර රත්නායක සමග කතාබහ
•ක්‍රි.පූ. 500-400 වැනි යුගයක නිර්මාණය වුණු ඇන්ටිගනි නාට්‍යය, දේශපාලනික භාවිතයන් අද්‍යතන සමාජ දේශපාලනික කාරණා තේරුම් ගැනීම සඳහා ඔබ යොදා ගන්නේ කොහොමද?

නාට්‍ය රචකයින් විසින් රචනා කරන නාට්‍ය වර්ග දෙකක් ලෝකයේ තිබෙනවා. ඉන් පළමු වර්ගය තමයි නාට්‍ය රචකයා තමා ජීවත් වන සමාජයේ දේශපාලන මතුපිට ස්පර්ශ කරමින් ඒ පිළිබඳ රචනා කරපු නාට්‍ය. තවත් පිරිසක් නාට්‍ය රචනා කිරීමේදී පවත්නා දේශපාලනයේ මතුපිට ස්පර්ශ කරනවා වෙනුවට මිනිස් සමාජය සහ ජීවිතය-

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර
බූන්දි| | 03:35:29
ප්‍රතිචාර[0]
කළම්බෝ... කළම්බෝ සහ ජීවන යථාර්ථය
කළම්බෝ කළම්බෝ..... මම මුල්ම වතාවට මේ වේදිකා නාට්‍ය නැරඹුවේ ඊයේ රාත්‍රියේ. ඒ ලයනල් වෙන්ඩ්ට් හී රෑ හතේ දර්ශන වාරයේ බැල්කනියේ සීයේ ටිකට් පතකිනි. මට ඒ සඳහා විචාරයක් ලිවීමට ඇති ප්‍රධානම සුදුසු කම ලෙස මට දැක්විය හැකි මහා කාරණා නොවූවත් සුළු සුළු කාරණා මෙසේ දැක්විය හැකිය.

1. කුඩා කල සිටම කොළඹ නගරයේ ජීවත් වීම. පදිංචිය- බත්තරමුල්ල.
2. පාසල් ගියේ පුංචි බොරැල්ලේ කොළඹ ගෝතමී බාලිකා විදුහලට
3. මෙම නාට්‍ය එක.....

[සෙස්ස අස්සට]

නීනු
බූන්දි| | 21:26:34
ප්‍රතිචාර[0]
යුද බයිනෙත්තුවෙන් ඇන ස්ත්‍රීත්වය නටබුන් කිරීම- Ruined
Lynn Nottageගේ Ruined, 2009 වසරේ පුලිට්සර් සම්මානය දිනූ වේදිකා නාට්‍යයයි. එය බ්‍රෙෂ්ට්ගේ Mother Courage and Her Children නාට්‍යය [1], කොංගෝ ප්‍රජානත්ත්‍රවාදී ජනරජයේ පවතින යුද සන්දර්භය තුළ නැවත ලිවීමකි. මේ නාට්‍යය හරහා Nottage, ප්‍රේක්ෂක සන්තානය වෙව්ලුම් කවන තරමේ බිහිසුණු ප්‍රචණ්ඩත්වයක් වේදිකාව මත චිත්‍රණය කරන්නී, එහෙත් නාට්‍යයේ චරිත අතුරින් ඉතාම දුෂ්ඨ පුද්ගලයන් කෙරෙහි පවා දයානුකම්පාවේ ශේෂ මාත්‍රයක් අප තුළ ගොඩ නංවන්නීය.

නාට්‍යයට පාදක වන අවන්හල සහ ගණිකා නිවාසය,.....

