About Boondi | Fan Page | FaceBook | Boondi Lexicon | Boondi Blog | Kids' Boondi | Sinhala Fonts

 

What's New | අලූතෙන්

 
 
       
'ඇන්ටිගනී'   නොසොඳුරු   යුගයක   ලෝරා   අමුතු
ජූලි 30-31   පෙදෙසක   මතක   වයිල්ඩර්   ඉලන්දාරියා
 
 

Site for Sri Lankan Literature, Arts and Politics

 
 

BLOGS

 

Entry Page
 
 

රන්සුණු

 

"I'm not ugly, but my beauty is a total creation."

 - Hegel

 

 
 
  General
 
  Periodical

 

  Other

 

අකුර දිනූවෝ

අක්ෂර සෙනග 2009
කවි සහ කෙටිකතා නිර්මාණ තරගය -ප්‍රතිඵල

 

බූන්දියට එන පාර-

jh¾ Èf.aa-

boondionline@gmail.com

ගොළුඛෙලි තැපෑලෙන්-
බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.
 

කට දිග ඇරලා කියන්න

 

  
 

 
අලුතෙන්
PRABANDHA
කව්මුතු
විල්තෙර උයන
Panda ගේ සිතුවිලි
ලංකා ලේඛක සංවිධානය
කිරිකවඩි
ColomboWeek
Sirimalwatte's Blog

බ්ලොග් අඩවි
වචන TAXI
ලිහිණිසර
කඩඉම
චුල්ල ගණිතයා
Monsoon Moon
අග්නි
යථාර්ථය අකුරු කරන්නට
ජීවිතයේ කෙටි සටහන්
Nobody's Edge
සඳක් නැති සඳැල්ලක්
Beyond Frame
SL Diaspora
මතවාද
යට ගිය දවස
බිත්තිය
වෙබ් ආලෝචනා
නිකමට වගේ
කාන්චිගේ කවි
Taboo Subjects
රාමචන්ද්‍රගේ අඩවිය
Abnormal Minds
නොසිදුවීම්
රෝස වළාකුළු
කතන්දරකාරයා
පර්ත් කවි
බුමුතුරුණු
රසවතිය
Far N Beyond
JDS
ගෝරා
කටු සටහන්
Out In The Open
නොතිව් තිත
Sri Lankan Arts

බ්ලොග් කියවන
සිංහල බ්ලොග් කියවනය
Kottu
ලාංකීය සිතුවිලි

සෙවුම් යන්ත්‍ර
Sasrutha

සඟරා
සන්නස
කැටපත් පවුර
කතිකා
ejsa.info
සමබිම
ත්‍රිමාණ
1world1moon
ලන්ඩන් කවි

පුවත් අඩවි
Lanka News Web
lanka Truth
Lanka News N Views
SL Guardian

ෆෝරුම් අඩවි
නිදහස
Nut.LK
SLU
Lanka1st

පුවත්පත්
ලංකා ඉරිදා සංග්‍රහය
රිවිර

දේශපාලන
WSWS
පෙරදිග සුළං
NSSP
JVP

පුද්ගල අඩවි
ලෙස්ටර්|සුමිත්‍රා
ජී.බී. සේනානායක
මාර්ටින් වික්‍රමසිංහ
  
 
 

අලූත් ප්‍රතිචාර

 
 
 
Rishan කියනවා : "Good Article Sumudu Thiwanka Gamage.. I like to translate this one to Tamil." | [COVER STORY - මුත්තයියා මුරලිදරන්ගේ "අටසීය" සහ තිත නොතබන කළු ජූලිය]
 
neranji කියනවා : "සුබ පැතුම් අක්කේ.....තවත් ලබත්වා" | [OTHTHUKARAYA - සුරේඛා සමරසේනට සුබ පැතුම්!]
 
Charmi කියනවා : "කියවලා කළුගලක් උනා." | [KATHANDARA BOONDIYA - ක්ලෝප්‍රොමයිසින් තීන්ත කුප්පිය]
 
අමල් කියනවා : "හරියට හරි ජනක. දැන් ඉතිං සමූල ඝාතනය කර......." | [COVER STORY - මුත්තයියා මුරලිදරන්ගේ "අටසීය" සහ තිත නොතබන කළු ජූලිය]
 
ජනක කියනවා : "මෙය මතක්කල යුත්තේ තාමත් සිදුවන්නේ එය......." | [COVER STORY - මුත්තයියා මුරලිදරන්ගේ "අටසීය" සහ තිත නොතබන කළු ජූලිය]
 
අමල් කියනවා : "@ Kamal556 සිදු ෙනාවිය යුත්ෙත් ෙමාකක්ද- කලු ......." | [COVER STORY - මුත්තයියා මුරලිදරන්ගේ "අටසීය" සහ තිත නොතබන කළු ජූලිය]
 
nimal -kandy කියනවා : "me photo aye pennane ei." | [COVER STORY - මුත්තයියා මුරලිදරන්ගේ "අටසීය" සහ තිත නොතබන කළු ජූලිය]
 
kamal556 කියනවා : "itihase e kalu pellama ,amihiri mathakaya aye mathak karnne ahaval ekakatada .meya sidu noviya yutht......." | [COVER STORY - මුත්තයියා මුරලිදරන්ගේ "අටසීය" සහ තිත නොතබන කළු ජූලිය]
 
Ayesha කියනවා : "hugak pin. me wage wedak kalaata. mage uparima sahaya." | [VIVA CHE - VIVA CHE! [2 කොටස] ඉතිහාසය වෙනස් කළ සයිකල් සවාරිය]
 
Dawson කියනවා : "සුභ පැතුම්!" | [OTHTHUKARAYA - සුරේඛා සමරසේනට සුබ පැතුම්!]
 
Annon කියනවා : "Ela Ela" | [KATHANDARA BOONDIYA - සිහිනයත් අප සමග මිය ගියා නොවේද?]
 
Sudesh Karunathilake කියනවා : "සුබ පැතුම්!

@FB"
| [OTHTHUKARAYA - සුරේඛා සමරසේනට සුබ පැතුම්!]
 
Anupama Ganegoda කියනවා : "මඩකලපුවේ රාජීනිලා සෙල්ලලම්මලා
සහ......."
| [OTHTHUKARAYA - සුරේඛා සමරසේනට සුබ පැතුම්!]
 
Sanka Kirindiwela කියනවා : "සුභ පැතුම් සුරේඛා.....
සුරේඛා වගේ ධෛර......."
| [OTHTHUKARAYA - සුරේඛා සමරසේනට සුබ පැතුම්!]
 
Neenu කියනවා : "සුබ පැතුම් අක්කේ " | [OTHTHUKARAYA - සුරේඛා සමරසේනට සුබ පැතුම්!]
 
Ajith C Herath කියනවා : "උන්මත්තක ජාතිවාදී ප්‍රවාහයට එරෙහිව ස......." | [OTHTHUKARAYA - සුරේඛා සමරසේනට සුබ පැතුම්!]
 
Veeraya කියනවා : "මේ සිතියම තුළ සුරේඛා ට දිගු රේඛාවක් ඇ......." | [OTHTHUKARAYA - සුරේඛා සමරසේනට සුබ පැතුම්!]
 
Veeraya කියනවා : "මෙය නම් පුදුමාකාර ලියවිල්ලකි.
හිස්-......."
| [KATHANDARA BOONDIYA - ක්ලෝප්‍රොමයිසින් තීන්ත කුප්පිය]
 
ජීවිතේමල් කියනවා : "හ්ම්ම්ම්.... කවුරු නමුත් මගේ ජීවිත කතාව......." | [KATHANDARA BOONDIYA - ක්ලෝප්‍රොමයිසින් තීන්ත කුප්පිය]
 
Anonymous කියනවා : "Menna Sunethta mal mitak!

meweni lipi pala kala yuththe antharjaalaye pamanak nowei. ......."
| [ADAHAS BOONDIYA - 'හොත් පොර'(ණ) ඇදුරු වත| මහාචාර්යවරු හිටගෙන කරන විට චූලාචාර්යවරු දුව දුව කරති!!]
 
 
     




       
 

   

 
ක්ලෝප්‍රොමයිසින් තීන්ත කුප්පිය
 
   "මම උඹව දික්කසාද කරන්නේ නැහැ. පුළුවන් දෙයක් කරපං."
ඔහු දුරකතනය විසන්ධි කළේය. ඩිස්පෙන්සරියේ දොරගුළු ලෑවේය. මෝටර් රථය තුළට වන්නේය.රිය පණ ගැන්විණි. මොටෝරිය සීඩී ධාවකයේ තැටිය මතින් සීටී ප්‍රනාන්දු සිය මධුර ස්වරය අවදි කරයි. තාර පාරේ අඳුරු වාටි අස්සෙන් සීටී ගේ රුව මතුවෙයි. සුමධුර හඩ රිය ඇතුළ සනීප කුෂන් මතුපිට හැපෙමින් කන් පුරවයි.

"මා කුඹුරේ සිට මුළු දවසේ - දෑත දෙපා වෙහෙසී
පැලට යන්නෙමි මම මගේ - සැන්දෑ වුනා සුහදේ"

ගීතය මාරු වේ.
 
"සාගරිකා ඔයා අද ඩියුටි ද? ඔන් කෝල් ද ආ...නැද්ද? හරි....ආ එහෙනම් ඔයා එන්න ෆුඩ් සිටි එකට. මම එනවා එතනට. මට විනාඩි හතලිස් පහක් දෙන්න..."

