Fight against the impossible and win.
[Luchar contra lo imposible y vencer.]
බූන්දි| | 20:00:59
 | [0] | |
|
අපේ ජීවිතවලට බලපාන දේවල් ගැන නිහඬව සිටින දවසට අපේ ජීවිත අවසන් වීම ඇරඹෙන්නේය. අවසානයේ අපේ මතකයේ ඉතිරි වනු ඇත්තේ, අපේ සතුරන්ගේ වචන නොව, අපේ මිතුරන්ගේ නිශ්ශබ්දතාවයි.
බූන්දි| | 17:54:02
 | [0] | |
|
ජාතිවාදය යනු මිනිසෙකු විසින් තවත් මිනිසෙකු වෙත එල්ල කරන බරපතලම තර්ජනයයි. ඇත්තෙන්ම එය නොසැලකිය හැකි තරම් කුඩා හේතුවක් සඳහා වූ අප්‍රමාණ වෛරයකි.
බූන්දි| | 17:13:11
 | [0] | |
|
අපි පුංචි හොරු එල්ලා දමමු. ලොකු හොරු මහජන තනතුරුවලට පත් කරමු.
බූන්දි| | 07:26:38
 | [0] | |
|
අප දැන් සිටින්නේ වෛද්‍යවරුන් විසින් සෞඛ්‍යය වනසන, නීතිවේදීන් විසින් සාධාරණය වනසන, විශ්වවිද්‍යාල විසින් දැනුම වනසන, ආණ්ඩු විසින් නිදහස වනසන, මාධ්‍ය විසින් තොරතුරු වනසන, ආගම විසින් යහපත්බව වනසන සහ බැංකු විසින් ආර්ථිකය වනසන දේශයක ය.
බූන්දි| | 16:51:41
 | [0] | |
|
"පිරිමියා" යන්නෙන් නිරතුරුවම "මනුෂ්‍යයෙකු" යන්න අරුත් ගන්වනු ලැබේ. "ගැහැණිය" යන්නෙන් අරුත් ගැන්වෙන්නේ "ස්ත්‍රී" බවයි. කිසියම් මොහොතක "ගැහැණිය", "මනුෂ්‍යයෙකු" ලෙස හැසිරෙන්නේ ද එවිට, ඇය "පිරිමියා" අනුකරණය කරන බව කියනු ලැබේ.
බූන්දි| | 15:53:46
 | [0] | |
|
කිසිවෙකු විසින් හෝ ආරම්භයක් ගත යුතුව තිබිණ. අප ලියූ දෑ ද පැවසූ දෑ ද විශ්වාස කරන්නෝ බොහෝදෙනෙකු සිටිති. එහෙත්, ස්වකීය අදහස් ප්‍රකාශ කිරීමෙහි ලා ඔවුහු අප තරම් නිර්භය නොවන්නෝ ය.
- සොෆී ෂෝල්. 1943 පෙබරවාරි 21 වන දා. හිට්ලර්ගේ කැලෑ උසාවිය ඉදිරියේ කළ ප්‍රකාශය.
බූන්දි| | 18:32:50
 | [0] | |
|
ආගම්වාදීන්, ජාතිවාදීන් අන්ධයන් පෙළක් වැනිය. මුලින් සිටින්නා ද නොදකියි, මැද සිටින්නා ද නොදකියි- පිටුපසින් සිටින්නා ද නොදකියි.
-බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි (1896- 1998)
බූන්දි| | 18:32:19
 | [2] | |
|
ස්වභාවිකවම සාමාන්‍ය මිනිසුන් යුද්ධයට අකමැතිය. මෙය රුසියාවටත්, එංගලන්තයටත් එසේම ජර්මනියටත් එකසේ අදාලය. මේ අපේ අවබෝධයයි. එසේ වුවත් අවසානයේ දී ප්‍රතිපත්තිමය තීරණ ඇත්තේ රටක නායකත්වය අත වන අතර ජනතාව පොළඹවා ගැනීම, ප්‍රජාතන්ත්‍රවාදී රජයකට හෝ ෆැසිස්ට් ආඥාදායකත්වයකට හෝ පාර්ලිමේන්තු පාලන ක්‍රමයකට හෝ කොමියුනිස්ට් ආඥාදායකත්වයකට හෝ ඉතා සුළු කටයුත්තකි. හඬ නැගීමේ නිදහසක් තිබුණ ද නැත ද, ජනතාව සෑම විටම නායකත්වයේ ග්‍රහණයට ගෙන ආ හැකිය. මෙය ඉතා පහසු කටයුත්තකි......