[සෙස්ස අස්සට]
පරිවර්තනය - කූඹියා
බූන්දි| | 02:14:40
ප්‍රතිචාර[0]
එච්.ඒ. පෙරේරා
කලාව යනු උන්මන්තකභාවය කරා අප යන ගමනේ අවසාන නවාතැන්පල වැනිය. සමහරු මෙතනට දුක් සෝ සුසුම් මැද පැමිණෙති. සමහරු මෙතනට ප‍්‍රීතියෙන් ඔදවැඞී පැමිණෙති. සමහරු මෙතැනට තනි තනිව පැමිණෙති. තවත් සමහරු මෙතැනට ජාතීන් ලෙස පැමිණෙති. රටවල් ලෙස පැමිණෙති. ශිෂ්ටාචාරයන් ලෙස පැමිණෙති. උන්මන්තකභාවයේ ගීලී යාමට මොහොතකට පෙර මොවුහු මෙතැන මඳකට නැවතෙති. මඳකට මෙතැන නැවතී ගිමන් හරින මොවුහු එතැන දී තම ශෝකය ගීතයකට හරවති. තම හුදෙකලාව සිතුවමකට නගති. තම.....

[සෙස්ස අස්සට]
ප‍්‍රභා මනුරත්න/ බුද්ධික බන්ඩාර
බූන්දි| | 22:55:52
ප්‍රතිචාර[0]
කලම්බෝ කලම්බෝ - අත්‍යාවශ්‍ය පසුවදනක්
ඉන්දික පර්ඩිනැන්ඩූ ගේ කොළම්බු, කොළම්බු අමුතු ඒත් හිත් ඇදගන්නා නාට්‍යයක්. උඩින් පල්ලෙන් බැලූවොත් ඒක නල්ල තම්බි වගේ හිනා යන නාට්‍යයක් කියල හිතෙයි. මොකද? ඉල ඇදෙන හිනා යන කෑලිවලින් පිරිලා හන්දා. ඒත් ඒක ඇස්බැන්දුමක් විතරයි. යටින් තියෙන්නේ කෙළඹ නගරය තුළ දිළිඳුකම ගැන විමුසුමක්. ඇත්තටම ආදරයේ දිළිඳුකම කිව්වොත් නිවැරදියි. ආදරයේදී තැලෙන්නේ ගැහැණිය හින්දා ගැහැනියගේ ළතෝනිය කිව්වොත් වඩා නිවැරදියි. ඇත්තටම ඒ ළතෝනිය මට දැනුත් ඇහෙනව, ඇහෙනවා වගේ. හැම.....

[සෙස්ස අස්සට]
වික්‍රමබාහු කරුණාරත්න
බූන්දි| | 01:52:00
ප්‍රතිචාර[1]
අසඩක් ඔබට සුභ රාත්‍රියක්!
ශෛලිගත නාට්‍ය පණ යන පක්ෂයට යමින් සිටි සමයක, කාන්තා සංවිධාන කාන්තා විමුක්තිය ගැන කතා නොකළ වකවානුවක, හෙන්රි ශෛලිගතය හා තාත්විකත්වය සංකලනය කරමින් කුවේණි නිර්මාණය කොට, සදාකාලික දුක් විඳින ගැහැණියගේ විත්තිය ජනතා අධිකරණය හමුවේ තැබුවේය. කලාකරුවන් ස්වකීය ගමනේ එක්තරා වකවානුවකදී භාවනාවක යෙදෙන බව ''කඩුල්ල'' ටෙලියේ තිරනාටකය කළ තිලක් ජයරත්න කලකට පෙර පැවසීය. කුඩා නාටක කිහිපයක් කරමින් අත්හදා බැලීම් කළ හෙන්රි හැටේ දශකයේ දී බ්‍රෙෂ්ට්ගේ හුණුවටයේ කතාව.....

[සෙස්ස අස්සට]

සුගතපාල ද සිල්වා
බූන්දි| | 03:50:45
ප්‍රතිචාර[0]
බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ
දෘෂ්ටිය සහ රංග සංකල්ප
-හෙන්රි ජයසේන
නැත!

අපට නරඹන්නා ගේ අවදි බව අවශ්‍ය ය....
විමසිලිමත් බව අවශ්‍ය ය.
පැහැදිලි දිදුලන ආලෝකය යට - රුචි නම් -
ඔවුන් ගේ සිහින ඔවුහු දකිත්වා.....
ඔහු මෙසේ ද පවසා ඇත:

"මගේ තිරය
අඩවන් ව තබන්න
වේදිකාව වසා
මුද්‍රා නොතබන්න.