සැන්දෑව අහසේ දළුලමින් වැඩෙයි.

"අමතන්නට හැකි බසක් සොයා - හැඟුම් කියන්නට වදන් සොයා
ඇවිදින විටදී දිවි කතරේ - ඊයේ දුටු ලොව වෙනස් වෙලා

බාල වියේ දුටු කුරුල්ලන් කෝ - බාල වියේ දුටු හඳ තරු කෝ
ඒවා කොතැනක සැඟවී දෝ - මා සිත රන් රූ කෝ"

"මචං ජීවිතේ මට එපා වෙලා... කිසිම දෙයක් කරගන්න හිතට නිදහසක් නැහැ. අරකි අදත් ෆෝන් එකෙන් වලි. ඩිවෝස් ඉල්ලනවා... බලහං මගේ එක්සෑම් එකත් ඇනිලා ...කවද මේ කරුම විභාග ඉවර කරගන්නද මචං... මම පීපී එකත් වහල දැම්මා.

 
හකාවතී
Updated on : 2010-07-28 23:21:18 | [Tags] Sri Lankan Short Stories, Sinhala Short Stories
(3)ප්‍රතිචාර|Comments
 
'හොත් පොර'(ණ) ඇදුරු වත|
මහාචාර්යවරු හිටගෙන කරන විට චූලාචාර්යවරු දුව දුව කරති!!
 
   මෙලොවෙහි කිසිදු අලුත් දෙයක් නැත. ඇත්තේ එකම පරණ ලෝකයයි. එහෙත් එය අලුත් ආකාරයකින් දැකීමට ඇතැමුන්ට හැකියාව ලැබී තිබේ. එසේ දැකිය යුත්තේ තමන්ගේම ඇසින් විනා අනිකකුගේ ඇසින් නොවේය යනු කලා නිර්මාණ හා සාහිත්‍යය සම්බන්ධයෙන් පවතින ප්‍රචලිත අදහසකි. අනුන්ගේ ඇසින් ලොව දකින්නා කවියෙක් නොවේ. ඔහු කුකවියෙකි යනුවෙන් කුමාරතුංග මුනිදාස මහතා පැවසූයේ ශ්‍රී රාහුල හිමියන් කාව්‍යශේඛරය ලිවීමේදී එකල ප්‍රසිද්ධ ලේඛකයන්ගේ පොත්වල ආ අදහස් ඒ ආකාරයෙන්ම උපුටාගෙන ඇතැයි පෙන්වා දෙමිනි. "එක පොතකින් කරුණු ගැනීම සොරකමකි. පොත් ගණනාවකින් ගැනීම පර්යේෂණයකි" යනුවෙන් පැවසෙන කියමනක් ඉංග්‍රී‍සි උගතුන් අතර තිබේ. මක්නිසාද යත් බොහෝ පොතපත කියවා කරුණු උකහා ගැනීමෙන් අලුතින් තර්ක ගොඩ නැගීමට මග පෑදෙන බැවිනි.

Plagiarism හා academic dishonesty යන යෙදුම් ලොව පුරා අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි භාවිතා වන බැවින් ඒවා නොදන්නා අය අධ්‍යාපන ආයතනවලින් බලාපොරොත්තු විය නොහැකිය. මේ යෙදුම් දෙකින්ම අදහස් වන්නේ ලිපිලේඛන හා පොත්පත් පළ කිරීම්වලදී අපේක්ෂා කරන ගුණධර්මයකි. එනම් නව අදහස් මතවාද පැවසීමට තමන් කියවූ පොතපත මොනවාදැයි අවංකව ලොවට හෙළිකිරීමයි.
 
එහෙත් මේ වචනවල තේරුම් නොදන්නා අය හමු විය හැක්කේද ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවලින් පමණක් වීම හාස්‍යජනකය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතර පමණක් නොව ලේඛකයන් හා ගත්කතුවරුන් අතරද මේ අවංකභාවයෙන් තොරවූවන් සිටින අන්දම වරින් වර වාර්තා වෙයි. මේ සම්බන්ධ ප්‍රකට නඩු තීන්දු කිහිපයක්ද තිබේ. මලල්ගොඩට එදිරිව විඡේසුරේන්ද්‍ර ලොකුගේ යන නඩු තීන්දුව ඒ අතරින් ප්‍රසිද්ධය.

 
සුනෙත් ප්‍රියදර්ශණ
Updated on : 2010-07-28 00:37:49 | [Tags] Sri Lankan Universities, Sri Lankan Professors, Plagiarism and Acasemic Dishonesty of Sri Lankan University teachers
(6)ප්‍රතිචාර|Comments
 
සිහිනයත් අප සමග
මිය ගියා නොවේද?
 
   බාර් එකේ හුළං කට පැත්තට මුහුණ හරවා ක්‍රිෂ් ඈනුමක් ඇරියා. කෝලි ෂර්ට් එකේ බොත්තම් ගලවගෙන පූහ්-පූහ් ගගා පිඹිමින් අත් දෙකෙන් පවන් සලා ගත්තා. පතෝ එම්.එස්. ගේ සිංදුවක තාලෙ අල්ලන ගමන් බිමට සවිකර ඇති ලී පටිවලට පයින් අනින්නේ මේසය උඩ තියෙන වීදුරුත් ටක-ටක ගා සිංදුවෙ තාලෙට සොලවමින්. සූසා මනෝ ලොකෙ ගුලි ගැහිල. අපි ඉඳගෙන ඉන්න පසුබිමේ ඔලුගෙඩි සයිස් අකුරෙන් තියෙන ''මෙතන හුජ්ජ කිරීම බල්ලන්ට පමණයි''-
 
-කියලා ලියපු බෝඩ් එක දිහා බලාගෙන කෝලි මුල්ලක් අල්ලා පම්ප් කරන්න ගත්තා. ''අඩෝ වල් බල්ලනේ තොපි අද යන්නෙ කන් සාක්කුවෙ දාගෙන'' සූසා අතපය දිගෑරල කෑ ගහල කිව්වා. එතකොටම පතෝ පටන් ගත්ත,

"බෝතලෙ ගනිං මචං
අඩියක් ගහමු මචං
බයිට් එකක් ගෙනෙං මචං
සිගරට් එකක් දියං මචං
එහෙනං මචං-ගහමු මචං
චියර්ස් මචං-චියර්ස් මචං...."

ධර්මෙ අයිය දෙවෙනි බෝතලෙත් ගෙනත් තිබ්බා.

 
සංජීව මූණමල්පෙ
Updated on : 2010-07-27 03:21:49 | [Tags] Sri Lankan Short Stories, Sinhala Short Stories
(4)ප්‍රතිචාර|Comments
 
'ෂිරින්'- චිත්‍රපටයක් නැති චිත්‍රපටයක්|
කියරොස්තාමි නම් වූ සංකේතීය පීඩකයා
 
   ඉරාන සිනමා පතාකයෙක් වන අබ්බස් කිය‍රොස්තාමිගේ ෂිරින් සිනමා පටය එවැනි සිනමා ආකෘතියක් නියෝජනය කරන එම වංශයේ එකම සහ ප්‍රථම කෘතිය ලෙස මට දැනේ. 1975 ඉන්ග්මාර් බර්ග්මාන් ගේ ද මැජික් ෆ්ලූට් නම් වූ සිනමා සිත්තමේ කිසියම් ඡායාමය අත්දැකීමක් හෝ අනුභූතියක් හේතුවෙන් කියරොස්තාමී ෂිරින් නිර්මාණය උදෙසා ආභාෂයක් ලබන්නට ඇතැයි යන අනුමානය මේ සිනමා කෘති එක ළඟ තබා බැලූ විට පෙනී යයි. සැබැවින්ම ෂිරින් සිනමා කෘතියේ අන්තර්ගතය වන්නේ ඉරානයේ සුප්‍රකට පුරාණෝක්තිගත අතිශය රමණීය ප්‍රේම වෘතාන්තයක් වන කොෂ්රොව් සහ ෂිරින් පෙම් පුවතය.
 
මෙම පෙම්පුවත ළගන්නා සුළු කාව්‍යයක් බවට පත්වන්නේ ප්‍රකට ඉරාන කවියකු වන නේසාමි ගන්ජාවි [1141-1209] අතිනි. පෙම්පුවත කොතරම් මනරම් වුවද ෂිරින් සිනමා පටයේ ප්‍රේක්ෂකයාට දැක ගත හැක්කේ එම ප්‍රේම වෘතාන්තය කේන්ද්‍රීය වූ නාට්‍යයක් නරඹමින් සිටින එකසිය ගණනක් වූ ප්‍රේක්ෂිකාවන්ගේ මුහුණුය. කියරොස්තාමිගේ ෂිරින් සිනමා පටයේ ආරම්භක රූප රාමුවේ සිටම දැකිය හැකි වන්නේ විවිධාකාර වූ නාට්‍යමය අවස්ථා උදෙසා සිය චිත්තාභ්‍යන්තරයේ හට ගන්නා සංවේදනයන් මුහුණින් පළ කරමින් සිටිනා ප්‍රේක්ෂාගාරයක සමීප මුහුණු දසුන්ය.

