අපේ පංතිය අරුම පුදුම පංතියක්ය. අරුම පුදුම කීවේ පංතියේ දෙකොටසක් ඉන්නා නිසාය. කට්ටියක් ඩයස්ලාය. කට්ටියක් අපේ අයය. අපේ අය මෙන්ම ඩයස්ලාදා බොහෝමය. ඩයස් අයියලා, අක්කලා, නංගිලා, මල්ලිලාය. අපේ කිව්වාම ද අය බොහෝමය. කිරිහාමිගෙ ලොකු කොලූ, මැගිලින්ගෙ හීන් එකා, අප්පු හාමිගෙ මද්දුමී ඔය ඔක්කොම අපේ අයය. ඩයස්ලා පංතියෙ ඉස්සරහින්මය. අපේ අය පිටිපස්සෙන්මය. ඩයස්ලා පංතියෙ පළමුවැනියෝය. දෙවැනියෝය, තුන්වැනියෝය. අපේ අය හැමදාම අන්තිමයෝය.
ස්වභාව ධර්මය හා කැටි වූ අපූරු කලා කුසලතාවකින් පරිපූර්ණ අතීත මුතුන් මිත්තන්ගෙන් අපට දායාද වුණු අපූරු සුන්දර නිර්මාණයන් ගෙන් එකක් ලෙස කුට්ටම් පොකුණ හඳුන්වන්නට පුළුවන්. කුට්ටම් පොකුන පූජනීය ස්ථානයක් නොවුණත් වන්දනාකරුවන් විසින් මහත් භක්ත්‍යාදරයෙන් නරඹන ස්ථාන වලින් එකක්. අනුරාධපුරයේ අභයගිරි විහාරයට නුදුරු ස්ථානයක පිහිටුවා ඇති මේ කුට්ටම් පොකුණ තනා තිබෙන්නෙ අභයගිරි වාසි භික්ෂූන්ගේ ස්නානය සඳහා යි. එකම පවුරකින් වටවුණු දැකුම්කළු-
බොහෝ විට කූඩු හදන්නෙ කිරිල්ලියො. ඒ වගේම කූඩුවක් හැදීමෙන් බලාපොරොත්තුවෙන්නෙ ආරක්ෂිතව බිත්තර තැන්පත් කිරීම, පැටවුන් බිහිවන තුරු රැකීම සහ පැටවුන්ට වාසස්ථානයක් සැපයීම. ඒත් ඇතැම් සුවිශේෂි කුරුළු විශේෂයන්හි කුරුල්ලන් පවා කූඩු හදන බව ඔබ දන්නවාද? ඔන්න අද අපි කියන්නට යන්නේ ඒ ගැනයි. මේ කුරුල්ලන් හඳුන්වන්නේ "බවර්බර්ඩ්" කියලා. ජීවත් වෙන්නෙ ඕස්ට්‍රේලියාවේ සහ නිව්ගීනියාවේ. මේ කුරුල්ලෝ කූඩු තැනීමට සහ සැරසීමට අපූරු දස්කමක් දක්වනවා.
ක්‍රි.ව. 1658 සිට 1796 තෙක් අප රටේ මුහුදු බඩ ප්‍රදේශය පාලනය කළේ ඕලන්ද ජාතිකයෝ. ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පය, ගෘහ භාණ්ඩ කලාව, කාසි, බීරළු රේන්ද කර්මාන්තය, මුද්‍රණ ශිල්පය, රෙපරමාදු ක්‍රිස්තියානි ධර්මය, ඕලන්ද නීතිය සහ ඕලන්ද වචන ඔවුන්ගෙන් අපට උරුම වුණු දේ අතර තිබෙනවා. අගයෙන් ඉතා ඉහල ඕලන්ද කෞතුක වස්තු රැසක් අපට නැරඹිය හැකි පරිදි එක්තැන් කොට අපූරු කෞතුකාගාරයක් පිටකොටුවේ කුමාර වීදියේ පිහිටුවා තිබෙනවා.
ජර්මන් ජාතික, Michael Andreas Helmut Ende (මිෂයෙල් අන්ද්‍රෙයාස් හෙල්මුට් එන්ඩෙ) ශ්‍රේෂ්ට ළමා සහ යොවුන් ලේඛකයෙක්. ඔහු ඉපදුණේ ජර්මනිය, බැවේරියා ප්‍රාන්තයේ Garmisch (ගාර්මිෂ්) නම් නගරයේදී, 1929 වසරේ නොවැ. 12 වැනිදා. එඩ්ගා එන්ඩ් සහ ලුයීස, මයිකල්ගෙ දෙමව්පියන්.
මෙච්චර කාලයක් අපි දැනගෙන හිටියෙ නැහැනෙ මාළුවෝ කතා කරනවා කියලා. ඔන්න නවසීලන්ත පරීක්ෂණ කණ්ඩායමක් හොයාගන්න සමත්වෙලා තියෙනවා, මේ මාළු එකිනෙකා සමග සන්නිවේදනය කරන්නෙ රහස් බසක් යොදා ගනීමෙන් බව. ඒ විතරක් නෙමෙයි බොහෝ විට මේ බස ගෙරවිල්ලක්, සියුම් කූජනයක් හෝ පොප් හඬක් කියලාත් හොයාගෙන තියෙනවා. ගැඹුරු නිහැඬියාවකින් පිරුණු සමුදුරු ලෝකය-
ඔන්න අද අපි මේ කතා කරන්නට යන්නෙ ආහාරයට ගන්නා හැබෑ කැකිරි ගැන නම් නෙමෙයි. ඇත්තටම කැකිරි කිවුවට මේගොල්ලො මුහුදු ජීවි විශේෂයක්. පෙනුමෙන් හා හැඩයෙන් කැකිරි ගෙඩියක ස්වරූපයක් තියෙන නිසා තමයි “මූදු කැකිරි” කියල කියන්නෙ. මූදු කැකිරි කියන මේ සමුදුරු ජීවි විශේෂය අයත් වෙන්නෙ එකිනොඩර්මාටා කියන වංශයටයි. මේ වංශයට අයත් අනෙකුත් සතුන් වෙන්නෙ මූදු ඉකිරි, බංගුර තාරකා සහ පසැඟිල්ලන්.