BOONDI.LK| ගී කිය(ව)මු
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

කියයි ඔබ වැස්සට පෙම් බඳින බව -
එහෙත් වහින විට අවැසිමය කුඩයක් ඔබට
කියයි ඔබ හිරුට පෙම් බඳින බව ....
|බොබ් මාර්ලේ කියයි.
|Personal Quotes
ප්‍රතිචාර[2]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  ගී කිය(ව)මු  
  කතා-බස්  
  රහක් ඇති Music  
  ඔත්තු  
  BoondiLets  
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
  තවත් ගී කිය(ව)මු
අපි හැඟුම්වලට ඉඩ දී මොහොතක්... | සමන් එම්. කාරියකරවන
ප්‍රතිචාර[3]
නන්දාගේ 'නැන්දා ලේලි ගීතය'- විමසුමක් | විජය නන්දන පෙරේරා
ප්‍රතිචාර[24]
ඉන්දියන් සයුරෙන් නැගී පියෙද්රා ගඟබඩ රළ නැගූ ගෙවා නිමා කළ මිහිරැති වසන්තය | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
ප්‍රතිචාර[3]
බලා එන්ට මහ පෙරහැර- සිදාදියට මං ගිය කල | විජය නන්දන පෙරේරා
ප්‍රතිචාර[1]
අහස සේ ඔබ අනන්තයි - සයුර සේ ඔබ අනන්තයි | විජය නන්දන පෙරේරා
ප්‍රතිචාර[3]
"සඳකඩ පහණක කැටයම් ඔප ලා" අරුත් සරු ගීයකි! | කොට්ටාවේ සමිත හිමි
ප්‍රතිචාර[0]
"සඳකඩ පහණක කැටයම් ඔප ලා" ගීතයක් ද? | බණ්ඩාර සෙනෙවිරත්න
ප්‍රතිචාර[1]
වසන්තයේ මල් පොකුරු නෙලා - ඔබ මා දෝතට ගෙනෙන තුරා | දිලීප ජයතිලක
ප්‍රතිචාර[0]
අත්‍යවශ්‍ය මතක් කරදීමක් හෙවත් 'නැසුණු ලොව අභිමුවේ විජය කොඩි නගන්නේ කවුරුන්ද?' | වීරයා
ප්‍රතිචාර[0]
තිත්ත පාත්‍රය සහ සඳ මඬල| "සඳ කැන් වැසිලා අඳුරේ එතිලා..." | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
ප්‍රතිචාර[1]
අක්ෂර සෙනග-
[ගී කිය(ව)මු][4/7]
BOONDI • Music •
1
2
  ගී කිය(ව)මු  
මේ තරම් සියුමැලි ද කළුගල්....
නිර්මාණකරණය විෂයෙහි වූ ප‍්‍රතිභාව නන් දේශයන්හි විසිර යෙත්. එය කායික ශ‍්‍රමය මූලික කොට ගත් දෘශ්‍ය කලා, පොදු ජන කලා හෝ ව්‍යවහාරික කලා ලෙසත් මානසික ශ‍්‍රමය සූක්ෂ්ම කොට ගත් සාහිත්‍යාදී විදග්ධ කලා වශයෙනුත් බහු විධ වේ. ගැදි පැදි නළු ඈ සාහිත්‍ය කලාහි නියුක්ත පැරණි ඡේකයෝ බොහෝ සෙයින් ම ධන බල ණැන ආදි ඖදාර්යයෙන් පෝෂිත වූහ. ඔවුහූ රාජ රාජ මහා මාත්‍යාදින්ගේ නො මඳ ආදර සත්කාරයට බඳුන් වූවෝ.....

[සෙස්ස අස්සට]
සමන් එම්. කාරියකරවන
බූන්දි| | 08:40:20
ප්‍රතිචාර[8]
අපි හැඟුම්වලට ඉඩ දී මොහොතක්...
න්‍යෂ්ටික පවුලේ බිහිවීම දේපළ ක‍්‍රමය ළොව පහළ වීමට සමනන්තර වේ. පුරුෂ මූලික සමාජ සංස්ථාවත්, සුජාත භාවයත් එහි ම අංග ලෙස පවතී. දේපළ වල අයිතිය පුරුෂයා සතු ය. එහි පාලකයෝ පුරුෂයෝ ය. එම දේපළ උරුම විය යුත්තේ දේපළ හිමි පුරුෂයාට දාව උපන් දරුවන්ට ය. එහෙයින් දරුවන්ගේ සුජාත භාවයට ස්ත‍්‍රිය වග කිව යුතු ය. ඇය විවාහ වන තෙක් කන්‍යාවක් ව විසිය යුතු ය. විවාහයෙන් පසු පතිවෘතාව දිවි.....

