BOONDI.LK| පුහුල් දෝසි
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන්ගෙන් අතැමෙකු සිනහවට ලක් වූ බව සත්‍යයකි. එහෙත්, ඉන් කියවෙන්නේ සිනහවට ලක් වන සියල්ලෝ ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන් වන බව ....
|කාල් සේගාන් කියයි.
|Personal Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  පුහුල් දෝසි  
  කතන්දර  
  Cine  
  ඉඟුරු  
  කවි  
  ගී  
  BoondiLets  
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
  තවත් පුහුල් දෝසි
ෆන් පිටුවෙන් එළියට ආ ලෝකේ පළමුවැනි හරස්පද ප්‍රහේළිකාව | නීල්යා කාරියවසම්
ප්‍රතිචාර[1]
ඩයස් ලා සහ අපි | ඉර්සුල රාජකරුණා
ප්‍රතිචාර[0]
ගඩොල් කැටේ කතන්දරේ | නීල්යා කාරියවසම්
ප්‍රතිචාර[0]
නරඹන්නන් දැක සතුටු වෙන ඔරන් උටන්ලා | රුවන්මලී
ප්‍රතිචාර[0]
මෙන්න Mathemagics...! Mr. Nine සමග | චාමිනී සෙව්වන්දි
ප්‍රතිචාර[0]
වාස්තු විද්‍යාවේ විශ්මිත දායාදය - කුට්ටම් පොකුණ | නීල්යා කාරියවසම්
ප්‍රතිචාර[0]
අරුම පුදුම කුරුළු ගෙදර | නීල්යා කාරියවසම්
ප්‍රතිචාර[0]
යුගයක මතක සුරකින පිටකොටුවේ මහ මැඳුර| ඕලන්ද කෞතුකාගාරය | සුමුදු තිවංක ගමගේ
ප්‍රතිචාර[0]
"මෝමෝ සහ කාලහොරු" කරළියට ගෙනා Michael Ende | තුෂාරි ප්‍රියංගිකා
ප්‍රතිචාර[0]
කතා කරන මාළුවෝ | රුවන්මලී
ප්‍රතිචාර[0]
අක්ෂර සෙනග-
[පුහුල් දෝසි][2/6]
BOONDI • Dosi •
1
  පුහුල් දෝසි  
ඩයස් ලා සහ අපි
අපේ පංතිය අරුම පුදුම පංතියක්ය. අරුම පුදුම කීවේ පංතියේ දෙකොටසක් ඉන්නා නිසාය. කට්ටියක් ඩයස්ලාය. කට්ටියක් අපේ අයය. අපේ අය මෙන්ම ඩයස්ලාදා බොහෝමය. ඩයස් අයියලා, අක්කලා, නංගිලා, මල්ලිලාය. අපේ කිව්වාම ද අය බොහෝමය. කිරිහාමිගෙ ලොකු කොලූ, මැගිලින්ගෙ හීන් එකා, අප්පු හාමිගෙ මද්දුමී ඔය ඔක්කොම අපේ අයය. ඩයස්ලා පංතියෙ ඉස්සරහින්මය. අපේ අය පිටිපස්සෙන්මය. ඩයස්ලා පංතියෙ පළමුවැනියෝය. දෙවැනියෝය, තුන්වැනියෝය. අපේ අය හැමදාම අන්තිමයෝය.
ඉර්සුල රාජකරුණා
බූන්දි| | 18:12:47
ප්‍රතිචාර[0]
ගඩොල් කැටේ කතන්දරේ
ගොඩනැගිලි ඉදිරිකිරීම් කර්මාන්තයේදි කවදත් නැතුවම බැරි දෙයක් තමයි ගඩොල් කියන්නෙ. ඒත් මේ ගඩොල් ගලටත් ඉතිහාසයක් ඇති බව ඔබ දන්නවාද? ගඩොල් ගල් භාවිතය මුලින්ම ආරම්භ වෙලා තියෙන්නෙ නියෝලිතික යුගයෙදියි. ඒ කාලේදී බොහොම සරල ක්‍රමයක් අනුගමනය කරලා තමයි ගඩොල් සෑදිම කරලා තියෙන්නෙ. ඒ කියන්නෙ අනා ගත් මැටි හෝ මඩ සකසා ගත් අච්චුවක දමලා ඉර අව්වේ වේලෙන්නට තියලා තමයි ආදි වාසින් ගඩොල් නිර්මාණය කරගත්තෙ. සූර්ය තාපයෙන් වියලූ මඩ.....

