BOONDI.LK| කවි දෝසි
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
 | [0] | |
|
පෙරදිග ලෝකයේ බබළන මුතු ඇටය
පණ ඇති මහා සමුදුර පවුරින් වටය
හෙළ දිවයින මගෙයි මා ඉපදුන රටය
ලොව අන් සියළු දිවයින් මේකට යටය
මහවැළි, කැළණි, වලවේ, කළු යන ගංගා
සමනළ කන්ද මුදුනේ සිට පැන නැංගා
බෑවුම් තැනිතලා හෙල් අතරින් රිංගා
මේවා ගලයි මිණි කැට දිය යට හංගා
.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 23:39:17
 | [0] | |
|
කඳු බෑවුමක දං බෝවිටි පඳුරු තළා
පහළට ඇදී පර මල් පෙති ඉවත නොළා
කලදෝ දියෙන් පොඟවා රන් පුළිනතලා
සංගීතවත් වී යමි ඉදිරියට ගලා
සැඟවෙමි, එබෙමි, නිසසල වෙමි, සසල වෙමි
ඇඹරෙමි එහෙත් පසු නොබසිමි නොනවතිමි
කවදා කොතැනකදි හෝ මහ මුහුද හිමි
හමුවුණු කෙණෙහි මා සතු බර ඔහුට දෙමි
.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 12:43:16
 | [2] | |
|
ඉර- කඳු මුදුනින් මෑත් වෙලා
මම ආවෙමි අවදි වෙලා
කුසුම් පොඩිති තවම නිදි ද
පෙති හකුලා ගුලි වීලා
මල්- අතරින් නිල් පොකුරු වලා
එනවිට ඔබෙ කිරණ ගලා
පිණි පොරවන ඉවත හෙළා
ඉන්නෙමු අපි සිනා සලා
.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 04:30:17
 | [0] | |
|
බලන්න පුත හිරු
සක්වල තරණය කරමින්
පතුරයි අරුණලු
ගස් වඩන්න - මුල් ඇදෙන්න
මල් පිපෙන්න - ඵල දරන්න
බලන්න පුත හිරු
අනන්ත දුරු කතර සරා
දුරු කරලයි අඳුරු
.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 10:18:44
 | [1] | |
|
පිහාටුවල - පුංචි පුංචි
පුල්ලි තියෙන - සමනළයෝ
කහ පාටයි - නිල් පාටයි
බොහොම හැඩයි - සමනළයෝ
පියා හඹා - මල් සොයන්න
යනවද පොඩි - සමනළයෝ
.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 22:09:34
 | [1] | |
|
නිල් රෙද්දක රන් තැටියක්
හංඟන හැටි මෙන් කියා
රන්වන් අපෙ ඉරු දෙවියෝ
හැංඟෙති මහ මුහුද කුසේ
පහළ වෙලේ ගොවිරාලත්
ඇඟ අත පය සෝදාලා
උදලු කෙටිය අරන් කරට
හනික හනික ගෙදරට එයි
.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 09:21:42
 | [0] | |
|
පොඩි විමලා
හිස නමලා
කඳුළු සලා හඬන්නේ
කවි පාඩම්
පොත පාඩම්
ඇයි එහෙනම් හඬන්නේ
ගණන් පොතේ
.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 18:36:03
 | [0] | |
|
මල් ලස්සනයි හොඳ හොඳ පාටයි කීවා
පෙනෙනවා දකිනවා කියනා ඒවා
මොනවද අම්මෙ මම අහගන්නට ආවා
තෝරා දෙන්න මම දන්නේ නෑ මේවා
මල්වල හොඳ සුවඳ මිස පාටක් කොහෙද
ඒවා මොළොක් බව තේරෙනවා මටද
එළියක් කියා මොකවත් හෙම තියෙනවද
මට තේරුම් ගන්ට අම්මේ බැරි මොකද
.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 23:05:35
 | [0] | |
|
ලබුවැල- වැඩුණු මහ ලොකුවට
කීයද වයස තමුසෙට
කිතුල් ගස- අහන එක පුදුමයි
දැන් මට වයස පණහයි
ලබුවැල-මට මාස හයකුත්
දවස් හතරකි තව මත්
.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 20:30:45
 | [0] | |
|
ගලා බසින ලොකු ගඟවල් අතරේ...
පුංචි දිය බිඳක් මං
මම ඉන්නා ලොකු ගංගාවේ
පාලුවක් දැනෙයි මගේ පුංචි හිතට..