[සෙස්ස අස්සට]
සමන් එම්. කාරියකරවන
බූන්දි| | 08:00:55
ප්‍රතිචාර[3]
නන්දාගේ 'නැන්දා ලේලි ගීතය'- විමසුමක්
පන්ති සමාජගත න්‍යෂ්ටික පවුල් ඒකකය තුළ නැන්දනියක හා ලේලියක අතර පවතින සබැඳියාව 'ඔබේ උකුලත මා නොවේ මගෙ පුතු පමණි සුරතල් වුණේ' ගීතයට වස්තු විෂය වෙයි.

ධනේශ්වර විප්ලවය තව මත් හරිහැටි සමුපූර්න නො වූ මේ පසුගැමියාව තුළ නැන්දනියක හා ලේලියක අතර පවතින දූ දරු සබඳතාව නම් සුවිශේෂයෙහි, සාමාන්‍යය මෙ බඳු වේ ද?

සැබෑව නම් එහි ප්‍රතිපක්ෂය යි.

මේ පසුගාමී ධනේශ්වර සමාජයෙහි වසන වැඩිහිටි පරම්පරාව (නැන්දනියෝ) වනාහි.....

[සෙස්ස අස්සට]

විජය නන්දන පෙරේරා
බූන්දි| | 19:35:19
ප්‍රතිචාර[24]
ආදරය, 'Birth' හි සිට සසර සැරි සරන තෙක්.....
"ආදරය ත්‍රිකෝණාකාරය. ඒ තුළ එකිනෙකට වෙනස් සහ සහසම්බන්ධිතත අංග තුනක් තිබේ. කැපවීම, ජීවිතය විශ්වාසයෙන් බෙදා හදා ගැනීම සහ අනෙකා කෙරෙහි උපන් අනුරාගය යි. මේවායින් කැපකිරීම යනු සබඳතාව සදාකාලික වේය යන බලාපොරොත්තුව තුළින් උපදින්නකි."
-මනෝවිද්‍යාඥ රොබට් ස්ටර්න්බර්ග් (Robert Sternberg)

තමුන් පෙම්කරන තැනැත්තිය කෙරෙහි ඇති අසීමිත චෛතසික සහ ශාරීරික බන්ධනය විසින් ලොව ඇති සොඳුරුතම දසුන් අප ඉදිරියේ මවා ගල් කුළු වන් මිනිසුන් පිහාටු බවට පත් කොට සුළ‍ඟෙහි පා.....

[සෙස්ස අස්සට]

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
බූන්දි| | 07:30:24
ප්‍රතිචාර[5]
ඉන්දියන් සයුරෙන් නැගී පියෙද්රා ගඟබඩ රළ නැගූ ගෙවා නිමා කළ මිහිරැති වසන්තය
"By the river Piedra I sat down and wept. There is a legend that everything that falls into the waters of this river—leaves, insects, the feathers of birds—is transformed into the rocks that make the riverbed. If only I could tear out my heart and hurl it into the current, then my pain and longing would be over, and I could finally forget."
–By the.....

[සෙස්ස අස්සට]

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
බූන්දි| | 18:32:37
ප්‍රතිචාර[3]
බලා එන්ට මහ පෙරහැර- සිදාදියට මං ගිය කල
බලා එන්ට මහ පෙරහැර- සිදාදියට මං ගිය කල [සුහර්ෂනී ධර්මරත්න, නන්දා මාලනී, එම්. ආර්. චූලසිංහ] - ගීතය අහන්න.

සුහර්ෂනී ධර්මරත්නගේ පද රචනයෙන් ද එම්. ආර්. චූලසිංහගේ ස්වර රචනයෙන් ද සමලංකෘත මේ ගීතය නිල- ධනේශ්වර ගීත විචාරය විසින් ඉහලින් ම වර්ණනයට පාත්‍ර කරනු ලැබූවකි.

"බලා එන්ට මහ පෙරහැර
සිදාදියට මං ගිය කළ..."


ගීතයෙහි කථකාව නගරයට පැමිණෙනුයේ හුදෙක් සංස්කෘතික සංදර්ශනයක් නරඹා ආපසු ගමට යනු පිණිස නො.....