ෂිරින්ගේ පෙම්පුවත තිරය මත දිගහැරෙන්නේ එහි නාට්‍යමය හඩපටය ලෙසිනි. එම හඩපටය ඔස්සේ සිදුවීම් චැනලයක් නිර්මාණය කරන අතර එම ශාබ්දික සිදුවීම් ඔස්සේ ස්ත්‍රී මුහුණු තුළින් පරාවර්තනය වන හැඟුම් විසින් දෙවන චැනලයක් නිර්මාණය වෙයි. මෙම චැනල දෙක හරහා ප්‍රේක්ෂකයා එම පෙම්පුවත මනසින් නිර්මාණය කර ගැනීමේ අභ්‍යාසයකට යොමු කරවයි.

 
ඊ ඒ ඩෝසන් ප්‍රීති
Updated on : 2010-07-26 23:24:16 | [Tags] Shirin 2008, Film by Abbas Kiarostami, Iranian Cinema
(0)ප්‍රතිචාර|Comments
 
අපිව බිහි කරන්නෙ වාමාංශික මතවාද...|
මහාචාර්ය එම්. ඒ. නුහ්මාන් සමග කතාබහක්
 
   ජාත්‍යන්තර මට්ටමේ දෙමළ කවියකු ලෙස අවිවාදයෙන් පිළිගැනෙන මහාචාර්ය එම්. ඒ. නුහ්මාන් කවියෙක්, කෙටිකතා කරුවෙක්, විචාරකයෙක් මෙන්ම ප්‍රමුඛ පෙළේ විද්වතෙක් ද වේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දෙමළ භාෂාධ්‍යනාංශයේ අංශාධිපතිව සිට ඉතා මෑතක විශ්‍රාම ගත් මහාචාර්ය නුහ්මාන්, මේ වන විට ආරාධිත මහාචාර්යවරයකු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළු ආයතන රාශියක් තුළ කටයුතු කරමින් ස්වකීය වගකීම් නොපිරිහෙළා ඉටු කරමින් සිටියි. හැත්තෑව දශකයේ සිට දෙමළ කවි කෙත පෝෂණය කරමින් ඔහු විසින් ලියන ලද පද්‍ය සංග්‍රහයන් අතර, ''තාත්තාමාරුම් පේරර්හලුම්'' (සීයාවරු සහ මුණුබුරෝ),-
 
-''ආලියා නිළල්හල්'' (නොමැකෙන සෙවණැලි) සහ ''මාලෙයි නාට්කල් වරුම්'' (වැසි දවස් පැමිණේවි) යන කෘතීන් කැපී පෙනේ. සමාජවාදී චින්තනය ස්වකීය නිර්මාණකරණය සඳහා මුඛ්‍ය අනුභූතිය කොටගත් මහාචාර්ය නුහ්මාන් අතින් පරිවර්තිත සටන්කාමී පලස්තීන කවි රාශියක් ද දෙමළ සාහිත්‍ය සඳහා දායාදව ඇත. පොදුවේ සමස්ත දෙමළ කවිය පිළිබඳවත්, ශ්‍රී ලාංකීය දෙමළ කවිය පිළිබඳවත් පෞද්ගලික වශයෙන් ඔහුගේ කවිය පිළිබඳවත් මහාචාර්ය එම්. ඒ. නුහ්මාන් සමඟ ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර රාවය වෙනුවෙන් කළ සංවාදයකි මේ.

•''තොල්කාප්පියම්'' වැනි ග්‍රන්ථයන්හි නිර්දේශිත, වීරත්වය හා ශ්‍රේෂ්ඨත්වය නිරූපණය කෙරුණු පද්‍ය රචනා විශේෂයක් වූ ''පුරම්'' කාව්‍යන්ගෙන් සහ ප්‍රේමය හා කාමය නිරූපණය කෙරුණු පද්‍ය රචනා විශේෂයක් වූ ''අකම්'' කාව්‍යයෙන්ගෙන් සංගෘහිත සංගම් සාහිත්‍යයෙන්ද, සංස්කෘත කාව්‍යාභාසයන් රැගෙන බිහි වුණු උපදේශ හා මහාකාව්‍යාකෘතීන් ද පදනම් කොටගත් දෙමළ කවියේ කාව්‍යානුභූතීන් ඉන් විතැන්ව තත්කාලීන සමාජ දේශපාලනික යථාර්ථයන් පිළිබිඹු කිරීම සඳහා හැඩගැහෙන්නෙ කොහොමද?

දෙමළ කාව්‍යයේ ඉතිහාසය දිහා බලනකොට පේන්න තියෙන දෙයක් තමයි , එය අවුරුදු එය දෙදහසක් ඉක්මවා ගිය දිගු ඉතිහාසයකට උරුමකම් කියන එක. එතනදි ඔබ කියූ ඔය ''අකම්'' සහ ''පුරම්'' යන වෙනස්කම් එක්තරා අතකට දෙමළ කවියේ නිර්දේශයන් ලෙස සලකනවාට වඩා ඒවා කවිය හදාරන්නන් විසින් කවියෙහි ඇති සියුම් ලක්ෂණ දෙස බලලා කළ බෙදීමක් කියලා සලකන එක වඩාත් හොඳ බවයි මගේ හැඟීම. ඒ අනුව, ලිංගිකත්වය කාමය ආදිය පදනම් කොටගත් කවි මූලික යුගයන් තුළ අකම් ලෙස හැඳින්වුණ අතර යුද්ධය සහ වීරත්වය වැනි කරුණු පදනම් කොටගත් නිර්මාණ පුරම් කාව්‍ය ලෙස හැඳින් වුණා. මේවා තවත් අතකට අභ්‍යන්තරික හා බාහිර සංකල්පයන් ලෙසත් හඳුනා ගන්න පුළුවන්.

 
ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර
Updated on : 2010-07-26 21:51:21 | [Tags] An interview with Professor M. A. Nuhman, Sri Lankan Tamil Poetry, Sri Lankan Tamil Literature
(4)ප්‍රතිචාර|Comments
 
"අමුතු ඉලන්දාරියා"|
ෂ්‍යාම් සෙල්වදුරයි සමග කතාබහක්
 
   සුගතපාල ද සිල්වා "අමුතු ඉලන්දාරියා" නමින් සිංහලයට නැගූ ෂ්‍යාම් සෙල්වදුරයි ගේ "ෆනී බෝයි" [Funny Boy - 1994] ලෝ පුරා සහස් සංඛ්‍යාත පාඨක ජනයාගේ අවධානයට පාත්‍ර වූ නවකතාවකි.

පසුගාමී සංස්කෘතික කතිකා තුළ කෙවිටෙන් ගෙන බැහැර කෙරෙන "ගැරඬි කුණක්" වූ, සමලිංගිකත්වය පිලිබඳ මානුෂික විවරණයක් ගෙන එන මේ කෘතිය, ඒ හා සමාන්තරව ලංකාවේ දෙමළ ජනතාව අසූව දශකයේ මුල භාගයේ ලාංකේය පොළව මත මුහුණ දුන් බිහිසුණු ඉරණම ගැන ද කතා කරයි.
 
පහත එන්නේ, 1996 දී Ray Deonandan විසින් ෂ්‍යාම් සෙල්වදුරයි සමග India Currents Magazine වෙනුවෙන් පවත්වන ලද කතාබහක සංක්ෂිප්ත පරිවර්තනයකි.

• "ෆනී බෝයි" කෙතරම් දුරකට ස්වයං ලිඛිත චරිතාපදානයක් ද?

මම සමකාමියෙක්. පොතේ චරිතය- 'අර්ජි' කියන්නෙත් සමකාමියෙක්. මම ශ්‍රී ලාංකික දෙමළ සහ ඔහුත් එහෙමයි. අපි කැනඩාවට ආවා; පොතේ අවසානයට ඔවුනුත් කැනඩාවට එනවා. සමානකම් ලෙස දැක්විය හැක්කේ ඒ දේවල් තමා.

• ඔබේ පවුලේ තත්ත්වය මේ පොතේ කතානායකයාගේ පවුලේ තත්ත්වයෙන් වෙනස් වුනා ද?

ඔව් මුළුමනින් වෙනස්. මගේ පවුල මේ තරම් ගතානුගතික පවුලක් නොවෙයි. ඇත්තටම මගේ පවුල ටිකක් අසාමාන්‍ය පවුලක්. අපි මිශ්‍ර විවාහයක දරුවෝ. මගේ පියා දෙමළ සහ මගේ මව සිංහල. එනිසා එක්තරා විදිහක විශේෂයක් තිබුණා; අපි දැන ගෙන හිටියා අපේ වයසෙ අනෙක් ළමයින්ට වැඩිය අපි වෙනස් බව.