ලොකු ලොකු ගංගා හැදෙන්න
මම වගේ පුංචි දිය බිඳක් ඕනෑමයි
එය නොදන්න ලොකු ගංගා - ආඩම්බර පානවා
නරක අයට කවදාවත් ජය ගන්නට බෑ..
.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 18:40:32
 | [1] | |
|
අඳුරු සළු ඉරා සඳ රැස් දහර තුරු අගින්
සිදුරු ඇති තැන් වලින් පෙරෙනවා හෙමි හෙමින්
පඳුරු මත වැටී ඒ, රිදී සුණු ගෑ ලෙසින්
සොඳුරු බව රැයෙහි ඇති මතු කරයි හැම අතින්
අහස් ගැබ පුරාවට නිවි නිවී දැල් වෙමින්
දහස් දස ගණන් තරු පොකුරු ඇත එල්ලෙමින්
දෙඇස් පිය වසනු මැන සවන් යොමු කරවමින්
රහස් ඇත අසන්නට රාත්‍රිය කොඳුරමින්
.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 05:06:35
 | [1] | |
|
There was once a boy who always screamed, ‘Boo’!
And when he was a baby the first word he said was, ‘Boo’!
Yet when he was a five year old he still loved to say, ‘Boo’!
The family got milk no more, for the by sacred the milkman by saying, ‘Boo’!
The naughty boy hid behind the door and gave his aunt a stroke by saying, ‘Boo’!
.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 04:48:51
 | [0] | |
|
කෝ මගෙ දරුවෝ අනේ
කෝ මගෙ කූඩුව අනේ
නෑ පෙනෙනට මේ තැනේ
කාට කියමි මේ වැසනේ
කොල්ලනි මගේ දරුවනුත්
අල්ලාගෙන නොකැර මෙත්
සොල්ලා හැර කූඩුවක්
දැල්ලුවෙ කිම දුක මහත්
.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 21:28:01
 | [0] | |
|
ගෙවැටෙහි අද්දර රෝස කැකුළකට
ලංවී හෙමිහිට කිව්වෙමි රහසක්
"නොකියනු කාටත්!"
ඈට මිමිණුවෙමි
ඈ වෙත පැමිණි - පොඩි මී මැස්සි
රහස දන්නවලු
මේ මල් කුමරි රහස් රකින හැටි!
මට හොඳ පාඩම්!
.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 02:00:31
 | [0] | |
|
ළමයා : ලේනෝ මගෙ යාළුවේ මේ දත අරගෙන
අලුත් දතක් දෙනවද මට ඒ දත වෙනුවට
ලේනා: හිතුමතේට පැණිරස කා දත් නොමදින කොට
ඔය දේ වෙන බව නම් මං කිව්ව ඔයාට
ළමයා: සීනී බෝල අරගෙන මුදලාලි මාමගෙන්
තනියෙන්මයි කෑවේ මං හරි ආසාවෙන්
.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 03:03:09
 | [0] | |
|
පැහැපත් මගෙ සුමිතුරු මල
වැඩ ඇත්තෙකි ලොවට සකල
වැටෙතත් පරවී හෙට බල
ඔබලත් දිවි වේය සපල
ඉතිරෙයි සුවඳින් මේ දෙස
පැහැදෙයි පැහැයෙන් ඇස ඇස
දුරු වෙයි අද ගිනි මගෙ කුස
සැලසෙයි වැඩ ඔබෙන් මෙලෙස
.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 03:04:57
 | [0] | |
|
පිනි බිඳිති ඇහැරිලා
මල් මත ම හිනැහිලා
සියපතක ගී ලියා
ගයමු අපි සැනසිලා..
සමනලුන් ඉගිලිලා
යන්නෙ කොහි කැළඹිළා
සුදු අහස කළු වෙලා
අඬනු ඇයි දුක වෙළා..