[සෙස්ස අස්සට]
නීල්යා කාරියවසම්
බූන්දි| | 07:20:51
ප්‍රතිචාර[0]
නරඹන්නන් දැක සතුටු වෙන ඔරන් උටන්ලා
සත්වෝද්‍යාන වල ජීවත් වන ඔරන්-උටන් ලා ඔවුන් නැරඹීමට එන ම්නිසුන් දැකීමෙන් අසීමිතව සතුටු වන බවයි විද්‍යාඥයෝ කියන්නේ. ඒ හරියටම අපි ඔරන් -උටන්ලා දැකලා සතුටු වෙනවා වාගේමලු. කූඩුවල සිටින වානර වර්ගයේ සතුන් සියල්ලෝම පාහේ ඒ අවට සැරි සරන නරඹන්නන් දැකීමෙන් මහත් ප්‍රබෝධමත් ස්වභාවයක් පෙන්වන බව පරීක්ෂයෝ සොයා ගන්නට සමත් වෙලා තියෙනවා. ඔරන්-උටන් ලාගේ චර්‍යා රටා පිළිබඳ දිර්ඝ අධ්‍යනයන්ට අනුව කියන්නෙ, ඔරන් -උටන් සතුන් නරඹන්නන් දැකීම ඔවුන්ගේ.....

[සෙස්ස අස්සට]
රුවන්මලී
බූන්දි| | 04:18:07
ප්‍රතිචාර[0]
මෙන්න Mathemagics...!
Mr. Nine සමග
හුඟක් පොඩ්ඩෝ හිතාගෙන ඉන්නෙ ගණිතය කියන්නේ හරිම කරදරයක් කියලා. ඒත්, ගණිතය කියන්නේ හිතා ගන්නත් බැරි තරමට අපූරු මැජික් එකක්! මේ මැජික් වල රහ වැටුනොත් නම් පොඩ්ඩො ගණිතය එක්ක මීට වඩා හුඟාක් යාළු වෙයි. ඔන්න ඉතිං අපි ගණිත මැජික් දැන ගන්නත් එක්කලා ඔයාලා කවුරුත් දන්න කියන යාළුවෙක් එක්ක කතාබහ කළා. ඒ තමා Mr. Nine! මේ ඒ රසවත් කතාබහෙන් කොටස් කීපයක්.

අපි: Mr. Nine, ඇත්තටම ගොඩක් අය කියනවා.....

[සෙස්ස අස්සට]

චාමිනී සෙව්වන්දි
බූන්දි| | 04:11:34
ප්‍රතිචාර[0]
වාස්තු විද්‍යාවේ විශ්මිත දායාදය - කුට්ටම් පොකුණ
ස්වභාව ධර්මය හා කැටි වූ අපූරු කලා කුසලතාවකින් පරිපූර්ණ අතීත මුතුන් මිත්තන්ගෙන් අපට දායාද වුණු අපූරු සුන්දර නිර්මාණයන් ගෙන් එකක් ලෙස කුට්ටම් පොකුණ හඳුන්වන්නට පුළුවන්. කුට්ටම් පොකුන පූජනීය ස්ථානයක් නොවුණත් වන්දනාකරුවන් විසින් මහත් භක්ත්‍යාදරයෙන් නරඹන ස්ථාන වලින් එකක්. අනුරාධපුරයේ අභයගිරි විහාරයට නුදුරු ස්ථානයක පිහිටුවා ඇති මේ කුට්ටම් පොකුණ තනා තිබෙන්නෙ අභයගිරි වාසි භික්ෂූන්ගේ ස්නානය සඳහා යි. එකම පවුරකින් වටවුණු දැකුම්කළු-
නීල්යා කාරියවසම්
බූන්දි| | 23:59:03
ප්‍රතිචාර[0]
අරුම පුදුම කුරුළු ගෙදර
බොහෝ විට කූඩු හදන්නෙ කිරිල්ලියො. ඒ වගේම කූඩුවක් හැදීමෙන් බලාපොරොත්තුවෙන්නෙ ආරක්ෂිතව බිත්තර තැන්පත් කිරීම, පැටවුන් බිහිවන තුරු රැකීම සහ පැටවුන්ට වාසස්ථානයක් සැපයීම. ඒත් ඇතැම් සුවිශේෂි කුරුළු විශේෂයන්හි කුරුල්ලන් පවා කූඩු හදන බව ඔබ දන්නවාද? ඔන්න අද අපි කියන්නට යන්නේ ඒ ගැනයි. මේ කුරුල්ලන් හඳුන්වන්නේ "බවර්බර්ඩ්" කියලා. ජීවත් වෙන්නෙ ඕස්ට්‍රේලියාවේ සහ නිව්ගීනියාවේ. මේ කුරුල්ලෝ කූඩු තැනීමට සහ සැරසීමට අපූරු දස්කමක් දක්වනවා.
නීල්යා කාරියවසම්
බූන්දි| | 03:27:13
ප්‍රතිචාර[0]
යුගයක මතක සුරකින පිටකොටුවේ මහ මැඳුර|
ඕලන්ද කෞතුකාගාරය
ක්‍රි.ව. 1658 සිට 1796 තෙක් අප රටේ මුහුදු බඩ ප්‍රදේශය පාලනය කළේ ඕලන්ද ජාතිකයෝ. ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පය, ගෘහ භාණ්ඩ කලාව, කාසි, බීරළු රේන්ද කර්මාන්තය, මුද්‍රණ ශිල්පය, රෙපරමාදු ක්‍රිස්තියානි ධර්මය, ඕලන්ද නීතිය සහ ඕලන්ද වචන ඔවුන්ගෙන් අපට උරුම වුණු දේ අතර තිබෙනවා. අගයෙන් ඉතා ඉහල ඕලන්ද කෞතුක වස්තු රැසක් අපට නැරඹිය හැකි පරිදි එක්තැන් කොට අපූරු කෞතුකාගාරයක් පිටකොටුවේ කුමාර වීදියේ පිහිටුවා තිබෙනවා.
සුමුදු තිවංක ගමගේ
බූන්දි| | 04:28:14
ප්‍රතිචාර[0]
"මෝමෝ සහ කාලහොරු" කරළියට ගෙනා Michael Ende
ජර්මන් ජාතික, Michael Andreas Helmut Ende (මිෂයෙල් අන්ද්‍රෙයාස් හෙල්මුට් එන්ඩෙ) ශ්‍රේෂ්ට ළමා සහ යොවුන් ලේඛකයෙක්. ඔහු ඉපදුණේ ජර්මනිය, බැවේරියා ප්‍රාන්තයේ Garmisch (ගාර්මිෂ්) නම් නගරයේදී, 1929 වසරේ නොවැ. 12 වැනිදා. එඩ්ගා එන්ඩ් සහ ලුයීස, මයිකල්ගෙ දෙමව්පියන්.