 
පරිවර්තනය - කූඹියා
Updated on : 2010-07-25 23:01:54 | [Tags] Funny Boy (1994), Shyam Selvadurai, Sri Lankan Canadian novelist, Interview by Ray Deonandan, India Currents Magazine
(12)ප්‍රතිචාර|Comments
 
ශක්තිකගේ කළු මකරා- විමසුමක්
 
   ශක්තික සත්කුමාර සිය දෙ වන කෙටිකතා සංග්‍රහය කළු මකරා නමින් එළිදක්වා ඇත. ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ විශේෂවේදී සිංහල විෂය හදාරමින් සිටින තෙවන වසර ශිෂ්‍යයෙකි. මෙම තරුණ කලාකරුවා සිය නිර්මාණය දෙස බලන අයුරු කෘතියේ සංඥාපනයෙහි මෙසේ දක්වා තිබේ: “මේ මාගේ නිර්මාණ දිවියේ අභ්‍යාස කාලයයි. “සිව්වන පරපුර” මෙන් ම “කළු මකරා” ද ඒ අභ්‍යාසවල ප්‍රතිඵල පමණි.” සාහිත්‍යය සම්බන්ධයෙන් බරපතළ අධ්‍යයනයක අවශ්‍යතාව ගම්‍ය කෙරෙන එම ප්‍රකාශය කලාකරුවාගේ නිහතමානීත්වයට දෙස් දෙන මුත් එකී ප්‍රකාශය න්‍යායික දෝෂයකින් කැලැල් ව ඇත. සාහිත්‍යකරුවකුගේ නිර්මාණ ජීවිතය “අභ්‍යාස කාලය” සහ “පරිණත කාලය” ලෙසින්-
 
-ඛණ්ඩනය කළ නො හැකි ය. මන් ද ඔහුගේ සෑම නව නිර්මාණයක් ම නව්‍ය අභ්‍යාසයක් බැවිනි. ඔහු තමාට අභිමුඛ වන නව්‍ය අන්තර්ගතයන් විනිවිද දකින්නට ප්‍රයත්න දරයි; එම අත්දැකීම් කලාත්මක ව ප්‍රකාශයට පත් කරනු වස් පවතින කලාත්මක තාක්ෂණය සමතික්‍රමණය කරයි. එහෙයින් කලාකරුවකුගේ නිර්මාණ අභ්‍යාසයට නැවතුමක් නැත. එය එක ම දීර්ඝ අභ්‍යාසයකි. ඔහු තමාගේ ම පූර්ව නිර්මාණ ද තත්කාලීන ලෝක සාහිත්‍ය නිර්මාණ ද ඇසුරු කරමින් ඒවා ඉක්මවා යෑමට අඛණ්ඩ ව වෙර දරන්නෙකි. මේ කරුණ ඉස්මතු කිරීම අවශ්‍ය වනුයේ කලාකරුවකු සිය කෘතිය තම අභ්‍යාස කාලයට අයත් එකක් ලෙස සංලක්ෂණය කර ගැනීමේ බරපතළ අනතුරක් ඇති බැවිනි. ඒ අනතුර නම් සිය කෘතියේ ගුණාත්මක භාවය පිළිබඳ ව අත්‍යවශ්‍ය වූ බරසාර ආකල්පයක් නො ගෙන එය සැහැල්ලුවෙන් සැලකීමට ඉන් ඉඩ හසර පෑදීමයි. එය කලාකරුවා අගාධයකට ඇද දමයි.

 
ජස්ටින් පියරත්න
Updated on : 2010-07-25 22:00:12 | [Tags] "Kalu Makara" a collection of Sinhala Short Stories by Shakthika Sathkumara
(1)ප්‍රතිචාර|Comments
 
VIVA CHE! [2 කොටස]
ඉතිහාසය වෙනස් කළ සයිකල් සවාරිය
 
Andrew Sinclair විසින් සංස්කරණය කරන ලද, VIVA CHE! [The Strange Death and Life of Che Guevara] කෘතියෙහි පරිවර්තනය |
පළමු කොටසට මෙතනින් යන්න.
 
   ඇල්බර්ටෝ ග්‍රෙනාඩෝස් [ALBERTO GRANADOS] මෙසේ කියයි:

අර්නෙස්ටෝ සහ අප අතර තිබූ ප්‍රධානතම සමානකමක් වූයේ ක්‍රීඩාශීලීත්වයයි. මුළු ජීවිත කාලය පුරාම චේ ඇදුම රෝගයෙන් පීඩා විඳි බව ප්‍රකට කරුණක්. එසේ තිබියදී පවා ඔහු ක්‍රීඩාවට ඇලුම් කළා. කාව්‍ය සහ ක්‍රීඩාව අතර දෝලනය වූ අධ්‍යාපනය මගින් ඔහුට අධ්‍යාත්මික උත්තේජනයක් ලැබුනා. එයින් ඔහු ශාරීරිකව ශක්තිමත් වුනා. අර්නෙස්ටෝ තුළ තිබුණු සංචාරයටත් අනතුරුදායක ක්‍රියාකාරකම් වලටත්-
 
-වූ ගිජුකම මේ ක්‍රීඩාශීලීත්වයේම දිගුවක්. ඔහු උසස් විද්‍යාලයේත් මම විශ්ව විද්‍යාලයේත් ඉගෙන ගනිමින් සිටි නමුත්, කෙමෙන් අප එකිනෙකාගේ සමාගමය ප්‍රිය කරන මිතුරන් බවට පත් වුනා. ඔහුගේ බුද්ධිමත්බව සහ දැනුම හඹා යාමේ ලොල් බව නිසා අපි සියල්ලෝ ඔහුව ප්‍රිය කළා. මම අර්නෙස්ටෝගේ සහෝදරයාගේ පුස්තකාලයට නිතර නිතර ගියා. බොහෝ පොත්වල පළමු කියවන්නා වූයේ අර්නෙස්ටෝ. දෙවැනි කියවන්නා වූයේ මමයි. හැම ආකාරයකින්ම සුවිශේෂී වූ අනාගත ජීවිතය වෙනුවෙන් කිසියම් වූ බුද්ධිමය ඉවක් චේ ළඟ තිබුනාය කියා මට හිතෙනවා.

ඔහු අපිත් එක්ක රට තුළට ගියපු සංචාර වලින් සතුටු වුනා. ඉගෙන ගත්තා. පස්සෙ කාලෙක අපි දෙන්නා මහාද්වීපය හරහා ගිය ප්‍රකට මෝටර් සයිකල් සංචාරයට මේ හැම මුල් කාලීන අත්දැකීමක්ම උදවු වුනා. ඊටත් අවුරුදු ගානකට පස්සෙ සටන් බිමේ ගරිල්ලාවෙකු විදිහට චේ කළ වැඩ කොටසෙදි වුනත් මේ සවාරි වලින් ලැබුණු පන්නරය වැදගත් වුනා. උදාහරණයකට, ඉතාම අඩු ආම්පන්න ගණනකින් ටෙන්ට් එකක් (කූඩාරමක්) අටවා ගන්නා විදිහ ගැන මුල්ම පාඩම අපි ඉගෙන ගත්තේ මේ සංචාර වලින්. ඒවා ඒ දිනවල හුදෙක් එකාකාරී එදිනෙදා නාගරික ජීවිතයෙන් පළා යන්න කරපු ''කොලු වැඩ'' වුනත්, අපිත් නොදැනුවත්වම අපේ ඉලක්ක වලට යන්නට ඒවා උදවු වුනා.

 
පරිවර්තනය - කූඹියා
Updated on : 2010-07-22 22:13:29 | [Tags] Ernesto Che Guevara, Alberto Granado, Travelling with Che Guevara: The Making of a Revolutionary,
(1)ප්‍රතිචාර|Comments
 
'Gang of Seven' කොල්ලන්ගේ චිත්‍රපට පිස්සුව
 
   උසස් පෙළ පන්තියේ සිටියදී මගේත් මගේ මිත්‍රයා උදය ලක්ෂ්මන් ගේ ත් ඒකායන බලාපොරොත්තුව වූයේ චිත්‍රපටයක් තැනීමය. අපි චිත්‍රපට පිස්සෝ වූයෙමු. එයට බලපෑ ප්‍රධානම කාරණයක් වූයේ උදය ප්‍රවීණ කැමරා ශිල්පියකු නිෂ්පාදවරයකු හා අධ්‍යක්ෂවරයකු වූ එම් එස් ආනන්දන් ගේ බෑණා වීමයි. ඒ කාලයේ ජනප්‍රිය ළමා නිළියක වූ ශ්‍යාමා ආනන්දන් උදයගේ නෑනා විය.
 
ඒ කාලයේ ඔවුන් පදිංචිව සිටියේ මරදානේ යුනියන් ප්ලේස් හි ය. ඔවුන්ගේ වින්ජය මෝටර්ස් නම් වූ වාහන අමතර කොටස් වෙළඳ ව්‍යාපාරය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලේ උඩු මහලේ වූ ඔවුනගේ නිවසට මා උදය සමඟ ගියා තවමත් මතක ය.

එම් එස් ආනන්දන් අති දක්ෂ කැමරා ශිල්පියකු වුව ද ඔහු තැනු චිත්‍රපට ජනප්‍රිය ගණයේ ඒවා විය. ඔහුගේ චණ්ඩි ශ්‍යාමා වැනි චිත්‍රපට ඒ යුගයේ ආදායම් වාර්තා තැබුවේ ය. චිත්‍රපටයක් මුල් වටයේ ප්‍රදර්ශනය වන විට ප්‍රධාන සිනමා ශාලාවෙන් එය ගැලවී යාම වැළැක්වීම සඳහා නිෂ්පාදක වරයාම මුදල් යොදවා ප්‍රවේශපත්‍ර මිලට ගෙන දන්නා හඳුනන අයට බෙදා දීම එදා ද සිදුවිය. ඒ නිසා අපි මරදානේ එල්පින්ස්ටන් සිනමා ශාලාවේදී චණ්ඩි ශ්‍යාමා චිත්‍රපටය කීපවාරයක්ම නැරඹීමේ අවස්ථාව ලද්දෙමු.