නරඹන්නන් සිය අසුන්වල දිග ඇදී
දුටුවාවේ....
අප ලක ලැහැස්ති වන අයුරු

ඔවුන් වෙනුවෙන් ම
ශූර ලෙස නිමවන ලද
වේදිකා මෙවලම්....

බෙලෙක් සඳහන්
පහත්වන සැටි!
උළු පියස්සක්
ඔසවාගෙන එන අයුරු

වැඩිපුරමත් පෙන්වන්න එපා
පෙන්වන්න
මොනවා හෝ යමක්

මිතුරනි
ඔවුන් දුටුවාවේ
ඔබ සැම
විජ්ජාකරුවන් නොව
කම්කරුවන් බව....

තුමූ ජීවත් වූ යුගයට උචිත වන ලෙස, ඒ.....

[සෙස්ස අස්සට]

හෙන්රි ජයසේන
බූන්දි| | 03:50:45
ප්‍රතිචාර[0]
ප්‍රබුද්ධයාණ
ඇදුරාණ
මිතුරාණ
ශ්‍රී ලංකාවේ ගාමිණී හත්තොටුවේගම නමැති පුරෝගාමී නාට්‍යකරුවා පිළිබඳ අවමංගල උත්සවයේ රඳවා තිබුණු ශෝක ප්‍රකාශයක කවුරුන් විසින් හෝ මෙසේ සඳහන් කර තිබුනේ ''දැවී මිසක ආලෝකය සපයනු කෙළෙසකද?'' මෙය ඔහුටම සරිලන නිශ්චිතම ප්‍රකාශයකි. ඔහු ඔහුගේ වීදි නාට්‍ය ව්‍යාපාරය වෙනුවෙන් බහුතරය අපේක්ෂා කළ සම්මත ජීවන රටාවකට අවශ්‍ය සියල්ල නොතකා හැරියේය. ඔහු ඉංග්‍රීසි භාෂාව පිළිබඳ පරිණත දැනුමැති විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙක් විය. එහෙත්, ඉංග්‍රීසි භාෂා දැනුම නිසා උදුම්මා ගත.....

[සෙස්ස අස්සට]

පරාක්‍රම නිරිඇල්ල
බූන්දි| | 03:50:45
ප්‍රතිචාර[0]
COLOMBO ! MAXA COLOMBO!!!
''හෙට දවසේ මෙය සිදුවන්නේ කාටද?'
කලම්බෝ වේදිකා නාට්‍යය බැලූවෙමි. ඒ ගැන ටිකක් හෝ කතා කල යුතුම යැයි සිතෙයි. නාට්‍යය පටන් ගත්තේම අපිට පොඩි ටොක්කක් ඇනලාය. ''කරුණාකර ඔබලා ගේ ජංගම දුරකථනය ක්‍රියාත්මක කර තබා ගන්න. එය ක්‍රියා විරහිත කරගෙන පැයක් දෙකක් ඉන්න පුලූවන් තත්වයක නෙමෙයි අපි ඉන්නේ''. ඒ සෞම්‍යගේ කටහඬය. ඊට පසු නාට්‍යය ගලා යයි.

එය කොළඹ නමින් හැදින්වෙන සෞම්‍යගේ වචනයෙන්ම කියතොත් ලංකාවටත් වඩා ලොකු දෙය ගැන යලි සිතා බැලීමකට අපිව යොමු.....