තුෂාරි ප්‍රියංගිකා
බූන්දි| | 04:17:10
ප්‍රතිචාර[0]
කතා කරන මාළුවෝ
මෙච්චර කාලයක් අපි දැනගෙන හිටියෙ නැහැනෙ මාළුවෝ කතා කරනවා කියලා. ඔන්න නවසීලන්ත පරීක්ෂණ කණ්ඩායමක් හොයාගන්න සමත්වෙලා තියෙනවා, මේ මාළු එකිනෙකා සමග සන්නිවේදනය කරන්නෙ රහස් බසක් යොදා ගනීමෙන් බව. ඒ විතරක් නෙමෙයි බොහෝ විට මේ බස ගෙරවිල්ලක්, සියුම් කූජනයක් හෝ පොප් හඬක් කියලාත් හොයාගෙන තියෙනවා. ගැඹුරු නිහැඬියාවකින් පිරුණු සමුදුරු ලෝකය-
රුවන්මලී
බූන්දි| | 03:26:44
ප්‍රතිචාර[0]
මෙහෙමත් කැකිරි..!
ඔන්න අද අපි මේ කතා කරන්නට යන්නෙ ආහාරයට ගන්නා හැබෑ කැකිරි ගැන නම් නෙමෙයි. ඇත්තටම කැකිරි කිවුවට මේගොල්ලො මුහුදු ජීවි විශේෂයක්. පෙනුමෙන් හා හැඩයෙන් කැකිරි ගෙඩියක ස්වරූපයක් තියෙන නිසා තමයි “මූදු කැකිරි” කියල කියන්නෙ. මූදු කැකිරි කියන මේ සමුදුරු ජීවි විශේෂය අයත් වෙන්නෙ එකිනොඩර්මාටා කියන වංශයටයි. මේ වංශයට අයත් අනෙකුත් සතුන් වෙන්නෙ මූදු ඉකිරි, බංගුර තාරකා සහ පසැඟිල්ලන්.
නීල්යා කාරියවසම්
බූන්දි| | 00:34:29
ප්‍රතිචාර[0]
සමුදුර සරසන - කොරල්
‘ගල්මල්’ නමින් ගැමි බසින් හඳුන්වන කොරල් [Coral] ලෙස විද්‍යාත්මකව දන්නා මුහුදු ජීව විශේෂ ලෝකයේ උණුසුම් සාගර ප්‍රදේශ සිසාරා ව්‍යාප්ත වී ඇත. ඝර්ම කලාපීය රටවල කොරල් පර බහුලය. ශ්‍රී ලංකාවේ මුහුදු තීරවල තැනින් තැන ව්‍යාප්ත වී ඇති ගල්මල් (කොරල්) උයන් ලෙසින් සැකසී ඇත්තේ සීමිත ස්ථාන කිහිපයක පමණි. ගල්මල් උයන් නිරිත දිග වෙරළේ මීට වසර ලක්ෂයකට ඉහතදී ද පැවති බවට සාක්ෂි හමු වී ඇත. නිරිත දිග වෙරළේ.....

[සෙස්ස අස්සට]

චාමිනී සෙව්වන්දි
බූන්දි| | 05:32:26
ප්‍රතිචාර[0]
1