අපේ අම්මාගේ අයියා වූ නැසී ගිය ස්ටීවන් ගුණතිලක මාමා අති දක්ෂ චිත්‍ර ශිල්පියකු විය. (චිත්‍ර ශිල්පයේ අයන්න මට ඉගැන්නුවේ ඔහු ය. ඒ ගැන සදා ඔහුට කෘතවේදී වෙමි) ඇල් ඇම් පෙරේරා අධ්‍යක්ෂණය කළ හතර කේන්දරේ හතර පෙරළිය හතර මහා නිධානය වැනි චිත්‍රපට වලත් කේ ඒ ඩබ්ලිව් පෙරේරා අධ්‍යක්ෂණය කළ බොහෝ චිත්‍රපට වලත් කලා අධ්‍යක්ෂ වරයා වූයේ අපේ මාමා ය.

 
ජගත් ඡේ එදිරිසිංහ
Updated on : 2010-07-21 21:40:01
(1)ප්‍රතිචාර|Comments
 
මනෝ චිකිත්සක උපදේශනයේ ඛේදවාචකය
 
   පසුගිය වසරේ මගේ මිත්‍රයෙක් ඔහුගේ බෑණාට රැකියාවක් සොයා දෙනමෙන් මගෙන් ඉල්ලීමක් කළේය. ඔහුගේ ජිව දත්ත සටහන අනුව මට පෙනීගියේ ඔහු වැඩි උගත්කමක් නැති අ.පො.ස.(සා.පෙළ) පමණක් සමත් අයෙකු බවය. කෙසේ වෙතත් ඔහුට උපකාරයක් කිරීමේ අභිලාශයෙන් යුතුව මම ඔහුව දන්නා හඳුනන ව්‍යාපාරිකයෙකුට යොමුකොට විකුණුම් නිලධාරියෙකු ලෙස පත් කිරීමට කටයුතු කරමෙන් ඉල්ලීමි. රැකියාව ලැබුනත් ඔහුට එය වැඩි කල් පවත්වාගෙන යාමට නොහැකි විය. අකාර්යක්ෂමතාව හේතුවෙන් ඔහුව රැකියාවෙන් නෙරපන ලදී. කණගාටුවට පත්වූ මා පරිගණක පාඨමාලාවක් හදාරා තව තවත් සුදුසුකම් සපුරාගන්නා ලෙස ඔහුට අවවාද කලෙමි.
 
මෑතකදී බලාපොරොත්තු රහිත ලෙස මට ඔහු මුණගැසුණු අතර මගේ අවවාද අනුව කටයුතු කලේදැයි විමසා සිටියෙමි. ඔහුගේ පිළිතුර වුයේ, ඔහු දැනට මනෝ චිකිත්සක උපදේශකයෙකු ලෙස සේවය කරන බවත්, ඔහුගේම මනෝ චිකිත්සක ආයතනයක් පවත්වා ගෙන යන බවත්ය. මෙම ප්‍රකාශයෙන් අතිශය පුදුමයට පත් මා, මනෝ චිකිත්සක උපදේශන සඳහා පුහුණු වුයේ කෙසේදැයි ප්‍රශ්න කෙළෙමි. ඔහු මට පවසා සිටියේ ඔහු ඩී. එස්. රණවක මහතා යටතේ ශ්‍රී ලංකා වෘත්තීය මනෝ චිකිත්සන උපදේශක ජාතික ආයතනයේ පුහුණු පාඨමාලවක් හැදෑරූ බවත්, එහිදී ලද සහතිකය යටතේ ඔහු පුද්ගලික උපදේශන සේවයේ යෙදෙනබවත්ය. තවදුරටත්, ඔහු මහත් අභිමානයෙන් කියා සිටියේ දිනකට රෝගීන් 15-20 අතර ප්‍රමාණයකට ප්‍රතිකාර කරන බවත්, ඉන් සැහෙන ආදායමක් ලබන බවත්ය.

 
වෛද්‍ය ලලිත් පෙරේරා
Updated on : 2010-07-20 23:18:52 | [Tags] Counselling or playing with mental health in Sri Lanka, D. S. Ranawaka, Thimbiriyagama Bandara, Ravaya
(20)ප්‍රතිචාර|Comments
 
පිටුවහලේ ලේඛකයා| ජයසේන ජයකොඩි
 
   නූතන ලාංකීය බෞද්ධ සාහිත්‍යයේ ප‍්‍රඥා මාර්ගය අනුදත් සයිමන් නවගත්තේගම මින් වසර කීපයකට පෙර සිය ආයුසංස්කාරය අත් හලේය. එලෙසම නූතන ලාංකීය බෞද්ධ සාහිත්‍යයේ භක්ති මාර්ගය අනුදත් ජයසේන ජයකොඩි මින් දින කිහිපයකට පෙර සිය ආයුසංස්කාරය අත්හලේය.

සුජිත් අක්කරවත්තට අනුව සයිමන් ශ‍්‍රී රාහුල හිමියන් සේ නූතන ජයවර්ධනපුර ස්ථානගත විය. ජයසේන ජයකොඩි වීදාගම හිමියන් සේ හොරණ ස්ථානගත විය. මේ දෙදෙනා ම සරාගිකත්වය මිනිස් මනස මඩින ආකාරය විවරණය කළෝය. 70 දශකය වන විට සිංහල යතාර්ථවාදී නවකතාවේ වියළිභාවය ඉස්මුරුත්තාවට අවුත් තිබිණි. එයට ඇරුමැසිවාදී ළතෙත් බවක් එක් කළේ ජයසේන ජයකොඩිය. ඔහු ජී.බී.ගේ සාහිත්‍ය ව්‍යාපාරයේ ස්ර්පිලාකාර වූ වර්ධනීය අවස්ථාවක් සනිටුහන් කළේය.
 
ඔහුගේ ගමන් මඟ ගැන විවිධ වූ විවරණ ඇතත් එවැන්නකට මේ කාලය හෝ දීපය නොවේ. එබැවින් එවන් විවරණයකට මා තුළද සූදානමක් නැත.

තමා සමඟ සම්මුඛ සාකච්ඡාවකට ජී.බී. ඒ කාලේ රුපියල් 300 ක් මිළ නියම කළේය. එහෙත් ජයසේන ජයකොඩිට තමාගේ මිළ නියම කළ නොහැකි විය. ඔහුගේ පොත් බුරුතු පිටින් ප‍්‍රකාශ වූවද . පාඨකයෝ ඒ වටා රොද බැන්ද ද, ඒවා විදේශ භාෂාවන්ට පරිවර්තනය වූවද ඔහුට නම් සෙතක් නොවීය. ඔහුගේ මෘත ශ‍්‍රමයෙන් සංකේත ප‍්‍රාග්ධනයෙන් තර වූයේ ඔහුගේ මඩිය නොවේ. ප‍්‍රකාශකයාගේ මඩිය තරවීම පසෙක තබා පූජනීය දේශපාලනයක් කරා යන සටන් පාඨය ඔස්සේ ඔහුගේ සාහිත්‍ය ව්‍යාපාරය අද්‍යතන මූලධර්මවාදී රැල්ලට කරබදු විය.

 
කේ කේ සමන් කුමාර [සර්පයා]
Updated on : 2010-07-20 03:44:24 | [Tags] K K Saman Kumara on Jayasena Jayakody, Sarpaya
(17)ප්‍රතිචාර|Comments
 
හිසට පිටුපසින් වෙඩි තැබීම|
නරුම ඊශ්‍රායලයේ මුහුදු මංකොල්ලය [2]
 
මෙම ලිපියේ මුල් කොටස කියවන්න මෙතනින් යන්න.
 
   වෙඩි තැබීමකින් සිදුවූ මනුෂ්‍ය ඝාතනයක ස්වභාවය නිවැරදිව තේරුම් ගැනීමට නම් ශරීරයෙහි වෙඩි වැදුණු ස්ථානය, තබන ලද වෙඩි ප්‍රහාර සංඛ්‍යාව, ඝාතකයා සහ ඝාතනයට ලක්වූ තැනැත්තා අතර වූ දුර මෙන්ම වෙඩි වැදී ඇත්තේ ශරීරයේ කුමන දිශාවෙන් ද යන්නත් නිවැරදිව විමසා බැලීම අත්‍යාවශ්‍ය කරුණකි. එමඟින් එම මරණය අවිඥාණිකව අත් වැරදීමකින් සිදුවූයේ ද,-
 
-ආත්මාරක්ෂාව සදහා සිදුකරණ ලද්දේ ද එසේ නැතිනම් ඝාතනය කිරීමේ සාහසික අරමුණින්ම සිදුකරන ලද්දේ ද යන්න නිවැරදිව විශ්ලේෂණය කළ හැකිය. එහෙත්, දෙපා වලට ඉහලින් ශරීරයේ ඕනෑම තැනකට ඉතා මෑත දුරක සිට එල්ලකරන ලද, එකකට වඩා වැඩි වූ වෙඩි තැබීමක් සිදුකරන්නේ ආත්මාරක්ෂාව සදහා නොවන බවත් එය ඝාතනයට ලක්වූ තැනැත්තාගේ පිටු පසින් එල්ල කරන ලද්දේ නම්, එවිට එය උවමනාවෙන් කරන ලද සාපරාධී මනුෂ්‍ය ඝාතනයක් බවත් තේරුම් ගැනීමට ඒ පිලිබද විශේෂඥ දැනුමක් අවශ්‍ය නොවේ.