[සෙස්ස අස්සට]

විජය නන්දන පෙරේරා
බූන්දි| | 21:14:09
ප්‍රතිචාර[1]
අහස සේ ඔබ අනන්තයි - සයුර සේ ඔබ අනන්තයි
අහස සේ ඔබ අනන්තයි - සයුර සේ ඔබ අනන්තයි [සුනිල් ආරියරත්න, නන්දා මාලනී, රෝහණ වීරසිංහ] - ගීතය අහන්න.

මානව සෞන්දර්යයේ උල්පත නම් ප්‍රේමය යි. ඉ'නුදු පුරුෂයෙකු හා ස්ත්‍රියක අතර ඇතිවන කායික මෙන් ම ආධ්‍යාත්මික බැඳීම, අතිශය සුපසන් මෙන් ම උත්කෘෂ්ට ද වේ. සැබෑ ප්‍රේමයේ පවත්නා සුන්දරත්වය පිළිබඳ මේ මනරම් හැඟීම, අපූර්ව සංකල්ප රූප පද්ධතියක් ඔස්සේ ශ්‍රාවක සිත්හි රංජනය කිරීමෙහි ලා පද රචක සුනිල්.....

[සෙස්ස අස්සට]

විජය නන්දන පෙරේරා
බූන්දි| | 20:42:25
ප්‍රතිචාර[3]
"සඳකඩ පහණක කැටයම් ඔප ලා" අරුත් සරු ගීයකි!
හැත්තෑව දශකයේ මුල් භාගයේ සිට මෙරට රසික සවන් පත් සනහාලන "සඳකඩපහණක කැටයම් ඔපලා" ගීතය සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් අධ්‍යක්ෂණය කළ 'මාතර ආච්චි' චිත්‍රපටයෙන් මෙරට සුවහසක් රසිකයන්ට පිදුණු මහඟු තිළිණයකි. සැබවින්ම මෙම ගීතය සිවු කුළුඳුල් ගීතයක් ලෙස නම් කළ හැක්කේ වොලී නානායක්කාරයන්ගේ පළමු ගීත රචනය වීමත් වික්ටර් රත්නායකයන්ගේ පළමු සංගීත අධ්‍යක්ෂණය වීමත් සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ කුළුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂණය වීමත් හැරුණු විට ප්‍රතිභා පූර්ණ ගායක සුනිල් එදිරිසිංහයන්ගේ ගායන ප්‍රවේශයත් මෙම.....

[සෙස්ස අස්සට]
කොට්ටාවේ සමිත හිමි
බූන්දි| | 00:50:24
ප්‍රතිචාර[0]
"සඳකඩ පහණක කැටයම් ඔප ලා" ගීතයක් ද?
සුනිල් එදිරිසිංහයන් "මාතර ආච්චි" චිත්‍රපටයට ගැයූ වික්ටර් රත්නායකයන්ගේ සංගීතයෙන් පෝෂිත වොලී නානායක්කාර ලියූ මේ ගීතය රසික විද්වත් දෙපාර්ශ්වයෙන් ම දහස් වර ප්‍රශංසනයට පාත්‍ර වූ එකකි. "මේ ගැන තවත් කුමක් නම් කතා කරන්නේදැයි" ඔබ සිතනු ඇත. මෙය අද දවසේ කළ යුතු ම එකකැයි මම සිතමි. මගේ රටේ ප්‍රවීණයන් විද්වතුන් හා රසිකයන් විසින් එතෙක් මෙතෙක් පවත්වා ගෙන යන ලද්දා වූ චාරිත්‍රයක් වෙයි. ඒ නම් අනුචිත.....

[සෙස්ස අස්සට]
බණ්ඩාර සෙනෙවිරත්න
බූන්දි| | 17:13:11
ප්‍රතිචාර[1]
වසන්තයේ මල් පොකුරු නෙලා - ඔබ මා දෝතට ගෙනෙන තුරා
කලා කෘතියක් ගැන තියෙන සාමාන්‍ය අදහස තමයි ඒකේ 'නියම' තේරුම දන්නේ කෘතියේ රචකයා කියන එක. රසිකයා උත්සාහ කරන්නේ කෘතිය පරිශීලනය කරලා රචකයා විසින් ගෙන එන්නට අදහස් කළ පණිවුඩය තේරුම් ගැනීමටයි. රචකයාට වඩා දැනුවත් පුද්ගලයකු ලෙස විචාරකයා කරන්නේ රචකයාගේ පණිවුඩය තේරුම් ගැනීමට රසිකයාට උදවු කිරීම. ඒත් සමගම මේ පණිවුඩය ගෙන ඒමේදී රචකයා කොතරම් සාර්ථක ද යන්න අවලෝකනය කිරීම.