[සෙස්ස අස්සට]

අනුෂ්ක තිලකරත්න
බූන්දි| | 03:50:45
ප්‍රතිචාර[0]
කලම්බෝ කලම්බෝ
වී ලව් යූ කලම්බෝ
හරි අපූරු ඉරිදා සවසක් පසුගිය නව වැනිදා ගෙවී ගියේ ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ අභිනව වේදිකා නාට්‍යය ''කලම්බෝ'' නැරඹීමෙන් ලද අමන්දානන්දයෙන් පිරී ඉතිරී යමින්. රාජිතගේ සහ ධනංජයගේ වේදිකාවට පසුගිය ඉරිදායින් පසුව පයගසන ඉන්දික ෆර්ඩිනැන්ඩු, ඒ ඉරිදා රාත්‍රී නමය පසුවී මිනිත්තු කිහිපයකට පසු අපව ගෙදර යවනු ලැබුවේ වෙන්ඩ්ටයේ වේදිකාව ගලවා අපගේ හිස මත තැබීමෙන් අනතුරුවයි.

නැරේටරයෙක් සහිත, සංගීතමය කලම්බෝ ආරම්භවූයේ එහි සංගීත රචකයා විසින් සවිඥානිකව හෝ අවිඥානිකව භාවිතා කරන ලද.....

[සෙස්ස අස්සට]

අමිල ගලප්පත්ති
බූන්දි| | 03:50:45
ප්‍රතිචාර[0]
''මට වෙඩි තියන්නැද්ද'' ගැන අවිධිමත් අදහස් ගොනු කිරීමක්
රාජිතගේ ''මට වෙඩි තියන්නැද්ද'' දෙවන වතාවටත් බලන්න ලැබුනා. මීට කලින් මම මේ නාට්ටිය බලලා තිබුනේ අවුරුදු දෙකකට විතර කලින්. ඒත් මම, නාට්ටිය ආපහු බැලූවේ මගේ පරිනාමයේ වෙනස මැනගන්නත් එක්කලා.

''මට වෙඩි තියන්නැද්ඳ'', වේදිකාව නැමැති මාධ්‍යයේ සියුම් තැන් උපයෝගී කර ගනිමින් පරිස්සමින් හදපු හරි අපූරු නාට්ටියක්. මේ නාට්ටියෙදී අපිට හමුවෙන රවී සහ උපුල් ඉවුරු දෙකක චරිත දෙකක්. නාට්ටියේ පසුතලය ඔවුන් දෙදෙනාගේ තාවකාලික නවාතැන වන කූලී කාමරයයි. කාමරය.....

[සෙස්ස අස්සට]

අමිල ගලප්පත්ති
බූන්දි| | 03:50:45
ප්‍රතිචාර[0]
Blood Wedding- Federico Garcia Lorka
Blood Wedding යනු, ස්පාඤ්ඤ ජාතික නාට්‍යකරුවෙකු හා කවියෙකු වන Federico Garcia Lorkaගේ Bodas de Sangre නාට්‍යයයේ ඉංග්‍රීසි පරිවර්තනය යි. ගාර්ෂියා ලෝර්කා ලෙස ලංකාවේ ජනප්‍රිය මෙම නාට්‍යකරුවාගේ නාට්‍ය කිහිපයක්ම අනුවර්තන හා පරිවර්තන ලෙස ලාංකේය වේදිකාව පෝෂණය කොට ඇත.

ලෝර්කාගේ යෙර්මා (1934), 1959 දී මූදු පුත්තු ලෙස ගුණසේන ගලප්පත්ති අනුවර්තනය කොට නිෂ්පාදනය කළේය. එම නාට්‍යයම, 2002 දී යෙර්මා නමින්ම ලලිතා සරච්චන්ද්‍ර පරිවර්තනයක් ලෙස රංග ගත.....

[සෙස්ස අස්සට]

නයෝමී ගුණසිරි
බූන්දි| | 03:50:45
ප්‍රතිචාර[0]
A Streetcar Named Desire - Tennessee Williams
ටෙනිසි විලියම්ස් (Tennessee Williams) බටහිර ලෝකයේ විවිධ සමාජ ස්ථරවල ජීවත් වූ විවිධ මිනිස් චරිත සිය නාට්‍යයන්ට පාදක කර ගත්තෙකි. විශේෂයෙන් ම ඇමරිකානු මධ්‍යම පන්තියේ නීරස, ඕලාරික ජීවන රටාව තේමා කරගනිමින් නිපදවූ A Streetcar Named Desire, The Glass Menagerie, Summer and Smoke සහ A Rose Tatoo වැනි නාට්‍ය එවක ඇමරිකානු නාට්‍ය ලෝලීන්ගේ මෙන්ම විචාරකයන්ගේ ද ගෞරවාදරයට පාත්‍ර විය.