ඒ අනුව ඇසින් දුටු සාක්ෂි වලට අමතරව, මධ්‍යධරණී මුහු‍දේ දී ඊශ්‍රායල් කොමාන්ඩෝවරුන්ගේ ප්‍රහාරයෙන් මියගිය පලස්තීනයේ ගාසා නුවර වෙත සහනාධාර සැපයීමේ ‘ෆ්‍රීඩම් ‍ෆ්ලොටීලා’ නැව් කණ්ඩායමේ ස්වේච්ඡා ‍සේවකයින් නව දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව පසුගිය දා නිකුත් වූයේ, එය ඊශ්‍රායලය විසින් කරන ලද ම්ලේච්ඡ සමූල ඝාතනයක් බවට අවශ්‍ය සියළුම සාක්ෂි සපයමිනි.

 
(2010 ජූලි 17 දා රාවයේ පළ වූයේ මෙම ලිපියේ සංක්ෂිප්ත සටහනකි)
 
මහේෂ් මුණසිංහ
Updated on : 2010-07-18 23:10:36 | [Tags] Furkan Dogan, Rachel Corrie, Gaza Flotilla Attack
(4)ප්‍රතිචාර|Comments
 
"සීගිරි ගලේ කවි ලිව්වේ ඩෝල්ටන්"
 
   ගාථා, බණ දහම් හා ජන ව්‍යවහාර පමණක් නො වේ, වත්මන් නිබන්ධන ද රංචාගොඩ ළමයාට උපයෝගී වෙයි. 'ඩෝල්ටන් කවිය' මීට නිදසුනකි. 'ඩෝල්ටන් කවිය' රංචාගොඩ ළමයා තුළ නිර්මාණය වූයේ සීගිරි ගලේ කවි ලීවේ නුඹයි පුතේ - සාගර මහා වැව් බැන්දේ උඹයි පුතේ ආදී වශයෙන් ගායනය වන පබැඳුමක් ප්‍රේමදාස සූරීන්ගේ රචනයක් ය යි ගුවන් විදුලියෙන් නිතර ම පාහේ ප්‍රචාරය වෙමින් තිබුණු දවස්වල ය. ඒ රචනය ඇසෙන හැම විට ම රංචාගොඩ ළමයාට මතක් වූයේ ඩෝල්ටන් අල්විස් කවියා ම ය. රචන ශෛලිය කරණකොට ගෙන ය.
 
'ප්‍රේමදාස සූරීන්' ගේ 'ගොළු මුහුද' නව කතාව කියවන විට අරිසෙන් අහුබුදු මතක් වන ලෙසට ය. රංචාගොඩ ළමයා තුළ 'ඩෝල්ටන් කවිය' නිර්මාණය වූයේ ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ රචනයේ 'උඹයි පුතේ' යන වචන වෙනුවට ඩෝල්ටන් නම අනුයුක්ත වීමෙනි.

මෙසේ ය,

සීගිරි ගලේ කවි ලිව්වේ ඩෝල්ටන්
සාගර මහා වැව් බැන්දේ ඩෝල්ටන්
දාගැබ් පිළිම ඉදි කෙරුවෙත් ඩෝල්ටන්
පැදුරේ මෙදා නිදියන්නෙත් ඩෝල්ටන්


රචනයේ අග පද්‍යය හෙවත් විවරණය, පද්‍යය මෙ සේ රචනය වී දින ගණනාවක් ගත වන තෙක් 'ඇත්ත විශේෂාංගයට ඇතුළු නොවී තිබිණි. "ඇත්ත' විශේෂාංගයට මෙය ඇතුළු වූයේ පුද්ගලයන් වශයෙන් ඩෝල්ටන් අල්විස් හා සිරිලාල් කොඩිකාර දෙ මිතුරන්ගේ හමුවීමකින් පසුවය. හමුව වූයේ 'ඇත්ත' කාර්යාලයය, ඇත්ත පත්තරයට ම හැදූ ගොඩනැගිල්ලේ ඉහළ මාලයක තිබියදී ය.

 
උපුටනය- රංචාගොඩ ළමයා සහ ඇත්ත- සිරිලාල් කොඩිකාර [1995]
 
සිරිලාල් කොඩිකාර
Updated on : 2010-07-15 23:14:02 | [Tags] Sirilal Kodikara, Ranchagoda Lamaya saha Aththa, Ranasinghe Premadasa, Dolton Alwis, Ranchagoda Lamaya, Aththa Newspaper, Arisen Ahubudu
(2)ප්‍රතිචාර|Comments
 
ඇන්ත්‍රොපොසෙන්ට්‍රික් | Anthropocentric
 
   අසීමිත මිනිස් මතකයේ බිඳක රැඳෙන්නාවූ තමාගේ හා අන් අයගේ අත්දැකීම් මඟින් සියල්ල මැන බැලීමට මිනිසා පෙළඹේ. 'Anthropocentric' කෙටි චිත්‍රපටය එම න්‍යායේ සරල ප්‍රතිබිම්භයකි. න්‍යායේ සරල බව රැක ගැනීම සඳහා මිනිස් සම්බන්ධතාවයන්ගේ සංකීර්ණ නොවූ-
 
-තත්ත්වයක් වන ගැහැණිය හා පිරිමියා අතර ඇති වන්නාවූ සම්බන්ධතාවය මෙහිදී තෝරා ගැනුණි. කොමෝඩයක් මත අඩ නිරුවතින් හිඳගෙන සිටිනා සාමාන්‍ය තරුණයා සමාජයේ ප්‍රධාන පැතිකඩක් නිරූපණය කරන අතර ඔහු තමාගෙ ප්‍රේමය ජය ගැනීමට ක්‍රමයක් සොයමින් සිටියි. අසල ජනෙල් පඩියක තිබෙන චුම්භක යුගලය ඔහුගෙ නෙත ගැටෙන්නේ මේ අතරේදීයි. චුම්භකයන්ගේ ආකර්ශනය විකර්ශනය හා තම ප්‍රේමය අතර යම් කිසි සමාන කමක් දකින්නාවූ හෙතෙම, එක් චුම්භකයකට තමා ආදරය කරන යුවතියද අනෙකට තමාද ආරූඪ කරගනියි. ඉන් න්‍යායක් ගොඩ නගන ඔහු අවසානයේ තමාගේ පැණයට පිළිතුරක් සොයාගනියි.

 
Watch 'Anthropocentric' in Vimeo
Watch 'Anthropocentric' in UTube
Updated on : 2010-07-14 22:39:15 | [Tags] Anthropocentric Directed by Muvindu "Bo Sedkid" Binoy and Ramesh "Pixel Morph" Laktharu, Short Films
(1)ප්‍රතිචාර|Comments
 
දින දෙකයි කාලේ දේසප්රේමියාට සෙනෙහසිනි.
 
මෙම හසුන තුංමුල්ලේ අහු මුල්ලක බිම වැටී තිබී සොයා ගෙන නම නොදන්නා පාඨකයෙක් විසින් බූන්දියට එවන ලද්දකි.
 
   දයාබර විමල් මලයා වෙත,

අනේ විමල් මලයෝ, පහුගිය ඉලෙක්සොන් එකෙන් පස්සෙ උඹව අමතක වෙලාම ගිහින් තියෙද්දී තමයි හදිසියේම උඹ නටපු ටිටර් එක ටී. වී. එකේ දැක්කේ. ඒකනම් පංකාදු පහයි. උතුරට බෝම්බ වැටෙන කාලේ මල නාලිකාවලින් පෙන්නපු මලසිරුරු බල බලා නියම ද්වේශප්රේමී ආතල් එකක් ගත්ත දේශප්රේමී ජනතාවට ආපහු කාලෙකට පස්සෙ ආයෙත් ඒ වගේ ආතල් එකක් ගන්න අවස්තාවක් ලැබුනේ උඹ හින්දා.
 
අනේ අහිතක් හිතන්න නම් එපා. අපි මේ සුමානෙ ගමේ අයත් එක්ක උඹව බලන්න එන්නයි හිටියේ. උඹ ගැන දන්න නිසා උඹ මැරෙන්න නම් යන්නෙ නැති බව දැනං හිටියත් පටන්ගනිද්දී දුන්න ටෝක්ස්වල හැටියට අපි හිතුවෙ අඩුගානෙ දවස් තුන හතරක්වත් අල්ලගෙන ඉඳියි කියලා. ඒකයි ගමන පමා කරේ. ඇත්ත කියපන්, ඔච්චර ඉක්මනට මාරාන්තික එකකටම ගියේ ඔය උඹට උපදෙස් දෙන පැන්ෂන් ගිය දේශප්රේමි බුද්දිමතෙක් උඹට ලනුවක් දුන්නද මූන් කාරයා ඔය කොමිටිය මේ සතියෙ අයින් කර ගන්න යනවා කියලා.

නැත්තම් නවත්තන්න ආවොත් ගිනිතියාගන්නවා කියලා පැස්ටෝල් බෝතල් ගිනිපෙට්ටි ලග තියාගෙන ත්‍රී ඉඩියට්ස් කියලා බෝඩ් එකකුත් පිටිපස්සෙන් එල්ලාගෙන උඹලගෙ තුන්දෙනෙක් පටන්ගත්ත උපවාසෙ සතියක් විතර ඇදලා ඉවරවෙලා ඕක පටන් ගන්න තිබුනනේ. මුසම්මිල් කෝළම වගේ බාල ගනයේ ටිටර් නටපු උඹලට මෙච්චර ඉක්මනට මේ වගේ මාරාන්තික කෝළමක් නටන්න වෙයි කියලා මම නම් හිතුවෙ නෑ.