[සෙස්ස අස්සට]
පරිවර්තනය - සඳකාන්ත
බූන්දි| | 16:15:16
 | [0] | |
|
වර්ගවාදයෙන් තොර ධනවාදයක් නැත.
බූන්දි| | 22:15:14
 | [0] | |
|
ඒකාධිපති රාජ්‍යයකට අතිශයින්ම සුදුසු, ඇති තතු හා ප්‍රබන්ධ අතරත්- සත්‍යය හා අසත්‍යය අතරත්, වෙනසක් නැතැයි අදහන සාමාන්‍ය ජනතාවය.
බූන්දි| | 09:34:39
 | [0] | |
|
අප කොතැනක- චීනයේ, ජපානයේ, එංගලන්තයේ, ඉන්දියාවේ හෝ ඇමරිකාවේ හෝ ජීවත් වුවත්, ඉතා වැදගත් වන්නේ "මගේ රට" යැයි අපි සැවොම කියමු. ලෝකය සමස්තයක් වශයෙන් කිසිවෙක් කල්පනා නො කරති. ඉතිහාස පොත් නැවත නැවත සිදු වන යුධ වලින් පිරී ඇත. මිනිසුන් වශයෙන් අපට අප අවබෝධ කිරීම ආරම්භ කිරීමට හැකි නම්, එකිනෙකා මැරීම නවතිනු ඇත.
පහත් ජාත්‍යාලයෙන් අපේ රට ගැන පමණක් කල්පනා කරනතාක්, අපි භයානක ලෝකයක් නිර්මාණය කරමින් ඉන්නෙමු......
[සෙස්ස අස්සට]
බූන්දි| | 23:10:42
 | [2] | |
|
සැබෑ ගුරුවරු නම් තම සිසුන් තරණය කළ යුතු යයි සිතන දේ හරහා යාමට තමන් ම පාලම් බවට හැරවෙන්නෝ ය. තරණයට උදව් කළ පසු සතුටින් බිඳ වැටී, අලුතින් පාලම් තනා ගන්නට සිසුන් දිරි ගන්වන්නෝ ය.
බූන්දි| | 04:33:10
 | [0] | |
|
My only one in the world,
I take you with me in my heart
And we will continue together until the road vanishes…
- From Che to Aleida
[Remembering Che: My life with Che Guevara by Aleida March]
බූන්දි| | 17:36:14
 | [0] | |
|
යම් රටක් නිදහස් වූ සැම විටම එය අධිරාජ්‍යවාදයේ පරාජයක් ලෙස පෙනී යයි. එහෙත්, අප තේරුම් ගත යුත්තේ හුදෙක් හුදකලා ආයුධ සන්නද්ධ අරගලයකින් හෝ නිදහස ලබා ගැනීමක් මගින් සෑබෑ විමුක්තිය සක්ෂාත් වීම හෝ එකී ක්‍රමය මුළුමනින් බිඳ දැමීම සිදු නොවන බවයි. කොල්ලකාරී, අධිරාජ්‍යවාදී ආර්ථීක ආධිපත්‍යයේ අවසානය ළඟා කරවීමෙන් පමණක් සැබෑ නිදහස උදාවේ.
බූන්දි| | 10:31:37
 | [1] | |
|
තමන් ගමන් කළ යුත්තේ, නිර්මාණාත්මක පරාර්ථකාමීභාවයේ ආලෝකය තුළින් ද, නොඑසේනම්, විනාශකාරී ආත්මාර්ථකාමීභාවයේ අඳුර තුළින් ද යන්න, සෑම මිනිසෙකුම තීරණය කළ යුතුය.