හැබැයි මෑත කාලයේදී මේ ජනප්‍රිය අදහස තදින් අභියෝගයට ලක්වෙලා.....

[සෙස්ස අස්සට]

දිලීප ජයතිලක
බූන්දි| | 17:17:36
ප්‍රතිචාර[0]
අත්‍යවශ්‍ය මතක් කරදීමක් හෙවත් 'නැසුණු ලොව අභිමුවේ විජය කොඩි නගන්නේ කවුරුන්ද?'
මේ වන විට ලංකාවෙන් හතරෙන් තුනක් පමණ මහින්ද රාජපක්ෂගේ දෙවන පදවි ප්‍රාප්තියේ කිරිබත වළඳා දිරව ගනිමින් සිටියි. කිරියෙන් පැණියෙන් මෙන්ම රජ්ජුරුවන්ගේ ආශිර්වාදයෙන් ද ඔවුහු සතුටු වෙමින් දිවි ගෙවන්නෝ වෙති. රට වැසියෝ නිර්වින්දනය කිරීමට යොදා ගත් යුධ ජයග්‍රහණයේ එන්නත හෙටත් රාජ්‍ය ත්‍රස්තවාදයක් ලෙසින් ජනතාවගේ අධෝමුඛ තුළට විදිනු ඇත. ගත වූ සතියේ පදවි ප්‍රාප්තිය අළලා වියදම් කළ මුදල් ප්‍රමාණය අති විශාල ය.

වීරයා
බූන්දි| | 01:49:06
ප්‍රතිචාර[0]
තිත්ත පාත්‍රය සහ සඳ මඬල| "සඳ කැන් වැසිලා අඳුරේ එතිලා..."
ලොව ගැහැණු මිනිස් සබඳතා ඇරඹෙන්නේ මිනිසුන් පෘථිවිය මත වාසය ඇරඹු දා පටන්ය. උල් කෝටුවකින් දඩයම් කොට සතුන් මරා කෑ වනචාරී යයි හැඳින්වෙන යුගයේ පටන් අන්තර්ජාලය හරහා පීට්සා ඇණවුම් කරන අද දවස දක්ව‍ා ඒ සබඳතාව අනේකවිධාකාරයෙන් සංකීර්ණ වෙමින් ශිෂ්ටාචාරයට අත්‍යවශ්‍ය සාධකයක්ව මහඟු මෙහෙවරක් ඉටුකරයි. ආදම් හා ඒවගෙන් ඇරඹී සිද්ධාර්ථ-යසෝදරා, මාක් ඇන්ටනී-ක්ලියෝපැට්රා,

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
බූන්දි| | 22:46:41
ප්‍රතිචාර[1]
අපරාධය,දේශපාලනය සහ රාජ්‍ය බලය| "නොසැළෙයි දිවි මකුළු ඇස..."
අනුර හොරේෂස් විසින් රචිත ‘ගිනි අවි සහ ගිනි කෙළි’ කෘති ද්විත්වය ආශ්‍රයෙන් 1996 දී උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ ‘ගිනි අවි සහ ගිනි කෙළි’ චිත්‍රපටය සඳහා ලූෂන් බුලත්සිංහල විසින් උක්ත ගීතය රචනා කෙරිණි.

විධිමත් සමාජ පාලනයකින් තොරව අවනීතියකට සියල්ල නතු වෙද්දී උත්පාදනය වුණු පාතාලමය තත්ත්වය සමස්ත සමාජ දේහයටම මහත් පිළිලයක් වුණි.

වීරයා
බූන්දි| | 03:37:10
ප්‍රතිචාර[0]
මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ....!
වර්ෂ 1978 දී ලාංකීය කැසට් විප්ලවයේ පුරෝගාමියා වූ විජේ රාමනායක විසින් තරංගා ලේබලය යටතේ මුල් වරට කැසට් පට 10 නිකුත් කෙරිණ. ඉන් එකක් වූයේ Nihal volume 02 කැසට් පටය යි. "මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ" ගීතය අන්තර්ගත වන්නේ එකී කැසට් පටය තුළයි.

හැත්තෑව දශකය අග භාගායේදී සමාජ, ආර්ථික, සංස්කෘතික සහ දේශපාලනික ව්‍යුහයන්ගේ පිබිදීම්, නැගිටීම්, නැගීම් - බැසීම්, මෙන්ම පුනරුප්පත්තීන් සහ සංස්කෘතික තලයේ ආධ්‍යාත්මික සුඛාස්වාදයන් අද.....

[සෙස්ස අස්සට]

වීරයා
බූන්දි| | 04:42:43
ප්‍රතිචාර[0]
1
2