සමාජ ක්‍රියාකාරිණියක වන ශානිකා විජේසිංහ සමග සම්මුඛ සාකච්ඡාවකි.
ලංකාවේ කාන්තා සංවිධාන සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?
ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන වශයෙන් සහ ප‍්‍රාදේශීය මට්ටමින් කාන්තා සංවිධාන බොහොමයක් තියෙනවා. නමුත් මේකෙන් සියයට 90ක් -95ක් ම කරන්නෙ කාන්තාව කේන්ද්‍රීයව කෙරෙන සංවර්ධන කටයුතු. ඒත් මේවා කොච්චර හොඳ වුණත්-
විශ්ව විද්‍යාලයට ඇතුළත් වන නවක සිසුන්ට නායකත්ව පුහුණුවක් ලබා දීමට රජය තිරණ කර තිබෙනවා. මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු බලන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය එක්ව. මෙම තීරණය පිළිබද පොදු ජනතාව තුළ පැහැදිළි සාකච්ඡාවක් තවමත් ගොඩ නැගී නැහැ.
මේ ඒ පිළිබඳව කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සමග කළ සාකච්ඡාවකි.
විශ්ව විද්‍යාලවලට ඇතුල්වන නවක සිසුන් සදහා හමුදා කදවුරැ තුළ ලබා දීමට නියමිත පුහුණුව සම්බන්දයෙන් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර සමග කළ සාකච්ඡාවකි.
විශ්ව විද්‍යාල නවක ශිෂ්‍යයන්ට ලබා දීමට තීරණ කර තිබෙන නායකත්ව පුහුණව පිළිබද අන්තර් විශ්ව විද්යාල ශිෂ්‍ය බල මණ්ඩලය දරන්නේ කුමන අදහසක්ද?
• ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් වර්තමාන රජයේ වැඩපිළිවෙළ ඔබ කොහොමද විචාරය කරන්නේ?
ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් විදිහට දෙමළ මිනිස්සු ඉල්ලා හිටියේ වෙන මොකුත් නෙමෙයි. ස්ව පාලනයක් කියන එක. මොකද මෙච්චර කාලයක් දෙමළ මිනිස්සු සිංහල මිනිස්සු යටතේ හිටි නිසා. ඒත් ඔවුන්ට කිසිම අයිතිවාසිකමක්-
• මොකක්ද මේ විකිලීක්ස්. ඔබ කොහොමද විකිලීක්ස් හඳුන්වා දෙන්නෙ?
විකිලීක්ස් වෙබ් අඩවිය ගැන දැනගන්න කලින් අපි විකි කියන වචනයේ තේරුම බැලුවොත් පේනවා එහි තියෙන්නේ කඩිමුඩිය වගේ තේරුමක් කියලා. මේක හවායි වචනයක්. පොදුවේ බොහෝ දෙනාට පහසුවෙන් බද්ධවෙලා සාමූහිකව එහි අන්තර්ගතය සංස්කරණය කරන්න පුළුවන් මෘදුකාංග තමයි මේ වෙනකොට ඒ නමින් හැඳින්වෙන්නෙ. වෝඩ් කනින්හැම් කියන පරිගණක විද්‍යාඥයා තමයි මුලින්ම විකි නිර්මාණය කළේ.
• වර්තමාන සමාජ දේශපාලනික කරුණු කාරණා ඔබ තේරුම් අරන් තියෙන්නෙ කොහොමද?
මං අන්තිමට රාවයට සම්මුඛ සාකච්ඡාවක් දුන්නෙ දෙදහස් අටේ සැප්තැම්බර් මාසේ. ඒ මුළු සමාජයම යුද්ධය කෙරේ නාභිගත වෙලා, යුද්ධයට අවශ්‍ය විදිහට හැඩගැසුණු යුගයක. දකුණේ මිනිසුන්ට ආර්ථීක ආදී මොන මොන පීඩා විඳින්න සිද්ධ වුණත්, මොනතරම් ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි වෙලා ගියත්,
• විශ්ව විද්‍යාලය ආචාර්යවරුන් හැටියට 18 ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ප්‍රකාශ නිකුත් කිරීමට ඔබ හිතුවේ ඇයි?
අපි විශ්වාස කළ දෙයක් තමයි 18 ව්‍යවස්ථා සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදී විදිහට බලනකොට කොහොමටවත් වාසිදායක දෙයක් නොවන බව. ඒ පිළිබඳ සමාජ මට්ටමේ සංවාදයක් තියා අඩුතරමේ වැඩිදෙනෙක් එහි ව්‍යුහයවත් දැනගෙන හිටියේ නෑනෙ. මං හිතන්නෙ නෑ විශ්ව විද්‍යාල ආචාර්යවරයකුටවත් අනෙක් කවරකුටවත් මේ ගැන පොදු සාකච්ඡාවකට එන්න කාලයක් තිබුණා කියලා. ඒ නිසා ඒ ගැන සමාජයට කියන්න-
• 18 ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිවරයකුගේ ධුර වාරයන් පිළිබඳ සීමා අහෝසි කිරීම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන් එක්ක තේරුම් ගන්නේ කොහොමද?
ප්‍රධාන කාරණය තමයි. 78 ව්‍යවස්ථාව තුළ ස්ථාපිත කරලා තියෙන 'විධායක ජනාධිපති' ධුරයම ප්‍රතිගාමී වීම. ඒ තනතුරම ප්‍රජාතන්ත්‍ර විරෝධී වීම. මේ සම්බන්ධ මූලික කාරණා දෙකක් තියෙනවා. ඉන් එකක් තමයි 78 ව්‍යවස්ථාව තුළ ගොඩනැගිලා තියෙන ජනාධිපති ධුරය පාර්ලිමේන්තුවට වග කියන එකක් නොවීම.