බූන්දි| | 10:08:39
 | [0] | |
|
...මතක තබාගන්න, අරගලයේ බොහෝ වර්ෂයන් එළඹෙන්නට නියමිත ඉදිරියටයි. ඔබ වැඩුණු ගැහැණියක වූ පසු, ඔබට ද අරගලය වෙනුවෙන් වූ ඔබේ කොටස ඉටු කරන්නට සිදු වෙනු ඇත. එතෙක් සූදානම් වන්න! ඔබේ වයසේ දී විප්ලවකාරී වීම යනු, හැකි තරම් හොඳින් ඉගෙන ගැනීමත් සාධාරණය වෙනුවෙන් පෙනී සිටීමත් ය.....
....ඔබ නිතරම පාසැලේ හොඳම ළමුන් අතර රැඳීමට වෑයම් කළ යුතුයි. අධ්‍යාපන කටයුතු වලින් මෙන්ම විප්ලවීය ආකල්ප අතිනුත් ඔබ "හොඳම" දරුවෙකු විය යුතුයි......
[සෙස්ස අස්සට]
බූන්දි| | 06:10:52
 | [3] | |
|
ඔබ ප්‍රවේශම් නොවන්නේ නම්, පීඩනයට පත් වන ජනතාවට වෛර කරන්නටත්- පීඩකයන්ට ප්‍රේම කරන්නටත්, පුවත්පත් විසින් ඔබව පොළඹවනු ඇත.
බූන්දි| | 17:10:23
 | [1] | |
|
ලෝකයේ අති මහත් ම ගැටළුව වූකලී, මෝඩයන් සහ භක්ති උන්මන්තකයින් තමන් පිළිබඳ අතිශයින් ම විශ්වාසයෙන් පසු වීමත්, ප්‍රඥාවන්තයින් තමන් පිළිබඳ අවිශ්වාසයෙන් පිරී සිටීමත් ය.
බූන්දි| | 20:44:52
 | [1] | |
|
අහෝ මිනිසුනි, වියරුව හඹා එන ඝාතකයා කවුරුන්දැයි හැඳින්නා ද ඔබ? මා කියන්න අසන්න. සිතිවිල්ලේ බලය ක්ෂය වී ගියේ යම් තැනක ද යම් විටෙක ද ඉඩ ලද ඒ ඇසිල්ලේ බුර බුරා නැගෙන බලය පිළිබඳ ම්ලේච්ඡ සිතිවිල්ලයි ඒ. ඉදින් මම මරණය රජ කරන දේශයට ජීවිතය නාදය කැටි කොට ගෙන ආමි. ඔහු කීය.
[කිලර්- මාස්ටර් කේමදාස- "ඇසුනා වෙඩි හඬක්" පූර්විකාව.]
බූන්දි| | 17:43:04
 | [2] | |
|
නිර්ධන පංතිය නිරාහාරව, පීඩාවට පත්ව සිටින විට ධනපති පාලකයා සුඛෝපබෝගීව ජීවත් වේ. සියළු ධනපති බලවේගයන්ගේ සහයෝගය ලබමින් පාලකයා සිය ආරක්ෂාව තර කර ගනී. ජාතික විමුක්තිය, සාධාරණ සමාජය, ජාතික සංවර්ධනය වැනි සංකල්ප ඉදිරිපත් කරමින් එදිනෙදා නිර්ධනයන්ව රවටමින් සූරාකෑම සිය ප්‍රතිපත්තිය කරගනී. පාලකයා සහ ඔහුගේ පවුලත්, සිය ඥාති සමූහයාවත් රාජ්‍ය පාලනයට ඈඳා ගනී. හේ සෑම රටවැසියෙකුගේ ම සතුරා බවට පත් වන නමුත් රටවැසියන්ට ඔහු ඔහුව හඳුන්වා දෙනු.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 20:27:14
 | [5] | |
|
පීඩකයා සතු හොඳම ආයුධය නම්, පීඩිතයාගේ පීඩිත මානසිකත්වයයි.