වංශවත් පවුල් වල බිඳ වැටීමත්.....

[සෙස්ස අස්සට]

නයෝමී ගුණසිරි
බූන්දි| | 03:50:45
ප්‍රතිචාර[0]
Lower Depths- මැක්සිම් ගෝර්කි
1902 දෙසැම්බර් මස 18 දා, රුසියාවේ මොස්කව් රංග කලාගාරයේ දී (Moscow Art Theatre) පළමු වරට මැක්සිම් ගෝර්කි විසින් රචනය කල Lower Depths නාට්‍යය වේදිකාගත කරන ලද අතර එය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ කොන්ස්ටැන්ටින් ස්ටැනිස්ලාව්ස්කි විසිනි. එය ප්‍රේක්ෂකයන් විසින් වැළඳ ගනු ලැබූවේ Lower Depths එන චරිත වලින් ඉස්මතු.....

[සෙස්ස අස්සට]

නයෝමී ගුණසිරි
බූන්දි| | 03:40:17
ප්‍රතිචාර[0]
ඊඩිපස් රජ- සොෆොක්ලීස්
''අහෝ සියල්ල හෙළි වී ඇත. සියල්ල පැහැදිලි ය. සියළු සැඟවිලි අවසාන ය. අහෝ ආලෝකය! මා නොබලමි ඔබ දෙස මින් මතු...! පාපකාරී ය මගේ ජන්මය...! පාපකාරී ය මගේ සරණ බන්ධනය...! පාපකාරී පීතෲ ඝාතකයෙකි මා!''

ජගත් නාට්‍ය ඉතිහාසයේ ඊඩිපස් රජ නාට්‍යය, නාට්‍ය ලෝලීන්ගේ රස වින්දනයට මතු නොව පශ්චාත් කාලීන මනෝ විද්‍යාඥයන්ගේ විශ්ලේෂණ වලට ද පාදක විය. (ප්‍රොයිඩියානු ඊඩිපස් සංකීර්ණය) ක්‍රි. පූ. 425 පමණ ග්‍රීක නාට්‍ය රචක සොෆොක්ලීස් විසින්.....

[සෙස්ස අස්සට]

නයෝමී ගුණසිරි
බූන්දි| | 03:35:33
ප්‍රතිචාර[0]
ආපහු හැරෙන්න බෑ ඇත්ත කතාව
''ආපහු හැරෙන්න බෑ'' නාට්‍යමය ගුණය හොඳින්ම දරාගත් කදිම නාට්‍යයක්. නාට්‍ය ආරම්භයේ සිට අවසානය දක්වාම ප්‍රෙක්ෂකයන්ව ඇද බැඳ තබාගන්නට නාට්‍ය හොදින්ම සමත්. නාට්‍යයේ පසුතලය හරිම සරළයි. එය ආරම්භයේදීම අජිත්ගේ-සුමුදුගේ චරිතවල පසුබිම හෙලි කරනවා. චරිත ගොඩනැංවීමට උපකාරී වෙනවා. වේදිකාව මත මවන ලෝකය වෙතට ආයාසයකින් තොරව ප්‍රෙක්ෂකයා කැඳවා අනවශ්‍ය අවහිර කිරීම් වලින් තොරව නාට්‍ය තුල සාකච්ඡා කරන දෙය වෙතට ප්‍රෙක්ෂකයා යොමුකරගැනීමට එය සමත්. චරිත සඳහා නලූ නිලියන් තෝරාගැනීම,.....

[සෙස්ස අස්සට]

අමිල ගලප්පත්ති
බූන්දි| | 03:29:50
ප්‍රතිචාර[0]
1
2
3
4
5