 
කාටූනය- ජනරංජන. (රාවයෙන් උගුල්ලා ගන්නා ලදී)
 
ලුණුගම්වෙහෙරේ තිලකසිරී
Updated on : 2010-07-13 20:09:05 | [Tags] Wimal Weerawansha Hunger Strike 2010, Cartoon by Janaranjana
(4)ප්‍රතිචාර|Comments
 
 

[Best viewed in 1152 X 864 Screen Resolution]

w w w . b o o n d i . l k

boondionline@gmail.com

 
    Search|සෙවුම් දොරටුව
 

Advance Search|වැඩිදුර සෙවිල්ල

 
 

19

-පැනය  
මේ මෑත කාලීන ලංකා ඉතිහාසයේ අඳුරු මතක ඇවිස්සීමක්. මේ සේයාරූ වලින් නිරූපිත අවස්ථා මොනවාද? ඒවා කැමරාවට නැගුවෝ කවුරුන්ද?
  (7)පිළිතුරු දෙන්න - මෙතනින් යන්න
කලින් ඇසූ පැන සහ පිළිතුරු
 
 

(නිම් නැති වියමන්)

 
   
     
  වයිමන් මහතාගේ මෝටර් රථය තවමත් පන්සල මිදුලේය. එය ඉවත්වන තෙක් පන්සලට යාමට රාහුල තෙරණුවන්ගේ කැමැත්තක් නැත. තමාට පක්ෂපාත වූවන් ඉත්තන් වශයෙන් ගෙන, සෙස්සවුන් සතුරන් වශයෙන් ගන්නා වයිමන් මහතාගේ අගතිගාමී දේශපාලනය රාහුල තෙරණුවන්ට පිළිකුලකි. ගම භේදවෙලා බොහෝ කල්. මේ අපරාධයට මුලිකයා මේ මනුස්සයා- ඇයි අපේ හාමුදුරුවො මේ මනුස්සයා අනුමත කරන්නේ? වෛරය ආවාස ගෙයි ලැගුම් ගත්තා ම කිරි වවුලො විහාර ගෙයි එල්ලෙනවා- මම පොඩි හාමුදුරු නමක්. ඇයි මට තේරෙන දේ මේ ලොකු ඇත්තන්ට නොතේරෙන්නේ? තමත් ගැන නොසොයා අනුන් ගැන සොයමින් තමන්ගේ සිත තමන් විසින්ම පාරා ගන්නේ යයි රාහුල තෙරණුවෝ දෙවනුව සිතුහ. නායක ස්ථවිර කෙලෙසුන් ප්‍රහීණ නොකල පුහුදුන් මනුෂ්‍යයෙකි. දේශපාලනඥයා ද එසේය. අනෙකුත් බොහෝ මනුෂ්‍යයන් ද එසේමය. සෙස්සවුන් ඉවසිම මහත්ම ගුණයකැයි රාහුල තෙරණුවෝ වෑයමින් සිතූහ.

අන්‍යාගමීක ශුද්ධස්ථාන, අන්‍යාගමික පුජකවරුන් දුටු පමණකින් මුල් කාලයේ තමන්ට පහළ වූ අරුචි හැඟීම්, පසුව ක්‍රමයෙන් ඈත් වූ සැටිත්, සියලු ආගම් දෙස උපෙක්ෂාවෙන් බලන්නට පසුව තමන් පුරුදු වූ සැටිත් උන්වහන්සේට සිහිපත් විය. අන්‍යන් නිසා තම සිත කිළිටි කර ගත යුතු නැත. අන්‍යන් නිසා නොසතුටට පත් තම සිත සන්සුන් කර ගැනිමේ උපායක් වශයෙන් බුද්ධ චරිතය මෙනෙහි කල තෙරණුවන්ට චන්ද-සූකර ගේ කතා ප්‍රවෘත්තිය සිහිපත් විය. ඌරන් මරා මස් විකිණිමෙන් ජිවත් වූ චන්ද-සුකර ගේ නිවෙස පිහිටා තිබුණේ බුදුරජාණන් වහන්සේ බොහෝ කලක් වැඩ වාසය කළ ජේතවනාරාමය අසලය. ඌරන් ගේ මරහඩ නිතිපතාම වාගේ ජේතවනාරාමයට ඇසිනි. එහෙත් මේනිසා බුදුරජානන් වහන්සේ සිත සසල කරගත්තේ නැත. ඔහු පාපයෙන් මුදා ගැනිමට සුදුසු අවස්ථාවක් නොලැබුනු නිසා උන්වහන්සේ චන්ද-සුකර හමුවන්නට කල්පනා නොකළ සේක. චන්ද-සුකර රෝගී ව ඔත්පල වන තෙක් දිගින් දිගටම සත්ව ඝාතනය කල අතර බුදුරජාණන් වහන්සේ ජේතවනාරමයේ වැඩ වාසය කරමින් සෙසු ලෝකයා දුකින් මුදා ගත්හ.

තමන් ප්‍රිය නොකරන දේශපාලනඥයා ආපසු ගොස් නොතිබුණත් රැ බෝ වු හෙයින් ආපසු යාම මැනවයි රාහුල තෙරණුවෝ කල්පනා කළහ. වලාකුළු රහිත අහස් තලයේ ලක්ෂ ගණන් තරු පායා තිබේ. ආලෝකය විහිදුවාගෙන ඉතා වේගයෙන් කෝණාකාරව අහස සිසාරා පැමිණි උල්කාපාතයක් සිහින් දුමක් දමමින් හිංගල දෙල් ගස දෙසට පහත් විය. චමත්කාරයත් අද්භුතයත් දනවන නිසල අහස් තලය දෙස බලා සිටිම සජීවී ලෝකය ගැන සිතීමට වඩා ප්‍රියජනක බව, රාහුල තෙරණුවන්ට හැඟුණි.

-පිච්ච මල නවකථාවෙන්
 
     
ජයසේන ජයකොඩි
(0)ප්‍රතිචාර|Comments
 
 
 

සිරිකොත හන්දියේ තාමත් දුම් නැගෙතී!


එජාපයේ සමගිය උදෙසා අයියෝ
සිරුරට ගිනිතියාගෙන එක්කෙනෙක් මළා
සිරිකොත හන්දියේ තාමත් දුම් නැගෙතී
මේ කලි යුගේ කාටත් ඉවසුමක් නැතී

නායක කාරකාදින් රැස්වීම් වල
යූ එන් පී කාරයො දැන් කාණු වල
මේ විදිහට සමගිය උදෙසා මැරුණොත්
ඉතුරුවෙන්නේ නායක උන්දෑ විතරයි

 
(1)ප්‍රතිචාර|Comments
පිංචි නැන්දා
 
 
 

ලාබෙට තිබේ මෙහි ඇවිලෙන්න ඉන්ධන!


කිලිනොච්චි කැබිනට් රැස්වීමේ දී උතුරට තිළිණයක් ලෙස ඉන්ධන මිල අඩු කරයි.
-පුවතක්


දු පුතුන් සිය ගණන්
මව්පියන් එනතුරා
මව්පියන් සිය ගණන්
දු පුතුන් එන තුරා
සුරලොවින් හෝ බැස
කඳවුරු තුළම
ගාල් වී සිටිති

ලාබෙට තිබේ මෙහි
ඇවිලෙන්න
ඉන්ධන....
මකරාගේ කටින් මිදී
තව්තිසාවට ආවෙමු
කඳවුරේ (ගවහලේ) හිඳ
හිනෙන් දකිමු කල්ප වෘක්ෂය

ප්‍රශ්න කිරීමට රැගෙන ගිය වුන්
ස්වර්ගයට ගියාදෝ වේලාසනින්
තවත් ලාබෙට
ඉන්ධන මොටද...?
නිවුණු රණ බිමසෙබල මුළු ඇත
නරුම ප්‍රජාතන්ත්‍ර වාදයේ
අඳුරු නීතිය රකින

ඇමතිවරු සැපත්වී
දැකබලායති
හීලෑ කළ සතුන් යැයි
සිතාගනු යහපති

බඩ දරු අම්මලාද
කිරි උරන පැටවුන්ද
බඩ සායින් පෙලෙති

ඉන්ධන තිබේ මෙහි
ලාබෙට
ඇවිලෙන්න

ප්‍රත්‍යන්ත ජනපදවල
වෙසෙන ජනයින්ද
සිතනවා ඇත
අහා...!
උතුරට වසන්තය ඇවිත්
සියල්ල නිවැරදිව ඉටුවෙතැයි

එසේ වී නැත
සහෝදරවරුනි,
ස්පාටකස් මෙන්
ඇවිලෙන්න වෙයි අපට
අපි පෙළන
අත්තිවාරම සොයා ගෙන
ගැඹුරට

 
(0)ප්‍රතිචාර|Comments
දයා නෙත්තසිංහ
 

මකුළු දැල එලා ඇති විට


නිමිත්ත: මාතර රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුවකුගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වූ සිසු උද්ඝෝෂණයට එදිරිව බලමුළු ගන්වා තිබූ අවි ආයුධ සන්නද්ධ රාජ්‍ය ආරක්ෂක බලකායේ දැහැන්ගත ඡායාරූපයක් දැකීමෙන්.