බූන්දි| | 19:52:14
 | [0] | |
|
පිලිපීන හිටපු අධිපති මාකෝස්ගේ කුප්‍රකට ආර්යාව හෙවත් යකඩ සමනලිය හෙවත් ඉමෙල්ඩා මාකෝස් ඒ දවස්වල කියන්නට යෙදුණු රස කතා කීපයක් මේ.....
"මට සපත්තු කුට්ටම් තුන් දාහක් තිබුණේ නෑ. මට තිබ්බේ එක් දාස් හැටක් පමණයි!"
"මං ඉන්ටර්වීව් දෙනවට, මගේ සැමියා එච්චර කැමති නෑ. කතා නොකරන තරමට ප්‍රශ්ණ අඩුයි."
"පිලිපීනුවෝ ලස්සනට කැමතියි. හිඟන පිලිපීනුවන්ට උන්ගෙ මුඩුක්කුවල ඉඳන් බලලා සතුටු වෙන්න පුලුවන් වෙන්නෙ, මං තරුවක් වෙලා ලස්සනට හිටියොත් තමයි."
"මං ජනාධිපති ආර්යාව.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 10:22:54
 | [1] | |
|
අමීන් ඩාඩා (ඉඩි අමින්) 1971 ඉඳලා 1979 වෙනකල් උගන්ඩාවේ පාලකයා. මේ අමීන් ඩාඩා කිවුව දේවල් කීපයක්.
"මම දේශපාලනඥයෙක් නොවෙයි; මම වෘත්තීයමය සොල්දාදුවෙක්."(1971)
"සමහර විටෙක මිනිස්සු වැරදියට තේරුම් ගන්නවා මම කියන දේවල්- ඒවා මම හිතන දේවල්ය කියලා. මම කිසිම දවසක ඉගෙන ගෙන නැහැ. පෙර පාසල් අධ්‍යාපන සහතිකයක්වත් මට නැහැ. ඒ වුනාට, සමහර වෙලාවට මම දන්නවා පී.එච්.ඩී. කාරයන්ටත් වැඩිය. මොකද මම මිලිටේරිකාරයෙක්. මං දන්නව වැඩ කරන විදිහ. මම.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 09:54:10
 | [1] | |
|
...අප හැම ජීවත්වන්නේ එක්වරකි. එබැවින්ම අපට ලැබී ඇති කාලයෙන් යහපත් ප‍්‍රයෝජනයක් ගැනීමත් අර්ථවත් සහ තෘප්තිකර දෙයක් කිරීමත් අප සතු වගකීමකි. මා යෙදී සිටින්නේ අර්ථවත් සහ තෘප්තිකර යැයි මට හැඟෙන කාර්යයකය. මගේ විත්ත ස්වභාවය එය යි. දැවැන්ත පරිමාණයේ පද්ධති ගොඩ නැගීමෙන් මම සතුටු වෙමි. එමෙන්ම ගොදුරු බවට පත්විය හැකි ජනයාට උදව් කිරීම ද මට සතුට ගෙන එයි. අවලමුන් කුඩුපට්ටම් කර දැමීම ද සතුට ගෙන දේ....
බූන්දි| | 09:25:27
 | [1] | |
|
කොහේ හෝ තිබී කියවූ පමණින්, මා (බුදුන්) හෝ කවුරුන් හෝ කී පමණින් කිසිවක් විශ්වාස නොකරන්න. එය ඔබේම නුවණින් සහ අවබෝධයෙන් පසක් වන්නේ නම් පමණක් විශ්වාස කරන්න.
බූන්දි| | 21:40:31
 | [3] | |
|
දේශප්‍රේමියෝ හැමවිටම තම මව්බිම වෙනුවෙන් "මැරෙන" බව කියති; එහෙත් ඔවුහු මව්බිම වෙනුවෙන් "මරන" බව කිසිවිටෙකත් නොකියති!