.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 01:54:37
 | [0] | |
|
සඳ පානේ වැලි තලා
සුරකුමරියෝ මල් සලා
නටති මෙ දෙස බල බලා
ගිගිරි වළලු පයනොලා
සුර කුමරුවො පෙළ සැදී
අතින් හිසින් රඟ යෙදී
හඟවති තාලය බැඳී
වීණා බෙර නද නොදී
.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 23:13:06
 | [0] | |
|
හාච්චියක් එක්කල දුන් විස්කිරිඤ්ඤ රස ගුලාව
කෝච්චියේ කොළඹ ගිහින් ගෙනත් දුන්නු බට නළාව
තාච්චියේ නටන කැවුමෙ කොණ්ඩය බැන්දූ කලාව
ආච්චියේ තව මතකයි නුඹේ මුවේ මල් හිනාව
පැණි පෙර පෙර පොළෙන් ගෙනත් අපට කැවු ගඩු ගුඩාව
ටොකු ඇණ ඇණ ඔලුව බැලූ හිස රිද්දන පොඩි පනාව
ඉදල අරන් මැද මිදුලේ සිත්තම් ඇන්දූ රටාව
තාම කියල ඉවරත් නෑ අන්දරේගේ රස කතාව
.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 04:16:15
 | [1] | |
|
නිල් අහස වෙන්න ආසයි මට අම්මේ
වලාකුළක ගෑවි ගෑවි කතා කරන්න
පොඩි තරු කැටයක් වෙන්න ඕනෙ අම්මේ
හඳ නැති දාටත් අම්මා ළඟ තනියට ඉන්න
ලොකු ගඟක් වෙන්න ආසයි මට අම්මේ
වන වදුලු මැදින් නගර මැදින් ගලා බහින්න
.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 03:42:59
 | [0] | |
|
ශ්‍රී පාදෙන් මතු වෙලා
කඳු අසිරිය බල බලා
මහවැලි ගං කුමරි වඩියි
කඳු අතරින් ගල ගලා
හෝහෝ ගාමින් හෙමින්
පොල්ගොල්‍ලෙන් හැරවෙමින්
ශ්‍රී දළදා සමිඳු වඳියි
රජ රට වෙත යන ගමන්
.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 23:02:48
 | [0] | |
|
කඩුළු වැටේ - වෙරළු ගසේ
වෙරළු ඉදී - මුකුළු කරයි
දුවගෙන එමු - ගසට නැගෙමු
අතු සොලවමු - වෙරළු නෙලමු
හෙල්ලි හෙල්ලි - බිමට වැටී
වෙරළු පිරේ - ඔඩොක්කුවේ
වැඩිය කඩන - නරක ළමයි
.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 00:37:18
 | [0] | |
|
පිනවන දුටු දන සෑම
ගඟ ලඟ පිහිටි කදීම
තුරුපෙල අවට සැදීම
යුත් සෙවනැල්
ගන මේ කැලෙව් දිලීම
විහඟුන් මත රැව්දීම
සුළඟින් පත් ලෙලදීම
ඇති හැමකල්
.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 23:32:17
 | [0] | |
|
කාලා පළතුරක්
පසට දැමුවොත් ඇටයක්
වැටුනු පසු වැස්සක්
හිමින් මතුවේ සිඟිති ගොබයක්
පස තුලට ඇදෙනා
ටිකිරි මුලකින් නා
රස අහර උරනා
ලපටි පැලයක් කෙමෙන් නැගෙනා
.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 04:59:15
 | [0] | |
|
ආල වඩන අනගි රත්නයෙන් සැරසෙනවා
කෝල නැතිව ආදරයට ඉස්සර වෙනවා
රාලහාමි බව මම කාටත් අඟවනවා
බාල නමුත් සබයෙදි මම සමතෙක් වෙනවා
කමකට නැති බස් කීවා නරකයි මට දැන්
සමහර දන රත්න ජාති මටත් දෙති බොලන්
හැමදේටම වැඩියෙන මම දන්නේ වෙදකන්
මෙම කාරණ නිසා මමත් සමතෙක් වද දැන්
.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 01:03:37
 | [0] | |
|
හා හා පුරා 'කවි දෝසිය' පටන් ගන්න අපි තෝරා ගත්තේ, බූන්දිය හුරු පුරුදු මිතුරන්ට නිතර හමු වෙන මාමලා දෙදෙනෙකුගේ කවි. හැබැයි මේ කවි මේ මාමලා ලියලා තියෙන්නෙ, ඒ මාමලා පොඩ්ඩො වෙලා උන්න කාලෙ. උපුටාගත්තේ 1994 දී ආනන්ද විද්‍යාලයෙන් පළ කරපු 'පුබුදු' සඟරාවෙන්. අනික් ලොකු මාමලත් නැන්දලත් පොඩ්ඩො සන්දියේ ලිවුව දේවල් හොයලා එවුවොත් දෝසියෙන් බෙදා ගන්න පුළුවන්.
මගේ පුංචි කරත්තේ
පොඩි මාමා ඉරිද පොළෙන් මිළට ගෙනා කරත්තේ
වහල වටේ රැළි එල්ලා හරි ලස්සන කරත්තේ
රතු පාටට රෝද දෙකයි හරිම හැඩයි කරත්තේ
ගේ පුරාම හරි සද්දයි ටක ටක ටොක් කරත්තේ
.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 23:40:32
 | [0] | |
|