වේල දෙවේල ලෙව කන
ඇල් වතුරින් කුස පුරවන
කැන්ටිම් පෝලිම්වල කටු කන
බඩපොතු ඇටකටුවලට සින්න වුන

මේ සරසවි දරුවන්ට
ඔය යුධ අවි සැර වැඩිය

ඇස් පොට්ටවන තුරු ලයිට් කණු යට
රැය කරමින පොත පත කියවන
ගෙදරින් ලද කාසියක රහ බලන
මිතුදම් රැහැණින් බැඳී ජීවය පුරන

මේ සරසවි දරුවන්ට
ඔය යුධ අවි සැර වැඩිය

මකුළු දැල එලා ඇති විට
නොම හසර දැන ඉගිල පැටලුන අයට
දී දළ විෂ පහර හිස මැදට
ගොදුරු රුහිරෙන්

මත් මද නුහුසනට මිස
මේ සරසවි දරු

දුබල සිරුරු විනිවිදිනට

ඔය අවි බර වැඩිය

 
(5)ප්‍රතිචාර|Comments
ඊ ඒ ඩෝසන් ප්‍රීති
 
   
 
  බූන්දි මුද්‍රිත ප්‍රකාශන

 

 

බූන්දි මුද්‍රිත ප්‍රකාශන පිළිබඳ සහ ඒවා ලබා ගත හැකි අන්දම පිළිබඳ විස්තර-
මෙතනින් ගිහින් බලන්න

 

 
  බූන්දි සජීවී සංවාද

Subscribe to BOONDI " L i v e " Forum | බූන්දි සජීවී සංවාද සමග එක් වෙන්න-

Email:

Visit BL-Google-Group

 
   
     

රඟ බට හිරු 2010

 

 

බස්නාහිර පළාත් නාට්‍ය හා රංග කලා ගුරු සංසදය මගින් මෙහෙයවන 'රඟ බට හිරු 2010' උළෙල 2010 අගෝස්තු 05 වන දින පෙ.ව. 9:00 ට ස ප:ව: 12.30 ට ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී පැවැත්වෙයි. එහිදී, 2009 සමස්ත ලංකා පාසල් නාට්‍ය හා රංග කලා උළෙලේ බස්නාහිර පළාතේ ජයග්‍රාහී නිර්මාණ රඟ දැක්වෙයි.
 

(0)ප්‍රතිචාර|Comments
 
 
     

සුරේඛා සමරසේනට සුබ පැතුම්!

 

 

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය කර්තෘ සංසදය එක්‌ව සංවිධානය කළ 2009 ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේදී රාවය පුවත් පතෙහි කළ මාධ්‍ය සේවාවට සුරේඛා හොඳම තරුණ ජනමාධ්‍යවේදිනියට හිමි සම්මානය ලබා ගත්තා. වසර එකහමාරක් වන කෙටි මාධ්‍ය ජීවිතය තුළ ඇය සියුම්ව සමාජය දකිමින් නොබියව දේවල් හා ගැටෙමින් ලිවීමෙහි නිරත වුණා.

ඇය දකුණේ මිනිසුන්ගේ දුක වෙනුවෙන් මෙන්ම උතුරේ මිනිසුන්ගේ ගැටළුත් කතා කරනවා අපි දැක්කා. සම්මානයක් කියන්නෙ ඔටුන්නක් නෙවෙයි. අභියෝගයක්... මාධ්‍ය විතරක් නෙවෙයි මිනිස්සු හැමෝම අතරමං වෙලා ඉබාගාතෙ යන දූපතක සිහියෙන් යුතුව දේවල් දකින්නට, බය නැතිව ලියන්නට දිරිය වගේම වුවමනාවත් තිබුණ සුරේඛාට නිවැරදි මාවතේ දුර ගමනක් යන්නට සුබ පතමු!
 

(8)ප්‍රතිචාර|Comments
 
 
     

'ඇන්ටිගනී'| ජූලි 30 සහ 31| 'ඇකඩමික් ප්ලේයර්ස්' වැඩක්!

 

 

ප්‍රියංකර රත්නායක නිෂ්පාදනය කළ ''ඇන්ටිගනී'' නාට්‍යයේ දර්ශන දෙකක් ජූලි 30 සහ 31 ප.ව. 3:00 ට සහ 6:30 ට ලුම්බිණි රඟහලේදී. සොෆොක්ලීස්ගේ මහා නාට්‍ය ත්‍රිකයෙන් එකක් වූ ''ඇන්ටිගනී'' නාට්‍යය ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ඨතම නාට්‍යයක් ලෙස සැලකෙයි. ප්‍රියංකර මෙම නිෂ්පාදනයට, ආරියවංශ රණවීර විසින් සිංහලයට නගන ලද පෙළ යොදා ගෙන තිබේ. කැළණිය විශ්ව විද්‍යාලයයේ ''ඇකඩමික් ප්ලේයර්ස්'' නාට්‍ය කණ්ඩායමේ සාමූහික ප්‍රයත්නයකි.
 

(0)ප්‍රතිචාර|Comments
 
 
     

ප්‍රදීප් සාරංගගේ "නොසොඳුරු පෙදෙසක"| ජූලි 30|

 

 

ප්‍රදීප් සාරංග කුමාරගේ අලුත් කවි එකතුව "නොසොඳුරු පෙදෙසක" එළිදැක්වීමේ උළෙල 2010 ජූලි 30 වන සිකුරාදා සවස 3:00 ට කොළඹ 7, නිදහස් මාවතේ ජාතික පුස්තකාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි. එහිදී ලියනගේ අමරකීර්ති සහ ආරියවංශ රණවීර ප්‍රදීප් සාරංගගේ කවි මග පිළිබඳ සහ පොදුවේ කවිය පිළිබඳ අදහස් දක්වති.
 

(3)ප්‍රතිචාර|Comments
 
 
     

පිටස්තරයා කියවමු

 

 

Albert Camus ගේ L’Étranger (The Stranger or The Outsider *) කෘතිය ගැන කතාබහක් 2010 ජුලි 29 බ්‍රහස්පතින්දා සවස 06 ට ලඬකා අක්ෂයේ දී.
සංවාදය මෙහෙයවීම- කේ.කේ. සමන් කුමාර, සම්පත්දායක සහභාගිත්වය- මහාචාර්ය සෝමරත්න බාලසූරිය, මහේෂ් හපුගොඩ.
 

(0)ප්‍රතිචාර|Comments
 
 
   
 
 
මතක තැනිතලාවේ කුඩා නිවහනක් මැවූ ලෝරා...
 
   
 

ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් (1867-1957)

 
 
වේදනාවන් දුරු වී යාවි. ආදරය සදාකල් රැඳේවි. එය දෙවියන් ගෙන් ලද තෑග්ගකි. එය නාස්තිවී යාමට ඉඩ නොතබන්න.

නිවස යනු මිහිපිට ඇති සුන්දරම වචනයයි.

අවසානයේදී ඉතා කුඩා මිහිරි දේ පමණක් ජීවිතයේ සැබෑම දේ ලෙස දැනේවි.

ඔබ ඔබේ උපරිමය කරන්නේනම් සෑම රැකියාවක්ම යහපත් වේ.

ඉතා සුලු දෙයක් හෝ ආපිට නොලැබෙන මහා විශාල අහිමිවීමක් නොමැත.

වචන සම්බන්ධයෙන් ඇති අඥානම දෙය නම් ඒවායේ අක්ෂර වින්‍යාසයයි.


ලෝරා එලිසබෙත් ඉන්ගල්ස් වයිල්ඩර් වර්ෂ 1867 පෙබරවාරි 7 වනදින මෙලොව එළිය දුටුවාය. ඒ චාල්ස් ඉන්ගල්ස් සහ කැරොලයින් ඉන්ගල්ස් මව්පියන්ට දාව විස්කොසින් මහ වනන්තරේදීය. දරු දැරියන් පස් දෙනෙකුගෙන් යුත් පවුලක ලෝරා දෙවැන්නිය වූවාය. ඈ එම විස්කොසින් මහ වනන්තරේ ඔවුන් ගෙවූ දිවිය පසු කලෙක සිය Little house in the big woods කෘතිය සඳහා පදනම කරගත්තාය.

ලෝරා සහ ඇගේ පවුලේ සාමාජිකයින් විස්කොසින් මහ වනය හැර දමා ඉන්ඩිපෙන්ඩන්ස් අසල මිටියාවතේ පදිංචියට පැමිණෙන්නේ ලෝරා ගේ කුඩා අවදියේය. පසුකලෙක ඈ සිය Little house on the prairie නම් නව කතාවට පසුබිම කර ගන්නේ මේ මිටියාවතේ ඔවුන් ගෙවූ ජීවිතයයි. වසර කිහිපයක් එහි දිවි ගෙවූ ඔවුහු ඉන් පසු රටේ විවිධ පෙදෙස් වලට සංක්‍රමණය වූහ. වොල්නට් ග්‍රොව්, මිනෙසොටා, ඩැකෝටා වැනි ප්‍රදේශ ඔවුන්ගේ නිවහන විය.

 
අනුෂ්ක තිලකරත්න
(4)ප්‍රතිචාර|Comments