බූන්දි| | 17:55:40
 | [1] | |
|
පීඩිත ජනයාට ඉවත් වීමේ අයිතිය දෙන ලෙස කරන ඉල්ලීම අත් හැර දමා ජාතීන්ගේ අයිතිවාසිකම් එක සමාන විය යුතු බවත් පිළිගැනීම පුහු වදන් දෙඩීමක් හා හුදු වංචාවක් වන්නේ ය. එබැවින් නෛතික අර්ථ නිරූපණයන් සමග ක්‍රීඩා නොකර, නැතහොත් අර්ථ නිරූපණයන් නිර්මාණය නොකර, ජාතික ව්‍යාපාරවල ඓතිහාසික ආර්ථීක තත්ත්වයන් පිරික්සා බැලීම මගින් ජාතීන්ගේ ස්වයං තීරණය යන්නෙන් අරුත් වටහා ගැනීමට අපට වුවමනා නම්, අපට නොවැළැක්විය හැකි සේ එළඹිය යුතු නිගමනය.....
[සෙස්ස අස්සට]
බූන්දි| | 16:32:42
 | [0] | |
|
......විද්‍යාව කරා වූ රජ මාවතක් නොමැත. එහි දිදිදුලන මුදුනට ළඟා වීමට අවස්ථාවක් ඇත්තේ, එහි තියුණු ගිරි හෙල් ඔස්සේ වූ වෙහෙසකර නැග්මට බිය නොවන්නවුන්ට පමණි.
[-Das Kapital]
බූන්දි| | 16:15:26
 | [0] | |
|
සමේ පැහැය නිසා හෝ පසුබිම නිසා හෝ ඇදහිල්ල අනුව හෝ අනෙකා කෙරෙහි වූ වෛරයකින් කිසිවෙකු උපදින්නේ නැත. මිනිසුන් වෛරකිරීමට උගත යුතුය. එසේ වෛර කරන්නට ඉගෙන ගන්නාක් මෙන්ම ආදරය කිරීමට ද ඉගැන්විය යුතුය. මක් නිසාද යත්, ආදරය කිරීම එහි ප්‍රතිවාදී හැඟීමට වඩා මිනිස් හදවත්හි ස්වභාවික උත්පාදනය වන නිසාය.
බූන්දි| | 16:41:15
 | [0] | |
|
හිට්ලර්, ස්වකීය තුරුණු විය මුලුල්ලේම සිහින දුටුවේ සිත්තරෙකු වීමටයි! වියානා කලා ඇකඩමියට ඇතුළත් වීම සඳහා හිට්ලර් ඉදිරිපත් කළ අයදුම්පත් දෙවරක් ම ප්‍රතික්ෂේප විය. පසු කලෙක ඔහු තම මව මිය ගිය පසු, ජීවිකාව පිණිස, තමන්ගේම සිත්තමින් සැරසූ පින්තූර පෝස්ට් කාඩ් විකුණමින් වියානාවේ හතර වසරක් ගත කළේය.
බූන්දි| | 00:11:43
 | [2] | |
|
නීතිය පාන් නිදහස
ගොවිකමේ නව පිළිසකර
මේ ගැන ඔබේ හඬ
නින්නාද වෙද්දී හැමතින්
ඔබේ පසෙකින් අප ඇදෙනු
ඔබ දකිනු ඇත
-මෙක්සිකෝවේදී මුල් වරට පිදෙල් හමුවීමේ ආශ්වාදයෙන් චේ ලියූ කව.
[චේ - මාලනී ගෝවින්නගේ - 2000]
බූන්දි| | 18:23:34
 | [0] | |
|
යම්කිසි ජාතියක් එකවරම තවත් ජාතීන් පාගන්නේ නම්, එම ජාතියට ස්වාධීන ජාතියක් බවට පත් විය නොහැකිය.
-[1830 පෝලන්ත නැගිටීම සිහි කිරීමේ ජාත්‍යන්තර රැස්වීම- 1847.11.29 දා]
බූන්දි| | 18:04:28
 | [1] | |
|
ජීවිතය සොඳුරුය. මර්දනයෙන්, කෲරත්වයෙන් සහ සැහැසිකමින් ජීවිතය මුදවා මතු පරපුරට එය භුක්ති විඳින්නට ඉඩහල යුතුය.
බූන්දි| | 07:02:04
 | [0] | |
|